IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


රාජ්‍ය සේවක පඩි වැඩිවීමෙන් අඩක් මේ මාසයේ සිටම

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවකයන් සඳහා අයවැයෙන් ලබාදීමට පොරොන්දු වූ දීමනාවෙන් අඩක් හෙවත් රුපියල් 5000ක් මේ මාසයේ සිටම ලබාදීමට කැබිනට් මණ්ඩලය අද (8)තීරණය කළේය.

රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් දස දහසක පඩි වැඩිවීමක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැයෙන් යෝජනා කළ අතර එම පඩි වැඩිවීමෙන් රුපියල් 5000 ක් ලබන අප්‍රේල් මාසයේ සිටද ඉතිරි රුපියල් 5000ක මුදල ඔක්තෝබර් මාසයේ සිටද ලබාදෙන බව අයවැයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

අයවැයෙන් වැඩි කෙරුණු මුදලින් රුපියල් පන්දහසක් වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකයන්ට සහනයක් ලබා දීමේ අරමුණින් ජනවාරියේ සිටම ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව රාජ්‍ය සේවකයන් සඳහා වැඩි කළ වැටුප් වැඩිවීමෙන් රුපියල් පන්දහසක් ජනවාරියේ සිටද අප්‍රේල් මාසයේ සිට රුපියල් දස දහසක මුදලම ලබාදීමටද කැබිනට් මණ්ඩලය තීරණය කළේය.



අදහස් (5)

රාජ්‍ය සේවක පඩි වැඩිවීමෙන් අඩක් මේ මාසයේ සිටම

Lalla Monday, 08 January 2024 09:31 PM

එතකොට අසරණ විශ්‍රාමික ප්‍රජාව?

:       0       2

Don perea Monday, 08 January 2024 11:59 PM

වැඩ නොකරන උන්ට පඩි වැඩි කරන එකම රට

:       0       2

G. K. Ekanayake Tuesday, 09 January 2024 07:17 AM

5000 X 1,500,000 = 7,500,000,000 මිලියන 7,5000 ක් අලුතෙන් හැම මාසෙකටම අවශ්‍යයි. බඩගින්නේ ඉන්න අයත් තව බදු දෙවැන්න වෙනවා. රජයේ සේවකයින් ට අනික් අය ගැන අනුකම්පාවක් නෑ.

:       0       2

udara Tuesday, 09 January 2024 09:50 AM

මේ රටේ ඉන්නේ රාජ්‍ය සේවකයෝ විතරද? අනික් මිනිස්සුන්ට මේ ආර්ථිකය බලපාන් නැද්ද? බඩු මිල සේවා මිල පිරිවැය අඩු කරන්න බලනවා වෙනුවට සමාජයේ කොටසකට විතරක් මුදල් වැඩිපුර දුන්නට මොකක්ද වෙන යහපත? කාලකන්නි හරක් හරිම අරගලයක් එන්න වෙන්නේ මේවට තමයි.

:       0       1

අප්පුවා Wednesday, 10 January 2024 03:00 PM

ජනාධිපති අයවැය ඉදිරිපත් කරමින් විශ්‍රාමිකයින් සඳහා ජනවාරියේ සිට රුපියල් 2500/=ක් දෙනවා කිව්වා (රුපියල් 2500/= ආර්ථික ඔස්තාර් බන්දුල 4 දෙනෙකුට මාසෙකට හොඳින්ම කාලාබීලා ජීවත්වෙන්න වියදම් ලෙස පෙන්වා දුන්නා) අනේ අනිච්චං දොස්තරලා සඳහා රුපියල් 35000/=කින් වැඩිකර විශ්ව විද්‍යාල ගුරුවරුන්ට 25% කින් වැඩිකළා. ඒත් ජනාධිපති කියපු ආකාරයට විශ්‍රාමිකයින් සඳහා අද දින වැඩි කරනවා කියූ දීමනා ගෙවීම් කළේ නැහැ... ඉතින් ඊළඟ ජනාධිපතිවරණය සඳහා එතුමා එනවා කිව්වාට අපි කොහොමද කියන දේ නොකරන එතුමා විශ්වාස කරන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 120 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 153 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 291 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 108 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1103 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2494 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39114 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site