IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


රාජ්‍ය බුද්ධි ප්‍රධානියාට ලැබෙන තොරතුරු රැස්වීමට ඉදිරිපත් කිරීම ඔහුගේ වැඩක්

(*** මුදිතා දයානන්ද)

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට ලැබුණු තොරතුර ගැන බුද්ධි සමාලෝචන රැස්වීමේදී ඉදිරිපත් කිරීම ඔහුගේ වගකීමක් මිස තමන්ගේ වගකීමක් නොවන බව ද ඔහු කිසිම අවස්ථාවක තමන්ගෙන් උපදෙස් නොපැතූ අතර ඔහුට උපදෙස් දීමේ වගකීමක් තමන්ට නොමැති බව ද හිටපු ජාතික බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා පෙරේදා (14) පැවැසීය.

රාජ්‍ය බුද්ධි ප්‍රධානියා වෘත්තීමය වශයෙන් ගනුදෙනු කළේ ආරක්ෂක ලේකම්වරයා සමග බව ද ඔහු පැවැසීය.

ඔහු මේ බව පැවැසුවේ පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.

විදේශීය බුද්ධි අංශයකින් ලැබුණු තොරතුරක් පිළිබඳව නිලන්ත ජයවර්ධන මහතා 2019 අප්‍රේල් 7 වැනිදා ලිඛිතව ඔබ දැනුවත් කළේ දැයි නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙන්ඩිස් මහතාගෙන් ප්‍රශ්න කළාය.

‘ටොප් සීක්‍රට්’ යනුවෙන් සඳහන් කරමින් එවැනි ලිපියක් තමන්ට අප්‍රේල් අටවැනිදා ලැබුණු බව ද සහරාන් හෂීම් ප්‍රමුඛ ජාතික තවුහිද් ජමාත් සංවිධානය, ඉදිරියේදී සිදුකරන්නට යන ප්‍රහාරයක් පිළිබඳව එහි සඳහන් වූ බව ද එහිදී මෙන්ඩිස් මහතා පැවැසීය.

 රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙන්ඩිස් මහතා තමන් බෞද්ධයකු වුව ද තම බිරිඳ රෝමානු කතෝලිකයකු බව ද ඇය පල්ලියට කැඳවා ගෙන යාම තමන් විසින් සිදුකරනු ලබන බව ද ප්‍රකාශ කළේය.

එවැනි පසුබිමක් තුළ වැදගත් පල්ලිවලට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට තොරතුරක් ලැබුණු විට කුමක් කළේ දැයි විමසූ විට ඔහු පැවැසුවේ තමන් එම තොරතුර ලද වහාම ආරක්ෂක ලේකම් හමුවීමට උත්සාහ කළ ද එදින පෙරවරුවේ ලේකම්වරයා ඉන්දීය ආරක්ෂක ලේකම් සමග සාකච්ඡාවක නිරත වූයෙන් එම අවස්ථාව මගහැරී ගිය බවය. එහෙත් නැවත උත්සාහ කර තමන් එදින පස්වරුවේ ආරක්ෂක ලේකම් හමුවී මේ පිළිබඳව දැනුවත් කළ බව ද එය පසු දින පැවැත්වෙන බුද්ධි සමාලෝචන රැස්වීමේදී සාකච්ඡාවට ගන්නා ලෙස නිලන්ත මහතාට දන්වන ලෙස ලේකම්වරයා පැවැසූ බව ද ඔහු ප්‍රකාශ කළේය.

තමන්ට ඒ ගැන නිලන්ත මහතාට දැනුම්දීමට අමතක වූ බව ද එහෙත් ඔහුට ලැබුණු තොරතුර ගැන බුද්ධි සමාලෝචන රැස්වීමේදී සාකච්ඡාවට ගැනීම නිලන්ත මහතාගේ වගකීම බව ද මෙන්ඩිස් මහතා පැවැසීය.

ඒ සඳහා න්‍යාය පත්‍රයේ වෙනම වෙලාවක් වෙන් කිරීමේ අවශ්‍යතාවක් නැති බව ද රාජ්‍ය බුද්ධි ප්‍රධානියාට කතා කිරීමට වෙන්කර තිබෙන අවස්ථාවේ මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමේ හැකියාවක් නිලන්ත මහතාට තිබූ බව ද ඔහු පැවැසීය.

නිලන්ත මහතාට තොරතුර ලබාදුන් තොරතුරුකරු කවුද යන්න ඔහු තමන්ට නොපැවැසූ බව ද එය විදේශ බුද්ධි අංශයකින් ලැබුණු තොරතුරක් බව දැනගත්තේ මෙම කොමිසමේදී බව ද මෙන්ඩිස් මහතා පැවැසීය.

මෙන්ඩිස් මහතා තමන්ට ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත මහතාට අටවැනිදා යවනු ලැබූ ලිපියෙන් පසු ඔහු දුරකතන ඇමතුමක් ගෙන සහරාන් හෂීම්ට රටින් පිටවීමට දේශපාලනඥයකුගේ සහෝදරයකු සහාය දුන් බවට එම ලිපියේ සඳහන් කාරණාවෙන් දේශපාලන ප්‍රශ්නයක් මතුවිය හැකි නේද යැයි විමසූ බව ද ඔහු පැවැසීය.

රාජ්‍ය බුද්ධි ප්‍රධානී අප්‍රේල් හත්වැනිදා යොමුකළ ලිපියෙන් ඔබෙන් උපදෙසක් බලාපොරොත්තු වී තිබුණා නේද යැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඉදිරිපත් කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය බුද්ධි ප්‍රධානී තමන්ගෙන් උපදෙස් පැතීමෙන් වැඩක් නොවන බවය.

නිලන්ත මහතා කරන්නේ කුමක්දැයි තමන් නොදන්නා බව ද ඔහු කටයුතු කළේ ආරක්ෂක ලේකම් යටතේ බව ද ඒ නිසා ඔහුට දිය යුතු උපදෙස් මොනවා දැයි තමන් නොදන්නා බව ද මෙන්ඩිස් මහතා පැවැසීය.

රටේ බුද්ධි තොරතුරු සපයන ප්‍රධානම ආයතනය භාරව සිටි පුද්ගලයා නිලන්ත මහතා බව ද ඒ නිසා ඔහු තමන්ගෙන් උපදෙස් පැතීමේ අවශ්‍යතාවක් නැති බව ද ඔහු පැවැසීය.

එහිදී කොමිසමේ කොමසාරිස්වරයකු වඩාත් වැදගත් තනතුර රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ද ජාතික බුද්ධි අධ්‍යක්ෂ ද යනුවෙන් ප්‍රශ්න කළේය.
ජාතික බුද්ධි ප්‍රධානී ලෙස තමන් කළේ සම්බන්ධීකරණ කටයුත්තක් පමණක් වන අතර නිලන්ත ජයවර්ධන මහතාට රට පුරා විසිරුණු බුද්ධි නිලධාරීන් හා තොරතුරුකරුවන් සිටි බව ඔහු කීය.

 



අදහස් (1)

රාජ්‍ය බුද්ධි ප්‍රධානියාට ලැබෙන තොරතුරු රැස්වීමට ඉදිරිපත් කිරීම ඔහුගේ වැඩක්

thushara Thursday, 17 September 2020 03:52 AM

මම හිතන්නේ මේ මිනිස්සු බොරු කියනවා. එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීම දේශපාලනයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය. කිසිවෙකු වගකීම භාර ගන්නේ නැත. ඔවුන් එතරම් උනන්දුවක් දැක්වූයේ නම්, ඔවුන්ට පහසුවෙන් මෙම පුවත සමාජ මාධ්‍ය වෙත ඇතුළත් කළ හැකිය. ජනතාව මීට වඩා හොඳ ආකාරයකින් ප්‍රතිචාර දක්වනු ඇත. අපිට තව ජීවිත ගණනක් රැක ගන්න තිබුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මනම්පිටියේ ආගමික මධ්‍යස්ථානයක් අසල වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 1227 0

මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.


පිල්ලෙයාන් රියදුරු ලෙස කටයුතු කළ අයෙකු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 18 959 0

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස


මදුරු මර්දකයෝ 1103ක් හොර පාරෙන් අරන්
2025 අප්‍රේල් මස 18 394 0

සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග


දින 30ක් ජීවත් වෙන්න ලක්ෂයක මුදලක්
2025 අප්‍රේල් මස 18 1208 0

ශ්‍රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න


සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි
2025 අප්‍රේල් මස 18 1174 0

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.


මත්පැන් අළෙවිසැල් 3කට මුද්‍රා තබයි
2025 අප්‍රේල් මස 18 725 0

අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site