IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘රජය කළ හැකි හැමදෙයක්ම කරනවා‘ - අගමැති කියයි

උද්ගත වී ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අවදානම් සහිත නිවාස සහ ප්‍රදේශවලින් ඉවත්ව හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා ගොස් රජයේ ආපදා කළමනාකරණ වැඩසටහනට උපරිම සහාය දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

‘ආපදා කළමනාකරණ අමාත්‍යවරයාත් නීතිය හා සමාය අමාත්‍යවරයාත් මමත් හානියට පත්වූ ප්‍රදේශවල ගුවනින් ගොස් නිරීක්ෂණයක් කළා. අප එය නිරීක්ෂණය කළේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව වටහා ගැනීමටයි. 1975 වසරේ සිට මා මේ ප්‍රදේශවල ගංවතුර දැක තිබෙනවා. විපතට පත්වූවන්ට සහන සැලසීමට සහභාගිවී තිබෙනවා. මෙවර ගංවතුරේදී වෙනත් අවස්ථාවලට වඩා විශාල ප්‍රදේශයක් ගංවතුරට යටවී තිබෙන ආකාරය දැකගන්නට හැකි වුණා. ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකියි. වර්ෂාව නතර වේ යැයි බොහෝ අය බලාපොරොත්තු වුණා. නමුත් මාලදිවයිනේ සිට වැහි වලාකුළු ශ්‍රී ලංකාව කරා පැමිණීමට පටන්ගෙන ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා. සිකුරාදා (20) සිට ආපදාවට ලක්වූ ප්‍රදේශවල ආරක්ෂාව ශක්තිමත් කිරීමට අප පියවර ගන්නවා. ප්‍රදේශවල සහන සේවා කටයුතු සිදු කරනවා මෙන්ම ආරක්ෂාව තහවුරු කර ප්‍රදේශවාසීන්ගේ දේපළ සුරක්ෂිත කිරීමට රජය කටයුතු කරනවා.‘ යැයි ද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ranilapress_2016519

ඡායාරූප හා වීඩියෝ - ගයාන් අමරසේකර



අදහස් (0)

‘රජය කළ හැකි හැමදෙයක්ම කරනවා‘ - අගමැති කියයි

රුවන් Thursday, 19 May 2016 07:20 PM

මීට වැඩිය ප්‍රායෝගික උත්තර අපි ඔබෙන් අපේක්ෂා කළා. රජය මහජනයාට වඩා අනාථ වෙලා කියලයි මිනිස්සු දැන් කියන්නේ. කණගාටුයි. (නි)

:       0       0

නාමල් Thursday, 19 May 2016 09:11 PM

එකිනෙකාට බොරුකීමයි, බොරු කිරීමයි, හොරු ආරක්ෂා කිරීමයි නවතා පොරොන්දු වූ පරිදි වැඩ කරන්න. අධ්‍යාත්මික දියුණුව ඇතිකරන්න. නැත්නම් ඉස්සරහට තවත් ස්වභාවික විපත් ඇතිවනු නියතයි. (නි)

:       0       0

සත්‍යයා Thursday, 19 May 2016 11:50 PM

ආපදා කළමනාකරණයට සහය දෙන්න ඕනෑ විපතටපත් වූ මිනිසා නොව ජනතාව විපතට පත්කළ මිනිසායි. පරිසර හානියට සෘජු දායකත්වයක් හැමදාමත් දුන්නේ දේශපාලුවන්ගේ නෑදෑ හිතවතුන්. පරිසරය ආරක්ෂා කරනවා වෙනුවට කැළෑ පාලුවන් රැකි අයට නිසි දඬුවම් ලබා දුන්නේ නම් මේ විපත් බොහොමයක් වළකාගන්න තිබුනා. විපතට පත් ජනතාව අසරණයි. (නි)

:       0       0

පේදුරු Friday, 20 May 2016 12:14 AM

අපොයි ඔව්. අනිත් පොරොන්දු වගේම වෙයිද දන්නෙ නැහැ මේකත්. (නි)

:       0       0

නිමල් Friday, 20 May 2016 02:03 AM

කැලණිතිස්ස රජ්ජුරුවන්ගේ කාලේ මහා පාපයක් නිසා මුහුද ගොඩ ගැලුවා. අද වැට් බදු කියන පාපය නිසා විශාල ජල ගංගාවක් කඩා වැටිලා. ඉක්මනින් වැට් බදු ඉවත් කරන්න. (නි)

:       0       0

ධම්ම Friday, 20 May 2016 02:23 AM

අගමැතිතුමනි, මේ ගැනත් ටිකක් හිතා බලන්න. බදු තව ටිකක් වැඩිකර බඩු මිලත් තව ඉහළ දැම්මොත් ඒ ලැබෙන ආදායමෙන් මේ ජනතාවට සහන සැළසිය හැක. (නි)

:       0       0

ප්‍රභාත් Friday, 20 May 2016 02:35 AM

දේශපාලකයන්ට වාහන ගන්න වෙන්කළ සල්ලි වලින් මේ මිනිසුන්ට උදවු කළා නම් නරකද? (නි)

:       0       0

සන්තුෂ් Friday, 20 May 2016 02:42 AM

නිමල් හරි. බඩේ බත් නැති ජනතාවකට, රස්සාවක් හොයාගන්න දුරකථන ඇමතුමක් දෙනකොට එකෙනුත් බදු ගන්න රටකට දෙවියන්ගෙන් ගැළවීමක් නැහැ. මන්ත්‍රීලට නම් ලක්ෂ 200 වාහන. (නි)

:       0       0

නිශාන්ත Friday, 20 May 2016 02:50 AM

මේ වගේ ස්වාභාවික විපත් සිදුවෙන්න රටක් හැටියට අපි ධාර්මික නොවීමත් බලපානවා (නි)

:       0       0

සම්පත් Friday, 20 May 2016 04:20 AM

මෙහෙම රටක ඉපදුනු අපි අවාසනාවන්තයෝ කියලා හිතෙනවා (නි)

:       0       0

තිළිණ Friday, 20 May 2016 04:25 AM

මේ තරම් වහින්න අහසේ වතුර කොහෙන්ද කියලා හොයලා බලන්න වෙනවා. (නි)

:       0       0

විපුල Friday, 20 May 2016 05:32 AM

සාමාන්‍ය ජනතාව නම් හොදටම ධාර්මික වෙලා ඉන්නේ. දේශපාලකයන් නම් බලය ලැබුනම ධාර්මික ගතිය නැති කරගන්නවා (නි)

:       0       0

ජගත් Friday, 20 May 2016 08:08 AM

අපේ රටේ මිනිස්සු පුදුමේ කියන්නේ මේ අදහස් දාන්නෙත් පක්ෂ වලට බෙදිලා හදවතට එකඟව නොවේ. අදහසක් දන්න බැරිතරම් මිනිස්සු කුහක වෙලා (නි)

:       0       0

සුසන්ත Friday, 20 May 2016 08:47 AM

රාජා භවතු ධම්මිකෝ... (නි)

:       0       0

දුමින්ද Thursday, 19 May 2016 03:10 PM

අද දකින හෙට - රටේ හෙට දවස...? (නි)

:       0       0

සිරි Thursday, 19 May 2016 03:17 PM

කාලගුණ තත්වය මෙසේ බරපතලවීමට හේතුව සොයා බලන්න. රාජපක්ෂ රෙජීමයේ වැඩක් කියලා කියන්න කෙනෙක් නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

අමල් Thursday, 19 May 2016 03:58 PM

මින්සුන්ට සීතල කාමර ඇතුලේ ඉදන් උදව් කරන්න බෑ. එලියට ඇවිත් බලන්න. ඔයාලට ජන්දේ දුන්නු අයට මොකද වුනේ කියලා. (බ)

:       0       0

රොහාන් Thursday, 19 May 2016 04:04 PM

කටින් බතල කොළ එපා ..(බ)

:       0       0

ගුණේ Thursday, 19 May 2016 04:54 PM

‘රජය කළහැකි හැමදෙයක්ම කරනවා‘ නෙමෙයි අගමැතිතුමනි, කළයුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ත්‍රි‘මලේ ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 8 0

මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චා


ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 111 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් ගරන කල්ලියක්
2024 ඔක්තෝබර් මස 02 24 0

රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 407 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1422 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 436 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38582 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25388 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site