IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


රජයේ වෛද්‍ය සංගමයට එරෙහිව නව සංගමයක්

රංජන් කස්තුරි

ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමය නමින් නව සංවිධානයක් පිහිටුවා තිබේ. එහි මහා සභා රැස්වීම හෙට (19) දහවල් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වේ.

ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමයේ මහා සභා රැස්වීමට සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ද සහභාගී වීමට නියමිතය.

මීට ඉහත දී බහුවිධ අංශයන්හි නිපුණතා පූර්ණ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නමින් ක්‍රියාත්මක වූ සංගමය ‘ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමය‘ නමින් වෙනස් කොට වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා කීවේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත් වසර දෙකක පමණ කාලයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටි නිසා කලකිරීමට පත් වෛද්‍යවරුන් විශාල පිරිසක් තම සංගමය සමඟ එක්ව සිටින බව ද ඔහු පැවසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් පසෙකලා වෙනත් න්‍යායපත්‍රයකට අනුව කටයුතු කරන හෙයින් නව සංගමයට වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක කරන බව ද ඔහු කීය. 



අදහස් (59)

රජයේ වෛද්‍ය සංගමයට එරෙහිව නව සංගමයක්

කුමාර Tuesday, 18 July 2017 05:04 PM

හොඳ වැඩක්, අපිත් එනවා හෙට. දේශපාලන පක්ෂය න්‍යාය පත්‍ර වලට වැඩ කරන සංගමයක් නොවේවා .

:       12816       15026

Kasun Priyashantha Tuesday, 18 July 2017 05:09 PM

රාජිත ඇමති තුමනි, ඔබට ජය. ඔබ වැනි නිර්භීත අය ඉන්නවානම් අපිත් ඕන දෙයකට එන්නම්. කල් ඇතුව දැනුම් දෙන්න කරුණාකරලා. අපිත් වෛද්‍ය ශිෂ්‍යයෝ පිරිසක්.

:       5424       7015

අප්පුහාමි Tuesday, 18 July 2017 05:14 PM

මේක රාජිත මහත්තයාගේ න්‍යාය පත්‍රයකට වැඩ කරන සංගමයක් කුමාර මහත්තයා.

:       4687       2526

Shihan Tuesday, 18 July 2017 05:48 PM

යන්තම් නිවි ගෙන ආපු ප්‍රශ්නය ආයෙත් ඈවිලෙන්න යන්නේ..

:       728       795

ranaviTuesday, 18 July 2017 07:21 PM

shihan ඇත්තටම අපිත් ගොඩක් සතුටු උනා සයිටම් එක රජයට ගත්තට පස්සෙවත් අපේ රටේ අහිංසක රෝගීන්ට සහනයක් ලැබෙයි කියල.දැන් බැලුවම රජයේ වෛද්‍ය සංගමයේ වෙන කාගේද බළල් අතක් වෙච්ච යමපල්ලොනේ..

:       1772       3238

vidya Tuesday, 18 July 2017 05:49 PM

මොන ශ්‍රේණිගත කලත්, 5 වෙනි ශ්‍රේණියේ වැඩ කරලා වැඩ වර්ජන කරලා අසනීප වෙන මහා ජනයා අමාරුවේ දන්නා විතරක් එපා

:       25       291

ranavi Tuesday, 18 July 2017 05:57 PM

කාගේ න්‍යාය පත්‍රයට වැඩ කලත් කමක් නෑ රජයේ වෛද්‍ය සංගමයේ අසාධාරණයට විකල්පයක් විය හැකිනම්.

:       1045       2033

ATHULA Tuesday, 18 July 2017 06:01 PM

ඔය එන්නේ හෙන්චය්යෝ , සමහරු රාජිතට උදව් කරනවා කියන්නේ අනේ දෙවියනේ මේවගේ තක්කඩින්ට උදව් කරනවා කියන උන් අයිති වෙන්නේ මොන වර්ගයටද කියල නොතේරේ , කොහොම උනත් සත්ම් මුදලාලිට තමයි ඕක හොදින් බේරගන්න රජිත්යල ට ඕන නැහැ ඕකුන් ගේ තියෙන දුෂ්ට පරමාර්ථයන් වලට රට කුමන අතකට ගමන් කරාවිද දන්නේ නැහැ රාජිතගේ නම් කරලා පැහිල රටේ මිනිස්සු වසංගත රෝගවලින් හැම දම මැරෙනවා එකටත් එක්ක උටම හරියන තක්කඩි රැලක් ඉන්නවා ඔය මොනෝ මගුල කලරත් මෙම සටන නතර කරන්න බැරි බව තොපි මතක තිය ගනිල්ලා .රජිත්, එස් බී, කිරිවැල්ල උඹලට නියම දඩුවම ජනතාව වන අපි දෙනවා.

:       3505       2707

රවිඳුWednesday, 19 July 2017 08:20 PM

අතුල, එකක් මතක තියාගන්න මේක ආරම්භ කලේ අපේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ. එතුමා කල දේවල් සදාකාලිකයි

:       0       0

janatha anura Tuesday, 18 July 2017 06:03 PM

අබීත කය්වාරු කවදාවත් නැති වාචාල නොකියන නිර්බීත රාජිත මහත්තයාගේ රාජපක්ෂ විරෝදී නව සංගමයත් එලෙසම පවතිනු ඇත අනාගතයේදී මේ වෛද්‍ය සංගමයත් හමුදාව සමග අත් වැල් බැඳගෙන උතුරු මහා ඇමති තුමාගේද මග පෙන්වීමෙන් කසල කළමනාකරණය සහ ඉවත්කිරීම සිදුකරනු ඇත

:       185       630

janatha anura Tuesday, 18 July 2017 06:06 PM

කසුන්ල ප්රියසන්තල මුට්ටිය බිම තියන්නෙම නැහැ නොව

:       14       90

Danushka Tuesday, 18 July 2017 09:50 PM

අලුත් කට්ටියගේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්

:       1014       560

මම1 Tuesday, 18 July 2017 10:43 PM

ආත්මාර්ථකාමී අරමුණු සඳහා නොව සාධාරණ අරමුණු සහ සංගම් නැති ලෙඩ්ඩුන්ගේ ගැටළු ගැනත් පෙනී සිටින ගෞරවාන්විත සංගමයක් ලෙස ක්‍රියා කිරීමට හැකිවේවා යැයි ආශිංසනය කරමි.

:       111       340

නුමා Tuesday, 18 July 2017 10:52 PM

රාජිත මහත්මයා තමන්ගේ ලේලිපොඩ්ඩ ගේ යහපත වෙනුවෙන් අනවශ්‍ය තීරණයක් ගන්නයි සැරසෙන්නේ. සයිටම් ප්‍රශ්ණයට නිසි විසඳුම් ලබා නොදී, ඊට එරෙහි බලවේග මර්දනයට මාර්ගයක් සකසාගන්නට හැකියයි සිතා ගන්නා ක්‍රියාමාර්ගයක්.ලංකාවේ පෞද්ගලික රෝහල් වලට මෙතරම් බලවන්ත භාවයක්, පෞද්ගලික චැනලින් නොමැතිව රෝග සුවනොවන බවට මතයක් ගොඩනැඟුවේත් මෙම රාජිත වැනි පුද්ගලයින් නිසාමයි. මගේ වයස අනුව වසර 25කට පෙර පෞද්ගලික රෝහල්/චැනලින් වලට මෙවන් උත්තරීතර තත්ත්වයක් තිබුණේ නැත. අද වුවද උණට බෙහෙත් ලබා දුන්නද අසාධ්‍ය වනවිට පෞද්ගලික රෝහල් සිදුකරන්නේ රජයේ රෝහලකට මාරුකර යැවීමයි. එසේ සිදුකරන්නේ මන්ද යන්න තම තර්කන හැකියාවෙන් විමසා බැලීම වටී. මෙතන අදහස් දක්වා ඇති සමහර පුද්ගලයින්ට පවසන්නට ඇත්තේ, සයිටම් වෛද්‍යවරුන්ගෙන්ද අද පෞද්ගලික රෝහල් වලට වඩා දෙයක් බලාපොරොත්තු නොවන ලෙසයි. දැනට ලංකාවේ තත්ත්වය අනුව සයිටම් පිළිගතහොත්, අසීරුවට පත්වන්නේ අපම බව සිහිතබා ගත යුතුය. පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා රටක් ලෙස තව බොහෝ සාමාජීය වෙනස්කම් අවශ්‍යව ඇත.

:       850       1466

ONE SRILANKAN Wednesday, 19 July 2017 12:34 AM

රාජිත බුදුදහමට අනුව මම මේ දහසක් බුදුන් බුදුවන් උදැසන කියන්නේ ,,,තමුන්ගේ හිතුවක්කාර වැඩ නිසා දැන් මුළුරටම ගිනි ජාලාවක් ලමයි 12000 මහා පාරේ ජනාදිපති තුමනි ඔබතුමාට මේ රාජිතගේ රට අවුලන වැඩ පෙන්නේ නැද්ද අපි ඔබ තුමාට චන්න්දේ දුන්නේ මේ වගේ යහපාලනයකටද ,,ඔබතුමාද ජනාදිපති රාජිතද,,,

:       1205       1225

ගිහාන්Wednesday, 19 July 2017 02:49 AM

12000 වගේද මහත්තයෝ ලේලිව ගොඩ දා ගත්තොත්. තව නැවක් ගන්න පුළුවන්.

:       103       378

මම1Wednesday, 19 July 2017 03:27 AM

ඔව් රාජිත ඔය පන්ති යන්නෙ නැතුව පාරේ යන සිසුන්ව අයින් කරලා ඊලඟට ලකුණු තියෙන ළමයි ටික වි.වි වලට අගන්න. එකපාරක් කලොත් මේ පන්ති වර්ජනය කරන එක නවතියි.

:       200       67

Chanak Los angeles Wednesday, 19 July 2017 12:55 AM

මෙහෙ දොස්තරවරුන් හා රෝගීන් අතර තිබෙන සුහදත්වය හා කාරුණික භාවයයි අපේ දොස්තර මාෆියාවේ අකාරුණික භාවයයි අහසට පොලොව වගෙයි .

:       323       755

ජනිත් Wednesday, 19 July 2017 02:56 AM

රක්ෂනේ නැත්තන්, ඒ කියන්නේ සල්ලි නැත්තන් මැරුණත් වෙදකං නොකර ඉන්න මොන තරම් කාරුණික භාවයක් තියෙන්න ඕනද. අපේ කුහක දොස්තරලට ඕව හොඳ පාඩම්.

:       32       102

දාවිත් Wednesday, 19 July 2017 12:58 AM

සයිටම් ගේන්න රාජිත කියන කරන දේවල්.. නොදකින්.

:       662       1378

මම1Wednesday, 19 July 2017 03:24 AM

සයිටම් විතරක් නෙමෙයි. තව වෛද්‍ය විද්‍යාල එනවාලු. මේවගේම රජයේ විශ්ව විද්‍යාල වලට අමතරව පෞද්ගලික විශ්ව විද්‍යාලත් ඒවට ඕනම කෙනෙකුට යන්න පුළුවන් වෙන්න රජය හරහා ක්‍රියාත්මක වෙන සිසු ණය ක්‍රමයත් ආවනම්, දශක කීපෙකින් දුප්පත් අය මධ්‍යම පන්තියට යයි. අනුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන දුප්පතුන්ට වල කපන අයට කෙලවෙයි. ජයවේවා

:       133       136

මම1Wednesday, 19 July 2017 04:44 AM

එහෙම කියන්න එපා දාවිත් මහත්තයෝ මේවා කරන්නේ සයිටම් එක විතරක් නෙවෙයි තව වෛද්‍ය විද්‍යාල ගේන්න. ඊට අමතරව පෞද්ගලික විශ්ව විද්‍යාල ගේන්න. එහෙම කරල අද පිටරට ඉගෙන ගන්න වියදම් කරන රට සල්ලි මෙහෙම ඉතුරු කරගන්න. පුළුවන් නම් මාලදිවයිනෙන් වගේ අනික් රටවලින් මෙහාට ඉගෙන ගන්න ලමයි ගෙන්න ගන්න. අනුන්ගේ මුදලින් ඉගෙන ගෙන දුප්පතුන්ට පාට් දාන කුහකයන්ව අනාථ කරන්න.

:       83       82

දාවිත් Wednesday, 19 July 2017 01:05 AM

කසුන් ප්‍රියශාන්ත ඔහේ උසස් පෙල ෆේල් වෛද්‍ය ශිෂ්‍යෙයෙක් වෙන්න ඇති.

:       291       515

සජිත් වීරසිංහWednesday, 19 July 2017 02:58 AM

නැතුව නැතුව. දැන් කොක්කෙන් හරි කෙක්කෙන් හරි ගොඩ යන්න එපැයි. නැත්තන් ලක්ශ 120 අපරාදෙනෙ.

:       28       225

දාවිත් Wednesday, 19 July 2017 01:07 AM

මේකෙ මූලික පරමාර්තය සයිටම් හරියි කියන එකයි... කොහෙන් වංගු දැම්මත් අන්තිමට සයිටම් හරි කියලා මාධ්‍ය සාකච්චා දෙන එක තමයි මේකෙ මූලිකම වැඩේ. ඒ වැ‍ඩේ ඉවර වුනාම රාජිතට කඩේ යන එක තමයි 2 වැඩේ. මුන්ව හන්දි වල එල්ලලා හම ගහන්න ඕනා.

:       755       886

katubadde api Wednesday, 19 July 2017 03:35 AM

ඔබ හරි නමුත් අධ්‍යාපනය ලැබීම සීමා කිරීමට අයිතියක් කොහෙද තියෙන්නේ වාණිජ උස් පහත් ඇති නැතිකම් දැනුම ලබාගැනීමට ඇති අයිතියට අදාල නැහැ. ළමුන් පිටරට යනවා ඉගෙන ගන්නවා කොහෙද ඒවා නවත්වන්න නීති මේ ලෝකයේ ? ඒ අය මව්බිමේම ඉගෙන ගත්තාවේ නමුත් ,නිදහස් අධ්‍යාපනය අහෝසි කරනවා නම් දිවි හිමියෙන් අපි පෙරට

:       27       43

gunarathna Wednesday, 19 July 2017 01:11 AM

කුමාර ඔබේ ප්‍රාර්ථනාව හොදයි.නමුත් මේක පිටිපස්සේ රාජිත එස්. බී. දෙන්න.මේක තනිකරම දේසපාලන සංගමයක්.ඉදිරියේදී අපිට බලන්ඩ පුළුවන් දොස්තරලා,දොස්තරලා වලි දාගන්න හැටි.එදාටත් වෙන්නේ ලෙඩ්ඩුන්ට වහ කන්ඩ තමා.

:       242       380

ranjith silva Wednesday, 19 July 2017 01:24 AM

රජයේ වෙද්දුන්ගේ තර්ජන වලට පිළිතුරු සැපයීම සාධාරණ විය යුතු වේ. ඔබ සැමට ජයම වේවා.

:       778       572

theshan Wednesday, 19 July 2017 01:29 AM

ඔබතුම්ලාගේ න්‍යාය පත්‍රයට ඇතුලත් කරන්න, රෝගීන් අපහසුවේ දම වර්ජන නොකරන බව

:       10       61

roshan Wednesday, 19 July 2017 01:50 AM

මටත් කියන්න එකතු වෙන හැටි

:       106       232

ගිහාන් Wednesday, 19 July 2017 02:53 AM

මෙහෙමයි, ඉස්සෙල්ලම සල්ලි වලට කහින්න පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ රෙදි නැතුව කඩේ යන්න පුරුදු වෙන්න ඕනේ. දේශපාලුවන්ගේ හිරිකිත වැඩ ලස්සන කරල කියන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒ ටික පුරුදු වෙච්ච ගමන් එකතු වෙන්න පුළුවන්. දැනටමත් ඒව පුරුදු නම් ගොඩ තමා ගොයියෝ.

:       521       735

dumindaWednesday, 19 July 2017 07:44 AM

දැනට GMOA එක කරගෙන යන්නෙත් ඔය තියරියම තමා

:       187       25

nishan Wednesday, 19 July 2017 01:54 AM

එහෙම එකකුත් තියෙන්න එපැයි

:       106       115

latha Wednesday, 19 July 2017 01:54 AM

වෛද්‍ය සංගමය විනාශ කරලා පස්සේ පසුතෙවෙන්න එපා . මුන් මේක කල්ලි කලා නිදහස් අද්‍යාපනය විකුනන්න පාර හදාගන්න එක කරන්නේ . පොඩ්ඩක් හිතන්න .

:       203       210

wedamahatha Wednesday, 19 July 2017 02:42 AM

ලෙඩුන් ආරක්ෂා කරන වර්ජනය එකම ආවිය කරන මාෆියා සංගමයක් න්නොවෙවා. ඕනට අපේ ප්‍රණාමය.

:       146       303

Susil Wednesday, 19 July 2017 02:50 AM

විය යුත්තෙන්ම අවසානයේදි එය සිදුවිය.. උඩ පැන්නොත් බිම වැටෙනවාමය..

:       101       453

vipula Wednesday, 19 July 2017 03:17 AM

"සමගිය බලය වේ..... " බෙදීම , අසමගිය කියන්නේ තුන්වන ලෝකයේ පමණක් නෙවේ , දියුණු යැයි කියාගන්න රටවල පවා , පාලකයන් ගේ පහසුව සහ ඔවුන්ගේ සට කපටි පාලනය පහසු කර ගැනීමට ගන්නා උපායකි ...මෙයද එයම නොවේද ?...

:       33       40

stanley Wednesday, 19 July 2017 03:25 AM

මොන නමින් ආවත් කමක් නැහැ. අහිංසක රෝගීන් ලක්ෂ ගණන් අමාරුවේ දමන ස්ට්‍රයික් නම් එපා.

:       0       41

rata venuven api Wednesday, 19 July 2017 03:30 AM

පුද්ගලික විශ්ව විද්‍යාල දුප්පත් සිසුන්ට තර්ජනයක් නොවී නිදහස් අධ්‍යාපනය තියෙන තුරා නමුත් ද්වේශය ඔවුන් වෙලා ගන්නා සමාජ රටාවක් සැමදා පවතිනු ඇත.

:       0       19

tony-maharagama Wednesday, 19 July 2017 03:33 AM

මැරිලා ඉපදිලා වගෙයි අදහස් දාල තියෙන්නේ. සයිටම් එක පටන් ගද්දී, මේ කාටවත් ඒකෙ වැරැද්දක් පෙනුනේ නැහැ. ඔය අලුත් සංගමෙත්, දුප්පත් අසරණ ලෙඩ්ඩු ඇපේට තියලා තමන්ගේ බඩගොස්තරේ හොයාගන්නා පිරිසක් නොවන බවට ඇමතිවරයා වගකීම ගන්නෝන.

:       1       102

leda Wednesday, 19 July 2017 03:38 AM

අපි රෝගීන්ගේ ආරක්ෂාවට සංගමයක් පිහිටුවමු. චැනල් ගාස්තු අඩු කිරීමට කටයුතු කරන අතර දුප්පත් ලෙඩුන් සඳහා රක්ෂණ ක්‍රමයක් ඇති කරමු.

:       0       554

katubadde api Wednesday, 19 July 2017 03:40 AM

ඇති හැකි ඉඩකඩම් උගස් තියල, දුප්පත් අම්මලාගේ ලෙයින් ඉගෙන ගන්න එන අයට විශ්ව දැනුම ලබා ගැනීම තහනම් අයින්ස්ටයින් අයිති අපේ කුලයට පමණි. කටුබැද්දේ අය් ටී ටෙක් අය පන්නල අපි ඒක අයිති කර ගත්ත හැටි නුඹලා දන්නේ නැහැ කුවේණි ඉවර කරලා අපි පැලපදියන් වුනෙත් එහෙම නොව අපි අහලකටවත් එන්න එකෙක්ට බැහැ අපි සිංහයෝ

:       0       2

dias Wednesday, 19 July 2017 03:56 AM

වෛද්‍ය මෆියාව විනාශ වේවා.. මෙරට වර්ජන රැල්ල නතර වේවා. ලේ දුන්නන්ගේ ජීවිත ආරක්ෂා වේවා. ලෙඩ්ඩුන්ට ආශිර්වාදයක් වන සංගමයක් බිහිවේවා.

:       43       161

Asanka Wednesday, 19 July 2017 04:15 AM

මගේ මතයට අනුව වෛද්‍යවරුන්ට දැනට ලැබෙන වරප්ප්‍රසාද ප්‍රමාණවත්. වෛද්‍ය සභාව මගින් එහි ඇති ඒකාධිකාරී බලයෙන් මොවුන් පහුගිය කාලයේ ජනතාව පීඩාවට පත් කළා. අලුත් සභාව මගින් ඒකාධිකාරී බලය නැති කරන්න පුළුවන් වුනොත් හරි. නැත්නම් ඉතින් ඔය අලුත් මගුලෙනුත් වෙන්නේ ජනතාව පීඩාවට පත්වන එක විතරයි

:       22       191

alwis Wednesday, 19 July 2017 04:23 AM

Chanak Los angeles - ඔයා ලංකාවේ රජයෙ රෝහලකට ඇවිල්ල බලන්න අපේ රටේ උපන් අපේ රටේම උගත් දොස්තරවරුන් කොතරම් කාරුණිකද කියල. ඒක දැනගන්න පෞද්ගලික හොස්පිටල් වලට ගිහිල්ල බැහැ. එහෙම කාලයක් තියෙන්න ඇති, දැන් රට එහෙම නැහැ. එහෙම උනත් සෛටම් දොස්තරලා අවොත් එහෙම වෙන්න ඉඩ තියෙනවා, මොකද දන්නවද එම දොස්තරලා එන්නේ පොහොසත් පවුල්වලින්.

:       552       13

මම1Wednesday, 19 July 2017 04:49 AM

ඔව් . චානක ලොස් අන්ගේලෙසේ චැනලිං සෙන්ටර් එකේ හම්බවෙලා කප්පම් දුන්නම ඒ අය තවත් කාරුණිකයි. ප්‍රයිවට් ඉස්පිරිතාලෙට ඇවිත් හම්බුවෙනවනම් වඩාත් කාරුණිකයි. ඒගොල්ලන්ට 15% කොමිසම් ගෙවන තැන් වලින් ඔක්කොම පරීක්ෂණ එහෙම කරගන්නවනම් ඒත් එහෙමයි. සයිටම් සල්ලිකාරයො ආවොත් මේ ඔක්කොම ඉවරයි.

:       0       47

sameera Wednesday, 19 July 2017 04:48 AM

GMO එක පිටිපස්සේ ඉන්නෙත් දේශපාලකයෝ නම් මේකේ කොමෙන්ට්ස් දාන දොස්තරලා දැනගන්න ඕනි ඒගොල්ලන්ට බැහැ අනිත් අයට ඇඟිල්ල දික් කරන්න . හොඳ වැඩේ සීමාව ඉක්මවල කඩේ යනවට.

:       18       201

රොමේෂ් Wednesday, 19 July 2017 04:49 AM

අපේ රටේ මිනිස්සු ඇත්තටම සාක්ෂරතාවයෙන් හෙබි මිනිස්සුන්ද කියලත් හිතෙනවා මෙතන දාල තියෙන සමහර අදහස් දැක්කම. එක්කෝ අපි හරිම නූගත් ජාතියක්, එහෙමත් නැත්තම් තමන්ගේ දේශපාලනය වෙනුවෙන් රෙදි නැතිව පාරේ යන්න වුනත් කැමති මුග්ධ ජන කොට්ඨාශයක්. පවතින වටපිටාව අනුව ඕනෑම මෝඩයෙකුට වුනත් තේරෙනවා ඇත්තටම සාක්ෂරතාවයෙන් හෙබි මිනිස්සුන්ද කියලත් හිතෙනවා මෙතන දාල තියෙන සමහර අදහස් දැක්කම. එක්කෝ අපි හරිම නූගත් ජාතියක්, එහෙමත් නැත්තම් තමන්ගේ දේශපාලනය වෙනුවෙන් රෙදි නැතිව පාරේ යන්න වුනත් කැමති මුග්ධ ජන කොට්ඨාශයක්. පවතින වටපිටාව අනුව ඕනෑම මෝඩයෙකුට වුනත් තේරෙනවා

:       31       60

Sunil Wednesday, 19 July 2017 05:43 AM

දිනපතා සතුටු වෙන්න දෙයක් පත්තරේකින් වත් කියවන්න නැති අපිට... අද මේ පත්තරෙන් ඉතා සතුටු විය හැකි වාර්තාවක් ඉදිරිපත් කිරීම ගැන ලංකාදීපයට අපේ ප්‍රණාමය.!!!

:       0       3

ReksWednesday, 19 July 2017 12:00 PM

ඔය සතුට පවතින්නේ 19 හවස් වෙනකම් විතරයි.. අනේ පව්...

:       0       0

බද්රානි Wednesday, 19 July 2017 06:02 AM

හරක්ට ලගින්ට ගාල් අවශ්‍ය කරන රටකට මොන සයිටම් වෛද්‍ය විද්‍යාලද මහත්තයෝ. අර කොතලාවල තිබෙන වෛද්‍ය විද්‍යාලේ මුදල් ගෙවල වෛද්‍ය අධ්‍යාපනය හදාරන්න පිටරට ළමුන්ට අයිතියක් තිබුනට අපේ රටේ ළමයින්ට ඒ අයිතියවත් නැහැ. එක අතකට, අපේ රටේ අයට මොන අධ්‍යාපනයද, පිරිමින්ට රියදුරු රස්සාවයි ගැහැනුන්ට ගෘහසේවයයි පුරප්පාඩු ඕනා තරම් මැදපෙරදිග තියනවා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම්, බංගලිදේසෙට හෝ ඉතියෝපියාවට හෝ කමක් නැහැ, ලංකාවේ ඉන්න සත්තුන්ගෙන් මිදිලා පැනගන්න. ඒ රටවල උගත් මිනිස්සුන්ට ඕන තරම් රැකියා අවස්තාවන් තිබෙනවා. මේක විහින් නැහෙන කුහක මෝඩයෝ ඉන්න පාරාදීසයක්. කවදා හෝ දිනෙක මහා ජාතියක යටත් වැසියෝ වුණ දිනෙක ඒ අයගෙන් යමක් ඉගෙන ගෙනවත් ගොඩ නගන්න පුළුවන් ජාතියක්ද කියන එක නම් සැක සහිතයි.

:       0       106

Lasith Wednesday, 19 July 2017 06:18 AM

ඒක හොදයි

:       0       0

Lasith Wednesday, 19 July 2017 06:24 AM

GMOA එක දැනට කරන්නෙත් නිදහස් අධ්‍යාපනය විකුණගෙන කන එක තමයි. අපෙන් පඩි ගන්න ගමන් බෙහෙත් කඩයකුත් කරන දොස්තරලා කොච්චර ඉන්නවද?

:       0       8

කරුණාපාල Wednesday, 19 July 2017 07:40 AM

සියලු දෙයින් සම්පුර්ණ අවංක ජනතාවක් වගේම, නොමිලේ වෛද්‍ය සේවාව සපයන කාරුණික වෛද්‍යවරු විසු, සමස්ත මෙරට ජනතාව ජීවිතකාලය පුරාම සතයක් හෝ අධ්‍යාපනය වෙනුවෙන් වැය නොකර උසස්ම අධ්‍යාපනය හදාරා ලෝකයෙන්ම පළමු ශ්‍රේණියේ බුද්ධිමතුන් බිහිවූ එකම රට, මේ හොර සයිටම් ආයතනය නිසා විනාශවූ හැටි?? එදා ලෝකයේ පළමු හා දෙනා අතර සිටි ලංකාවේ විශ්ව විද්‍යාල අද, දෙදහස් පන්සියයේ ප්‍රෞඪ ඉතිහාසයේ සංඛ්‍යාවත් පසුකර ගිය හැටි? ඉතාම කණගාටුදායකයි. ඔය සයිටම් ආයතනය කඩා විනාශ කොට පරිපාලකයින් සිරගත කොට ඔය සිසුන්ව රටින් නෙරපා දමා, අපේ මේ උතුම් පින්බිම නැවත සුඛිත මුදිත භාවයෙන් සවිමත් කොට එදා තිබු ඒ අහස්චාරය කරා නැවත ලඟා විය යුතුයි.

:       0       5

Deepal Nirosh Wednesday, 19 July 2017 08:39 AM

රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සයිටම් විරෝධී වර්ජනය ආරම්භ කළේ තම සංගමයට එරෙහිව සයිටම් හරහා උපාධි ලබන වෛද්‍යවරුන්ගේ තවත් සංගමයක් බිහිවේවි කියා බියකින්. ඒත් අවසානයේ දී සිදුවුණේ අපේක්ෂා කළ ආන්තික ප්‍රතිඵලයමයි. සෞඛ්‍ය අමාත්‍යවරයා මෙමගින් සයිටම් එකටත් එහා ගිය දේශපාලන ජයග්‍රහනයක් රජයට ලබා දී දේශපාලන වීරයෙක් වුණා. කොහොම වුණත් රටේ අනිකුත් වෘත්තිය සංගම් වගේම මේ නව සංගමයත් දේශපාලන අරමුණු මතම ක්‍රියාත්මක වේවි.

:       0       0

mahinda gamage Wednesday, 19 July 2017 09:10 AM

රජයේ රෝහලකින් පැය ගණන් පෝලිමේ සිට නොමිලේ දෙන බෙහෙත් ටික ගන්නා අසරණ රෝගියා උගසට තබා මේ කරන මිලේච්ඡ ක්‍රියාව කෙසේ හෝ නතර කලයුතුමයි. කොතරම් වෛද්‍ය වර්ජන තිබුණද පුද්ගලික රොහල්හී ප්‍රතිකාර ගන්නා රෝගීන්ට වර්ජන බලනොපායි. අසරණ රෝගියා අසරණ කිරීම මෙහි ඒකායන පරමාර්ථයයි.

:       0       22

Lakvidu Wednesday, 19 July 2017 11:58 AM

තමන්ගේ බිරිඳට එක්තරා රෝහලක අධ්‍යක්ෂකම නොලැබුණාම, අමාත්‍යාංශයේ අලුත් අධ්‍යක්ෂක තනතුරක් හදලාත් දුන්නනේ....

:       0       120

ONE SRILANKAN Thursday, 20 July 2017 02:26 AM

බුදු වදනට අනුව සංගයා වහන්සේලා බෙදා බින්න කිරීමට කටයුතු කිරීම අනර්තාර්ය පාපයක් හා සමානයි. ඉතින් මේකත් යම් ආකාරයක බෙදා බින්න කිරීමක්, මෙතුලින් දත් දොස්තර බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ කුහක හිතුවක්කාර අබිමතය ඉටු කරගන්න. බුදුදහම හෝ මොනයම්ම ආගමක් අනුව මෙයටත් බරපතල ප්‍රති විපාකයක් ඇත.

:       0       108

සරත් Thursday, 20 July 2017 01:06 PM

තාවකාලිකව සතුටු වෙන අය බොහොමයි වගේ.

:       0       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 23 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 93 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


අඩි සීය පාරේ -අලි රණ්ඩු බෝසේ
2024 නොවැම්බර් මස 24 580 0

හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.


මත්තල ගුවන්තොටේ ආදායමට වඩා වියදම වැඩිවෙලා
2024 නොවැම්බර් මස 24 475 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත


බසයට යට වී කත මරුට
2024 නොවැම්බර් මස 24 202 0

මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි


හිටපු මැකොගෙ නිවසට තෙවැනි වරටත් හොරු පැනලා
2024 නොවැම්බර් මස 24 671 0

මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 501 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site