IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘රජයේ තාක්ෂණික ආයතනවල අධ්‍යාපනය නොමිලේ‘

දැනට මුදල් ගෙවා රජයේ තාක්ෂණික අධ්‍යාපන ආයතනයන් හි වෘත්තීය අධ්‍යාපන කටයුතු වල යෙදෙන සියලුම සිසුන් සඳහා ලබන වසරේ සිට කිසිදු අයකිරීමකින් තොරව වෘත්තීය අධ්‍යාපනය ලබා දීමට රජය තීරණය කළ බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

2017 රජයේ අයවැය යෝජනාවක් අනුව මෙය ක‍්‍රියාත්මක වන බවත් ,ඒ අනුව ලබන ජනවාරි පළමු වැනිදා සිට ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය, සාගර විශ්ව විද්‍යාලය, තාක්ෂණ විශ්ව විද්‍යාලය ඇතුළු  තම අමාත්‍යාංශය යටතේ පවතින සියලූම් තාක්ෂණික ආයතනයන්හි  වෘත්තීය අධ්‍යාපන පාඨමාලා නොමිලේ හැදෑරීමට අවස්ථාව සැලසෙන බවද අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කීය.

කොළඹ නාරාහේන්පිට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කීය.

අමාත්‍යවරයා කියා සිටියේ ලබන වසරේ සිට මෙම තාක්ෂණික අධ්‍යාපන ක්ෂේත‍්‍ර තුළ නිදහස් වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 300ක මුදලක් වෙන් කර ඇති බවය.



අදහස් (0)

‘රජයේ තාක්ෂණික ආයතනවල අධ්‍යාපනය නොමිලේ‘

ශාන්ත Thursday, 01 December 2016 09:54 PM

වැඩ වර්ජන පෙළපාලි වැඩි වෙන්න පුළුවන්. (ර)

:       0       0

සුසිල් Thursday, 01 December 2016 11:28 PM

හොඳ වැඩක් (ර)

:       0       0

බන්දුල Friday, 02 December 2016 01:32 AM

යෝජනාව නම් ඉතාමත් ඉහළයි. නමුත් ප්‍රශ්නය නිකන් ලැබෙන දේ ගන්න අපේ අය දන්නවද කියන එක. කාලයක් යනකොට නිකන් දෙන්නේ කියලා අමතක වෙලා පොඩ්ඩ වැරදෙනකොට දියව් කියලා පුවරු උස්සගෙන පාරට බහිනවා (නි)

:       0       0

දිලුම් Friday, 02 December 2016 04:10 AM

මේ එකක්වත් නෙමෙයි මෙතන තියන බරපතල ප්‍රශ්නය. අපි නිපුණතා සංවර්ධනය තුලින් වෘත්තීකයන් බිහිකරන්නේ සහ කල යුත්තේ ශ්‍රම වෙලඳපලේ ශ්‍රම අවශ්‍යතාවයට ගැලපෙන පරිදියි. මොකද වෘත්තීය අධ්‍යපනයෙන් පසුවත් ඔවුන් රැකියා විරහිත නම් අපි දෙන වෘත්තීය අධ්‍යාපනය සල්ලි අරන් දුන්නත් නිකන් දුන්නත් වැඩක් නැති නිිසා.නොමිලේ අධ්‍යාපනය දෙනවනම් එහි ගුණාත්මක බව හා අදාලත්වය පිලිබඳ ඉතා මැනවින් සොයා බැලිය යුතුයි. (ර)

:       0       0

ලුම්බිණි Friday, 02 December 2016 04:11 AM

සදා කල් මේවා නොමිලේ සපයන්නට මුදල් එන්නේ කොහොමද? (ර)

:       0       0

නිශාන්ත Friday, 02 December 2016 10:19 AM

ඔය කියන නාරාහේපිට තාක්ෂණයේ, ඔටෝ මොබයිල් එකේ දැනට මාස 03 කට වඩා කාලයක් තිස්සේ ගුරුවරයෙක් නැහැ නේද. හොයන්න බලන්න කෙනෙක් නැහැ. අළුතින් පටන්ගන්න කලින් දැනට තියෙන ආයතන විධිමත් කරන්න. ඒක ලොකු පිනක්. (නි)

:       0       0

ධම්ම Thursday, 01 December 2016 04:06 PM

මාලඹේත් ඔබතුමා බාරගන්නකෝ. (බ)

:       0       0

කමල් Thursday, 01 December 2016 04:29 PM

යහපාලනයට ජය වේවා! (නි)

:       0       0

ගුණසිරි Thursday, 01 December 2016 06:33 PM

අපි අපේ උත්සාහයෙන් නැගිට්ටාට, අපිටත් මෙවැනි ක්‍රමවේදයක් හිමිවුණා නම් අපේ ජිවිත විශිෂ්ටයි. රජයක් ගතයුතු දුරදර්ශි ජනතාවාදී තීන්දුවකට එළඹිලා, අනාගතයේ මෙයින් ප්‍රයෝජන ලබන තරුණ තරුණියන් ගැනත් රටේ අනාගතය ගැනත් අපට ඇතිවෙන්නේ මිහිරි හැඟීමක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 116 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5466 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1175 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 355 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2121 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2057 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site