IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


රජයේ ප්‍රමාදයෙන් පිළිකා රෝගියෝ අසරණ වෙති

(දමිත් වික්‍රමසේකර විසිනි)


රාජ්‍ය ආයතනවලට සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් පත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්‍රමාදය හේතුවෙන් රාජ්‍ය රෝහල් අර්බුදයකට මුහුණ දී ඇත. මෙම තත්ත්වය නිසා පිළිකා රෝගීන්ට ලබාදීම සඳහා ප්‍රමාණවත් ඖෂධ රෝහල්වල නොමැති බවත් එම ඖෂධ ලැබෙන්නේ කවදාද යන්න නිශ්චිත නැති බවත් වාර්තා වේ.  

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබූ කමිටුවේ කටයුතු හේතුවෙන් ටෙන්ඩර් කැඳවීමේ මණ්ඩලවලට පත් කිරීම් එලෙස ප්‍රමාද වී තිබේ. නිල වශයෙන් පත්වීම් කරන තෙක් ටෙන්ඩර් මණ්ඩල අක්‍රීයව පවතී. 

මේ නිසා පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග මිලදී ගැනීම ප්‍රමාද වී තිබේ. 
ටෙන්ඩර් ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම ප්‍රමාද වීම නිසා රට පුරා සිටින පිළිකා රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර සහ ඖෂධ ලබාදීම කල් දැමීමට සෞඛ්‍ය බලධාරීන්ට සිදුව ඇතැයි ද නිලධාරීහු කියති. 

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නොමැති වීම හේතුවෙන් මෙම අර්බුදය තවත් උග්‍ර වී තිබේ. 

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 144 වැනි විධායක කමිටු රැස්වීමට සහභාගී වී සිටී. ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන බදාදාය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීහු රැසක් ද එම විධායක කමිටු රැස්වීමට සහභාගී වී සිටිති. 

ඖෂධ බෙදා හැරීමේ වගකීම ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවටය. ටෙන්ඩර් මණ්ඩලවලට පත් කිරීම් සිදු කිරීම ප්‍රමාද වීම නිසා අවශ්‍ය ඖෂධ සැපයීම ප්‍රමාද වී ඇති බවත් අදාළ ගෙවීම් නිදහස් කිරීම ද ප්‍රමාද වී ඇති බවත් වෛද්‍ය සැපයුම් අංශය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කළේය. 

මේ තත්ත්වය හේතුවෙන් මෙරට ප්‍රධානතම පිළිකා රෝහලවන මහරගම ‘අපේක්ෂා’ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට පසුව පැමිණෙන්නැයි පැවැසීමට රෝහලේ බලධාරීන්ට සිදුව ඇතැයි ද වාර්තා වේ. මේ නිසා දුර බැහැර සිට පැමිණෙන රෝගීන් දහස් ගණනකට නැවත හැරී යෑමට සිදුව තිබේ. 

ටෙන්ඩර් ක්‍රියාපාටියේ තිබෙන ගැටලු නිසා සැපයුම් ප්‍රමාද වී ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඞ් රූමි මහතා පැවැසීය. 

“දින 52 දේශපාලන අර්බුදය නිසා ටෙන්ඩර් කැඳවීම මසකට වඩා වැඩි කාලයකින් ප්‍රමාද වුණා. ඒ වගේම රාජ්‍ය ආයතනවලට අධ්‍යක්ෂවරුන් පත් කිරීමේ ප්‍රමාදය නිසා එය තවත් ප්‍රමාදවෙලා” යැයි ඔහු කීවේය. 

රාජ්‍ය ආයතනවලට සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් පත් කිරීමේදී කමිටුවක් ඔස්සේ ඒ සඳහා නම් නිර්දේශ කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දිනෙක නියෝග කළේය. ඒ අනුව ඒ සඳහා ජනාධිපතිවරයා කමිටුවක් ද පත් කළේය. 

තමන් මේ සම්බන්ධයෙන් භාණ්ඩාගාරයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බව ද මොහොමඞ් රූමි මහතා කීවේය.  එක්සත් ජනපද ඩොලර් බිලියනකට ආසන්න විදේශ ණය ගෙවීමට තිබූ බැවින් ඖෂධ ආනයන කිරීම සඳහා මුදල් ලබාගැනීම ඉක්මන් කළ නොහැකි බව එම නිලධාරීන් පැවැසූ බව ද හෙතෙම කීවේය.

“පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ සැපයීමට නොහැකි වීම බරපතළ ප්‍රශ්නයක් බව අපි හැමෝම දන්නවා” යැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලාල් පනාපිටිය මහතා කීවේය. 

දින 52 දේශපාලන අර්බුදය සැපයුම් ක්‍රියාවලියට අඛණ්ඩව බලාපන බව ද හෙතෙම කීය. මේ හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඖෂධ ලැබෙන තුරු රෝගීන් රෝහල්වලින් මුදා හැරීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ. 
හැකි පිරිස්වලට ඖෂධ ලබාගන්නැයි ද එම වෛද්‍යවරුන් උපදෙස් දී ඇත. ඇතැම් රෝගීන්ට සතියකට ලබා දිය යුතු ඖෂධවල මිල රුපියල් 8,000 ඉක්මවන බව ද පැවසේ. 

මේ අතර ඖෂධවල තිබෙන හිඟය රෝහලේ කටයුතුවලටද සැලකිය යුතු බලපෑමක් සිදු කර ඇතැයි මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය බුද්ධික කුරුකුලසූරිය මහතා පැවැසීය. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී පිළිකාව සිරුර පුරා ව්‍යාප්ත වීම වැළැක්වීමට ද ප්‍රතිකාර කළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය ඖෂධ ද නොමැති බවත් වෛද්‍ය වෛද්‍ය කුරුකුලසූරිය මහතා කීවේය.

ප්‍රතිකාර ආරම්භ කළ පිරිස්වලට කිසිදු බාධාවකින් තොරව නොනවත්වා ප්‍රතිකාර කළ යුතු බව ද හෙතෙම කීය.

“අපි දානපතියන්ගෙන් ඖෂධ ලබාගන්නවා. එහෙත් රෝගීන් හැමෝටම ප්‍රතිකාර කරන්න ඒවා මදි.“

“රසායනික චිකිත්සාව සඳහා අවශ්‍ය ප්‍රධාන ඖෂධ වර්ගයක් මාසයක් තිස්සේ හිඟයි. ඒ වගේම රාජ්‍ය ආයතනවලට අධ්‍යක්ෂවරුන් පත් කිරීම නිසා ඖෂධ හිඟය තවදුරටත් උත්සන්න වෙලා” යැයි ද හෙතෙම කීවේය.

(ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය - හර්ෂණ තුෂාර සිල්වා)



අදහස් (7)

රජයේ ප්‍රමාදයෙන් පිළිකා රෝගියෝ අසරණ වෙති

Raveendra Sunday, 27 January 2019 12:11 PM

මේක මහා පුදුමයක්නේ? ගමේ තිබෙන පොඩි සමිතියක වුනත් නිලධාරීන් නැත්නම් ඒ වෙනුවට වැඩබලන නැත්නම් උපනිලධාරීන් ඉන්නවා සමිතියේ වැඩකටයුතු බාධාවකින් තොරව ගෙනියන්න නමුත් රජයේ ආයතනයක "අරය නැහැ.. මෙයා නැහැ කියලා" කීමට පුළුවන්ද? සරලව හොඳම උදාහරණය චෙක්පත් අත්සන් කරන්න ගණකාධිකාරි නැහැ කියලා නිලධාරීන්ගේ වැටුප් නොදී ඉඳලා තියෙනවද ඔය කියන ආයතනයේ? අසරණ රෝගීන්ගේ දුක නොතේරෙන හරක් රැලක්... " මේ කාලකන්නි අපේම බදු මුදල්වලින් තාමත් ජීවත් වෙනවනේ "...

:       0       239

Hafeel Sunday, 27 January 2019 02:58 PM

මොනවටද නියෝජ්‍ය ඇමති කෙනෙක් පත් කරලා තියන්නේ? ටෙන්ඩර් මණ්ඩලය, අධ්‍යක්ෂක මණ්ඩලය කොහොම වුනත්, ආපු ගමන් නිල වාහන, නිල නිවාස, ඕවට අඩුවක් නැහැ. අකුරටම වැඩ කරනවා වගේ පුද්ගලික කාර්ය මණ්ඩලයත් පත් කර ගන්නවා.

:       72       144

buddika Sunday, 27 January 2019 01:25 PM

නිලධාරීන් ලෝක සවාරි ගිහින් ඇම්බියුලන්ස් ගෙනාවට වැඩක් නැහැ රෝහල් වල බෙහෙත් නැත්නම්... ඒවා ගේන්නේ ලෙඩුන්ගේ හොඳට නෙවේ කියලා ඕන ගොනෙකුට වුනත් තේරෙනවා. මොන කරුම රටක්ද ඇත්තටම දැන් ලංකාව කියන්නේ... ලංකාදීප මාධ්‍යයට ස්තුතියි මේවා ජනතාවට කියනවට... මිනිස්සු මේ කරුම කපටි දේශපාලකයින් කවදා තේරුම් ගනීවිදෝ...

:       203       139

Chanak los angeles Monday, 28 January 2019 04:26 AM

චිචීට මගුල් තෑග්ග ලැම්බෝගිනියක්ලු.. පිළිකා රෝගීන්ට බෙහෙත් නැහැ. නමුත් කියන්නේ අපේ හාමුදුරුවනේ පළමුවත් මවුබිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිමයි කියලයි...

:       22       86

JAYATH Monday, 28 January 2019 04:26 AM

මේ අයට කරන්න ඕන මොකද්ද කියලා මොවුන්ට ඡන්දෙ දීපු උන්නැහේලා සහ ආපහු ඡන්දෙන් යවන්න හිතාගෙන ඉන්න උදවියම කිව්වොතින් හොඳයි. හිටපු ජනපති ප්‍රේමදාස වගේ කෙනෙක් (ඔහු ගැන වෙනම විවේචන අපට තියනවා... එ්ක වෙනම කතන්දරයක්..) ඉන්න ඕන මේ වෙලාවට කියලා හිතෙනවා. මෙරටට හෙන ගහපු එක හේතුවක් තමයි ඔය නිලධාරිවාදය...

:       25       3

Ratna P Monday, 28 January 2019 05:27 AM

බැරිවෙයිද මේ ලෙඩ්ඩු ඔක්කොම ටික සිංගප්පූරුවට යවන්න. මේ කාලේ ප්‍රභූලෙඩ්ඩු විතරක් නෙවෙයි.. ලෙඩ්ඩු බලන්න යන්නත් දේශපාලකයින්ට වරප්‍රසාද තියෙනවා.

:       0       27

Athula Monday, 28 January 2019 07:58 AM

කරුමෙක තරම මෙවන් තත්වයක් තිබුණත් එහෙම උන්ටමනේ නැවත රට කරන්න බාරදෙන්නේ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 426 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 320 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 214 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 322 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 471 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මීරිගම දුම්රිය ගම්පහදී පිළි පනී
2025 අප්‍රේල් මස 23 382 0

කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 669 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site