IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය සේවයේ අවම වැටුප 40,000ක්

(අංජුල මහීකවීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය අංශයේ  අත්‍යවශ්‍ය පුරප්පාඩු තිස් දහසක් බඳවා ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා අය වැය යෝජනා ඉදිරිපත් කරමින් කියා සිටියේය.

රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අය වැයට යෝජනා ඉදිරිපත් කරමින් ජනපතිවරයා මෙසේ ද කීය.

රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පුරවනවා. දේශපාලන හිතවත්කම් මත කිසිවකුත් රාජ්‍ය සේවයට බඳවා ගන්නේ නැහැ. රැකියා විරහිත උපාධිධාරින් විශාල ප්‍රමාණයක් සිටිනවා. රාජ්‍ය අංශයේ  අත්‍යවශ්‍ය පුරප්පාඩු තිස් දහසක් බඳවා ගන්නවා.

ඒ සඳහා රුපියල් මිලියන දස දහසක් වෙන් කරනවා. රාජ්‍ය අංශයේ මූලික වැටුප් සංශෝධනයක් සිදුකොට දශකයක් ගත වී තිබෙනවා.

රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 40000 දක්වා වැඩි කරනවා. අදියර වශයෙන් මේ වැටුපැදවීම ලබාදෙනවා. මේ වසරේ වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 110ක් වෙන් කරනවා. පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම  අප්‍රේල් සිට ක්‍රියාත්මක කරන බවත් එය විසි හත්දාහක් දක්වා වැඩි කිරීමටත්  ලබන ජනවාරියේ සිට 30000 දක්වාත් වැඩි කිරීමට සේවා යෝජකයන් එකඟ වී තිබෙනවා

2020 ජනවාරි එක වැනිදාට පෙර විශ්‍රාම ගිය සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප අදියර තුනකින් වැඩි කරනවා.  රුපියල් 250ක වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 450 දක්වා ඉහළට රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව සඳහා නව නීති සම්පාදනය කරයි.



අදහස් (5)

රාජ්‍ය සේවයේ අවම වැටුප 40,000ක්

Sisiranath Wanniarachchi Monday, 17 February 2025 01:30 PM

30,000 ක් බඳවා ගත්තාට කමක් නැහැ. පඩි ගෙවන විදියත් කියන්න. නැත්නම් ආයෙත් මේක වලපල්ලට යනවා. ඔයාට හරි ලේසියි පෞද්ගලික අංශයට උපදෙස් දෙන්න. ඔය සියලු වැඩිකිරීම් වලට පෞද්ගලික අංශය අමතර ආදායම් හොයන්න ඕනෑ. ඒවා කරන හැටිත් උපදෙස් දුන්නොත් තමයි හොඳ....!

:       6       32

sunil Monday, 17 February 2025 03:15 PM

යමක් කලොත් එහි අගුණ කියනවා. නොකලොත් කලේ නැහැ. බැරිද ඔයාට ජනපති කම බාරගන්න? මහින්ද මහත්තයට සැප දෙන්නේ ඔයාගේ සල්ලිවලින්ද? ගෙදරට ගියහම කන්න බොන්න දෙන්නේ ඔයාගේ සල්ලි වලින්ද? ඒවා ගැනත් කියන්න.

:       19       11

Asela Monday, 17 February 2025 01:31 PM

විශ්වවිද්‍යාල පද්ධතිය, ලංවිම, ජලය, ලංකා ඛනිජ තෙල් සහ වරාය අධිකාරිය ඇතුළු තවත් බොහෝ මණ්ඩලවලට අමතර දීමනා තිබේ. උදාහරණයක් ලෙස, විශ්ව විද්‍යාල පද්ධතිය තුළ, 55% ක අමතර දීමනාවක්, ජීවන වියදමක්, 20% ක දීමනාවක් ඇත, එය මූලික වැටුප මත පදනම්ව ගණනය කෙරේ. සාමාන්‍ය OL සමත් සේවකයෙකුට මේ මොහොතේ 80,000 ක් ලැබේ. එලෙසම, කථිකාචාර්ය පරිවාස නිලධාරියෙකුට පමණක් 149% ක අමතර දීමනාවක් ලැබෙන අතර මහාචාර්යවරයෙකුට 20, COL සහ අනෙකුත් දීමනා වලට අමතරව වැටුපෙන් 214% ක දීමනාවක් ලැබේ. මෙය අනෙකුත් සියලුම රාජ්‍ය අංශ සඳහා අදාළ වේ. ඔබට විදේශ මුදල් ලැබෙන නිසා, ඔබට මේ ආකාරයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කළ නොහැකිය. මෙය ඉදිරි පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගෙන ඇත. මෙම රජය සියලු දෙනා රවටා එය නැවත අවුල් සහගත කරයි. අධික ජනාකීර්ණ රාජ්‍ය සේවයේ මෙම බර මෙම රටට දැරිය නොහැක...

:       5       29

Kamal Monday, 17 February 2025 03:06 PM

කෝ අර රට විරුවන්ට විශ්‍රාම වැටුපක් දෙන විදිහක් ගැන බලනවා කිව්වා නේද?

:       5       18

ඇන්ටොන් Monday, 17 February 2025 09:28 PM

රාජ්‍ය සේවකයින්ට රනිල් 25000 ක් වැඩි කර්පු එක 5000 ක් ක්‍රලා නේද අර්ථික අර්බුදයක් තියෙද්දි රනිල් 10,000 වැඩි කලා ඒත් රාජ්‍ය සේවකයෝ රනිල්ට ඡන්දේ නොදි කයියනායකව ගෙනාව දැන් සැපද??

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 102 0

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


ලැගුම්හලේ කතක මාරා බස් පොළේ දමාගිය චුදිතයාට මරණ දඬුවම්
2025 අප්‍රේල් මස 24 728 1

ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු


කොළඹ අගරදගුරුතුමෝ පාප්වහන්සේට ගෞරව දක්වති
2025 අප්‍රේල් මස 24 565 0

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා අද (24) ගෞරව දැක්වූහ.


අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් කරයි
2025 අප්‍රේල් මස 24 713 1

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.


අපේක්ෂිකාවට ජන්ද කාඩ් දුන් ලියුම් බෙදන්නාත් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 1108 6

පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්


‘කුෂ් ‘සමඟ විදෙස් සරසවි සිසුවා අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 795 0

රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 713 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 354 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 502 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site