IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘රජය හරියට කරන්නේ පළිගැනීම විතරයි‘

‘අද සංවර්ධනයක් නම් පේන්නේ නෑ. විදුලියත් කපලා. බඩු මිල ඉහළ දාලා. අලුත් ආණ්ඩුව දිගට හරහට පොරොන්දු කඩ කරනවා. රට වේගයෙන් සංවර්ධනය කරන්නයි ආවේ. හැබැයි වේගයෙන් පළිගන්නවා. ඒක නම් හොඳට කරනවා.‘ යැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හපුතලේ රැස්වීමකදී පැවසීය.

‘මිනිසුන් අමාරුවේ වැටිලා. කන්නත් නෑ. විදුලියත් නෑ. මේ ගොල්ලන් තව ටික කලක් හිටියොත් රටට මොනවා වේවිද දන්නේ නෑ. ‘ යනුවෙන්ද හිටපු ජනපති විමසීය.



අදහස් (0)

‘රජය හරියට කරන්නේ පළිගැනීම විතරයි‘

ජානකී Sunday, 20 March 2016 09:38 AM

හොරකම් මෙරකම් කල අය අල්ලන එක පලිගේනීමක් වෙන්නේ කොහොමද? (ර)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 20 March 2016 08:26 PM

වසර ගණනාවක් තිස්සේ බලයේ සිටිද්දී කළ මගෝඩිකම්, වංචා, අපරාධ ආදිය ටික ටික එළියට ඇදෙනකොට, සිපිරි ගෙවල් හීනෙන් දකිනවිට, අපාය හිතේ ඇදෙනවිට තුන්කොනින් දාඩිය වැටෙන එක ස්වාභාවිකයි. එ්ත් වැරදි හොයනකොට, ඒවා එළිදකිනවිට රජය එක පවුලකින් පළිගන්නවා කියා බෙරිහන් දීම හිටපු ජනපතිවරයෙකුගේ තත්වයට ඔබින දෙයක් නම් නොවෙයි. වැරදි කරන අය දඬුවමට යටත් නොවිය යුතුද? (නි)

:       0       0

අප්පුහාමි Sunday, 20 March 2016 09:56 AM

අපොයි ඔවු. අපි ඔය ඔක්කොම දේවල් වල ඇත්ත දන්නවා (නි)

:       0       0

කුමාර් මෙන්ඩිස් Sunday, 20 March 2016 09:59 AM

ඔව්නේ. එ්කත් හරියට කරන්නේ නැහැනේ මෙයාලා. (නි)

:       0       0

නෙළුම් Sunday, 20 March 2016 10:02 AM

ආණ්ඩුව රට කනවා බලා ඉන්නකොට අපිට නම් දුක දැනෙනවා (නි)

:       0       0

නලින් යහම්පත් Sunday, 20 March 2016 10:10 AM

එදා පලිගැනීම් තිබුනේ නැද්ද ? සරත් ෆොන්සේකාට , ලසන්ත වික්‍රමතුංහ , සහ බොහෝ අයට මොකද වුනේ ? මට වැටහෙන්නේ නැහැ , එ්කයි අහන්නේ (බ)

:       0       0

විද්‍යා Sunday, 20 March 2016 11:27 PM

පොඩ්ඩක් බණ භාවනා කරගෙන හිටියොත් හොඳයි නේද? පරාජිතයෝ පස්සේ ගියොත් වළකට වැටෙන්න පුළුවන්. (නි)

:       0       0

ටෙනිසන් Sunday, 20 March 2016 10:47 AM

ඒකවත් හරියට කෙරුනා නම් අද වැඩිදෙනෙක් හිරේ (නි)

:       0       0

සෆීස් Sunday, 20 March 2016 11:08 AM

එ්කත් හරියට කරන්නේ නැහැ වගේ (නි)

:       0       0

ශාන සෞදි Sunday, 20 March 2016 11:16 AM

ජනතාව අලුත් රජයක් පත්කළේ දුෂණය සහ වංචා පිළිබඳව පරීක්ෂණ පවත්වා එම කාර්යන්හි නිරතවුවන් නීතිය ඉදිරියට පැමිණවිමටයි. එම කාර්යය කිරීම පළිගැනීමක් වන්නේ කෙසේද? ටිකක් නිදහසේ ඉන්න. එයාලත් ටික කාලයක් දෙන්න කකුලෙන් අදින්නේ නැතුව. සමහවිට එයාලට ඔයා කළදෙයට වඩා යමක් කරන්න හැකිවෙයි. (නි)

:       0       0

උපාලි Monday, 21 March 2016 02:33 AM

ඇත්ත නේන්නම්, මේ හොරු ටික ඉක්මනට අල්ලලා නඩු දැම්මා නම් අපිට පේනවා රජය වැඩ කරනවා කියලා. ඉස්සර වගේ අතුරුදහන් කරවන්නෙත් නැති නිසා එහෙම දේවල් කරවපු කට්ටියට පේනවා ඇති රජය මොකුත් නොකරන බව (නි)

:       0       0

ප්‍රසන්න Monday, 21 March 2016 02:43 AM

අපේ රටේ දේශපාලුවන්ගේ ශබ්දකෝෂය තේරුම් ගන්න. අපේ රට=අපේ පවුල, අපේ මව්බිම=අපේ පවුලේ වත්කම, හොරකම =අවංකව වැඩ කිරීම, නීතිය ඉදිරියට ගෙනයාම=පළිගැනීම, ප්‍රජාත්නත්‍රවාදය=ඒකාධිපතිවාදය, බොරුව =ඇත්ත... තවක් ඔබ දන්නා දේ තිබේ නම් දැනගැනීම පිණිස අපිටත් කියන්න. (නි)

:       0       0

සරත් Sunday, 20 March 2016 11:32 AM

පළිගන්න ඉගැන්නුවේ කවුද එතකොට? (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 20 March 2016 11:36 AM

දේශපාලකයා සාමාන්‍ය ජනයාව අන්දන හැටි ආණ්ඩුවෙන් ආණ්ඩුවට මාරුවෙද්දී බොහොම හොඳට පැහැදිලි වෙනවා මේ කියන දේවල් තුළින් (නි)

:       0       0

විද්‍යා Monday, 21 March 2016 03:00 AM

පැරදුනාම ධර්මිෂ්ටව හැසිරෙන්න ඕනෑ. කොළඹට ගිහින් අවකැපෙන දේවල් දොඩවන්නට හොඳ නැහැ. එතකොට අැතුගලත් පුපුරනවා (නි)

:       0       0

චතුරි Sunday, 20 March 2016 11:45 AM

මහින්ද මේ කතාකරන්නේ. කොහෙන්ද .ඔබ රට කරනකොට මේ ට්‍රාන්ස්ෆෝමර් අලුත් වැඩියා කෙරුවද ,අවුරුද්දට සැරයක් වත්. දැන් තමයි. හොරු අල්ලන්නේ ,නුඹ තමයි පළිගත්තේ. (බ)

:       0       0

ශානක Sunday, 20 March 2016 11:47 AM

ඒ කතාව සම්පූර්ණ ඇත්. මේ ආණ්ඩුවෙන් නීතිය ක්‍රියාත්මක රාජපක්ෂට පමණයි. (බ)

:       0       0

සමන්ත Sunday, 20 March 2016 11:59 AM

මෙතන තියන ලෝක බොරුව තමයි හොරු ඇල්ලීම. අපිට හොරු පෙන්නන්නේ ලෝක බොරු කාරයෝ ටිකක්. මෙයාල විරුද්ධවාදින්ට හොරු කියල මඩ ගහනවා (බ)

:       0       0

සරත් Sunday, 20 March 2016 12:29 PM

සරත් ෆොන්සේකා අද ඔතන ඉන්නේ මහින්ද මහත්තයා නිසා. පළිගත්තා නම් අද කොහෙද දන්නෙ නැහැ (නි)

:       0       0

අරුණ Sunday, 20 March 2016 12:57 PM

හොරු අල්ලන්න මෙපමණ අමාරුද? දැන් අවුරුදු එකහාමාරක් ගෙවිලා නේද? හේතුව මොකක්ද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Sunday, 20 March 2016 01:01 PM

රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසාකාපු කම්බා හොරු ඇල්ලීම තමයි පළවෙනි කාරණාව වෙන්න ඕනෑ. ඒ අතින් මේ රජය පන මදි. (නි)

:       0       0

නෞෂි Sunday, 20 March 2016 07:04 AM

ජනතාව අලුත් රජයක් පත්කරේ දුෂණය සහ වංචා පිළිබඳව පරීක්ෂණ පවත්වා එම කාර්යයන්හි නිරත වුවන් නිතිය ඉදිරියට පමුනුවිමටයි. එම කාර්යය කිරීම පලිගැනීමක් වන්නේ කෙසේද? (ර)

:       0       0

ජගත් Sunday, 20 March 2016 01:04 PM

තවත් බලය ඉදිරියේ නොනැමී දැන් විවේකයෙන් ඉන්න (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Sunday, 20 March 2016 01:08 PM

ඡන්දයෙන් පැරදිලා මැදමුලන වලව්වේ ඉඳලා පරණ පුටුවක ඉඳගෙන පුවත්පතක් බල බලා හිටපු මනුස්සයා දැන් කොහොමද? මම නම් ඔය ටික දන්නවා. මොකද රාජපක්ෂලා කියන්නේ කවුද කියලා මම දන්නා නිසයි. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Sunday, 20 March 2016 01:08 PM

ලක්ෂ 62 ක බලයක් දුන්නේ අසරණ මිනිසුන්ගෙන් ගසාකාපු කප්පරක් ධනස්කන්දය නැවත ජනතා සතුකරලා ජනතාවට සහන දෙන්න මිසක්, කම්බා හොරුන්ට සමාව දීලා නැවත බලයට එන්න අවකාශය හදන්න නෙමෙයි. (නි)

:       0       0

නිශාදි Sunday, 20 March 2016 01:10 PM

දැන්නම් හොඳටම පිස්සු හැදිලා තියෙන්නේ. තව අවුරුදු 2ක් සැපෙන් ඉන්න තිබෙද්දී සැප නැතිවුණාම ඔහොම වෙනවා තමයි (නි)

:       0       0

ප්‍රියාන් Monday, 21 March 2016 04:46 AM

අපේ සිරිසේන මහත්තයත් සිරි සඟ බෝ රජ්ජුරුවෝ වගේ එයාම තමාට තිබ්බ බලතල මාස හතරකින් කප්පාදු කරනවා කියල එක එහෙම කළා. ඇත්තටම් එහෙම කරන්නේ අවුරුදු දෙකින් කියල කීවත් ඒ වෙලාවේ යහපාලනය කැමති අය මොනවත් කියන එකක් නැහැ. දැන් වෙලා තියෙන්නේ "වලිගය නැති ගොනා වැනී" කීව වගේ හොරු කචල් දාද්දි වැනි වැනී ඉන්න. එදා දුර දිග හිතුවේ නැද්ද? (බ)

:       0       0

රොකී Sunday, 20 March 2016 01:39 PM

සමන්ත, ඔය විදිහට පෙනෙන්නේ කාටද කියලා දන්නෝ දනිති! (නි)

:       0       0

සුරනිමල Sunday, 20 March 2016 07:32 AM

වංචා දුෂණ සෙවීම ගැන මේ රජයේ මන්දගාමි බව ගැන අපි නම් ඉන්නේ කණගාටුවෙන් . (ර)

:       0       0

ප්‍රියා Monday, 21 March 2016 04:56 AM

කුවේනිගේ ඉදලම වහල් චින්තනය තිබෙන මිනිස්සු 90%ක් ඉන්න මේ රට ගොඩගන්න බැහැ. නිම්මි වගේ අය ඒ කාලේත් මෙහෙම කියන්න ඇති. මේක ජාතියේ ජාන වල වැරැද්දක්.මෙහෙ අය හිතනවා ආරච්චිල වැඩක් කරල දුන්නහම ඒක උදව්වක් කියල, ඉතින් කෘතගුණ සලකනවා.පැණි මුලක් හරි දඩමස් හරි ගිහින් දීල පහට විතර නැමිලා දෙය්යෝ බුදු වෙන්ඩ! කියල ප්‍රර්ථනා කොරනවා. සමහර විට හාමිනේව බලන්නත් එන්න දෙනවා. (බ)

:       0       0

චාමර Sunday, 20 March 2016 07:32 AM

ඇයි ලයිට් කපන එකත් හරියට කරනවා. (ර)

:       0       0

රජිත් Monday, 21 March 2016 04:56 AM

අනිත් අයට හොරු කියන්නේ කම්ඹා හොරු. කොච්චරක් කියල හරියට කවුරුත් කියන්නේ නැහැ. එකෙන් තේරෙනවාමේ ආණ්ඩුව කරන්නේ බොරුවක් කියල. බලය ගන්න විතරයි. (බ)

:       0       0

එරික් Sunday, 20 March 2016 07:33 AM

ඇයි මෙයා මේ පදනම් විරහිතව කියවන්නේ. ලයිට් කපන්නේ ආසාවට නෙමෙයි. (ර)

:       0       0

රොහාන් Monday, 21 March 2016 05:06 AM

මහින්ද මහත්තය යුද්දේ ගැනවත් රටේ සංවර්ධනය ගැනවත් හිතන්නේ නැතුව ඕක හරියට කළානම් හරි (බ)

:       0       0

සෞදි සරත් Sunday, 20 March 2016 07:37 AM

විරුද්ධවාදිට විතරක් නිසා පලි ගැනීම් කියන්නේ. (ර)

:       0       0

බණ්ඩා Sunday, 20 March 2016 08:05 AM

හොරු අල්ලන එක පලිගැනීමක්ද ? (ර)

:       0       0

රුවන් Sunday, 20 March 2016 08:18 AM

ටිකක් නිදහසේ ඉන්න. එයාලත් ටික කාලයක් දෙන්න කකුලෙන් අදින්නේ නැතිව. සමහවිට එයාලට ඔයා කළදෙයට වඩා යමක් කරන්න හැකිවෙයි. (ර)

:       0       0

චන්දි Monday, 21 March 2016 06:22 AM

අපෙ හාමුදුරුවනේ! පළිගත්තේ නැහැ. ශිරාණි බණ්ඩාරනායකයි, සරත් ෆොන්සේකටයි කරපු දේට කියන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම කියල.අපේ හාමුදුරුවනේ මේගොල්ලෝ පළිගන්නවෝ.. (බ)

:       0       0

නිම්මි Sunday, 20 March 2016 03:32 PM

නලින්, තේරෙන්නේ නැත්නම් කතා නොකර ඉන්න. කොළපාට කණ්ණාඩිය ගැළෙව්වොත් සමහරවිට තේරෙයි. (නි)

:       0       0

චන්ද්‍රිකා Sunday, 20 March 2016 08:39 AM

විරුදධවාදීන්ට විතරක් නීතිය අස්ස කුලප්පුවෙන් ක්‍රියාත්මක වෙනකොට ඒක පළිගැනීමක් තමයි. (ර)

:       0       0

ප්‍රියා Monday, 21 March 2016 06:28 AM

පොල් ගහන එක හරියට කරන්න . නැත්නම් __දෙවියෝ තමාගේ පිළිකුල පෙන්නන්න සාක්කුවේ තියෙන පොකට්ටුව ගිහින් කොහේ හරි දාන්න පුළුවන්. ආරංචි විදිහට එකට ඒ දෙවියොත් දඩුවම් ලබල (බ)

:       0       0

ගයන්ත Sunday, 20 March 2016 04:16 PM

දින 100 වැඩපිළිවෙල බොරු ගොඩක්. අවුරුද්දක් ගෙවිලා ගිහින් මොනවද කරලා තියෙන්නේ? ඇත්ත වශයෙන්ම රට ආපස්සට නොවේද යන්නේ? රට විතරක් නොවෙයි අපි වැඩකරන ආයතන වුණත් ඔහේ යැවෙනවා හැර අලුත් පිබිදීමක් නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව පවා ඉබාගාතේ ගිහිල්ලා. මැච් බලන්නවත් හිතෙන්නේ නැහැ. මේ විදියට හිතෙන අය තව ඉන්නවද? ඒ මම විතරද? (නි)

:       0       0

සනත් Sunday, 20 March 2016 04:18 PM

එ්කවත් හරියට කරන්නේ නැති නිසා හොරුටික තාමත් එළියේ (නි)

:       0       0

චන්දන Sunday, 20 March 2016 04:37 PM

දැන් විකාර කියවන්න එපා. හරියට කළා නම් මෙලහකට හැමෝම ඇතුළේ. (නි)

:       0       0

රොකී Sunday, 20 March 2016 09:15 AM

ඔහොම කතා කරන්න තරමට වත් නිදහසක් තිබීම ගැන සතුටු වීම සුදුසුයි. (ර)

:       0       0

සරත් Sunday, 20 March 2016 09:20 AM

කොහෙද අල්ලපු හොරු ඉන්නේ... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1729 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1085 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1635 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1142 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 612 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1132 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37968 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site