IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


“රාජ්‍ය දේපළට හානි කළොත් වැඩ වරදියි“

අද(02) පැවැති බස් වැඩවර්ජනය අතරතුර මාර්ග අවහිර කරමින් සාමාන්‍ය ප්‍රවාහන පද්ධතියට බාධා කළ අය සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට රජය පොලිසියට දැනුම් දී ඇති බව ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව පවසයි.

මීගමුව-කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කළ අය අත්අඩංගුවට ගැනීමටත් පියවර ගන්නා බව කියයි.අද දින තුළ බස් රථ කිහිපයකට පහර දීම හා රාජ්‍ය දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කළ බවත් ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කරන බවත් එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

රාජ්‍ය දේපල වලට හානි කරන අයට මෙන්ම සාමාන්‍ය ජන ජිවිතය අඩාල කරන්නන්ට එරෙහිව පොලිසිය නීතිය තදින් ක්‍රියාත්මක කරනු ඇති බව ද එම දෙපාර්තුමේන්තුව කියයි.



අදහස් (0)

“රාජ්‍ය දේපළට හානි කළොත් වැඩ වරදියි“

පසිදු Saturday, 03 December 2016 08:48 PM

රාජ්‍ය දේපලවලට හානිකරන අය අත්අඩංගුවට ගන්නවා නම් (හේ)

:       0       0

රෝහණ Sunday, 04 December 2016 02:05 AM

දැඩි දඩුවම් දෙන්න ඕනේ.(හේ)

:       0       0

ඇසළ Sunday, 04 December 2016 03:36 AM

සත්‍යා පසුගිය ආණ්ඩු කාලයේ මහජන මුදල් සොරකම් කළ අය ඒ මුදල් හංගල තියෙන්නේ තමාගේ ගෙදරද.? අවුරුදු 2 ක් ගියා තාමත් සතයක් වත් හොයා ගන්න බැරිවුනා නේද. දැන් හොයන්නේ වාහන අවභාවිතය කරපු ඒවා නේද.? අපි දන්නා විදියට නම් මහා බැංකුව මහා දවල් කොල්ල කෑව කිසිම සද්දයක් නැතුව. එ්කත් ගිය ආණ්ඩුවද? (බ)

:       0       0

ජනහිත Friday, 02 December 2016 04:01 PM

කිසිම දේපලකට හානි කරන්න දෙන්න එපා. තමන්ගේ දේපල වුණත් තමන්ටවත් හානි කරන්න නීතියෙන් ඉඩක් නැහැ මම හිතන්නේ. සාධාරණ ඉල්ලීම් වලට ඉඩදුන්නත් අසාධාරණ ඉල්ලිම් වලට නම් කිසිදිනක ඉඩනොදිය යුතුයි. අනෙක් එක මේවා අයවැයට යොදවා නීති පැනවිය යුතු ඒවාම නොවෙයි, සාමාන්‍ය විදිහට කළයුතු ඒවානේ. වැරදි කරන අයට ඕඈ විදිහටද දඬුවම් කරන්න ඕනැ. එහෙම වුණොත් පල් හොරුත් කියයි අපිට දෙන දඬුවම වැඩියි අඩු කරන්න කියලා. (නි)

:       0       0

සමීර පෙරේරා Friday, 02 December 2016 05:10 PM

මහා ලැජ්ජා නැති ආණ්ඩුවක්. මම ජනාධිපති පුටුවේ හිටියා නම් පැය 24ක් ඇතුළත සියලුම පුද්ගලික බස් රථ රජයේ භාරයට ගෙන ජනසතු කරනවා. (නි)

:       0       0

ඉන්දික Friday, 02 December 2016 05:14 PM

මුලින්ම දියවන්නාව පැත්තෙන් පටන්ගන්න වෙයි එහෙනම් (නි)

:       0       0

ලංකා Friday, 02 December 2016 05:19 PM

රටේ පෞද්ගලික බස් සේවය අහෝසි කරනු! සුඛෝපභෝගී රාජ්‍ය ප්‍රවාහන සේවයක් වහා අරඹනු! සියලුම අය එම සේවය ලබා ගැනීමට පොළඹවා ගැනීමෙන් උදේ සහ සවස් වරුව පාරේ වාහන තදබදය අඩුකර ගැනීමට පියවර ගැනීමට වහාම කටයුතු කරනු ! කරන්න බැරි දෙයක් නැහැනේ මොළය පාවිච්චි කළා නම්. (නි)

:       0       0

ජනහිත Saturday, 03 December 2016 08:49 AM

සත්‍ය, ඔය විදිහට කතා කරන්න ගියොත් තමන්ටත් ගල් පාරවල් එන්න බැරි නැහැ. වැරදි කළාම දඩුවම් දියයුතුමයි. මේකට සහභාගි වෙන්න තිබුනේ පුද්ගලික වාහන හිමියෝයි. (නි)

:       0       0

සත්‍යා Friday, 02 December 2016 10:53 PM

මේක පුදුම කතාවක්නේ. පසුගිය ආණ්ඩු කාලයේ මහජන මුදල් සොරකම් කළ අය කළ පාඩුව හා සසඳනවිට බසයකට දෙකකට ගල් ගහලා කළ පාඩුව සම්බන්ධයෙන් ඊට සම්බන්ධ අය වහාම සිරභාරයට ගන්න කියා පොලිසියට උපදෙස් දෙනවා. මට පේන විදියට මේ ආණ්ඩුව කරන්නෙත් ඉස්සෙල්ලා ආණ්ඩුව වගේම මිටි තැනින් වතුර බහින්න සළස්වනවා කියන එක. අවාසනාව කියන්නේ "මිටි තැන" ඉන්න අයට මේක නොතේරෙන එක. (නි)

:       0       0

රොකී Saturday, 03 December 2016 12:20 PM

රාජ්‍ය දේපොළට හානි කෙරුවොත් වැඩ වරදී කියලා කවුද කියන්නේ? ඔය ලොකු මහත්තුරු තව තවත් නිදහසේ රාජ්‍ය දේපොළ වලට වැඩ දීම ලවක්දෙවක් නැතුව කරගෙන යන්නේ! (නි)

:       0       0

මනෝජ් Saturday, 03 December 2016 12:51 AM

සත්‍යා, දුර බලන්න. ළඟ නොබලන්න. වරදක් තව වරදක් මත පටවා එහි වාසිය ගැනීම බුද්ධිමත් තීරණයක් නොවේ. සමාවන්න මට. (නි)

:       0       0

විපුල Saturday, 03 December 2016 04:32 PM

දැඩි දඩුවම් දෙන්න ඕනේ නැවත කිසි කෙනෙකුට නොකරන්න හිතෙන්න (ර)

:       0       0

රෝහණ Saturday, 03 December 2016 07:35 PM

සත්‍යා කොයියම් ආණ්ඩුවක් වෙන්න පුළුවන් රජයේ දේපල වලට හානිකිරිම ත්‍රස්ත වාදී වැඩක් එමනිසා දඬුවම් කළ යුතුමයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 593 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4404 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2000 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8762 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1479 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 425 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40085 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site