IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රජය දඹුල්ලේ එළවළු ගනියි

මහින්ද රාජපක්ෂ ජනපති නියමයෙන් වෙළෙඳ අමාත්‍යංශය අද දඹුල්ලේ එළවළු මිලට ගැනීම ඇරැඹීය.

කිලෝව රුපියල් පහට විකිණීමට ගෙන ආ කැකිරි කිලෝවට රුපියල් 10-15 අතර මිලකට ද, රුපියල් පහළොවට විකිණීමට ගෙනා මලයාසියා වට්ටක්කා රුපියල් 25 ට ද, රුපියල් 10-15 අතර මිලකට වික්‍ණීමට ගෙන වම්බටු කිලෝවකට රුපියල් 30ක් ද අමාත්‍යංශයෙන් ගොවියාට ලැබිණි.

මේ ක්‍රමය ගැන සතුට පළ කරන ගොවියෝ එළවළු විකුණා ගැනීමට නොහැකිව තොග පිටින කුණු ගොඩට දැමීමේ කතාව ජනපතිගේ අවධානයට යොමු කිරීම ගැන  ලංකාදීපයට පිං දෙති.

විකුණාගත නොහැකිව සිතුරාදා සිට අද උදේ වන විට එළවළු කිලෝ එක්ලක්ෂ විසිපන් දහසක් කුණු ගොඩට විසි කර දැමිණි.

සිකුරාදා කිලෝ හතලිස් දහසක් ද, පසුදින පනස් දහසක් ද, අද උදේ තිස්පන් දහසක් දකසල ගොඩට දැමිණි.



අදහස් (0)

රජය දඹුල්ලේ එළවළු ගනියි

කේ. හේමසර හිමි Sunday, 31 March 2013 02:19 PM

රජය මේවා අරගෙන මොනවා කරන්නද දන්නේ නැහැ හදන්නේ. මේ සදහා ක්‍රමවත් වැඩපිලිවෙලක් අවශ්‍යයි.(නදී)

:       0       0

ජීවන් Monday, 01 April 2013 09:52 AM

ඒ අහිංසක මිනිසුන්ට පිහිට වෙන්න (දී)

:       0       0

දිසානායක Sunday, 31 March 2013 02:19 PM

ඒ අසරණ ජනතාව තවත් අසරණ නොකර මේ කල වැඩේ හොදයි (දී)

:       0       0

දිසානායක Sunday, 31 March 2013 02:26 PM

අපොන්සු, ගොවියන්ට මේ ප්‍රශ්න එන්නේ වැඩිපුර අස්වැන්න නෙලන කාලයටයි. අනිත් කාලවලට මේ ප්‍රශ්ණ නැහැ.(නදී)

:       0       0

පහන් Sunday, 31 March 2013 02:32 PM

විසිකරපුවට වන්දියක් නැතිද? දඹුල්ලේ ඉන්න අතරමැදි ගැනුම්කාර චන්ඩි නහර ගණන් කාරයින්ගේ න් ගොවියා බේරා දෙන්න .දිගටම මේ වැඩපිළිවෙල ගෙනියන්න .ඔබට පින් සිද්ධ වෙනවා .(නදී)

:       0       0

සමන්තා Sunday, 31 March 2013 11:55 PM

අඩන්නම ඕනෑලු කිරි එරෙන්න. (නි)

:       0       0

තිලකගේ Sunday, 31 March 2013 02:59 PM

හැමදේකටම අද ජනාධිපතිතුමාට මැදිහත්වෙලා ප්‍රශ්න විසදන්න වෙලා. රජයේ මුදල් කෝටි ගානක් වියදමි කරලා අමාත්‍යංශ පවත්වාගෙන යාම විහිළුවක්. (නදී)

:       0       0

සංජීව Sunday, 31 March 2013 03:05 PM

මේ වැඩපිලිවෙල දිගටම කරගෙන යනවා නමි හොදයි.(නදී)

:       0       0

අන්ද්‍රා Sunday, 31 March 2013 03:11 PM

ෙම් වැඩේ සතියක් කරයි. පස්සේ නවත්තයි. අන්තිමට ඉතින් අහිංසක මිනිස්සුන්ට වේනනේ අතරමැදියෝ නිසා වැඩිගානට විකුනන්නයි.(නදී)

:       0       0

වසන්ත Sunday, 31 March 2013 03:15 PM

මෙහෙම අරගෙන මොකද කරන්නේ? කොළඹට අඩුවට දෙනවද? නැත්නම් කුනුවෙන්න අරිනවද?(නදී)

:       0       0

පාලිත Sunday, 31 March 2013 03:13 PM

ඉතා වැදගත් (දී)

:       0       0

අජිත් Sunday, 31 March 2013 03:18 PM

ඇමතිවරුන් නොදන්නා කමද? තේරුම් ගන්න බැරි නිසාද ජනාධිපතිතුමා නියම කරනකම් බලාගෙන හිටියේ.(නදී)

:       0       0

බුද්ධිත Sunday, 31 March 2013 03:20 PM

රජය ලකුනු දාගන්න වැඩ නොකර ඉදිරියේදීවත් මෙවැනි දේවල් නොවීමට සුදුසු වැඩ පිලිවෙලක් සකස් කරන්න. අද රටේ මිනිසුන් කොතරමි අසීරුතාවයකින්ද ජීවත් වෙන්නේ.(නදී)

:       0       0

දේවා Sunday, 31 March 2013 03:52 PM

අනේ මේ එළවළු අපිට කොළඹට ගෙනත් දෙන්න.(නදී)

:       0       0

දිනේෂ් Sunday, 31 March 2013 03:49 PM

දැයට කිරුළ වැඩක් නැහැ. අහිංසක මිනිස්සුන්ට පිහිටවෙන්න.(නදී)

:       0       0

ගයත්‍රී Monday, 01 April 2013 02:51 AM

විනාශ කරන්න එපා

:       0       0

යශෝධා Sunday, 31 March 2013 04:04 PM

මේ මිනිස්සු මේ දේවල් වගා කරන්න කොයිතරම් ලොකු දුකක් විදින්න ඇත්ද? අවසානයේ අස්වැන්න දිහා බලාගෙන හූල්ලන්න වෙලා. කරපු වියදම කොයිතරම් අපරාදෙයක්ද. මේ රටට මේ දේවල වටිනාකමක් නැද්ද? ජනාධිපතිම මේ දේවල් වලට මැදිහත් වෙන්න අවශ්‍ය නම් ඇමතිලා මොකටද? අපේ රට මුල ඉදන්ම ප්‍රතිසංස්කරණය විය යුතුයි.(නදී)

:       0       0

ප්‍රසාද් Friday, 05 April 2013 06:38 AM

පිටරටවල ඕනෑතරම් ඉල්ලුම තියෙනවා හොඳ එළවළු වලට. එම්බසි වලට පුළුවන් යමක් කරන්න. (නි)

:       0       0

අනුර Sunday, 31 March 2013 04:22 PM

විසි කරන්න පෙර ජනාධිපතිතුමාව දැනුම්වත් කරන්න තිබුනා.(නදී)

:       0       0

නිමල්-සෞදි Sunday, 31 March 2013 04:32 PM

මෙවැනි තීන්දුවක් විෂය බාර ඇමතිතුමාට ගන්න බැරි වුනේ ඇයි. මින් ඉදිරියටත් මේ ක්‍රමය අනුගමනය කිරීම ඉතා වැදගත්.(නදී)

:       0       0

කිලක්-ඩුබායි Sunday, 31 March 2013 04:31 PM

මම නිකම්ද කියන්නේ ලංකාවේ තියෙන්නේ මාධ්‍ය සංදර්ශන කියලා.(නදී)

:       0       0

හේරත් Sunday, 31 March 2013 04:40 PM

අර මධ්‍යසාර කන්ටේනර් එක ගැන දැනගෙන නැතුවෙයි. (ස)

:       0       0

කීර්ති Sunday, 31 March 2013 04:34 PM

අපි වවමු. අපි වැනසෙමු.(නදී)

:       0       0

හේරත් Sunday, 31 March 2013 04:49 PM

දැන් ඉතින් බුදු බව පතලා ප්‍රතිචාර දායි (අ)

:       0       0

මුතුකුඩ Sunday, 31 March 2013 05:55 PM

රජය එළවලු මිළයට අරන් පන්සල් වලට බෙදා දෙන්න අදහස් කරනවා වෙන්නත් පුළුවන්. (නි)

:       0       0

හේරත් Monday, 01 April 2013 12:58 PM

අනේ හොදයි (දී)

:       0       0

ශිවා Sunday, 31 March 2013 01:27 PM

ජනපතිතුමාගේ තවත් හොද වැඩක්. (නි)

:       0       0

සම්පත් Monday, 01 April 2013 06:34 PM

කිලෝ ලක්ෂයක් විසිකෙරුවට පස්සේ විසදුම් හොයන්න ඇමති කෙනෙකුයි අමාත්‍යංශයකුයි අවශ්‍ය නැහැ.(නදී)

:       0       0

ගාමිණී Sunday, 31 March 2013 01:46 PM

ගොවියට මේ ගමන අවුරුදු නැතිවුණත් ණය බරින් මදක් හෝ නිදහස් වීමට මේ කළ උපකාරය බොහෝ වටිනවා. (නි)

:       0       0

පිටිගල Sunday, 31 March 2013 01:52 PM

මේ සදහා නිත්‍ය ක්‍රමවේදයක් යොදන්න. (නි)

:       0       0

සමන් Sunday, 31 March 2013 02:05 PM

මම කියන්නද තවත් විසදුමක් , දුර බලන්නේ නැතුව ගෙන්න කොළඹ, ගෙනල්ලා කොහේ හරි ඉදගෙන විකුනන්න, මාව විහිලුවකට ගන්න එපා (දී)

:       0       0

අජන්ත Sunday, 31 March 2013 02:09 PM

කීයකට හරි විකුණන එකනම් වටිනවා (දී)

:       0       0

අපොන්සු Sunday, 31 March 2013 02:04 PM

මේක තාවකාලික පැලැස්තරයක් නේද?

:       0       0

සිල්වා Sunday, 31 March 2013 02:07 PM

අපේ ගොවියො තවමත් මට්ටු වෙලා නැහැ. (නි)

:       0       0

සාලිය Sunday, 31 March 2013 02:08 PM

මිට වඩා වැඩියෙන් විකුනන්න බැරිද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 288 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 233 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 505 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 342 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 929 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 368 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site