‘මැයි 19 වැනි දා කියන්නේ අපේ රටට ඓතිහාසික දවසක්. තිස් වසරක පැවති යුද්ධය නිම කර සිංහ ධජය මුළු ලංකාවේම ලෙළදුන් දවස . පසුගිය කාලසීමාවේ මේ දිනය සැමරුවා. රජය මෙවර එය පවත්වනවාද නැද්ද කියා අපිට තවම දැනගන්න ලැබුණේ නෑ. රජය එය පවත්වනවා නම් ඊට සහයෝගය දෙන්න පැවිදිහඬ සංවිධානය අදහස් කළා .‘ යැයි පැවිදි හඬ සංවිධානයේ කැඳවුම්කරු මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අද පැවැති මාධ්‍ය හමුවකදී කීහ.
රජය එසේ සංවිධානය නොකරන්නේ නම් තමන් පන්සල්වල පහනක් හෝ පත්තු කර එය සමරන බව ද ඒ හිමියෝ පැවසූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'රජයේ යුද සැමරුමට සහාය දෙන්න පැවිඳිහඬ සූදානම්'
කුමාර Thursday, 12 May 2016 04:15 PM
සත්යපාලගෙ කතාව හරි ....එයාල සමරන්නේ පැරදුන සෙබළුන්ගේ සැමරීමක්...අපේ උන්ට මේ ජය ලබාගත්ත එක සමරන්නත් කොන්ද පණ නැහැ...(බ)
ජනරංජන Thursday, 12 May 2016 04:33 PM
යුද ජය සමරන්න ගිහියන්ට බාරදීලා මේ හාමුදුරුවරු ශාසනය වෙනුවෙන් වැදගත් දෙයක් කළොත් නරකද? (නි)
ලක්ෂි Thursday, 12 May 2016 08:26 PM
හාමුදුරුවනේ, ඔබ වහන්සේලාවත් නොසිටියා නම් අද මේ රටේ සිංහලයට මොනවා වෙයිද? (නි)
මධූ Thursday, 12 May 2016 09:25 AM
යුධ සැමරුම් සදහා ප්‍රමුඛත්වය ගන්නේ භික්ෂූන් වහන්සේලානේ! (නි)
චානක මධුසංඛ Thursday, 12 May 2016 09:39 AM
මධු, අතිතයේ ලංකාව මුදවා ගැනිමේදි සටන් කරපු වෙලාවෙත් හාමුදුරුවරු තමයි සේනාවට උපදෙස් දුන්නේ (හේ)
අමිල Thursday, 12 May 2016 09:43 AM
අපේ රට එදා ඉදන් හැම කරදරයකින්ම බේර ගන්න ගොඩක් කැප වුනේ අපේ හමුදුරුවරු.(හේ)
ලසන්ත Thursday, 12 May 2016 09:48 AM
ඔබ වහන්සේලා සමග අපිත් ඉන්නවා.(හේ)
ලෙස්ලි Thursday, 12 May 2016 09:36 PM
මේ හාමුදුරුවරු නැත්නම් අද අපිට රටක් නැහැ (නි)
නාලක Thursday, 12 May 2016 09:55 AM
එකටත් අරමුදලක් පටන් ගන්නවද ?? (ම)
මලීත් Thursday, 12 May 2016 10:29 AM
අපි ඔබ වහන්සේලා සමගයි (හේ)
මහින්ද ආර්.කිතුල්ගොඩ Thursday, 12 May 2016 11:20 PM
බිඳුණු හිත පාරනවට කට්ටිය කැමති නැහැ. එ්ත් රටේ නායකයන්ට අභියෝග කරමින් මියගිය ත්රස්තවාදීන් සමරන්න කට්ටියකට පුළුවන්. කල්පනා කරලා බලන්න, රට ජාතිය වැටෙන්න යන හැම මොහොතේම මහා සඟරුවන පෙරමුණ ගත්තේ නැත්නම් මෙලහකටත් අපට රටක් නැහැ (නි)
අමිල Friday, 13 May 2016 12:10 AM
මට නම් තේරෙන්නේ නැහැ යුද්ධයක මොනවද සමරන්න තියෙන්නේ කියලා. ඕස්ට්‍රේලියා, නවසීලන්ත වගේ රටවල කරන්නේ ජීවිත දහස් ගණනක් නැතිවීම ගැන දුක්වීම මිසක් යුද්ධ ජයග්‍රහණයක් සැමරීමක් නොවේ. ඕනෑම රටක් යුද්ධයක් ඉවරවුණාට පස්සේ කරන්නේ යුද්ධයෙන් වූ විනාශය ගැන සිහිකරලා ඒ ගැන පසුතැවිලිව නැවත යුද්ධ ඇතිවෙන එක නවතාගන්නේ කොහොමද කියලා හිතන එක. ලංකාවෙත් අපි කරන්න ඕනෑ අපේ මැරුණු රණවිරුවන් සිහිකරලා ඔවුන් යුද්ධයේදී කළ කැපකිරීම් වලට ඔවුන්ට අාගමානුකූලව පින් පමුණුවා ඔවුන්ගේ පවුල් වලට කරදරයක් නැතුව ජීවිතේ ගොඩනඟා ගන්න උදව් කරන එක. (නි)
හෆීල් Thursday, 12 May 2016 11:09 AM
යුද සේමරුම අනිවාර්යෙන්ම සැමරියුතුයි. ජාතික උත්සවයක් හැටියට සැමරියුතුයි. අපේ රණවිරුවන් කල කැපවීම කවදාවත් අමතකලනොහැකි. (ර)
මලිත් Thursday, 12 May 2016 11:14 AM
අපි ඔබවහන්සේලා සමගයි. (ර)
මලිත් Thursday, 12 May 2016 11:16 AM
මහා සංඝරත්නයට අපගේ උත්තමාචාරය. (ර)
නන්ද Thursday, 12 May 2016 11:16 AM
ඔයිට වඩා හොඳ නැද්ද ඕකට වැය කරන මුදලින් රණවිරුවන් වෙනුවෙන් යමක් කළොත් ? (ර)
නුවන් Thursday, 12 May 2016 11:22 AM
අතීතයේ අපේ වීරෝධාර හාමුදුරුවරු හිටියේ නැත්නම්... (ර)
දේශාන් Friday, 13 May 2016 01:53 AM
මේ හාමුදුරුවන්ට ජයවේවා! (නි)
නිල්මිණි-ජපානය Friday, 13 May 2016 02:07 AM
අවසර! ධර්මාශෝක අධිරාජයාට එදා සාමණේර වහන්සේ යුධ ජයග්‍රහණ සමරන්න කියාදුන්නා අපිට අද බුද්ධාගමවත් නැහැ නේද? (නි)
සුනිල් Friday, 13 May 2016 03:33 AM
යුද්ධය සැමරීම නොව සාමයේ අගය කියාදීමයි මහා සංඝරත්නයේ යුතුකම. (නි)
මංගල වේලාරත්න Friday, 13 May 2016 03:39 AM
මේ වෙසක් සමයේ හාමුදුරුවෝ මොනවද මේ කියන්නේ කරන්නේ? (නි)
සත්‍යපාල Thursday, 12 May 2016 12:23 PM
මම ඉන්නේ ඔස්ට්‍රලියාවේ. අප්‍රේල් 25 කියන්නේ මේ රටේ වඩාත්ම වැදගත් දවස. ඒ 1915 අප්‍රේල් 25 ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදාව තුර්කියට ගොඩ බැස සටනට ගොස් තුර්කි හමුදාවන් වෙතින් දරුණු පරාජයක් ලබා පසුබැස්සා. දස දහස් ගණන් ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදාවන් ඝාතනය වුනා. දැනට වසර 100 කටත් පෙර සිදුවූ මේ දිනය හමුදා සැමරුමක් ලෙස මහා ඉහලින් රට පුරා සමරනවා. අපි අපේ රටේදීම විශාල ජිවිත කැපකිරීම් කර රට රැකගත් විරුවන් අමතක කරන්නට තරම්. ඔවුන් ගැන කතාකිරීම පවා බරපතල වරදක් බවට හැගෙන ඉගි ලැබෙනවා. (ර)
වින්සන්ට් Thursday, 12 May 2016 01:16 PM
ඒ ගත්ත තීරණය හොඳයි.(හේ)
හේරත් Friday, 13 May 2016 05:01 AM
ජනරංජන, සුද්දගේ කොඩිය පාගලා සිංහ කොඩිය ඉස්සුවේ කව්ද කියන්න දන්නවද? දන්නවා නම් ඔය විදිහට ලියන්නේ නැහැ. අපි ඔබ වහන්සේලා සමඟයි (නි)
සත්‍යපාල Friday, 13 May 2016 05:08 AM
අමිල, රටක හමුදාවක් ඉන්නේ යුද්ධයක් ඇති වුණොත් යුද්ධ කරන්න. ඒ නිසයි එයාලට තුවක්කු බෝම්බ සටන් ගැන පුහුණු කරන්නේ. ඒකයි අමිලලා වගේ අය නොව හොඳ පිරිමි හමුදාවට ගන්නේ. ඔවුන්ට ශක්තිය, අගය කිරීම, අභිමානය ලබාදිය යුතුය. (නි)
සෙනරත් Thursday, 12 May 2016 01:49 PM
ශ්‍රී ලංකාව දිගු කලකට පසු නැවත එක ධජයක් යටතට පැමිණි දිනය මහා සංඝරත්නය ඇතුළු සියලු රටැසියන් එක්ව සැමරිය යුතුය. (හේ)
දිලංක Thursday, 12 May 2016 02:34 PM
යුද ජයග්‍රහණය යනු සැමරිය යුතු දෙයක්ද ? (ර)