IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


රාජ්‍ය සේවා කොමිසමෙන් කැකිල්ලේ තීන්දුවක්

කොළඹ රාජකීය විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනියගේ ස්ථානමාරුව අසාධාරණ බව තීරණය කළ පරිපාලන විනිශ්චය සභාව ඇය යළි එම විදුහලේ එම තනතුරට පත් කරන්නැයි අට මාසයකට පෙර දුන් නියෝගය රාජ්‍ය සේවා කොමිසමෙන් පැහැර හැර ඇත.

2012 මාර්තු 12 වැනි දින   ජේ එස් ජයවීර නියෝජ්‍ය විදුහල්පතිනියගේ  පැමිණිල්ලක් අනුව එම විභාග කළ  පරිපාලන විනිශ්ච සභාවේ විනිසුරු එන් ඊ දිසානායක සහ විනිසුරු එඩ්මන්ඩ් ජයසූරිය මහත්වරු  පසුගිය වසරේ අගෝස්තු 12 වැනිදා එහි තීන්දුව දුන්හ.

ඔවුන්ගේ තීන්දුවෙන් කියවෙනුයේ රාජ්‍ය සේවා කොමිසම අභියාචන කාරිය වන නියෝජ්‍ය විදුහල්පතිනියට වූ අසාධාරණය ගැන ඇහැක් කනක් ඇර නොබැලූ බවයි.

 දැනට කොළඹ තර්ස්ටන් විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස කටයුතු කරන ඇගේ  මාරු කිරීම අවලංගු කර යළි රාජකීය විද්‍යාලයේ එම තනතුරට පත් කරන ලෙසත්, පරිපාලන විනිශ්ච සභා තීන්දුව ක්‍රියාත්මක කරන ලෙසත් ඇය ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට ද නියමිතය.

විනය පිළිබඳ ක්‍රියා කළ යුතු රාජ්‍ය සේවා කොමිසම  ගුරුවරු දෙදෙනකුගේ විෂමාචාර සම්බන්ධ කළ පැමිණිල්ල ගැන අන්ධයන් සේ ක්‍රියා කර ඇති බවත්, විදුහලේ ප්‍රධානියකු හා ගුරුවරියක අතර පැවති ආචාර සම්පන්න නොවන හැසිරීම් ගැනත්, ගුරුවරුන් කල්ලිවලට බෙදීමට මුල්වූ ගුරුවරුයකු ගැනත්, පාසලේ අයහපත් පාලනය ගැනත් සාක්කි ඉදිරිපත් වූ බවත් එම තීන්දුවේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් පැවති විනය පරීක්ෂණයේදී රාජ්‍ය සේවා කොමිසම කර ඇත්තේ නියෝජ්‍ය විදුහල්පතිනයට ක්‍රියාකිරීම පමණක්  බවත්, අනෙක් ගුරුවරු ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන පැමිණිලිකාරියට දඩුවම් කර ඇති බවත් සඳහන් කරන එම තීන්දුව රාජ්‍ය සේවා කොමිසමේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කරයි.



අදහස් (0)

රාජ්‍ය සේවා කොමිසමෙන් කැකිල්ලේ තීන්දුවක්

නිමල් Monday, 13 May 2013 12:43 PM

රජයේ සේවකයකුට වැඩක් කරගන්න ගතවන කාලය ගැන හොයලා බලන්න ස්වාධීන කෙනෙක් මෙතන ඉන්නවාද?(ස)

:       0       0

රංජනී Sunday, 12 May 2013 11:07 PM

රජකීයේ කළහම මොකෝ?තර්ස්ටන් එකේ කළහම මොකෝ?දෙකම කොළඹනේ.යාපනේට දැම්මේ නැහැනේ. (නි)

:       0       0

පැතුම් Sunday, 12 May 2013 11:32 PM

පුදුම වෙන්න දෙයක් නැහැ. දැන් හුඟක් තීන්දු කැකිල්ලේ නඩු තීන්දු තමයි. (නි)

:       0       0

තබුක් Monday, 13 May 2013 12:56 AM

මෙහි ඇති අනතුරුදායක සහ අසීරුවට පත් වන තත්වය නම් පාසල් දරුවන්ය (නි)

:       0       0

උපාලි Monday, 13 May 2013 01:13 AM

ස්වාධීනයි කියන ඔය කොයි කොමිසමේත් ස්වාධීනත්වය තියෙන්නේ කඩදාසියේ පමණයි. දේශපාලන හෙන්ච්යියන්ගෙන් සමන්විත වුනාම ඕනෑම ආයතනයක් දේශපාලකයන් කියන කියන දේ කරනවා. ඕනෑම ආණ්ඩුවක් කැමතියි එකට. ඒ නිසා අවසාන පිහිට අධිකරණයෙන් ඉල්ලන්නයි සේවා ලාභීන්ට වෙලා තියෙන්නේ. ඉතින් අධිකරණයත් බැරිවෙලාවත් හෙන්චයියලගෙන් සමන්විත් වුනොත්? අපට දෙවියෝ පිහිට වෙත්වා! (නදී)

:       0       0

ප්‍රදීප් Monday, 13 May 2013 02:06 PM

මෙතන ඉන්න සමහර නිලධාරීන් වැඩ පරක්කු කරන්නත් ස්වාධීන කියන වචනය භාවිතා කරනවා (නි)

:       0       0

ලලිත් Monday, 13 May 2013 07:48 AM

ආශ්චර්යමත් විදිහට ඔක්කොම විසදේවි. අපි දැන ඔක්කොම ඒ බෝට්ටුවේනේ නැගලා ඉන්නේ. (නි)

:       0       0

වරුණ Monday, 13 May 2013 07:52 AM

දෙන ඉතින් ලංකාවේ හැම තීන්දුවක්ම කැකිල්ලේ තීන්දු ගානට වැටිලා තියෙන්නේ. එයයි සැබෑ ආශ්චර්යය (නි)

:       0       0

ඉන්දික Monday, 13 May 2013 08:56 AM

ජයවීර මැතිනිය ඉතා අවංකව කැපවීමෙන් වැඩ කළ කෙනෙක්. (නි)

:       0       0

විකුම් Monday, 13 May 2013 09:35 AM

සල්ලි වලට මේ රටේ සියල්ලක්ම යටයි (නි)

:       0       0

උදය Monday, 13 May 2013 09:57 AM

ඔය ඔක්කොම එකයි. පසුගිය කාලයේ අලුත් උපාධි පත්වීම් ලද ගුරුවරු දුෂ්කර පළාත් වලට ඇතුලත් කළහම අවුරුදු 5ක් ඉන්න ඕනෑ නිසා මේ අය මොකද කළේ? ගෙවල් ගැන තියෙන බොරු ඔක්කොම කියලා ලිපි හදලා ළගම ඉස්කෝලෙට මාරුව අරගෙන තමා වැඩ බාර ගත්තේ. මම දන්නා නිසා තමයි කියන්නේ. බොරුනම් මධ්‍යම පලාතේ පහතදුම්බර කොට්ඨාශයට අපු පත්වීම් කීයක් එහෙම වෙලාද කියලා හොයලා බලන්න පුළුවන් ගිය අවුරුද්දෙ (නි)

:       0       0

හේරත් Sunday, 12 May 2013 07:53 PM

මේක යකාගේ වැඩක්නේගේ. මම නොදනී දෙයියෝ දනී..... (නි)

:       0       0

ආනන්ද ආර් Sunday, 12 May 2013 08:09 PM

දැන් ඔහොම තමා (නි)

:       0       0

සේරම් පැරිස් Sunday, 12 May 2013 08:33 PM

ආශ්චර්යමත් ශ්‍රී ලංකාවේ සිදු වෙන දේවල් ද මේ? (ත)

:       0       0

ලහිරු Sunday, 12 May 2013 08:46 PM

අයියෝ... ඕවනම් මොනාද ඔය පටන් ගත්තා විතරයි.....(ත)

:       0       0

අජිත් Sunday, 12 May 2013 10:07 PM

රෝයල් මොකෝ? තර්ස්ටන් මොකෝ? අල්ලපු වැටේ නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1703 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 275 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4618 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 484 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 638 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2219 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site