IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


රජයේ වියදම කෝටි 3000කින් අඩුවෙයි

(සුජිත් හේවාජුලිගේ)

අයවැය විසර්ජන පනත් කෙටුම්පත අනුව ලබන වසරේ රජයේ වියදම් රුපියල් කෝටි තුන් දහස් තුන් සියයකින් පමණ අඩුවන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය අංශයට ලබන වසර සඳහා වෙන් කෙරෙන මුදල් ප්‍රමාණද අඩු කර ඇති අතර වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ජාතික ආරක්ෂාව සඳහාය.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් ලබන වසර සඳහා වෙන් කෙරෙන මුදල දැක්වෙන්නේ බිලියන 2.78ක් ලෙසය.

මේ අනුව ජනාධිපතිවරයාගේ වියදම් සඳහා ලබන වසරේ වෙන් කෙරෙන මුදල රුපියල් බිලියන 6.6කින් අඩු වනු ඇත.

මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය බිලියන 18 කින් ඉහළ නංවා ඇත.

මේ වසරේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය බිලියන 355ක් ලෙස දැක්වෙන අතර ලබන වසරේ එම වියදම දැක්වෙන්නේ බිලියන 373ක් ලෙසය.

ආරක්ෂාවට පසු වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටයි. බිලියන 286.7ක් එම අමාත්‍යංශයට වෙන්කර ඇති අතර ඉන් බිලියන 286ක්ම පුනරාවර්තන වියදම් වේ .

ඊට පසු වැඩිම මුදලක් මහා මාර්ග මහාමාර්ග අමාත්‍යාංශයට වෙන් කර ඇති බවත් එම මුදල බිලියන250.1ක් බවත් සඳහන්වේ. ඉන් බිලියන 250ක්ම ප්‍රාග්ධන වියදම්ය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයද ඉහළ නංවා ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ වසරේ වැය ශීර්ෂය බිලියන 126.5කි. එය ලබන වසර සඳහා බිලියන 127.6ක් ලෙස ඉහළ දමා ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබන වසර සඳහා වෙන්කර ඇති මුදල බිලියන 153.5කි. එය මෙම වසරට සාපේක්ෂව බිලියන හයක අඩුවීමකි.

ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ මුළු වියදම රුපියල් බිලියන 2505.3කි.

ඉන් බිලියන 1776ක් වෙන්වන්නේ පුනරාවර්තන වියදම් සඳහාය.

ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මේ සතියේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (19)

රජයේ වියදම කෝටි 3000කින් අඩුවෙයි

Malika Sunday, 03 October 2021 03:21 PM

හරි නම් සෞඛ්‍ය අංශයට සහ අධ්‍යාපනයට මුදල් වෙන් කරන්න ඕනේ වැඩියෙන්. කොරොනා වසංගතය නිසා දරුවන්ගේ අධ්‍යාපනය කොච්චර මොට උනාද. ගුරුවරුනගේ වැටුප් පිලිබද ප්‍රශ්නය ඉක්මනින් විසදලා දරුවන්ට යහපතක් කරන්න ඕනේ. දැන් යුද්ධෙත් නැති එකේ, යුද්ධ හදන එක අඩු තරමින් අපේ රටෙන්වත් නවත්තලා ලෝකෙටම ආදර්දවත් විදියට කෘෂිකරමාන්තයට, සෞඛ්‍යට, අධ්‍යාපනයට වැඩිපුර මුදල් යොදවන්න වගකිවයුත්තන්ට කලපනාව පහල වේවා කියලා පතනවා.

:       9       23

ජනක Sunday, 03 October 2021 03:48 PM

ජනාධිපතිතුමා ආවද?

:       7       6

Senaka Sunday, 03 October 2021 05:19 PM

ඒක නම් හොඳ ප්‍රවණතාවයක්. ඒත් මේ වෙලාවේ මහාමාර්ග වලට වඩා අපනයන ආර්ථිකය නංවන්න කටයුතු කරා නම් තමයි හොඳ. අපි පුලුවන් තරම් අපේ රට කාර්මීකරණය කරන්න උත්සාහ කරන්න ඕන දැන්. නැත්තන් අපි හැමදාම වලේ.

:       2       53

Shantha - Qatar Sunday, 03 October 2021 05:35 PM

වියදම අඩු වෙනවනම් කොච්චර හොදද

:       1       35

විපරමා Sunday, 03 October 2021 07:12 PM

මුදල් ඇමතිකම දීලා කිට්ටු කරගත්තේ නිකම් නෙවෙයි නේ? අය වැය ගැනත් ආයේ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .

:       3       13

hesa Sunday, 03 October 2021 07:34 PM

කොයිතරම් සතුටු ප්‍රවෘතියක්ද.අපේ රටට ඡය ශ්‍රීමහ බෝ සමිඳුන්ගේ පිහිටයි!

:       0       0

SL Sunday, 03 October 2021 07:47 PM

පොදු ප්‍රවාහනය පාරේ කන කාලය අඩු කරානම් තවත් සල්ලි ඉතිරි කරගන්න පුළුවන්. කාර් තියෙන හැමෝම කාර් වල එන්න ගියහම පාර බ්ලොක් වෙනවා. කාර් තියෙන අය කාර් වලම එන්න පෙළඹෙන්නේ සැප පහසු පොදු ප්‍රවාහනයක් නොතිබීම, පුද්ගලික ප්‍රවාහන තුල කාලය පාරටම වියදම් වීම. පෙට්‍රල් වලට පිටට යන ඩොලර් ප්‍රමාණය 1/2ක් වත් කරන්න පුළුවන් හරි ප්‍රවාහන පද්දතියක් තියෙනවා නම්. පරිසර දුෂණය අවම වීම, ස්පෙයාර් පාර්ට් වලට වෙන වියදම ,කොච්චර අඩු කරගන්න පුළුවනි ද

:       1       20

hesaSunday, 03 October 2021 10:59 PM

සල්ලි ඉතිරි කරගන්න හිතල, පොදු වාහන ප්‍රවාහනය අඩු කරන්න කලිනුත් උත්සාහයක් කලා නේද.. කාර් තියෙන අය කාර් වලම එන්න පෙළඹෙන්නේ සැප පහසුව සහ ලාංකිකයිනට තියෙන මහන්තත්ත්වය නිසා.. ඒ තමන්ගෙ වාහනයෙන් ගිහින් බහින කොට තියෙන ගැම්ම හා බටහිර රට වලින් ධනවත්ම රටේ දන්න දෙයක්.. විශේෂයෙන් මා දන්නා දන්න සහ ළමා විශේෂඥයින් දෙදෙනෙක් තම රාජකාරියට එන්නේ පා පැදියෙන්. දුර ගමන් යන්නෙ දුම්රියෙන්.. ඒ ගතිය ඔලුවට ඇතුල් කරන්න පුලුවන් නම් අපෙ රටෙත් ..

:       0       0

Ruwan Sunday, 03 October 2021 07:55 PM

රජය සෞඛ්‍ය සේවාවන් සඳහා ලබා දෙන අරමුදල් අඩු කරන්නේ ඇයි? රෝහල් සඳහා නිසි පරිදි මුදල් යෙදවිය යුතුයි. සිංගප්පූරුවට හෝ ඇමරිකාවට යාමට සෑම කෙනෙකුටම ධනයක් නොමැත

:       2       20

Sam Sunday, 03 October 2021 08:03 PM

ආරක්‍ෂාව සහ මාර්ගය සඳහා අපට වැඩිම මුදලක් වැය කිරීමට අවශ්‍ය වන්නේ ඇයි දැයි මම නොදනිමි.

:       6       20

Lal Sunday, 03 October 2021 08:35 PM

මදි මදි සෑහෙන්න මදි. ඇමති මණ්ඩලය අඩු කරන්න. අපේ රටට ඇමතිවරු පහළොවක්-විස්සක් හොඳටම ඇති. නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු කියන අනවශ්‍ය තනතුරු අයින් කරන්න. හිත මිතුරන්ව සන්තෝෂ කරන්න යන්න එපා. රට ගැන හිතුවොත් අපේ රට දියුණු කරන්න ලේසියෙන්ම පුළුවන්.

:       0       24

Sameera Sunday, 03 October 2021 09:21 PM

කරුණාකර තාක්ෂණික විශ්ව විද්‍යාල 5 ආරම්භ කරන්න. Robotics/Computer software/Networking/Electronics මේක තමයි නුතනයේදී භාවිතාවන තාක්ෂණය. අද ලොකයේ බොහෝ දියුණු රටවල්වල තාරුණ්‍යයේ දැක්ම. තවදුරටත් කලා/වානිජ විෂයයන් හදාරා අනාගතයක් නැහැ. පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කර දරුවන්ට ණය අධාර යටතේ අධ්‍යාපන හදාරන්න අවස්ථාව ලබාදෙන්න. කරුණාකර සියලු දෙනාම තේරුම් ගන්න අපිට වෙන්න යන විනාශය.

:       0       30

hesaSunday, 03 October 2021 11:03 PM

පරිස්සමෙන්

:       0       0

චන්දන Monday, 04 October 2021 08:16 AM

ජර්මනියට කරපු විදිය අධ්‍යයනය කරන්න. වියදම් කපා හැරලා තමා එරට එයා ගොඩ ගත්තේ. හොරකමේ නොගිහින් රටේ නිෂ්පාදනය වැඩි කලා. එයම තමා ලංකාවෙත් කල යුත්තේ

:       0       5

sharm warn Monday, 04 October 2021 08:58 AM

අපිට පෙනෙන්නේ රජයේ වියදම් කපලා පාරවල් හදන කොන්ත්‍රාත් තව එක එක ව්‍යාපෘති හරහා ඒ අයගේ සාක්කුවට ගාන දාගනියි ලස්සනට

:       0       2

Prasheen Monday, 04 October 2021 12:42 PM

ආදායම කීයකින් වැඩි වෙලාද?

:       0       3

DILUM Monday, 04 October 2021 04:07 PM

නූගත් පාලනයක ලක්ෂණ. අධ්‍යාපනයට වියදම් කරන එකෙන්ම සෞභාග්‍ය හිතාගන්න පුළුවන්

:       1       2

chandima Tuesday, 05 October 2021 06:22 AM

බය වෙන්න එපා. තෙල් නිධි ටික විකුණලා සල්ලි හම්බවුනාම හිඟ පියවගන්න පුළුවන්නේ

:       0       0

saminda Wednesday, 06 October 2021 02:47 PM

ආරක්ෂාව වෙනුවෙන් වැඩිපුර මුදලි යෙදව්වම තේරුමක් නැහැ.ආරක්ෂක අමාත්‍යංශයත් වගකියන්න ඔනි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 2144 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 410 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 701 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1063 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 184 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 652 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 731 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site