(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ණය ගැනීම් සීමාව රුපියල් කෝටි 40,000කින් පමණ වැඩි කිරීමට රජය තීරණය කර ඇත.
ණය සීමාව මෙසේ වැඩි කිරීම සම්බන්ධයෙන් විසර්ජන පනතට විශේෂ සංශෝධනයක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරියේදී ඉදිරිපත් කෙරෙනු ඇත.
ණය ගැණුම් සීමාව වැඩි කිරීම සඳහා ඉදිරිපත් කරන ලද 2020 අංක 07 දරන විසර්ජන පනත සඳහාවූ සංශෝධනයට මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවිය.
රුපියල් කෝටි දෙලක්ෂ අනු නව දහස් හත් සියයක් ලෙස මෙතෙක් ණය ගැණුම් සීමාව මේ අනුව රුපියල් කෝටි තුන් ලක්ෂ තිස් නව දහස් හත් සියයක් දක්වා ඉහළ යනු ඇත.
මේ සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේදී කරුණු පැහැදිලි කළ මුදල් අමාත්‍යංශ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා පැවසුවේ ණය ගැනීමේ සීමාව වැඩි කිරීම සඳහා විසර්ජන පනතට සංශෝධනයක් ගෙන ඒමට අවශ්‍ය වූයේ කොවිඩ් 19 වසංගත තත්වය නිසා රටේ උද්ගතවූ ආර්ථික පසුබෑමෙන් 2021 වසර සඳහා අපේක්ෂිත ආදායම ලබාගැනීමට නොහැකි වීම, පරිපූරක වියදම් ඉහළ යාම, විදේශ මුදලින් සිදු කළ යුතු ණය සේවා ගෙවීම්වලට මුදල් සැපයීමේදී රුපියල අවප්‍රමාණය වීම නිසාවූ බලපෑම ආදී හේතු නිසා බවයි.
එසේම පරිපූරක වියදම් ඉහළ යාමට කොවිඩ් 19 වසංගත තත්වය නිසා ඉහළ ගිය සුබසාධන වියදම් හේතුවූ බව පෙන්වා දුන් ආටිගල මහතා එම වියදම් සඳහා පාර්ලිමේන්තුව රුපියල් බිලියන 200 ක මුදලක් පසුගිය කාල සීමාවේදී අනුමත කළ බවද ප්‍රකාශ කළේය.
මේ අතර සුදු සීනි සඳහාවූ බලපත්‍ර ක්‍රමය ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ගැසට් පත්‍රයටකටද රජයේ මුදල් පිලිබඳ කාරක සභාවේ අනුමැතිය මෙහිදී හිමිවිය.
සීනි සම්බන්ධයෙන් රටේ පවතින අර්බුදකාරී තත්ත්වය පැහැදිලි කර ගැනීම සඳහා වෝහාරික වාර්තාවක අවශ්‍යතාව මෙම කාරක සභාව හමුවේ තමා කිහිපවරක් අවධාරණය කළ බව ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මෙහිදී පැවැසීය.
මෙහිදී මුදල් කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ නුදුරේදීම ඒ සම්බන්ධයෙන් සංවාදයක නිරතවීමට හැකියාව ඇති බවයි.
මාර්ගගත ක්‍රමයට පැවති මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන්වන සුසිල් ප්‍රෙම්ජයන්ත,ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.
ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.
අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම
ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත
මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රජයේ ණය ගැනීම් සීමාව කෝටි 40,000කින් ඉහළට
Nuwan Monday, 08 November 2021 01:42 PM
ඕකට සාපේක්ෂව ඔය ගන්න ණයෙන්ම ගැහිල්ලත් සුපිරියට ඉහළ ගිහිල්ලා වගේ පේනවා රටේ වෙන දේවල් හැටියට...!!!
fairoosMonday, 08 November 2021 05:34 PM
ඕක මොකක්ද? ඉන්න හිටින්න රටක් තියෙනවනේ...
saliya Monday, 08 November 2021 05:21 PM
කොවිඩ් අරමුදලට මොකද වුණේ හාමුදුරුවනේ?
ජනතාව Monday, 08 November 2021 05:32 PM
රටේ ආර්ථිකය කවුරු කොහොම විවේචනය කලත් ජිම් කට්ටල බෙදා දෙන එක, අලුත් පාරවල් ,ඇවිදින මං තීරු හදන එක මේ වෙලාවෙම පටන් ගන්න ඕනෙ කියල ඇමතිලා දන්නවා. ජනතාවට මතක නැහැ ඇමති තුමන්ලා ඒ අයව චන්ද කාලෙදි කොයි තරම් සතුටු කරනවද කියලා. මේ තමයි නියම සංවර්ධනය. ලගදි චන්දෙත් තියනවා නොවැ.