IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


රාජ්‍ය ඇමැතිවරුන්ට සැලකිය යුතු විදිය ගැන ජනපති ලේකම් ලිඛිත උපදෙස් දෙයි

 

 

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා විශේෂ විධිවිධාන සකසන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට අද (09) ලිඛිත උපදෙස් ලබා දී තිබේ.

රාජ්‍ය අමාත්‍යවරුන් රාජකාරී කටයුතු කිරීමෙිදී  එම නියමයන්ට අනුව පහසුකම් සැලැස්විය යුතු බව දන්වමින් ජනාධිපති ලේකම්වරයා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට වෙත මෙම උපදෙස් නිකුත් කර ඇත.

මහජන මුදල් අරපිරිමැස්මෙන් හා උපරිම කාර්යක්ෂමතාවයකින් පරිහරණය කිරීමට  බලධාරීන් සෑම ප්‍රයත්නයක්ම ගත යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් වලට අනුව මෙම උපදෙස් මාලාව සකස් කර තිබේ.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යාංශ සඳහා වෙනම වැය ශීර්ෂයක් වෙන් කෙරෙන්නේ නැත. එම රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ලේකම්වරයෙකු පත් නොකරන අතර එක් එක් විෂය පථයට ගැනෙන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කටයුතු පහසු කිරීම වෙනුවෙන් එම අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරු අතරින් ජ්‍යෙෂ්ඨතම අතිරේක ලේකම්වරයා යෙදවිය යුතුය. එම අතිරේක ලේකම්වරයාට සහාය වීම පිණිස දැනට අමාත්‍යාංශයේ සිටින ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු පුර්ණකාලීනව යෙදවිය යුතුය.

අදාළ රාජ්‍ය අමාත්‍යවරු පත්කර ඇති අමාත්‍යාංශයට දැනට අනුමත කාර්ය මණ්ඩලයෙන්ම කාර්ය මණ්ඩල අවශ්‍යතා සපුරාදිය යුතුය. ඒ වෙනුවෙන් නව තනතුරු ඇති කර ගැනීම සඳහා වන ඉල්ලීම් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් නොකළ යුතුය. 

කාර්යාල පවත්වාගෙන යාම සඳහා දැනට අදාළ කැබිනට් අමාත්‍යාංශය පවත්වාගෙන යනු ලබන කාර්යාල පරිශ්‍රය තුළම පහසුකම් සලසාගත යුතුය.

රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලේකම්වරයා වෙත පමණක් නිල වාහනයක් ලබා ගැනීම සඳහා හිමිකම් ලබන අතර, පෞද්ගලික ලේකම්ගේ නිල රියදුරුගේ අතිකාල හා සංයුක්ත දීමනා සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කළ යුතුය.

සහාය කාර්ය මණ්ඩලයේ අනෙකුත් නිලධාරින් සඳහා පොදු වාහන 02ක් පමණක් වෙන් කර දිය යුතුය. අමාත්‍යාංශය සතු වෙනත් සංචිත වාහන එකී නිලධාරීන්ගේ අවශ්‍යතා සඳහා භාවිතා නොකළ යුතු වේ. 

කළමනාකරණ සහකාර, සංවර්ධන නිලධාරි, කාර්යාල කාර්ය සහායක සහ රියදුරු ස්ථීර රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් අතරින් පමණක් තෝරාගත යුතු වේ.  එම රියදුරන්ට මාසික අතිකාල දීමනා ලැබිය හැක්කේ පැය 150ක උපරිමයකට යටත්ව වන අතර ඔවුන්ගේ මාසික සංයුක්ත දීමනාව උපරිම දින 08කට හිමිකම් ලබයි. 

පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම් හා මහජන සම්බන්ධතා නිලධාරී සඳහා අනුමත උපරිම සීමාවට යටත්ව සන්නිවේදන දීමනාව ලබාදිය යුතු අතර, එම සන්නිවේදන දීමනාවට දත්ත භාවිතා කිරීම, ජාත්‍යන්තර දුරකථන ගාස්තු, මාසික ස්ථාවර ගාස්තු, බදු මුදල් හා අනෙකුත් ගාස්තු අයත් වේ.

සහාය කාර්ය මණ්ඩල සඳහා රජයේ වියදමින් ජංගම දුරකථන ලබා නොදිය යුතුය.

 2010 මැයි මස 14 දිනැති රාජ්‍ය වියදම් කළමනාකරණය යන මැයෙන් නිකුත් කර ඇති ලිපි සහ ඊට වරින් වර සිදු කරන ලද සංශෝධන සහිත ලිපිවල සඳහන් විධිවිධාන නැවත සංශෝධනය කරමින් මෙම නියෝගය ජනාධිපතිවරයාගේ  උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.



අදහස් (5)

රාජ්‍ය ඇමැතිවරුන්ට සැලකිය යුතු විදිය ගැන ජනපති ලේකම් ලිඛිත උපදෙස් දෙයි

sg Friday, 09 September 2022 11:34 PM

People will closely observing these processes. Do not give additional economic weight to the people on this matter. Need to avoid additional economic weight for the people. Also, Mr. President tries to resolve parliament at the first chance. Otherwise, you can not run the government without support from the internals well as external factors.

:       0       2

LGPJ Saturday, 10 September 2022 06:01 AM

Written advices only without any action!!!!

:       0       4

Perera Saturday, 10 September 2022 09:25 AM

ගම් පළාත් වලට එනකොට චන්දෙ ඉල්ලගෙන ඉහලින්ම ගරු සරු ඇතුව සක්ලකන්න මුළු රටම බලාගෙන ඉන්නේ

:       0       4

සුරංග Saturday, 10 September 2022 10:29 AM

ඇමති හා රාජ්‍ය ඇමතිලා සදහා සැලකිය යුතු විදිය ක්‍රියාත්මක කිරීමට ජනතාව කොහු හා ඉදල් මිටිත් ඉලපත් හා පරණ සෙරෙප්පුත් සූදානම් කරගෙන ඉන්නවා කියලා දැන්ම කියන්න හොද නැහැ පස්සෙ කියන්නම්.

:       0       7

Bamunuarachchi Saturday, 10 September 2022 02:24 PM

කව්රුත් කියන්න ඕනේ නැහැ ගමට ආවම මිනිස්සු සලකයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 264 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 603 0

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 461 0

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 411 0

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1205 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


බිරිය මරා නැන්දණියත් පහර දී සැමියාත් මිය යයි
2024 නොවැම්බර් මස 18 522 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 22603 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18837 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 637 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1821 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site