IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රාජ්‍ය දේපළ අවභාවිතය වළක්වන තද නීති ඕනෑ

යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයකු, හවුල්කාර පක්ෂයක නායකයකු සහ ඊටත් පෙර පැවැති ආණ්ඩුවල ද විවිධ ඇමැති ධුර හෙබවූ රිෂාඩ් බදුයුදීන් මහතා මේ සටහන තබන විට පොලීසිය සමඟ හැංගිමුත්තං කෙළියක යෙදී සිටියේය. උසාවියෙන් වරෙන්තුවක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගත යුතු බවට නීතිපතිවරයාගෙන් ලැබුණු විධානයකට අනුව උසාවි ගිය පොලීසියේ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කෙරිණි. රිෂාඩ් බදුයුදීන් හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බවද වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවද උසාවිය මගින් පෙන්වා දීමෙන් අනතුරුව මේ ‘හැංගිමුත්තම’ ආරම්භ විය. එය ඇතැම්විට දැන් අවසන් වී හිටපු ඇමැතිවරයා රිමාන්ඩ් භාරයේ හෝ ඇප පිට මුදාහරිනු ලැබ මාධ්‍යයට ‘වොයිස් කට්’ දෙමින් සිටිනවාද විය හැකිය. එහෙත් වඩාත් වැදගත් වන්නේ උසාවිය සඳහන් කරන මේ ‘සංඥය’ වරද කුමක්දැයි හෙළිකර ගැනීමය.

රිෂාඩ් බදුයුදීන් මහතාට එල්ල වී ඇති චෝදනාවට අදාළ වී ඇත්තේ රජයේ මුදල් රුපියල් අනූපන් ලක්ෂයකට අධික මුදලක් වැය කිරීමය.

මේ මුදල ඔහු වැය කර ඇති බව කියන්නේ ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට අවතැන්වූවන් ලංගම බස් රථවලින් මන්නාරම් ප්‍රදේශයට රැගෙන යාම සඳහාය. අදාළ මුදල අවතැන්වූවන් නැවත පදිංචි කරවීමේ ව්‍යාපෘතියකින් ගෙවා දමා ඇති බවත් එම ක්‍රියාව වැරදි බව අමාත්‍යාංශයේ ලේකම්වරිය විසින් දැනුම් දෙනු ලැබී දින 06කට පසුව අදාළ සැකකරුවන් විසින් එම මුදල් පියවා ඇති බවත් සඳහන්ය. කෙටි කලකට හෝ රජයේ මුදල් සාවද්‍ය අයුරින් පරිහරණය කිරීම නීතියට අනුව වැරැද්දක් බවද උසාවියේ දී සඳහන් වී තිබිණ. වැරැද්දට අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නැති බවද පෙන්වා දී තිබිණි.

උසාවියේ කටයුතුවලින් පසුව දැන් සිදුවෙමින් පවතින්නේ රිෂාඩ් බදුයුදීන් මහතා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු සහ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමය. මෙහිදී මතු කළ යුතු වඩාත්ම වැදගත් කරුණු වන්නේ බලවත් දේශපාලනඥයන් විසින් රජයේ දේපළ අනිසි ලෙස පරිහරණය කරමින් සිදු කරන වැරැද්දේ බරපතළකමයි. මෙවැනි චෝදනාවක් ලද පළමු දේශපාලනඥයා රිෂාඩ් බදුයුදීන් මහතා නොවේ. ඔහු අන්තිමයා නොවන බවද ඉර හඳ මෙන් විශ්වාස ය. මෙරට දේශපාලනය තුළ රාජ්‍ය දේපළ අනිසි පරිහරණය සම්බන්ධව පවතින ගඳ ගසන අතීතය අපට ඒ බව හොඳින් ම පෙන්වා දී තිබේ. අඩුම තරමින් එවැනි එක් දේශපාලනඥයකු හෝ නීතිය ඉදිරියට පැමිණවීම මින් ඉදිරියට හෝ එවැනි බරපතළ වැරදි අධෛර්යමත් කිරීමට රුකුලක් වනු ඇතැයි අපි සිතමු.

බදුයුදීන් මහතා විසින් කර ඇති වැරැද්ද වරෙන්තුවකින් තොරව ඔහු අත්අඩංගුවට ගැනීමට තරම් බරපතළ නම් එවැනි වැරදි සිදුවීම වැළැක්වීමට දැඩි පියවර ගත යුතුව තිබෙන බව පැහැදිලිය. මේ බව වඩාත් හොඳින් දේශපාලන පක්ෂ නායකයන් විසින් සිතට ගත යුතු වෙයි. රටක නීතිරීති පනවන්නේ වැරදි අවම කර ගැනීමට ය. එහෙත් එම නීති සම්පාදනයට දායක වන මැති ඇමැතිවරුන්ම රාජ්‍ය දේපළ අනිසි භාවිතය වැනි වැරදිවලට හවුල්වන්නේ නම් එවැනි මැති ඇමැතින් මැති සබයට යැවීම සඳහා තම කැමැත්ත ප්‍රකාශ කළ ඡන්දදායකයාට තමන් මහත් රැවටීමකට ලක් වී සිටින බවට හැඟී යනු ඇත. එවැනි හැඟීම් ඡන්දදායකයන් තුළ ඇතිවීම රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය දුර්වල කිරීමට මිස ශක්තිමත් කිරීමට කිසිසේත් හේතුවන්නේ නැත.

රාජ්‍ය දේපළ අවභාවිත කරන දේශපාලනඥයන් එසේ කරන්නේ තමන්ගේ අතේ බලය තිබෙන විට ය. එය උසාවි ගෙන ගොස් හිරේ දැමීමට තරම් බරපතළ වැරැද්දක් හැටියට දකින්නේ ඔවුන් විපක්ෂයේ සිටින විට පමණි. විපක්ෂය ආණ්ඩු පක්ෂය වී ආණ්ඩුව විපක්ෂයට ගිය විට මෙය උඩු යටිකුරු වෙයි. මේ ක්‍රමය වෙනස් විය යුතුය. නීති සම්පාදකයන් විසින්ම නීති කඩකරන තත්ත්වයෙන් අපේ රට මිදිය යුතු ය. රජයේ නිලධාරීන් විසින් රාජ්‍ය දේපළ අවභාවිත කරන විට එය වැරැද්දක් හැටියට පෙන්වා දී ඔවුන් හිරේ විලංගුවේ දැමීමට කටයුතු කරන මැති ඇමැතින් තමන්ට අවශ්‍ය වූ විට එම වැරැද්දම හරි වැඩක් හැටියට පෙන්වා දීමට යාම රටම හිනස්සන විහිළුවක් වනු ඇත. රුපියල් කෝටියකට ආසන්න රජයේ මුදල් තමන්ගේ දේශපාලන වාසියට යොදාගැනීම වැරැද්දක් හැටියට නොදකින දේශපාලනඥයකුට ඇමැති ධුරයක් දැරීමට සුදුසුකමක් තිබිය හැක්කේ කෙසේද? ඕනෑම වැරැද්දක් කොට තමන්ට ගැලවී යා හැකි ‘වරමක්’ තමන්ට ඇතැයි ඔවුන් සිතනවාද? මේ තත්ත්වය තවදුරටත් රටේ පැවතිය යුතු නැත.

අපේ රට දේශපාලන විහිළුකාරයන්ගෙන් සහ හොරුන්ගෙන් මුදාගැනීමේ වගකීම ඇත්තේ ආණ්ඩුව අතේ ය. අවාසනාවකට මෙන් අපේ රටේ වරින්වර බලයට පත්වන ආණ්ඩු හැමෙකකම පාහේ විහිළුකාරයෝත් සොරුත් සිටියහ. ඔවුන්ගේ විහිළු රටවැසියන්ට විහිළු නොවේ. ඔවුන් සිදු කරන සොරකම්වලින් අහිමිවන්නේ රටේ ජනතාවගේ බදු මුදල් ය. රජ කාලයේ නම් භාණ්ඩාගාරය සොරකම් කරන විට එහි පාඩුව දැනෙන්නේ රජුට පමණි. එහෙත් වර්තමානයේ භාණ්ඩාගාරයේ තිබෙන්නේ රටේ මහජනතාවගේ බදු මුදල් පමණි. ඊට වැඩියෙන් තිබෙනවා නම් ඒ විදෙස් රටවලින් ලැබුණු ආධාර සහ අපනයනයෙන් ලද ආදායම පමණි. මහජනතාව සතු එම මුදල්වලින් මැති ඇමැතින්ට දේශපාලන සූදු කෙළීමට ඉඩ හැරිය යුතු නැත. එම වැරැද්ද නිවැරදි කළ හැක්කේ රජයේ දේපළ අනිසි භාවිතය කිරීමේ වරදට හිටපු ‘මැති ඇමැතිලා’ පමණක් නොව ඉන්නා මැති ඇමැතිලා ද වරෙන්තු නැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන දවසට පමණක් බව පෙන්වා දීමට කැමැත්තෙමු.

(***)



අදහස් (10)

රාජ්‍ය දේපළ අවභාවිතය වළක්වන තද නීති ඕනෑ

Raveendra Friday, 16 October 2020 06:31 AM

කතෘතුමාගේ කතුවැකියෙහි සඳහන් කරුණු කාරණා පිළිබඳව කොතරම් අදහස් දැක්වුවත් සියලුම දේශපාලුවන්ට මේවා වගේ වගක් නැත. මක්නිසාදයත් පක්ෂ, පාට බේදයකින් තොරව මෙම කාලකන්නින් උපන්දා සිට හොරකමට, පිනට කෑමට, පිනට සැප විඳීමට අති දක්ෂයන් බැවිනි. මේ අය උපදින කොටම හොරකම නැමැති පශ්චාත් උපාධිය ඉහළ සාමාර්ථ සහිතව සමත්වී මෙලොව එළිය දුටු කාලකන්නි රැලකි.. මොවුන්ගේ මෙම තුප්පහි ක්‍රියාවට ඍජුවම සහාය දෙන්නේ බත් පැකට්ටුවට, අරක්කු බාගෙට, රුපියල් 1000 තම වටිනා ඡන්දය ලබා දෙන ටකරන් අනුභව කරන ඡන්ද දායකයන්විම ඉතාමත්ම කණගාටුදායකය. කිනම් දවසක හෝ බුද්ධිමත් ඡන්ද දායකයන් අප රටේ බිහිවෙන්නේද එදාට නිල්, රතු, කොළ පක්ෂවල ඉන්නා කාලකන්නි දේශපාලුවන්ට ඇඩ්රස් නැතිවෙනු නියතයි. එනමුත් අප රටේ ඡන්ද දායකයන් යනු කිසිදා තම ඥාණය පිළිබඳව විශ්වාසයක් නොතබන කොට්ඨාශයකි..

:       1       16

gundaFriday, 16 October 2020 11:41 AM

මල්ලි, බුද්ධිමත් ඡන්ද දායකයෝ බිහිවෙනකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි.

:       0       8

de silva Friday, 16 October 2020 06:53 AM

අපේ සර්ට ඕවා වැඩක් නැහැ 20 ගෙනත් විගණන පනත අහෝසි කරලා, විගණකාධිපති පඹයෙක් කරලා දානවා. අනිවාර්යයෙන් වාසු, විමල්, ගම්මන්පිළ සමග රිෂාඩ් 20ට අත උස්සනවා. මේවා අහුවෙන්නේ යම්කිසි විගණනයක් සිදුවන නිසානේ... විගණනය අපේ සර්ගේ සෞභාග්‍යයේ ගමනට බාධාවක්.

:       7       21

Rata Perata Friday, 16 October 2020 07:34 AM

බොහොම පරිස්සමෙන් රාජ උදහසට පත්වෙන්නේ නැතිව මේ කතුවැකිය ලියා තිබෙන බව පේනවා. කොන්දක් ඇතුව ඇත්ත කතා කරන්න. රාජපක්ෂ සහ කල්ලිය හොරකම් කළ බිලියන ගැනත් කතාකරන්න.. බැංකු හොරකම ගැනත් ලියන්න.

:       4       22

gunda Friday, 16 October 2020 05:12 PM

මේක පුදුම ලංකාවක්නේ අප්පා... අපි 69 ලක්ෂයක් බලය දුන්නේ 2005-14 කාලය ආපසු ගෙනෙන්නට නොවේ ගෝඨාභය මහත්තයෝ.. ඔබ රට හරියට කරනු ඇත... යනු අපගේ විශ්වාසය වුණාට දැන් පෙනෙන්නේ තිබුණාට එහා බවයි. රාජපක්ෂලාට ඇමැතිකම් කීයක් දුන්නාද? අද යෝෂිතට අගමැති ප්‍රධාන සම්බන්ධීකාරක තනතුර? ඔබතුමා කීවේ පවුලේ අය දේශපාලන තනතුරුවලට දමන්න එපා කියලා නේද? අරගොල්ලන් නිසා හෑල්ලු වෙන්නේ ඔබතුමාද? රටද?

:       0       5

BamunuarachchiSunday, 18 October 2020 07:35 AM

දොස්තරට ලෙඩා බාරදුන්නායින් පසු ලෙඩා ගෙන ආ තැනැත්තා පැත්තකට විය යුතුයි. නැතුව දොස්තරට ලෙඩාගේ මෙතැනින් අල්ලන්නෙපා.. මම ලෙඩා ගෙනාවේ එයාගේ අත අල්ලනවා බලන්න නොවෙයි, ඉන්ජෙක්ෂන් ගහන්න නොවෙයි කියන බහුබූත නොකියා පැත්තකට වෙන්න. ඒ වගේ රට බාර දුන්නානම් රටකරන්න බාර ගත්ත නායකයින්ට කිසියම් දැක්මක් තිබෙනවා. 2019 ලැබුණේ කොරෝනාවලට අමතරව ආර්ථිකයටත් අංශභාගය හැදුණා. පාතාල, කුඩු හෙරොයින් වැනි පිළිකා හැදුණු රටක්. එම නිසා ජෙප්පන්ගේ මානසිකත්වයෙන් මිදී ටිකක් ඉවසන්න. 1977 සිට 1995 දක්වා 2015 සිට 2019 අන්තිම දක්වා රට පල්ලට යනවා බලා සිටියානම් මේ අවුරුදු 5 බලන් ඉන්න. ඊට පස්සේ පුතාණෝට දෙන්න.

:       0       0

Bamunuarachchi Saturday, 17 October 2020 06:37 AM

රිශාඩ් බදියුදීන් මෙම අවභාවිතයේ පළමුවෙනියා නොවෙයි.., පළමුවෙනියා සොයන්න අවීචිමහා නරකාදියට යන්න වෙනවා. එම නිසා ලඟම අවභාවිතයාගෙන් පටන් ගමු. ඒ රිශාඩ් බදියුදීන්...

:       1       3

Chithrananda Monday, 19 October 2020 10:17 PM

මහජන මුදලින් දෙමව්පියන්ගේ සොහොන් කොත් ඉදිකිරීම්, මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත ගෙවීම් පැහැර හැරීම්, මැතිවරණ කටයුතු සඳහා ලංගම බස්රථ යොදාගෙන මුදල් නොගෙවීම වගේ වැරදි කරපු අය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන තනතුරු හොබවනවා.

:       0       4

rocky Sunday, 01 November 2020 12:58 PM

අනේ, බමුණෝ අර 'සොහොන් ස්මාරකයේ ඉදිකරන්න මහජන මුදල් ගහපු බව අමතක වුණාද?

:       1       4

wasantha Wednesday, 18 November 2020 04:56 PM

දියුණු රටවල මේ ප්‍රශ්නය විසඳන්නේ මෙහෙමයි 1. පොලිසියට හා හමුදාවට අනුයුක්තව මේ සඳහාම වෙනම ආරක්ෂක බලකායක් පිහිටුවීම (මෙය සුළු වශයෙන් අපේ ඇත) 2. මෙම බලකායේ (අධිපතියාගේ) වගකීම තිබෙන්නේ පැහැදිලි නීති මාලාවකට මිස දේශපාලකයෙකුට නොවීම. 3. මෙම අධිපතියා ඉවත්කළ හැක්කේ පාර්ලිමේන්තුවට හෝ ජනාධිපතිට පමණක් වීම ට්‍රම්ප් අත ගැසීමට පෙර ඇමෙරිකාවේ මේ ක්‍රමය පැවතිණි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 456 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5376 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 949 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4469 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3951 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2520 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16962 13




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 267 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site