(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය සේවකයාට පඩි විතරක් දී හරියන්නේ නැතැයි ද ඔවුන්ගේ පුහුණුව ගැනත් බැලිය යුතු යැයි ද පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රාජ්‍ය ආයතන 52ක් රජයෙන් එලියට ගන්නා හැටි කතා කරනවාට වඩා ඒවා ඵලදායී අයුරින් පවත්වාගෙන යාමට සැලසුම් හැදීම උචිත බවද මන්ත්‍රීවරයා කීය.
ඉඩම් ප්‍රතිපත්තිය හරියට ක්‍රියාත්මක නොකළොත් විශාල අර්බුදයක් පැමිණිය හැකි බව කී මන්ත්‍රීවරයා පාසල් අධ්‍යාපනය මෙන්ම උසස් අධ්‍යාපනය බරපතල ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින අතර ඒ ප්‍රතිසංස්කරණ නොකළහොත් අධ්‍යාපනයේද අර්බුදයක් ඇතිවිය හැකි බව සඳහන් කළේය.
අයවැයෙන් ඉදිරිපත් කළ උසස් අධ්‍යාපන අධ්‍යාපන කොමිසමක් හැදීමේ යෝජනාව තමාද පිළිගන්නා බව චරිත හේරත් මහතා සඳහන් කළේය.
රටේ ආර්ථිකය ගණන් හදා විසඳන්නට බැරි අතර ඊට සංකල්පමය වෙනසක් අවශ්‍ය වන බව හේරත් මහතා කීය.
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රජයේ සේවකයාට පඩි විතරක්දී මදි
ශ්‍රියන්ත Tuesday, 14 November 2023 06:45 PM
මෙතුමා මෙහෙම කිව්වට රජයේ සේවයේ නිළධාරින් මෙන්ම සේවකයින් පුහුණුවක් ගැන කිසිම සැලකීමක් නැහැ සමහරක් පිරිස් හිතාගෙන ඉන්නෙ අධ්‍යාපන සහතිකය තරම් කිසිවක් වටින්නේ නැහැ කියලා තමයි ඒක සාමාන්‍ය නිළධාරි පමණක් නොවෙයි ජ්‍යේෂ්ඨ මට්ටමේ නිළධාරි වුනත් සළකන්නෙ සේවය ඇතුළත් වූ සුදුසුකම් පමණයි මෙතුමාගේ අදහස් ඉතාමත් නිවැරදියි ක්‍රියාත්මක කරන්න අවශ්‍යම වෙනවා උදාහරණයක් හැටියට මම කියන්නෙ එක් පරිපාලන නිළධාරි කෙනෙක් හිටියා එයා ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි හා රජය වවරින්වර නිකුත්කරන චක්‍රලේඛ ගැන හොද අවබෝධයක් තිබුන කෙනෙක් .නමුත් එයා අන්තිමට සේවය කල ආයතනයේ ලොක්කා මෙයාට කිව්වෙ ආච්චි කියලා තමයි නමුත් ඇය තරුණියක් වගේ හිටියා ඒ ලොක්කා ඇයට වඩා මෑතකදී සේවයට පැමිණි නවකයින්ගේ (පරිවාස කාලයේ සිටි) උපදෙස් අනුව කටයුතු කලා ,ඉතින් එහෙම මිනිස්සු එක්ක රාජ්‍ය සේවය මෙතරම් හෝ තියෙනවා පුදුමයි නේද කැමති කෙනෙකුට එම කාර්‍යාලය සොයාගන්න ක්‍රමයක් කියන්නම් දීප ව්‍යාප්ත සේවවන් වන ගණකාධිකාරි හා සැලසුම් සේවයේ නිළධාරින්ට එම කාර්‍යාලයේ පරිපාලන සේවයේ දෙවනියා යටතේ සංවිධාන ව්‍යුහය සකසා තියෙනවා
Roshan Tuesday, 14 November 2023 07:59 PM
රාජ්‍ය සේවකයන තමයි මේ රටට තියෙන ලොකුම හෙනය. උන්ව තවත් පෝෂණය කරන්න හදලා මුන්ට ආපහු පාර්ලිමේන්තුවට එන්න හදන්නේ
විශ්‍රාමික පුලන්නා. Tuesday, 14 November 2023 08:40 PM
රජයේ විශ්‍රාමික ප්‍රජාවට අපේ ගරු මුදල් ඇමැතිතුමා දිනකට සාම්ප්‍රදායිකව පරිභෝජනය කරණ වඩේ එකකට සහ ප්ලේන්ටියකට පමණක් ප්‍රතිපාදන වෙන් කර ඇත. සුඛී දීඝායුකෝ භව...!!!
Bamunuarachchi Wednesday, 15 November 2023 01:58 AM
ඔව් ඔව් පඩි විතරක් මදි අවුරුද්දට දින 365 නිවාඩු දෙන්න, දවසට පැය 24 OT දෙන්න, හම්බ ගැහැනුන්ට උන්ගේ ඇමතියා දුන්නා වගේ ගෙදර ඉඳන් වැඩ කරන්න දෙන්න. මුන් වැඩිපඩි ඉල්ලන්නේ පොටෝ කොපි ගහල දෙනවා කියලා හිතාගෙන වගේ. වැඩි පඩි ඉල්ලන එවුන් රජය ඒ ආදායම හොයන හැටිත් කියපියව්.
abaran Wednesday, 15 November 2023 05:00 AM
පළමුකොටම කියන්න ඕන මෙයා මෙච්චරම අවංක නම් ම්ම් හිටපු මහාචාර්ය මිසක දැන් මහාචාර්ය නොවන බව . මහාචාර්ය කියන්නේ වී වීද්‍යාලයක තනතුරක්. සම්මානිත මහාචාර්ය නොවන කිසිවෙකුට වී විද්‍යාලයෙන් ඉවත්වූ පසු මහාචාර්ය කියල අමතන්න බැහැ . නමුත් බාල දේශපාලනේ යෙදෙන සමහරු දැක්කොත් බුවා නොදක්කොත් එබුවා න්‍යායෙන් මෙමගින් වාසියක් ගන්නවා .
PGPThilak Wednesday, 15 November 2023 08:10 AM
පඩි විතරක් මදිනම් ගෑනිත් දීපල්ලා... කාලකන්නි අමනයින් රට නැත්තටම නැති කරන්න හදනවා...!
අප්පුහාමි Thursday, 16 November 2023 10:35 AM
මේකට හොද උදාහරණයක් අත් දැකීමක් අනුව කියන්න පුළුවන් සාමාන්‍යයෙන් තනතුරු සදහා සීමිත විභාගය හා විවෘත විභාගය ලෙසට ක්‍රම දෙකකට රජයේ සේවයේ බදවා ගැනීම කරනවා එක දෙපාර්තමේන්තුවක ගිය වසරේ සීමිත විභාගය තියල මේ වසරේ විවෘත විභාගය පැවැත්වා අවසන් වුනා මේ ඉල්ලුම් පත්‍ර කැදවීමේදී කියනවා මෙයින් 30% සීමිතව ගන්නවා කියලා සීමිත විභාගයේදී 70% විවෘතව ගන්නවා කියනවා සාමාන්‍යයෙන් විභාග දෙකට විෂය නිර්දේශ දෙකක් තිබිය යුතුය අභ්‍යන්තරයෙන් ගන්න අයට එහි ඇතුලේ සිටින අයට තියෙන දැනුමක් නැහැ කල්පනා කර වැඩක් කරන්න නොදන්නා අයට දන්න කෙනෙක් කිව්වත් අහන්නෙ නැහැ කරන්නෙ වෙන දෙයක් රාජ්‍ය සේවයේ දීර්ඝ පලපුරුද්දක් තිබෙන කෙනෙක් කිව්වත් සමහරක් නිළධාරිණීයන් ඒවා පිලිගන්නේ නැහැ ඇහුවම කියන්නෙ පීඑස්සී එකෙන් එවපු එක තමයි ප්‍රශිද්ධ කලේ කියලා ඔවුන් කැමති නැහැ බුද්ධිය කළඹා කලයුත්තේ කුමක්ද කියලා තීරණය කරන්න මේ ගැන ගරු රාජ්‍ය සේවා කොමිසමේ සභාපතිතුමා ගරු සාමාජිකයන් හා ලේකම්තුතුමා අවධානයට ගනිත්වා