සුරාබදු නියාමනය සිදුකෙරෙන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තුවක් මගිනි. එවැනි දෙපාර්තමේන්තු, ආයතන ඇතුළු රාජ්‍ය සේවය තුළ සිදුවන දූෂණ සහ අක්‍රමිකතා අප්‍රමාණය. ඒ හේතුවෙන් රජයේ කාර්යාලයකින් කිසියම් සේවාවක් ලබාගැනීමට පැමිණෙන රටේ සාමාන්‍ය ජනතාව විවිධ කරදර හිරිහැරවලට ලක්වෙති. අතමිට මොලවා මුදලක් එහෙ මෙහෙ විසිකිරීමෙන් තොරව ඇතැම් විට තමන් බලාපොරොත්තු වන සේවාව ලබාගැනීමට ඔවුන්ට අවස්ථාවක් නැත. ඇතැම් රජයේ ආයතන සහ දෙපාර්තමේන්තු ඉතාම කාර්යක්ෂම සේවාවක් ලබා දෙමින් අල්ලසින් දූෂණයෙන් සහ අක්‍රමිකතාවලින් තොරව රාජකාරි ඉටුකරද්දී ඇතැම් ඒවා අපාය සහායකවරුන් බවට පත්ව සිටී.
විවිධ දූෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් රෙදි ගැලවුණු එක් රාජ්‍ය නිලධාරියකු පිළිබඳව අපගේ ‘‘ලංකාදීප’’ පුවත්පතේ මුල් පිටුවේ සිරස්තලයකින් පසුගියදා හෙළි කර තිබිණි. එතනෝල් සහ මත්පැන් බෝතල් 30ක් පමණ නීතිවිරෝධී ලෙස මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටිය දී එම නිලධාරියා පොලීසියට කොටු වූයේය. මේ වැටලීම සිදුකරනු ලැබුවේ පොලීසියට කල් තබා ලැබුණු තොරතුරු හේතුවෙන් බව ද සඳහන්ය. පොලීසියට මේ ඔත්තුව ලැබීමට පෙර මෙසේ කොපමණ එතනෝල් සහ මත්පැන් ප්‍රමාණයක් හොරෙන් පිටකර ඇත්දැයි දන්නේ දෙවියන් නොව මේ නිලධාරියාම පමණි. ඔහු වෙන්නප්පුව වයික්කාල සුරාබදු නියාමක දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි බව ද සඳහන්ය. ඒ සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දෙදෙනකු ලක්ෂ 35ක අයිස් සමඟ පොලීසියට අසු වූ පුවතක් ද ඊට පසුදින වාර්තා විය.
අප මේ සඳහන් කළේ රාජ්‍ය සේවයේ ඇතැම් නිලධාරීන් කොතරම් දූෂිතදැයි පෙන්වා දීමට උදාහරණ දෙකක් පමණි. මෙය සුරාබදු දෙපාර්තමේන්තුවට පමණක් නොව රටේ විවිධ දෙපාර්තමේන්තු සහ ආයතනවලට පොදු සාධකයකි. එවැනි ස්ථානවල රාජකාරි කරන අවංක, කාර්යක්ෂම නිලධාරීන්ට ද මෙවැනි පිංගුත්තර දූෂිතයන් මහත් හිරිහැරයකි. ඔවුන්ගේ හොඳ නමට ද කැළලකි. එහෙත් මෙවැනි දූෂිත සිදුවීම් රාජ්‍ය සේවය පුරාම බූවල්ලකු මෙන් අඬු විහිදාගෙන පැතිර පවතී. රේගුව, ගුවන්තොටුපොළ, වරාය, සුරාබදු, පොලීසිය පමණක් නොව වෙනත් සෙසු පොදු අවශ්‍යතා සඳහා ජනතාව නිතර පැමිණෙන ආර්.එම්.වී. වැනි ආයතන ද වැටෙන්නේ මේ ගණයටමය. එම ආයතන දූෂණයෙන්, අල්ලසින් බේරාගැනීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් අවශ්‍යය. එය එක් අයකුට හෝ දෙදෙනකුට සිදුකළ නොහැක.
අල්ලස, දූෂණය සහ අක්‍රමිකතා නැති කර ජනතාව වෙනුවෙන් උපරිමව කැපවෙන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිඥා දෙන්නේ මේ පසුබිමේය. ලක්ෂ 15කට වැඩි පිරිසක් රාජ්‍ය සේවයේ සිටියත් දිනපතාම පාහේ සේවා ඉටුකර ගැනීමේ දී ජනතාව දුෂ්කරතාවලට ලක්වන්නේ මේ හේතුවෙන් බව ද ජනාධිපතිවරයා විසින් පෙන්වා දී තිබිණි.
ජනාධිපතිවරයා විසින් මේ ප්‍රකාශය සිදුකර ඇත්තේ මහ මැතිවරණය වෙනුවෙන් කළුතර දී පැවැති ජනහමුවක දී වුවද මෙය හුදෙක් නාමමාත්‍රික ඡන්ද පොරොන්දුවක් වශයෙන් සලකා බැහැර කිරීමට අපි ක්‍රියා නොකරමු. වත්මන් ජනාධිපතිවරයා රටේ අවශ්‍යයෙන්ම සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කරන රාජ්‍ය නායකයකු වශයෙන් ජනතාව අතර නමක් දිනා සිටී. ඔහුට අවශ්‍ය වන්නේ කාර්යක්ෂම රාජ්‍ය සේවයකින් ජනතාවට ඉහළම සේවාවක් ලබාගැනීමට අවස්ථාව සැලසීම නම් සහ එයට බාධාව එම ආයතනවල පවතින දූෂණය, වංචාව සහ අල්ලස නම් එම බාධා ඉවත් කිරීමට ඔහු නිසැකවම ක්‍රියා කරනු ඇති බවට විශ්වාසයක් රට තුළ ඇත. ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කරමින් වසර 30ක යුද්ධය අවසන් කිරීමේ දී ක්‍රමෝපාය සැලසුම් කිරීම අතින් විශිෂ්ට වූ කාර්යභාරයක් ඉටුකළ වත්මන් ජනාධිපතිවරයාට රාජ්‍ය සේවය අල්ලසින්, දූෂණයෙන් සහ අක්‍රමිකතාවලින් තොරව පිරිසුදු, කාර්යක්ෂම සේවාවක් බවට පත්කිරීමේ අභියෝගය ජයගැනීම අපහසුවක් නැති බව අපගේ විශ්වාසයයි.
හොඳ සහ නරක පිරිස් හැම ක්ෂේත්‍රයකම සිටිති. රාජ්‍ය සේවයේ පොලීසිය ද ඇතුළු සියලු ආයතනවලට ද එය පොදු තත්ත්වයකි. මේ තත්ත්වය වෙනස් කිරීම කවුරුන් අතින් හෝ ඉටුවිය යුතු වගකීමකි. අල්ලස් ගන්නා, දූෂිත වැඩ කරන නිලධාරීන් වෙතින් හිරිහැරවලට කරදරවලට ලක්වෙන ජනතාව තම පීඩනය මුදාහරින්නේ ආණ්ඩුව මතින් බව ඉතිහාසය අපට පෙන්වා දී තිබේ. මෙහිදී වඩාත් වැදගත්ම සාධකය වන්නේ දූෂිත මැති ඇමැතිවරුන් මෙල්ල කර ගැනීමය. ඇමැතිවරයා දූෂිතයකු නම් ඔහු යටතේ සිටින නිලධාරීන්ගෙන් අවංක, දූෂණයෙන් තොර සේවයක් බලාපොරොත්තු වීමට වඩා කාක්කන්ට ආප්ප අරන් දීමෙන් සැනසීමක් ලැබීම යහපත්ය.
රුපියල් කෝටි 15000කින් අවසන් කිරීමට නියමිතව තිබූ මධ්‍යම අධිවේගී මාර්ගය දූෂණය වංචාව නාස්තිය සහ කල් මැරිල්ල හේතුවෙන් අද එය අවසන් කිරීමට කෝටි 35,000ක් වැය වන බව
තලවිල සිට මීගමුව දක්වා ගමන් ගත් පිරිසක් රැගත් ත්‍රිරෝද රියක් මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් මවක සහ දියණියන් දෙදෙනෙකු මියගොස් ඇති බ
කොළඹ - මහනුවර මාර්ගයේ මහනුවර දෙසට ධාවනය වූ සැකසහිත ලොරි රථ දෙකක් පරීක්ෂාවට ලක් කිරීමේදී එම රථ තුළ තිබී කිලෝ 1460 ක බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත
මුදල්, කර්මාන්ත සහ ධීවර යන විෂයන් ඇතුළත් අමාත්‍යංශ එකතුව උතුරු පළාත තුළ නව කර්මාන්ත සැළසුමක් සහ ආයෝජන රැසක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් දිගින් දිගටම අධිකරණ නියෝගය මගහරින්නේ නම් ඔහුගේ දේපොළ තහනම් කිරිමට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1008 දරන විශේෂ සීඝ්‍රගාමී දුම්රිය ගම්පොළ සහ උලපනේ දුම්රිය ස්ථාන අතර දී අද (9) පස්වරුවේ පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දු
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
රාජ්‍ය සේවයේ අල්ලස දූෂණය පිටුදකිමු