(සුජිත් හේවාජුලිගේ)
මෙරට බරපතළ පාඩු ලබන රාජ්‍ය ආයතන සංඛ්‍යාව 32ක් දක්වා ඉහළ නැග ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) පවසයි.
මින් වැඩිම පාඩු ලබන රාජ්‍ය ආයතනය ලෙස ශ්‍රී ලංකන් එයාර් ලයින් හඳුනාගෙන ඇති අතර එම ආයතනය ලබා ඇති පාඩුව රුපියල් කෝටි තිස් හත් දහස් දෙසීයකි.
මීට අමතරව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ සතොස යනාදියද බරපතළ පාඩු ලබන ආයතන ලෙස හඳුනාගෙන ඇතැයි එම කමිටුව සඳහන් කරයි.
මෙම ආයතනවලින් බහුතරයක් පාඩු ලැබීමට හේතුවී ඇත්තේ පසුගිය රජය සමයේදී එම ආයතනවල සිදුවූයේ යැයි කියන දූෂණ අක්‍රමිකතා සහ කාර්යසාධනයේ අඩුපාඩු බව විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇතැයි කෝප් කමිටු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර කොරෝනා තත්වය නිසා ඇතිවූ ආර්ථිකමය බලපෑම්ද මෙම ආයතන යම් යම් ආකාරයට පාඩු ලැබීමට තවත් ප්‍රධාන හේතුවක්වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ විශේෂ උපදෙස් මත දැනටමත් විශේෂිත වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රජය සුදු අලි 32ක් පෝෂණය කරයි
kamal Saturday, 27 November 2021 10:36 AM
පහුගිය රජයේ පාඩු ඇමෙරිකාවෙන් එළිවෙනවා. මේ රජයේ පාඩු ඊළඟ රජයෙන් එළිවෙනවා. කොයි පොඩි ළමයාද ඕක නොදන්නේ...?
Sanka Saturday, 27 November 2021 11:25 AM
මේවාට හරියට වැඩ කරන්න පුලුවන් මිනිස්සු දැම්මා නම් දියුණු වෙනවා. මේවාට දේශපාලන පන්දන් කාරයින් දානවා... දාපු දවසේ ඉඳන් හොරකන් කරනවා. ඊට පස්සෙ කියනවා පාඩුයිලු. මිනිස්සු නිකන් බඩු ගන්නෙත් නෑ. නිකන් විදුලිය ගන්නෙත් නෑ.
පැරකුම්Saturday, 27 November 2021 01:11 PM
මේව තමයි කෙලින්ම පෞද්ගලික අංශයත් එක්ක හවුල් ව්‍යාපාර බවට හරවන්න ඕන.
Hafeel Sunday, 28 November 2021 07:43 AM
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වත්මන් සභාපති එක්තරා යූටියුබ් නාලිකාවට එදා ප්‍රකාශ කළේ, මේ ආයතනය එයාට ලාබ ලබන ආයතනයක් බවට පත් කරන්න පුළුවන් කියලත්, එසේ එහෙම ගොඩ නගන්න බැරිනම්..., තනතුර දාල යනවයි කියලත් කිව්වා. නමුත් එහෙම කිව්වපරිදි තාම ගොඩදාලත් නැහැ... තනතුර දාලා ගිහිල්ලත් නැහැ. ඒ වගේම සතොස මෙහෙම පාඩු ලබද්දීත්, ඇමැති බන්දුල මාසිකව රුපියල් ලක්ෂ 80ක මුදල් නාස්ති කරමින් ඔහුගේ කාර්යාලය සඳහා නව ගොඩනැගිල්ලක් බද්දට අරගෙන... කොහොමද රට ගොඩනගන සෙට් එකේ ආදර්ශය...!!!
සුරලොව ඇල්මන් Saturday, 27 November 2021 05:55 PM
පළාත් සභා තරම් තවත් සුදු අලියෙක් සිටීද කියන්න... ?