IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


රාජ්‍ය ආයතන 17 කින් කෝටි 41 ක විභාග ගාස්තු පොල්ලක්

(ජේ.ඉඳුරුවගේ)

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද විවිධ ආයතන විභාග වෙනුවෙන් රාජ්‍ය ආයතන 17 කින් අයවිය යුතු රුපියල් 413,741,500(හතලිස් එක් කෝටි තිස් හත් ලක්ෂ හතලිස් එක් දහස් පන්සියයක මුදලක් විභාග දෙපාර්තමේන්තුව මගින් අයකර ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

2023.12.31 දිනට සමාලෝචිත වර්ෂයේ පැවැත්වූ ආයතන විභාග වෙනුවෙන් ලැබිය යුතු මෙම මුදල 2024 ජූලි මාසය දක්වාත් අයකර ගෙන නොතිබූ බව විභාග දෙපාර්තමේන්තුවට අදාල විගණන වාර්තාවක කළමනාකරණ දුර්වලතාවලට අදාල විගණන නිරීක්ෂණ යටතේ සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදාල ආයතන වෙත ලිපි යවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව විගණනයට ලබා දුන් පිළිතුරේ සඳහන්වේ.

මෙම මුදල කඩිනමින් අයකර ගැනීමට ප්‍රමාණවත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව විගණන කාර්යාලය මගින් විභාග දෙපාර්තමේන්තුව වෙත විගණන නිර්දේශ ලබා දී තිබේ.

 



අදහස් (6)

රාජ්‍ය ආයතන 17 කින් කෝටි 41 ක විභාග ගාස්තු පොල්ලක්

Kodagoda Friday, 25 October 2024 09:47 AM

විභාග වෙනුවෙන් අදාල අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු මෙන්ම පළාත් සභා විභාග ගාස්තු අයදුම්කරුවන්ගෙන් අයකර තමයි අයැදුම්පත් ඉදිරිපත් කරන්නේ... ඒත් එම මුදල් විභාග දෙපාර්තමේන්තුවට නොඑවන නිසා තමයි ගැටළුවක් වෙන්නේ ඒ නිසා අදාල ආයතන එකතුකරන මුදල් අයැදුම්පත් සමග නැත්නම් මුදල් ලැබෙනතුරු විභාග පැවැත්වීම කල් දැමීම හෝ අයැදුම්පත් සඳහා ගාස්තු කෙලින්ම විභාග දෙපාර්තමේන්තුවේ ගිණුමට බැර කිරීමට නියම කරන්න. එහෙම නැත්නම් විශේෂයෙන් පළාත් සභා ආදියේ නම් අතපසු වීම අනන්තවත් වෙනවා. ඔය අතර ලේඛන දෙපාර්තමේන්තුවේ බඳවා ගැනීම් සඳහා විවෘත හා සීමිත විභාග එකක් ලෙසට පවත්වා අනුපාතිකව බඳවා ගන්නවා කියනවා. බාහිර අයට විෂය නිර්දේශ වෙනසක් විය යුතු වුණත් එහෙම කරන්නේ නැහැ. හරිම අසාධාරණයක් වෙනවා... ඇහුවාම කියන්නේ රාජ්‍ය සේවා කොමිසම කියන්නේ එහෙම කියලා තමයි. ඒත් ඒක කෙසේවත් පිළිගන්න බැහැ. එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිසිම පුහුණුවක් නැති අය කියලා රාජ්‍ය සේවයේ පරිපාලන නිලධාරි කෙනෙක් හැටියට හිටපු මට කියන්න පුළුවන්...!

:       0       1

Ranjith Friday, 25 October 2024 11:10 AM

එච්චර පොලු තියනකන් බලධාරීන් පොල් ගෑවාද?

:       0       2

A. Sirisena Friday, 25 October 2024 02:16 PM

නෑ නෑ ඔබට මතක තිබේ නම් ගෝඨාභය ජනාධිපති කාලයේ ලොක්කෝ කීප දෙනෙක් වැඩ කරන්න ඕනෑ නම් චක්‍රලේඛ නිකුත්කරන්න කියලා ඉල්ලුවා.. ඒ වෙලාවේ එම කටයුත්ත සඳහා කිසිම චක්‍රලේඛයක් අවශ්‍ය වුනේ නැහැ.. ඒ වගේ දැන් කාලයේ රජයේ ආයතන වල සේවය කරන බොහෝ දෙනෙක් තමන්ට ලැබුණු රාජකාරි ලැයිස්තුවේ තියෙන එක් අකුරක් ඉක්මවා වැඩක් කරන්නේ නැහැ. කෙනෙකුගෙන් අවශ්‍යතාවක් සඳහා ලිපියක් අදාල විෂය භාර නිලධාරි වෙත ලැබුණොත් ඒක ගොනුවට ඇතුළත් කර අවශ්‍ය උපදෙස් දෙන්න හෝ සඳහා ඉදිරිපත් කරමි කියලා සෘජුවම ආයතන ප්‍රධානියා වෙත යවනවා. ඕක තමයි රටේ තත්වය... හරියට දත්ත ඇතුළත් නොකළ රොබෝවරු වගේම තමයි දැන් රාජ්‍ය සේවයේ නිළධාරි කටයුතු කරන්නේ... ඒක තමයි මෙහෙම වෙන්නේ කියලා කියන්න පුළුවන්. ඔය අතරේ තවත් එකක් කියන්න ඕනෑ... සමහරක් ආයතන ප්‍රධානීන් ආයතන ප්‍රධානියා නමින් ලැබෙන ලිපි වෙනත් කෙනෙක් අඩු තරමින් එම ස්ථානයේ දෙවැනියාවත් විවෘත කරනවාට සම්පූර්ණයෙන්ම විරුද්ධයි එහෙම අය අනන්තවත් ඉන්නවා...

:       0       1

vernonFriday, 25 October 2024 03:48 PM

ඉතින් මහත්තයෝ ඒකට හේතුවත් විගණක වරුම තමයි. ඇයි අහලා නැද්ද අර ඉස්සර සුළි සුළඟින් අවතැන් වෙච්චි මිනිස්සු බේරාගන්න ඔරු තෙප්පම් වල මිනිස්සු සල්ලි එපා මත්පැන් ඕනෑ කිව්වාම මිනිස්සු බේරාගන්න ඕනෑ හින්දා... මත්පැන් අරන් දීලා ඔරු තෙප්පම් යවලා මිනිස්සු බේරා ගත්තු නිලධාරියාට මොකද වුනේ කියලා. ඒ නිලධාරියා මිනිස්සු බේරා ගැනීමට බෝට්‍ටු වලට යා නොහැකිය කිව්වා නම් විගණකවරුන්ගෙන් බේරෙන්න තිබ්බා. එක ආයතනයක, විගණකවරු චෙක්පත අරන් යන්න සැපයුම්කරු පුද්ගලිකවම එන්න කියලා තියෙනවා. ළඟපාත කඩයක් නැති කිසිවෙක් ඒ ආයතනයට භාණ්ඩ සපයන්නේ නැති තැනට වැ‍ටුණා. විගණකවරු නෑ, පොත බෑ.. පොත ඔලුව උඩ තියාගෙන වැඩ කරනවා නම් ඇයි ලෙඩ දාගන්නේ කියලා ඕනෑම සේවකයෙක් කල්පනා කරනවා.

:       0       0

Wijepala Friday, 25 October 2024 04:48 PM

රාජ්‍ය සේවයේ විගණනයට මුදල් ගෙවීම් නැහැ.. පුද්ගලික අංශයේ විගණන කටයුතු තමයි මුදල් ගෙවීම් කර ලබාගන්නේ... පොඩි පැටලිල්ලක් වත් වෙලාද කියලා හිතෙනවා.

:       0       0

sujee Friday, 25 October 2024 02:18 PM

මොනවා කරන්නද , දුර්වල රාජ්‍ය පාලනයක් තියෙන විට ඔහොම තමයි. ඉක්මනින්ම වෙනස් කළයුතු තැනක්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 395 0

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 196 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 381 1

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 612 1

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 727 2

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 805 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 726 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2028 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site