IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘රජය වෙස්සන්තර නාඩගම පටන් අරන්‘

වත්මන් ආණ්ඩුවම වැඩි කළ බඩු මිලෙන් සොච්චමක් අඩුකර මහා ලොකු දෙයක් කළා යැයි ජනතාවට පෙන්වන්න ආණ්ඩුව ඇස්බැන්දුම් වැඩ  පටන් ගෙන ඇතැයි   එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද මාධ්‍ය හමුවක දී කීවේය.

‘එක්සත් ජාතික පක්ෂය බලයෙන් යන විට පෙට්‍රල් ලීටරය තිබුණේ රුපියල් 52කට වගේ ගණනකට. එය රුපියල් එකසිය හැට ගණන් දක්වා වැඩි කළේ වෙන කවුරුත් නෙවෙයි. මේ ආණ්ඩුව විසින්මයි. මේ මායාකාරී වැඩත් හරියට ඇලඩින්නේ පුදුම පහන වගෙයි. ආණ්ඩුවේ සෙප්පඩවිජ්ජා ගැන මුළු රටම හොඳ අවබෝධයක් ලබා තිබෙනවා.

2005 සිට දෙන්න බැරිවුණු සහන, යුද ජයග්‍රහණයෙන් පස් වසරකට පස්සේ දෙන්න බැරිවුණු සහන, දැන් කඩිමුඩියේ දෙන්න තරම් කරුණාවක් පහළ වී ඇත්තේ ඇයි කියා ඕනෑම කුඩා දරුවකුට පැහැදිලියි. මේ ආණ්ඩුවේ වෙස්සන්තර නාඩගම තියෙන්නේ මැතිවරණ කාලෙට විතරයි, ඡන්දෙන් පසු දෙව්දත් චරිතයයි රඟපානේ කියා රටේ ජනතාවට හොඳ අවබෝධයක් තියෙනවා.

යුද්ධය අවසන් කළ යුද හමුදාපතිට අද තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්නවත් අවස්ථාවක් දීලා නෑ. හැබැයි කොටි සන්ධානයේ හිටපු සමහරුන් දැන් ඇමැති මණ්ඩලයේ.‘

සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව පහත වීඩියෝවෙන්...



අදහස් (0)

‘රජය වෙස්සන්තර නාඩගම පටන් අරන්‘

දයාල් Monday, 20 October 2014 05:08 PM

ඔපෙක් එකෙන් තෙල් මිල වැඩිකරකොට ලංකාවේ වැඩිකරනවා කියමුකෝ. එතකොට අඩු කරනකොට අඩුකරන්නේ නැතුව ඡන්දෙ කාලෙට අඩුකරන්නේ ඇයි. දැනට තෙල් වලට 43% බදු. අනෙක් හැම රටකම කරන්නේ තෙල් මිල වැඩිවෙනකොට තෙල්වලට ගහන බදු අඩුකරනවා. ලංකාවේ කරන්නේ තෙල් මිල අඩුවුණත් වැඩිවුණත් බදු වැඩි කර කර ඡන්දෙට සොච්චමක් අඩුකරනවා. (නි)

:       0       0

කසුන් Monday, 20 October 2014 05:09 PM

මෙතන 100% බදු ගහලා තියෙන්නේ. ලෝකේ වෙළදපොලේ බාගෙට බාගයක් අඩුයි. මැදපෙරදිග සෞදියේ වෙන්නේ රුපියල් 24යි. අපේ රට තමයි ජීවන වියදම වැඩිම රට (නි)

:       0       0

අමන්දා Tuesday, 21 October 2014 05:58 AM

ලබන පාර මම ජනාධිපතිවරනයට එනවා ඇවිත් දිනලා හැම පවුලටම ලැම්බොගිනියකුයි, හොඳ ෆෝන් එකකුයි දෙනවා. මට කතිරේ ගහන්ඩ. (අ)

:       0       0

ටෙනිසන් Monday, 20 October 2014 05:53 PM

අනේ මහත්තයෝ, මොනවද මේ කියවන්නේ? (නි)

:       0       0

රූපවතී Monday, 20 October 2014 06:24 PM

අම්මෝ! මට නම් කොපමණ බදු මිල වැඩිවුණත් කමක් නැහැ ලංකාවේ. නිවාඩු කාලයට ලංකාවට ආවාම පවුලේ අය මාව කවදාවත් කඩේට යවන්නේ නැහැ. ඔය තියෙන කෑළෑ කොළ ටිකක් තිබුනොත් මට තුන් වේලටම ඇති.දැන් ලංකාවේ තියෙන දේවල් කන්නත් බයේ බැහැ, වස කාලා අකාලේ මැරෙන්නත් බයයි (නි)

:       0       0

ටියුඩර් Monday, 20 October 2014 06:56 PM

අපි නම් ඕනෑ නාඩගමකට ඔට්ටුයි (නි)

:       0       0

අමන්දා Monday, 20 October 2014 08:24 PM

ඒ වුණාට යූ.එන්.පී. කාලේ මිනිසුන්ට සල්ලි තිබුනා (නි)

:       0       0

නිශාන්ත-ඇමෙරිකා Monday, 20 October 2014 08:30 PM

එතකොට ඔබතුමාලට පැට්‍රල් ගැන විතරද ඇහුනේ? (නි)

:       0       0

නිරෝෂ් Monday, 20 October 2014 08:42 PM

එතකොට තෙල් ගැනුම් මිලයි විකිණුම් මිලයි අතර පරතරය අහස පොළව වගේ වෙන්නේ කාගේ අබිමතයටද? (නි)

:       0       0

දයාල් Monday, 20 October 2014 09:12 PM

යු.එන්. පි. රජයන් කාලේ එක සොච්චමක් අඩුකළාද? අතීතය අමතකද ඔබට? දෙන්නම්කෝ අපි ඡන්දය (නි)

:       0       0

නඩරාජා Monday, 20 October 2014 09:17 PM

යුද්ධය වවාගෙන කෑවේ කවුද කියලා අමතක වෙලාද? බලාගෙන ඉන්නකෝ... (නි)

:       0       0

ප්‍රසංග Monday, 20 October 2014 10:15 PM

ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වැඩිවෙන විදිහටම අපෙත් මිල අඩු වැඩි වෙනවා නම් කියලා හිතෙනවා (නි)

:       0       0

යොමාල් Monday, 20 October 2014 11:35 PM

කවුරු ‍මොන නාඩගමක් නැටුවත් අන්තිමට තැලෙන්නේ අපි (නි)

:       0       0

මුතු Tuesday, 21 October 2014 12:23 AM

ලෝක වෙළඳපොළ තෙල් මිල ඔපෙක් එක හරහා ඇ/ඩොලරය අඩුවැඩි වීම අනුවයි බොර තෙල් බැරලයක මිළ තීරනය කරන්නේ. දූෂණය නාස්තිය වැඩි රටක මිල අඩුකිරීමේ හැකියාව ඉතා විරලයි. තිබුනු අවස්ථාද පොදු ජනතාවට ලබා නොදීමත් බලධාරීන් කළ දෙයක් (නි)

:       0       0

අශේන් Tuesday, 21 October 2014 01:47 AM

ආණ්ඩුව රට දියුණු කරන්න ගොඩක් දේවල් කරනවා. නමුත් එක හොඳ වැඩක් කරද්දී තව නාඩගම් පන්සීයක් විතර නටන එක තම ප්‍රශ්නය. (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 21 October 2014 02:09 AM

මට මතක් වෙනවා අපි රන් හැන්දෙන් කිරි පැණි කෑව කාලය. අනේ එහෙම කිරියෙන් පැණියෙන් උතුරපු, රටේ නීතිය සැමට සමානව බෙදුණු, විරුද්ධ පාක්ෂිකයින්ට සහෝදරවරුන්ට වගේ සළකපු, දුෂණ වංචා නැති මර බිය නැති පාලකයෝ පාලිතයෝ හතර පෝයට සිල් ගත් යුගයක් ආයේ කවදා එයිද? නේද ලලිත් මහත්තයෝ? ඔයා සෞදියේම ඉන්න.මෙහෙට එන්න එපා. (නි)

:       0       0

ඩිල්ෂාන් Tuesday, 21 October 2014 02:23 AM

ලබන අප්‍රියල් වෙනකම් අපිට නම් නත්තල් (නි)

:       0       0

සමීර සාලින්ද Tuesday, 21 October 2014 09:55 AM

සරත් ෆොන්සේකාගේ නම හමුදාපතිවරුන්ගේ ලැයිස්තුවෙන් අයින් කරලා. මම අද බැලුවා මොකද මේ 2005-2009 දක්වා හමුදාපති කෙනෙක් නෑ වගේ නේද කියා. ඔබලා සරත් ගේ නම අයින් කරලා තියෙන්නේ. මේවා හෙන ගහන අපරාද (නදී)

:       0       0

ඉසුරුන්දි Monday, 20 October 2014 01:33 PM

කවුරු කවුරුත් මොන නාඩගම නටන්න පටන් ගත්තට කමක් නැහැ ආපහු රට අක්‍රිය කරන්නේ නැතුව.මේ උදාකරගත්ත සාමය ඉදිරියටත් ගෙනියන්න ඕනේ පර සුද්දට වහල් නොවී.කාට කාටත් ඇස් ඇරෙන්නේ ඡන්දයක් කිට්ටු වෙද්දී තමයි. (අ)

:       0       0

දකුණේ සිල්වා Monday, 20 October 2014 01:53 PM

ගයන්ත මන්ත්‍රී තුමෝ ඔයාට සාමාන්‍ය දැනුමවත් නැහැනේ. ,,පෙට්‍රල් වල මිල වැඩි වෙන්නේ ලෝක තෙල් මිල අනුව. එය කරන්නේ රජය නොවේ. ඔපෙක් එක. අනේ අපොයි යූ එන් පී එකට ගිය කල. (ස)

:       0       0

නිශාන්ත Tuesday, 21 October 2014 03:37 AM

මිනිසුන්ට අතීතය මතකයි. ඔබතුමාලට මතක නැහැ. (නි)

:       0       0

ගයාන් Tuesday, 21 October 2014 03:37 AM

අපිට තිබෙන ප්‍රශ්නය තෙල් මිලවත් බඩු මිලවත් නොවෙයි. රටේ ආරක්ෂාව. (නි)

:       0       0

සුරංගි Monday, 20 October 2014 01:59 PM

චීන නම් අපට හොඳා. සුද්ද එපා, (ස)

:       0       0

රණසිංහ Tuesday, 21 October 2014 03:42 AM

රූපවතීට හැමවෙලේම කියන්න ඕනෑ, එය ඉගෙනගත්ත කෙනෙක්, පිටරට ඉන්නේ.... කියලා. මාතෘකාවට අදාලව නෙමෙයි කතා කරන්නේ (නි)

:       0       0

නදිනි Monday, 20 October 2014 02:32 PM

එතකොට ගයන්ත මන්ත්‍රී තුමා කියන්නේ ජෙනරාල් ෆොන්සේකා මහත්තයට දෙපාරක්ම දිනන්න දෙන්න කියලද? හොඳට තියෙයි. එක මහත්තයෙකුට යන්තම් ආතතිය විතරක් හැදිලා බේරුනා. දැන් ඉන්න එක්කෙනාට මොනවා වෙයිද කියන්න බැහැ. අනේ අපරාධනම් කරන්න හදන්න එපා ඔන්න. (අ)

:       0       0

සමීර සාලින්ද Tuesday, 21 October 2014 04:20 AM

එදා විවාදය අපිට තවම මතකයි (නි)

:       0       0

සීල Monday, 20 October 2014 03:08 PM

එක එකා වෙස්සන්තර හදන්න වේවි මහජනයාට අයිති මුදල් කොල්ල කාල. දැන්වත් ඡන්ද කාලේ ලං වෙන්කොට වෙනකොට ඔය 'යුද්දේ' විකුණගන නොකවොත් හොදා. (අ)

:       0       0

ගුණේරත්න Tuesday, 21 October 2014 04:34 AM

කිරි පැණි ලැබේවි කියලා හිතලා පත්කරගත්තා මදෑ. අන්තිමේදී හරක් බානත් විකුණන්න වෙලා එදිනෙදා වියදම පිරිමහගන්න. අසවල් රාජ්‍ය සමයෙහි පටන් මෙහෙමයි කිය කියා ඉන්න අයට නම් ජීවන ප්‍රශ්නයක් නැතුව ඇති. (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 21 October 2014 04:40 AM

හැමෝම යු.එන්.පි. එක අත උඩින් දිනනවා කිව්වට මෙහෙම කතා කරන්නේ පොඩි චකිතයකුත් හිතේ තිබෙන හින්දා වගෙයි. (නි)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Monday, 20 October 2014 04:31 PM

ගයන්ත මන්ත්‍රී තුමා ඔබ පෙට්‍රල් මිල ගැන කතා කරනවානම් ඔබ දන්නේ නැත්නම් දන්නා කෙනෙක්ගෙන් අහලා දැනගන්න 1977 යු එන් පි ආණ්ඩුව බලයට පත් වෙනකොට පෙට්‍රල් ලීටරයක මිල කීයද ? ඊට පසු එම ආණ්ඩුව බලයෙන් ඉවත් වන විට මිල කීයද කියල. නිකන් මෝඩ කතා කියන්න එපා මන්ත්‍රී තුමා. (අ)

:       0       0

ලලිත් Monday, 20 October 2014 04:59 PM

ජයසිරිටයි මම මේ කියන්නේ. ඔබත් වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැති වගෙයි. යු.එන්.පී කාලේ තිබිච්ච මිලට සාපේක්ෂව සියදහස් ගුණයක් බඩුමිල වැඩිකළේ මේ ආණ්ඩුව නෙමෙයිද? දුප්පත්ම මිනිහ ජීවත් වුන 120000 ට තිබුනා ත්‍රීවීල් එක අද ලක්ෂ 6 ට ගියේ කොහොමද ඔබ දන්නවද? 1994 සෞදි අරාබියේ පැට්‍රල් ලීටරයක මිල රුපියල් 15 යි ඩීසල් මිල රුපියල් 7.50 යි ඔබ දන්නවද අද කීයද කියලා. ඒ ගානමයි. වෙනසක් නැහැ. අැයි ඒ ? ගසා කෑම හොරකම වංචාව, කොමිස් ගැහිලි මෙහෙ නැහැ. නීතිය රජාටත් එකයි පුරවැසියාටත් එකයි විදේශිකයටත් එකයි. (නදී)

:       0       0

රූපවතී Tuesday, 21 October 2014 05:29 AM

වෙන මොනවා කියන්නද රණසිංහ එයිටත් වඩා. ඔයාලට යන්න පුලුවන් නම් ඔයාලත් රට යයි දරු මල්ලොත් එක්ක. ලංකාවේ තියන භයානක තත්වේ පෙනෙන්නේ අපි වගේ දුරක ඉදන් බලන මිනිසුන්ට මිස, පැණි හැලියට වැටුන එකා එ්කේ තියන පැනි ටික ලෙව කකා රස බලනවා මිස ඊ ලගට එහි ඇති භයානක කම ගැන මොකුත්ම හිතන්න සිහියක් නැහැ. ලංකාවේ මිනිසුන් රැල්ලේ දුවනවා. ඉදිරියේ විදින්න සිදුවෙන පල විපාක. නූපන් දරුවෝ තමයි විඳවන්නේ. දැනටම පෙනෙනවනේ. ලංකාවේ ඇති ආරක්ෂාව. පාරක යන්න තියා තම නිවසේ නිදාගන්න බයයි ඇස් දෙක පියාගෙන. හැම වෙලේම එක ඇහැක් ඇරගෙන සෝදිසියෙන් තමයි නිදාගන්න ඕනේ තම නිවසේ. මරණ බය (නදී)

:       0       0

රූපවතී Tuesday, 21 October 2014 05:36 AM

රණසිංහ, හැමෝම ලියල තියෙන්නේ තෙල් මිල ගැන. මෙලෝ රහක් නැහැ. අනික මට තෙල් ලීටරය ඩොලර් 100 ට ගියත් කමක් නැහැ ලංකාවේ. මට ලංකාවේ වාහනයක් නැහැ. මේ ඉන්න රටේ ලංකාවට වඩා චුට්ටක් අඩුයි තෙල් මිල. ඉතින් මෙහෙ වැඩි උනොත් නම් ඔන්න ඉතින් මට හොදටෝම කේන්ති යයි. ඔය බඩු මිල ගැන හැමදාම කියන දේ අපිට ඇතිවෙලා දැන් රණසිංහ. අනික හැමෝටම වෙන දේ අපිටත් වේවි කියල බලන් ඉන්නවා. ලංකාව සහ එහි ගැටෙන අසරණයින් ගැන පුදුම දුකයි මෙහෙම ලියන්නේ. (නදී)

:       0       0

සම්පත් Monday, 20 October 2014 05:04 PM

77 ට පළමුව පාන්ගෙඩිය ශත 25යි. ඔබතුමාලා ගෙදර යද්දී පාන් ගෙඩිය කීයද? නිකන් හ‍ඳෙන් බැහැලා වගේ කතාකරන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 39 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 434 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 241 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 352 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1096 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2885 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site