IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


රජයේ සේවයත් ස්ථිර නැහැ - වජිර අබේවර්ධන

(සිරංගිකා ලොකුකරවිට)

කිසිම දෙයක් ස්ථිර නැති ලෝකයක රජයේ සේවය ස්ථිර කියල හිතාගෙන අපේ තරුණ තරුණියන් ඉල්ලනවා කාර්යාල කාර්ය සහායක තනතුරක් හරි දෙන්න කියලා. මේ තමයි අපේ සමාජය අද හැඩ ගැහිලා තියෙන හැටි. නමුත් හොඳ ව්‍යපාරයක් කරගෙන, හොඳ ව්‍යවසායකයෙක් වෙලා ඊට වඩා යමක් උපයන්න පුළුවන් බවත් රටට සේවයක් කරන්න පුළුවන් බවත් අපේ අය තේරුම් නොගැනීම කණගාටුවක්.’’ යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අඟහරුවාදා (11)  ගාල්ලේ දී කීවේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කුඩා ව්‍යාපාර සංවර්ධන අධිකාරිය මගින් ගාල්ල නගර ශාලා භූමියේ දී ආරම්භ කෙරුණු ගාලූ ව්‍යවසාය-2017 ප‍්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහි දී අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

‘‘අපේ අය හිතනවා රාජ්‍ය සේවය ස්ථිරයි කියා. රාජ්‍ය සේවයත් ස්ථිර නැහැ. විශ‍්‍රාම වැටුපක් ලැබෙන නිසා තමයි රාජ්‍ය සේවයට මේ තරම් පොරකෑමක් ඉල්ලූමක් තියෙන්නේ. නමුත් අපි දකිනවා රටේ මේ වගේ කර්මාන්ත කරන නිෂ්පාදන කරලා අළෙවි කරමින් ව්‍යාපාරයක් කරන අය කොතරම් සේවයක් මේ රටට රටේ ආර්ථිකයට කරනවා ද කියා. ඒ නිසා කුඩා ව්‍යාපාර ක්ෂේත‍්‍රය වැඩිදියුණු කරන්න අපි රජයක් ලෙස විශාල අවධානයක් යොමු කරලා තියෙනවා. ව්‍යාපාර කරන අයට ස්වශක්ති ණය ව්‍යාපාරය හඳුන්වා දුන්නා රුපියල් 250,000ක ණයක් ලබාදෙන විට රුපියල් 50,000ක් දෙන්නේ නැවත අය කරගන්න නොවෙයි.

මේ සඳහා කර්මාන්ත ක්ෂේත‍්‍රයේ විශාල පිරිසක් සම්බන්ධ වුණා.  සුළු ව්‍යාපාරිකයන් තමන්ගේ කර්මාන්තය දියුණු කරගෙන ගුණාත්මක බවින් වැඩි නිෂ්පාදන අළෙවි කරනවානම් මේවා තවතවත් දියුණු කරන්න පුළුවන්. අපි දන්නවා මීට දශක කිහිපයකට පෙර මාගාල්ල ඉතා ප‍්‍රසිද්ධව තිබුණේ රේන්ද කර්මාන්තය සම්බන්ධයෙන්. නමුත් අද මාගාල්ලේ රේන්ද කර්මාන්තය කරපු අය දැන් කරන්නේ නිමි ඇඳුම් කර්මාන්තය. ඔවුන් කාලානුරූපව වෙනස් වෙලා තියෙනවා. අම්බලන්ගොඩ වෙස්මුහුණු කර්මාන්තය කරපු අයත් අද නව වෙළෙඳ පොළට ගැලපෙන ආකාරයට තමන්ගේ නව නිර්මාණ බිහිකරන්න පටන් අරගෙන. මේ ආකාරයට අපේ කුඩා කර්මාන්ත දියුණු කළ යුතුයි. අපි රජයක් ලෙස මේ වගේ කර්මාන්ත දියුණු කරන්න අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.’’ ඇමැති වරයා පැවසීය.

 



අදහස් (2)

රජයේ සේවයත් ස්ථිර නැහැ - වජිර අබේවර්ධන

chandima Tuesday, 11 April 2017 06:18 AM

ඕක තමයි රජයේ සේවය නෙමෙයි ආණ්ඩුවත් ස්ථිර නැහැ.

:       1       9

wasantha Tuesday, 11 April 2017 11:49 AM

ආණ්ඩුව රක්ෂා නොදුන්නොත් ඊළඟ ඡන්දෙදි කපෝති.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඇමෙරිකාව හෙල්ලෙයි
2025 අප්‍රේල් මස 15 208 0

රික්ටර් පරිමාණයේ ඒකක 5.2 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාකින් ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ, සැන් ඩියේගෝ නුවර සෙලවිණි.


සිංගප්පූරු පාර්ලිමේන්තුව විසුරුවයි
2025 අප්‍රේල් මස 15 193 0

සිංගප්පූරු පාරිලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව, සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වැනිදා පැවැත් වෙන බව අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් නිවේදනය


අවුරුදු උත්සව විකෘති කරන සංවිධායකවරුන්ට වැඩ වරදි
2025 අප්‍රේල් මස 15 618 0

අවුරුදු සිරිත් විරිත් වලට නොගැලපෙන දේවල් එක් කිරීමෙන් වලකින්නැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම ගෙදර දිසානායක මහතා අවුරුද


’’නඩු තීන්දු අපිට දෙන්න’’ මැකොගෙන් ඉල්ලීමක්
2025 අප්‍රේල් මස 15 286 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට තරඟ කිරීම සඳහා බාර දෙන ලද නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත්නම් එම පෙත්සම් වල හා නඩු තීන


කෞතුක වස්තු නඩත්තුවට දුන් මුදලින් පුටු මේස අරන්
2025 අප්‍රේල් මස 15 278 0

පුරාවිද්‍යාත්මක ස්ථානවල නඩත්තුව සඳහා 2023 වසරේදී මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් වෙන්කරනු ලැබූ ලක්ෂ හැට දෙකකට අධික මුදලින් ලක්ෂ 39ක් වැය කර කාර්යාල උපකර


සරසවි ඇදුරෙකුගෙන් කෝටියක පොල්ලක්
2025 අප්‍රේල් මස 15 418 0

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය බැඳුම්කර කඩ කරන ලද ආචාර්යවරයෙකුගෙන් රුපියල් කෝටියකට වැඩි මුදලක් අයකරගෙන නැතැයි ජාතික විගණන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 126 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 279 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 899 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site