IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව ප්‍රවාහන,මහමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ජාවේදී අමාත්‍යවරයා මේ බව කීය.

2025 අයවැය මඟින් එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මීට පෙර ලබා දී තිබුණ බවද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද විශේෂඥ කමිටුව විසින් රාජ්‍ය නිලධාරීන්ගේ සහ රාජ්‍ය අංශයේ ප්‍රධාන වෘත්තීය සංගම් සමග සාකච්ඡා කර අදාළ තොරතුරු විශ්ලේෂණය කර වාර්තාව සකස් කර ඇතැයි ද රජය පවසයි.

එම වාර්තාවේ නිර්දේශ අනුව එහි සඳහන් යෝජනා සඳහා අනුමැතිය ලබාදීමටත් අදාළ යෝජනා 2025 වසරේ අයවැයට ඇතුළත් කර ක්‍රියාත්මක    කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බවද අමාත්‍යවරයා මෙහිදි පැවසීය.

සමස්ත රාජ්‍ය සේවයේ සියලුම තනතුරු ප්‍රධාන මට්ටම් 4ක් යටතේ වර්ගීකරණය කර, එක් එක් කාණ්ඩය ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය (SLQF) හා ජාතික වෘත්තීය නිපුණතාවය (NVQ) පදනම් කරගනිමින් හා අදාළ රැකියා කාර්යභාරය, වගකීම් හා විශේෂ රැකියා සඳහා නිපුණත්වයකින් යුත් සේවකයින් ආකර්ෂණය කරගැනීම හා රැකියාවන්හි රඳවා ගැනීම සැලකිල්ලට ගෙන බඳවා ගැනීමේ සුදුසුකම් අනුකාණ්ඩවලට වර්ගීකරණය කිරීම.

ප්‍රාථමික සේවා කාණ්ඩ සඳහා ද බදවා ගැනීමේ මුලික සුදුසුකම් ලෙස ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය, ජාතික වෘත්තීය නිපුණතාව පදනම්ව සේවා අවශ්‍යතාව පරිදි සුදුසු තෝරා ගැනීමේ ක්‍රමවේද අනුගමනය කිරීම.

අනෙකුත් සියලුම සේවා කාණ්ඩ සඳහා විධිමත් තරග විභාග හා සම්මුඛ පරීක්ෂණ ක්‍රම මඟින් පමණක් බඳවා ගැනීම,ඒ අනුව යෝග්‍ය පරිදි දැනට පවතින අනුමත බඳවාගැනීමේ පටිපාටි කඩිනමින් සංශෝධනය කිරීම,

2025 පාදක වසර ලෙස සලකා ජීවන වියදම් දීමනා සඳහා සිදුකර ඇති විවිධ ගැලපීම් හා මේ වනවිටත් එක් කොට ඇති දීමනා සියල්ල ඒකාබද්ධ කොට, සියලුම රාජ්‍ය සේවකයින් සඳහා (සෑම වසර 3කටම වරක් සංශෝධනය කිරීමට යටත්ව) ජීවන වියදම් දීමනාව ලෙස මාසිකව රුපියල් 25,000ක් ගෙවීම,

රාජ්‍ය සේවයේ අවම ආරම්භක මාසික වැටුප 24%ක අවම ප්‍රතිශතයකින් වැඩි කොට, ජීවන වියදම් දීමනාව සමග දළ වැටුප රුපියල් 55,000ක් ලෙස ගෙන, අනෙකුත් සියලුම තනතුරු සඳහා මුලික වැටුප ඒ අනුව ගැලපීම,

ව්‍යාපාරික රාජ්‍ය සමාගම් හා බැංකු හැර අන් සියලුම රාජ්‍ය ආයතන සඳහා මෙම නව වැටුප් හා දීමනා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම,

2030 වනවිට රාජ්‍ය සේවයේ සමස්ත සේවක මණ්ඩලය ලක්ෂ දහයක් හෝ ඊට අඩු මට්ටමක් දක්වා සීමා කර ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම,

ඒ අනුව 2025 සිට වසර 3ක් ඇතුළත සමස්ත රාජ්‍ය සේවයේ හැකි සෑම ක්ෂේත්‍රයක් තුළම ඩිජිටල්කරණය හා ස්වයංක්‍රීයකරණය තුළින් ඉලෙක්ට්‍රොනික පද්ධති මඟින් රාජ්‍ය පාලනය සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දීම හා ඒ සඳහා රාජ්‍ය ආයෝජනයේ ප්‍රමුඛතාවය ලබාදීම,

හැකි සෑම අවස්ථාවකදීම බාහිර සේවා වැනි ක්‍රමවේද මඟින් රජයේ වැය බර අවම වන ලෙස කාර්යක්ෂමතාව උපරිම වන පරිදි නියමිත ක්‍රමවේද අනුගමනය කරමින් සේවා ලබාගැනීම,

හඳුනාගත් රාජ්‍ය දෙපාර්තමේන්තු / සංස්ථා / ව්‍යවස්ථාපිත ආයතන කොටස් වෙ‍ෙළඳපොළෙහි ලැයිස්තුගත සිමීත පොදු සමාගම් බවට පත්කිරීමේ ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම,

නිසි වැඩ අධ්‍යයනයක් සිදුකොට සමස්ත රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩලවල හා සේවා පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකිරීම සඳහා 2025 වසර තුළ කටයුතු කිරීම,

ඒ අනුව සියලුම රාජ්‍ය සේවකයින් සඳහා කාර්යසාධක දර්ශක සකස් කොට, එහි ප්‍රගතිය පදනම් කරගනිමින් වැටුප් වර්ධක ලබාදීම

2020 වසරට පෙර විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරීන් හට හිමිකම් ලැබූ වැටුප් වර්ධක ලබාදී ඔවුන්ගේ විශ්‍රාම වැටුප සංශෝධනය කර අදාළ විෂමතා නිරවුල් කිරීම.

විශ්‍රාමිකයින් සඳහා ජීවන වියදම් දීමනාව, සක්‍රීය සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් සඳහා ලබාදෙන ජීවන වියදම් දීමනාවෙන් 50%කට සමාන වන පරිදි 2025 ජනවාරි මස සිට ලබාදීම,

දැනට පවතින බදු ප්‍රතිපත්තිය තුළම මෙම වියදම් කළමනාකරණය කිරීමට යටත්ව, මෙම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීම සහ යෝජිත වැටුප් ක්‍රමය 2025.01.01 දින සිට රාජ්‍ය මූල්‍ය අවකාශ ද සැලකිල්ලට ගෙන අදියරගතව ක්‍රියාත්මක කිරීම යන කරුණු අමාත්‍ය මණ්ඩල සැලකිල්ලට ගෙන ඇත.



අදහස් (8)

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

Rata Perata Tuesday, 13 August 2024 04:18 PM

එන කෙනෙක්ට ඔලුව ඔලුව උස්සන්න බැරි කරලාම යන්න වගේ හදන්නේ. දැනටමත් රටේ ආදායමෙන් වැඩි කොටසක් යන්නේ රාජ්‍ය සේවක වැටුප්වලට. නුසුදුසු අය තනතුරු වලට පත් වුණාම ඕක තමයි වෙන්නේ...!

:       1       0

Wasantha Tuesday, 13 August 2024 04:52 PM

දැනටමත් දීමනා එකතුව 25300 ක් ගෙවනවා.

:       0       0

Prabha Tuesday, 13 August 2024 05:38 PM

වතු කම්කරු පඩිය, විශ්‍රාම වැටුප්, රජයේ සේවක පඩි, මේවා ඔක්කොම කරන්නේ ඡන්දෙ බලාගෙන...

:       0       0

ana Tuesday, 13 August 2024 07:01 PM

අල්ලසක්...!

:       0       0

Herath Tuesday, 13 August 2024 09:18 PM

Good .පටිපාටිය වෙනස් විය යුතුයි. මට computer hardware nvq තියනවා. නමුත් circular නිසා මට අදාල නිපුණතාවට මේ තැනට යන්න අවස්තාව නැහැ. මෙය වෙනස් විය යුතුයි. මගේ අමාත්‍යාංශයේ Hardware team 1 තියනවා. නමුත් ඒ සඳහා සම්බන්ධ විය නොහැකියි.

:       0       0

ජයනාත් Wednesday, 14 August 2024 07:55 AM

25000 දීමනාවත් ප්‍රෝඩාවක්.දැනටමත් 17500 ලැබෙනව. ඒක ලබන මාසෙ ඉඳන් වැඩිවන 5000 එක්ක 22500 වෙනව. එහෙමනම් සත්‍ය වැඩිවීම 2500යි. මේ විදියට ජනතාව රවට්ටන්න එපා. අලුතින් යෝජනා කරන 1000 ක රක්ෂණ ක්‍රමයට ඒ වැඩිවෙන 2500 න් 1000 කපා ගන්නව. ටැක්ස් වලට ගෙවන්න වෙනව.

:       2       2

udara Wednesday, 14 August 2024 11:38 AM

නිෂ්පාදනයක් වැඩි කරලා බඩු මිල අඩු කරන ක්‍රමයක් ගැන කතා කරන්න මුන් දන්නෙත් නැ, තමන් ගැන විතරක් හිතන බහුතරක් වැඩක් නොකර පඩි ගන්න රජයේ සේවකයන්ට මෙහෙම පඩි වැඩි කරනකොට ඒවාට හරියන්න බඩු මිල ඉහළ යනකොට කුලී වැඩක් කරන මනුස්සයෙක් පුත්ගලික අංශයේ සේවකයෙක් ජීවත් වෙන්නේ කොහොමද? අනික මෙහෙම ගෙවන්න රජය සල්ලි හොයාගන්නේ කොහෙන්ද? පුදුම කාලකන්නි. බලේට එන්න තියනවනම් තව මොනවා කියයිද?

:       0       4

as kumara Monday, 19 August 2024 09:54 PM

රජයේ සේවකයෝ, පුද්ගලික අංශ සේවකයෝ කියලා බෙදාගෙන එක එක පැලැස්තර ගහලා හරි යන්නෑ.. හැමෝටම පොදුවේ ජීවන වියදම පහළ දාන්න ඕනෑ.. රජයේ සේවකයින්ට අනිවාර්යයෙන්ම කීයක් හරි මාසිකව ලැබෙනවා.. ඒක ඇතිද..? මදිද කියන දේ නෙවෙයි කියන්නේ. ඒත් කිසිම හරි හමන් ආදායම් මාර්ගයක් නැති කී දෙනෙක් මේ රටේ ජීවත් වෙනවාද? ඒ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ..? තැපැල් ඡන්ද බලාගෙන තීන්දු ගන්න එපා.. මහත්වරුනි..!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 309 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 88 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 862 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 950 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2696 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1735 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25299 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23399 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 388 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site