IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘රජයේ සංහිඳියාව බොරුවක්‘

‘රජය සංහිඳියාවක් ඇති කරනාවා යැයි පැවසිම බොරුවක්. එහි ඇත්තේ සිංහලත්වය විනාශ කිරීමක්‘ යැයි බෙංගමුවේ නාලක හිමියෝ මහනුවරදී පැවසූහ.

මහනුවර කැප්පැටිපොළ ශාලාවේදි ජාතික හිමිකම් සංවිධානයේ මධ්‍යම පළාත් නියෝජිත සම්මේලනය අමතමින් ඒ හිමියෝ එසේ කීහ.

මානව හිමිකම් මුවාවෙන් වෙනත් රටවල් අප රටට කරන්නාවු කෙනෙහිලිකම් නවත්වා දැමිම සදහා ජාතික හිමිකම් සංවිධානය ඇරඹුණු බවත් ඒ සදහා ජාති බේදයකින් තොරව මෙරට සිංහල,දෙමළ.මුස්ලිම් ජනයා ඒකරාශි වන බවත් පැවසූ නාලක හිමියෝ මානව හිමිකම් යැයි කියා ගන්නා සංවිධාන මෙරටට ඇතුළු වන්නේ මෙරටේ ඇති අසමගිය නිසා බවත් යැයි කීහ.

‘‘සිංහල දෙමළ මුස්ලිම් අසමගියක් මේ රටේ නෑ. ඒක මවා පානවා සුමන්දිරම්ලා, සම්බන්දන්ලා. විග්නේශ්වරන්ලා. ඡන්ද ටික අරගෙන බලයේ සිටීම සඳහා කරන වැඩ පිළිවෙළක් පමණයි එතන තියෙන්නෙ. වැට් බද්දට විරුද්ධව රටේ හැම ප්‍රදේශයකම මිනිස්සු නැගි හිටියා. මිනිස්සුන්ට මේක තේරුනා මේක මහා පීඩාවක් කියලා. අපි ජනතාවගේ දානෙන් ජීවත්වන හිමිවරු නිසා විහාරයට දානයක් ගේන විට ඔවුන් අමාරුවෙන් ඒ දේ කරන බව ජනතාවත් සමග ජීවත් වන අපට වැටහෙනවා. ඒ දුක දේශපාලකයන්ටත් මහානායක හාමුදුරුවන්ටත් තේරෙන්නෙත් නෑ. එයාල ඉන්නෙ දේශපාලකයන්ගේ ලොකු ලොක්කන්ගේ අටපිරිකරයි පුජා භාණ්ඩයි අරගෙන ඒ අයට ආශිර්වාද කරන්න විතරයි. එයාලට ජනතාවගේ දුක තේරෙන්නෙත් නෑ. අපි වගේ සාමාන්‍ය භික්ෂුන්ට පමණක් ජනතාවගේ දුක තේරෙනවා. ‘‘ යැයි ද නාලක හිමියෝ කීහ.

IMG_5689 IMG_5697 IMG_5707

 



අදහස් (0)

‘රජයේ සංහිඳියාව බොරුවක්‘

අතුල Monday, 24 October 2016 06:12 AM

ජනතාවගේ දුක තේරෙන නිසා අපි වාහන දෙක තුනකින්ම වඩිනවා.(ම)

:       0       0

රේණුක Monday, 24 October 2016 06:42 AM

ජාතින් අතර අසමගිය ඇති කරන්නේ ඔය දේශපාලුවන්ට කඩේ යන මේ අයම තමයි (බ)

:       0       0

ජනහිත Monday, 24 October 2016 07:00 AM

අපේ පැත්තෙන් විතරනේ ඕක තියේන්නේ අපේ හාමුදුරුවනේ. ඉතින් කොහොමද එ්ක කරන්නේ. (බ)

:       0       0

රාහුල් Monday, 24 October 2016 08:28 AM

ඔන්න මේ හාමුදුරුවන්ටත් ටික දවසකට ඇතුලට යන්න හිතිලා. (බ)

:       0       0

අර්ජුන Monday, 24 October 2016 08:41 AM

ගරුතර හිමියනි !.විදර්ශනා වඩා මග පල ලබන්න . කඩේ ගියා ඇති (බ)

:       0       0

ගුණසිරි Monday, 24 October 2016 10:10 AM

ගරුතර හිමියනි ,සිංහලයෝ කියන්නේ පුදුම ජාතියක් ,ඔබ වහන්සේ වගේද ,මහා නැණවතෙක් ,මහා ධනවතෙක් අසහාය මිනිසෙක් වූ අනගාරික ධර්මපාල උත්තමයා ජාතිය නගා සිටුවන්න දුර දක්නා නුවණින් දේවල් කියුවා සිංහලයෝ එතුමාට හොරා කියුවා , අද සිංහලයෝ බුක්ති විදින්නේ ඒ වයේ ප්‍රතිපල. (බ)

:       0       0

සෙනරත් Monday, 24 October 2016 10:57 AM

ඔබවහන්සේ කියන්නේ මේ රටේ සිද්ධවෙන ඇත්ත දේ. මේක වෙන බව නොවැටහුණු කොටසක් ජනවාරි 8 හිටිය. පුදුමේ කියන්නේ තවමත් ඉන්නවා. මේ තරම් විශාල මහබැංකු කොල්ලය කරලත් (නි)

:       0       0

චතුරි Monday, 24 October 2016 11:03 AM

හාමුදුරුවනේ, මහින්ද නේද අන්තිම පේළි ටිකේ තියෙන වැඩ කෙරුවේ? දැන් ඔය කියන කිසිම දෙයක් වෙන්නේ නැහැ. අඩුම ගණනේ නොමිලේ සිල්රෙදි පවා නතරකළා. හාමුදුරුවන්ට දැන් තමයි තේරෙන්නේ දුප්පත් මිනිස්සු දාන වේලක් දෙන්න කොපමණ දුක් විඳිනවද කියලා. (නි)

:       0       0

සහන Monday, 24 October 2016 11:05 AM

අනේ හාමුදුරුවනේ, ඔය දේශපාලකයෝ පස්සේ යන්නේ නැතුව පිනක් දහමක් කරගෙන මිනිසුන්ට සේවයක් කරන්න උත්සාහ කරන්න (නි)

:       0       0

සුනිල් Tuesday, 25 October 2016 12:39 PM

අද දින ලක්පොලොව මත සිදුවන දේ පිලිබඳ සංවේදී බවක් නොදක්වන කෙනෙක් වෙද්ද ඒ මුග්දයෙකු මිස අන් කවරෙන්ද? අපේ ස්වාමින්වහන්සේ බැරෑරුම් ලෙස අවධාරණය කරනුයේ අමු අමුවේ මව්බිම පාවාදීම සඳහා යහපාලන රෙජීමය මගින් සිදුවන දේශද්‍රෝහී ක්‍රියාකාරකම් ගැනයි. මෙවන් දේශප්‍රේමින් නොවන්නට මේ වනවිටත් අප සදාදරණිය මව්බිම අපෙන් ගිලිහි අවසන් බව සියල්ලන් වටහා ගන්නේ නම් මැනවි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 737 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 923 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 495 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 288 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 316 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 591 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 58 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site