IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘රජයේ රෝහලට ආවොත් පෞද්ගලික ලේ පරීක්ෂා බෑ‘

දෙසැම්බර් මාසයේ සිට රජයේ රෝහල්වලට ඇතුළු වන රෝගීන් පෞද්ගලික අංශයෙන් රුධිර පරික්ෂා කිරීමේ ක්‍රමවේදය තහනම් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

කෙසේ වෙතත් බාහිර රෝගී ප්‍රතිකාර අශයට පැමිණෙන රෝගීන් පෞද්ගලික අංශයෙන් රුධිර පරික්ෂා කිරීමේ කටයුතු නතර කිරීමට නොහැකි වී ඇති බව ද කී සෞඛ්‍ය අමාත්‍යවරයා රසායනාගාර සේවා ක්‍රියාත්මක සියලුම රෝහල්වලට ලේ පරික්ෂා කිරීමේ යන්ත්‍ර ලබාදීමට කටයුතු කරන බවද පැවසීය.

මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළුවන රෝගීන්ට පෞද්ගලික අංශයෙන් රුධිර පරික්ෂා කිරීම තහනම් කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 



අදහස් (0)

‘රජයේ රෝහලට ආවොත් පෞද්ගලික ලේ පරීක්ෂා බෑ‘

විපුල Monday, 04 July 2016 03:02 AM

මීට වඩා හොඳ නැද්ද පාලන මිලක් දාන එක. එළියෙන් ගන්න කියන්නේ රෝහලේ තිබෙන සම්පත් ප්‍රමාණවත් නැති නිසානේ. අදාළ සම්පත් ලබා දීලා මේවා කරන්න. එතෙක් මිල ගණන් අඩු කරන්න. (නි)

:       0       0

නලීන් Monday, 04 July 2016 03:10 AM

මිතුරනේ, කලබල වෙන්න එපා. මේක හොඳ ක්‍රමවේදයක්. අද හදවත් රෝගීන්ගේ, වකුගඩු රෝගීන්ගේ, පිළිකා රෝගීන්ගේ පෝළිම හරි දිගයි. තමාගේ ප්‍රතිකාර දිනය එන්නට මාස ගණනක් තියෙන නිසා ඊටකලින් රෝගීන් මැරෙනවා. හරි ලාබයි. අද පුළුවන් රෝගියාටවත් පිටින් ලේ පරීක්ෂාව කරගන්නට නොදී ඒ පෝළිමත් දික්කළාම? (නි)

:       0       0

වික්‍රම Sunday, 03 July 2016 07:05 AM

මහත්තයෝ, ඉස්සෙල්ලා යන්ත්‍ර ටික දීලා තහනම් කර නම් නේද හොඳ?(හේ)

:       0       0

උදාර Monday, 04 July 2016 05:32 AM

මෙහිදී මුලින්ම සළකා බලන්න ඕනෑ රජයේ රෝහල් වල දිනකට ලේ හා වෙනත් පරීක්ෂණ කීයක් නියම කරනවද, ඒවායෙන් කොපමණ ප්‍රමාණයක් විශ්වාසවන්තව, කලට වෙලාවට කිරීමට හැකියාව තිබෙනවාද යන්නයි. ඒ අනුව මුලින්ම රජයේ ධාරිතාව වර්ධනය කර පසුව ක්‍රමානුකූලව බැහැරට යන ප්‍රමාණය අවම කළහැකියි. (නි)

:       0       0

උදාර Monday, 04 July 2016 05:58 AM

ප්‍රායෝගික නැති ක්‍රමවේදයක්! පළමුව බැහැරට වෛද්‍ය පරීක්ෂණ යොමු කිරීමට අදාළ හේතු සොයා බලා, දැනට රජය සතු හැකියාව මැන බලා, පරීක්ෂණ වාර්තා වල නිරවද්‍යබව / විශ්වසවන්තභාවය අගයා හා රෝගීන්ගේ තෘප්තිමත් බව සොයා බලන්න. පසුව එකී හේතු වලට අදාළ ක්‍රියාමාර්ග ගන්න. අනතුරුව සෑහීමකට පත්විය හැකිනම් පමණක් ක්‍රමානුකූලව මෙවැනි නියෝග නිකුත් කරන්න. (නි)

:       0       0

කමනි Sunday, 03 July 2016 09:39 AM

මේ අලුත් තහනමෙන් රෝගීන්ට වෙන සේවය කුමක්ද? (බ)

:       0       0

ජයම්පති Sunday, 03 July 2016 09:47 AM

හොඳ වැඩක්. සමහර රුධිර පරීක්ෂණ වාර්තා රෝහලෙන් ලබා ගැනීමට දින ගණනාවක් ගතවෙනවා. මේ නිසා රෝගී ප්‍රතිකාර අනවශ්‍ය අන්දමට කල් යනවා. මේ සඳහාද ප්‍රතිකර්මයක් යෙදිය යුතුයි. (බ)

:       0       0

මකේෂ් ලක්මාල් Sunday, 03 July 2016 10:24 AM

කිව්වොත් ඔහොම කතාවක් ඔක්කොටම ඉස්සරවෙලා මැෂින් දීල ටිකක් කාලයක් එ්කේ අඩුපාඩු නැති වුනහම තහනම් කරන්න (බ)

:       0       0

විදුර Sunday, 03 July 2016 10:40 AM

මේ බොරු බයිලනේ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට දවසට 1000 කට වැඩි ප්‍රමාණයක් යොමු වෙනවා..මේ හැමෝටම රුධිර පරික්ෂා කරගන්න අවශ්‍ය පහසුකම් ජාතික රෝහලේ ප්‍රමාණවත් නෑ..බාහිර රෝගී අංශයේ තියෙන රසායනාගාරයෙන් පරීක්ෂාවක් කරගන්න පැය 2 කටත් වැඩි ප්‍රමාණයක් යනවා..පෞද්ගලිකව රුධිර පරීක්ෂාවක් කරගෙන එන එක ඊට වඩා හොදයි....(බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 03 July 2016 10:59 AM

ලේ පරික්ෂා කිරීමේ යන්ත්‍ර අලුතෙන් දුන්නත් ඒවා කඩලා, පුද්ගලික ආයතන වලින් ලේ පරික්ෂා කරවන්න එයාල වැඩ බලාගනීවී, හවසට ගිගිල්ල එයාලමනේ එම පුද්ගලික ආයතන වල වැඩ කන්නේ. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 03 July 2016 11:08 AM

සෞඛ්‍ය අමාත්‍ය තුමා සිහිනයක් දකිනවාද දන්නේ නෑ, මේ සමිති කාරයොත් එක්ක ඔය වැඩේ කරන්න පුළුවන් වෙය්ද?, පිටින් පරීක්ෂා නතර කරනකොට එයාලගේ බඩට වදිනවා, 2012 කරාපිටියේ රෝහලේ රසායානාගාර වැඩ නොකරන නිසා, ලේ ඇතුළු සෙසු පරීක්ෂාවලට පිට රසායනාගාර වලට එක මාසෙට මට රුපියල් ලක්ෂ 6 කට වඩා වියදම් කරන්න වුනා, ඒ ගත්තු සියලුම ටෙස්ට් කිසිම වැඩක් වුනේ නෑ. අන්තිමට ගත්තු ඔක්කොම ටෙස්ට්ස් නෙගටිව්. (බ)

:       0       0

හේතුක සෙනෙවිරත්න Monday, 04 July 2016 06:43 AM

හොඳ දේකට දේශපාලන කන්නාඩි දාගෙන ගරහනවා (බ)

:       0       0

රත්න Sunday, 03 July 2016 12:30 PM

මෙවැනි ලේ පරීක්ෂා කිරීම් වලට වැයවෙන මුදල රුපියල් 250 කට සීමා කළයුතුයි. මේක රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළයුත්තක්. ඊටපස්සේ යටිමඩි ගැසීම් එතරම් රසවත් වෙන එකක් නැහැ (නි)

:       0       0

නිම්මි Sunday, 03 July 2016 02:27 PM

එහෙම එකක්වත් කළොත් ඇති (බ)

:       0       0

අයිරාංගනී Sunday, 03 July 2016 04:37 PM

මේ වගේ දේවල් ගොඩක් හොඳයි. ඒත් ඉතින් පෝලිම්වල දවස් ගානක් ඉන්න වෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 125 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 370 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 223 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 531 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 391 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1160 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site