IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


රාජ්‍ය බුද්ධි අංශය ප්‍රමුඛත්වය දුන්නේ වෙන දේවල්වලට

(මුදිතා දයානන්ද)

දේශපාලන හේතූන් මත 2018 ඔක්තෝබර් ආණ්ඩු පෙරළියට මාස කිහිපයකට පෙර සිටම රාජ්‍ය බුද්ධි අංශය ජාතික ආරක්ෂවට වඩා ප්‍රමුඛත්වය දුන්නේ වෙන වෙන දේවල්වලට යැයි හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද (29) පැවසීය.  ඔහු මේ බව පැවසූයේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.
 
මෙරට තුළ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුලු පිරිසක් විසින් ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වන බවට විදෙස් බුද්ධි අංශයකින් ලැබුණ තොරතුර හැරෙන්නට මෙරට රාජ්‍ය බුද්ධි අංශය එය තහවුරු කළ හැකි කිසිඳු බුද්ධි තොරතුරක් සොයා නොගත් බවද ඔහු පැවසීය. රාජ්‍ය බුද්ධි සේවය හැම විටම අයි. එස්. සංවිධානය විදෙස් රටවල කරන දේවල් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රචාරයන් ගැනත්, වෙනත් රටවල සිදුවීම් ගැනත් වාර්තා ඉදිරිපත් කළා මිස සහරාන් හෂීම්ලාගේ මෙරට ක්‍රියාකාරකම් ගැන කිසිම තොරතුරක් සොයා නොගත් බවද ඔහු පැවසීය.
 
එහිදි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට පෙර විදෙස් බුද්ධි අංශයකින් තොරතුරක් නොලැබුණේ නම් රාජ්‍ය බුද්ධි සේවය කිසිවක් නොදැනම පිපිරීම වෙන්න තිබුණා නේද යනුවෙන් කොමිසම විමසා සිටියේය. එයට පිළිතුරු දෙමින් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ එසේ විය හැකිව තිබූ බවය

රාජ්‍ය සේවයේ වගකීම තොරතුරු හුවමාරු කරගැනීම හා වාර්තා කිරීම පමණක් නොව ඒවා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීමක්ද ඔවුන් සතුව ඇති බවද ඔහු පැවසීය. පාස්කු ඉරුදින ප්‍රහාරය අයි එස් මතවාදය කළ බලපෑමෙන් සිදුවූවක්මද යන ප්‍රශ්නයක් ද එසේම වෙනත් බලවේගයක් විසින් ඔවුන් මෙහෙයවූවාද නැතහොත් කිසිවෙකුගේ පෙළඹවිම මත සිදුකළාද යන ප්‍රශ්නයක් ඇති බවද ඔහු පැවසීය.

සහරාන් හෂීම් සිය බිරිඳ සමඟ 2019 මාර්තු මාසයේදී වෛද්‍යවරයෙකු හමුවී තවත් දරුවෙකු හදාගැනීම සම්බන්ධයෙන් පවුල් සැලසුම් උපදෙස් ලබාගෙන ඇති බවට තමන්ට පුද්ගලිකව තොරතුරක් ලැබී තිබූ බවද එවැනි සූදානමක සිටින්නෙක් මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකරනු ඇතැයි තමන්ට විශ්වාස කළ නොහැකි බවද ජයසුන්දර මහතා පැවසීය.



අදහස් (3)

රාජ්‍ය බුද්ධි අංශය ප්‍රමුඛත්වය දුන්නේ වෙන දේවල්වලට

විජේ Tuesday, 29 September 2020 05:39 PM

ඔයාලගෙ නොසැලකිල්ල නිසා නොවෙන්න ඕනෙ දේ වෙලා ඉවරයි. තවත් කුජීත නොවී දැන්වත් එකඑකාව රකින එක නවත්තන්න.

:       1       0

sampath Wednesday, 30 September 2020 12:15 PM

අපරාධයක් වැළැක්වීමේ යුතුකම ඕනෑම පුරවැසියෙකුට තිබෙනවා. එය පවා පැහැර හැරීමක් ඇති බවයි මේ ප්‍රකාශවලින් පෙනීයන්නේ. ඒ අනුව මේ සඳහා අනියමින් සහාය දීමක් සේ සලකා සිද්ධියේ වගකීම් එවකට සිටි සියලු දෙනා වෙත පවරා දඬුවම් කිරීමට පනතක් සම්මත කරන්න.

:       1       2

RaveendraWednesday, 30 September 2020 02:35 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය..

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1076 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 957 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 922 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 625 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 544 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 4911 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25316 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 368 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 641 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site