IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


රාජ්‍ය ඇමතිවරුන් තිදෙනකුගේ විෂය පථ වෙනස් වෙයි

(සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකුගේ විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අලුත්ම ගැසට් නිවේදනයක්  අද (17) නිකුත් කරනු ලැබීය .

මේ ගැසට් නිවේදනය මගින් විෂය පථයන් සංශෝධනය කර ඇත්තේ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා ,ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ආචාර්ය නාලක ගොඩහේවා යන රාජ්‍ය ඇමතිවරුන්ගේය.

මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ආචාර්ය නාලක ගොඩහේවා යන රාජ්‍ය අමාත්‍යවරුන්ට ජනාධිපති වරයා විසින් පසුගියදා  නව රාජ්‍ය අමාත්‍ය ධුර  පිරිනමනු ලැබීය

ඒ අනුව මොහාන් ප්‍රියදර්ශන සිල්වා මහතා වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ආචාර්ය නාලක ගොඩහේවා මහතා නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් නව ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත .

එමෙන්ම ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැලසුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එම ගැසට් පත් පත්‍රයේ සඳහන් වේ .



අදහස් (9)

රාජ්‍ය ඇමතිවරුන් තිදෙනකුගේ විෂය පථ වෙනස් වෙයි

මහසෙන් Saturday, 17 July 2021 10:55 AM

ළඟදීම ගැසට් වාර්තාවක් බලාපොරොත්තු වන්න...

:       0       193

Kapila Saturday, 17 July 2021 11:41 AM

රටේ දහසක් ප්‍රශ්න තියෙද්දී කරළියට ගේන කොළඹ සන්නි...!!!

:       3       56

ලුම්බිණි Saturday, 17 July 2021 12:02 PM

කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැලසුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පත්වීම කොච්චර දෙයක්ද?

:       10       78

පප්ප Saturday, 17 July 2021 02:30 PM

අපි මෙහේ බඩගින්නේ.., නුඹලා තානාන්තර බෙදා ගන්නවා...!!!

:       1       56

chathuri Saturday, 17 July 2021 03:15 PM

ගැසට් ගහන්නේ අප්ප බානවා වගේ. හැබැයි එකෙක්වත් කරන දෙයක් නැහැ. කාලකන්නි. රටේ අවාසනාවටම උපන් පාලකයිනේ..., අපේ රට විනාශ නොකර පලයව්...!

:       1       201

Sri Lanka Saturday, 17 July 2021 04:19 PM

හැමදා කරන්නේ ඕක තමයි. රට එතනමයි..!!!

:       1       49

chithral Saturday, 17 July 2021 04:40 PM

මට අහුවුණොත් කටේ අර්තාපල් ගෙඩියක් ඔබනවා ඔය කතරගම දේවාලේ සුද්ද කළායි කියන හොරාගේ....

:       1       141

Deepal Nirosh Saturday, 17 July 2021 05:01 PM

මේකත් දැන් හරියට “අද දින නව කොරෝනා අසාධිතයින්..., තව කොරෝනා මරණ....“ වාගේ දිනපතා වාර්තා වන තවත් එක ප්‍රවෘත්තියක් පමණයි.

:       0       84

ගමේ එකාලාSaturday, 17 July 2021 10:48 PM

අනේද කියන්නේ? ගැසට් නිවේදනයි, තනතුරු බෙදාහදාගෙන කනඑකයි මිස... වෙන වැඩක් නැහැ.

:       0       48

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කමලා තැපෑලෙන් ඡන්දය දීලා
2024 නොවැම්බර් මස 05 200 0

තමන් තම ඡන්දය තැපැල් ඡන්දයක් ලෙස ප්‍රකාශ කළ බව ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසා


ගැබිනි මව සමඟ ලොරිය අඩි 20ක් පහළට
2024 නොවැම්බර් මස 05 221 0

නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි


’’සැමියා මැරූ අයුරින් මාත් මරන්න හදනවාද?’’
2024 නොවැම්බර් මස 05 1015 0

තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති


අයිස්ලන්තයෙන් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 05 1019 1

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .


ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 423 2

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 1871 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 408 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1311 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 689 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site