IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය ආරක්ෂක ඇමැති මානව හිමිකම් කොමිසමේ දොසක් දකී

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

අරගලය අවස්ථාවේදී රඹුක්කන ප්‍රදේශයේ තෙල් බවුසර් දෙකකට ගිනි තබමින් කලහකාරී ලෙස හැසිරුණු පිරිසට වෙඩි තබා ජනතාවගේ ජීවිත බේරා බේරා ගැනීමට කටයුතු කළ පොලිස් නිලධාරින්ට ප්‍රශංසාව පුද කරනු වෙනුවට ඔවුනට දඬුවම් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කිරීම ලජ්ජා සහගත බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට ලිපියකින් දැනුම්දී ඇත.

මැරයන් ඉන්ධන බවුසරයකට ගිනි තැබුවා නම් එය පුපුරා ගොස් සිදුවන හානිය කොතෙක් දැයි සිතාගත නොහැකි බවත් එවැන්නෙක් සිදුවුණ නම් පළාතේ නිවාස මෙන්ම වෙළෙඳ සල්ද විනාශ වනු ඇති බවත් කාරක සභාව එම ලිපියෙන් පෙන්වා දී ඇත.

ඒ අනුව ප්‍රදේශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා කර ඇත්තේ තම රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමකැයි කාරක සභාව සඳහන් කරයි.

ඔහු එසේ තම රාජකාරිය ඉටු නොකළා නම් තෙල් බවුසරය ගිනි තබන තුරු සිටියානම් එය පුපුරා ගොස් සිදුවන හානියට වගකිව යුත්තේද ඔහුම බව පවසන කාරක සභාව එවිට සියල්ලන්ගේම දෝෂාරෝපණයට ලක් වන්නේද එම නිලධාරියා බව සඳහන් කරයි.

මේ සිද්ධියෙන් පසු මෙම ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ කොස්තාපල්වරුන් තිදෙනකු රිමාන්ඩ් භාරයට ගත් බවත් අද වන විට ඔවුන් තම පෞද්ගලික මුදලින් නීතිඥ ගාස්තු ගෙවමින් නඩු වලට මුහුණ දෙමින් සිටින බවත් එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

ස්ථානෝචිත ප්‍රඥාවෙන් තැනට සුදුසු ලෙස තීරණ ගත් එම පොලිස් නිලධාරියාට මේ අනුව සලකන හැටි සාධාරණ දැයි කමිටුව එම ලිපියෙන් ප්‍රශ්න කරයි.

 



අදහස් (9)

රාජ්‍ය ආරක්ෂක ඇමැති මානව හිමිකම් කොමිසමේ දොසක් දකී

Ramani Monday, 23 October 2023 08:11 PM

පොලිසියට අහිංසක මිනිස්සු මරන්න බලයදීලා නැහැ...!!! ඔය ණයට ගත්තු ඇමැතිකම පොඩි ළමයෙකුට දෙන්න.

:       0       0

Saman Monday, 23 October 2023 08:26 PM

එතැන වුනේ අරගලයක් නෙමෙයි. අනික තෙල් බවුසරේට ගිනි ඇවිලෙන එක නවත්තන්නයි මිනිස්සු හැදුවේ. පොලිසිය අහක හිටපු මනුස්සයෙකුට බඩට වෙඩි තියලා මැරුවේ. ආණ්ඩුවේ පිරිස් තමයි එතැන ඇවිලුවේ. එහෙම පොලිස් නිලධාරීන්ට ප්‍රශංසා කරන්න නෙමෙයි මරණ දඬුවම් දෙන්න ඕනෑ. මිනිස්සුන්ට හානිකරන අයට වෙඩි තියෙනවා නම් මුලින්ම පොලිසිය වෙඩි තියෙන්නේ ඔයාලාට...

:       0       0

Rama Monday, 23 October 2023 08:46 PM

අපිත් එකඟයි. පළාතම ගිනිගත්තා නම් ඒකෙන් වෙන හානි ඔය මානව හිමිකම් සංවිධාන දන්නවාද? නයිජීරියාවේ ඔහොම බවුසර් එකක් පුපුරලා 500 ගානක් මැරුණු බවක් දැන් අවුරුදු ගානකට කලින් පුවත්පත් වල පළවුණා. ඉතින් ඒ පොලිස් නිලධාරීන්ට නීතිපති දෙපාර්තමේන්තුව මගින් උදව් කරන්න බැරි මොකද?

:       0       0

Kelum Sampath Monday, 23 October 2023 08:54 PM

එහෙමද ආස...?

:       0       0

සුජිත් පල්ලේවත්ත Monday, 23 October 2023 09:28 PM

ඔය සිද්ධිය වුණේ ගාසා තීරයේ නෙමෙයිනේ... අන්න ඒකයි වෙනස...!

:       0       0

මොට්ටපාල Tuesday, 24 October 2023 04:09 AM

අර ජාතක කතාවක තියෙනවා අතේ තිබුණු කඩල මිටෙන් ඇටයක් බිම වැටුණාම අනෙක් සියල්ලම විසිකර බිම වැටුණු ඇටේ සෙවීමට වඳුරෙක් කටයුතු කළා කියලා... ඒ වගේ දහස් ගණනක් නැත්නම් සිය ගණනක් බේරා ගන්න කෙෙනකුට වෙඩිතැබූ නිලධාරියාට විරුද්ධව කටයුතු කිරීමත් ඒ වඳුරු වැඩේට දෙවැනි නැහැ කියන්න පුළුවන්... කොහොම වුණත් ඔය කොමිසමේ අය කටයුතු කරන්නේ මොන්ටිසෝරියකටවත් නොගිය වයසේ ළදරුවන් කරන වැඩ වගේම දේවල් තමයි..!

:       0       0

Lakmal Tuesday, 24 October 2023 04:51 AM

මේ වගේ කෙ‍නෙක් රාජ්‍ය ආරක්ෂක ඇමති කරලා මෙහෙම පොර ටෝක් දෙන්න පත් කරපු අයට ඉස්සරලා පයින් ගහන්න ඕනේ. සුදුසුකම් මොනාද ඇමති කෙනෙක් වෙන්න? අඩුම සිකුරුටි ජොබ් එකකට යන්න සුදුසුකම් තියෙනවාද?

:       0       0

Costhapal punnasoma Tuesday, 24 October 2023 07:43 AM

දණහිසෙන් පහළට නෙවෙයි, මැරෙන්නම තියන්න කියපු එක හරි කියලද කියන්නේ?

:       0       0

Wije Tuesday, 24 October 2023 11:56 AM

කොහොමටත් පොදු පෙරමුණු තක්කඩි ආණ්ඩුවේ මැරයින්ට මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, වගේ දේවල් නයාට අඳුකොළ වගේ... රාජපක්ෂ හිතවාදී මේ ටයි කෝටි අඳින තක්කඩි මහජනයා කෙරෙහි තියෙන්නේ අසීමිත වෛරයක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 282 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 670 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 536 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 177 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 975 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 645 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39778 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 78 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 386 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1251 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site