IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


රජරට දරුවන් සියයට 60කගේ පෙනීම දුර්වලලු

(සමන් කේ. ගමගේ)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් යන දරුවන්ගෙන් 60% කට පමණ ඇස් පෙනීමේ දුර්වලතා මතුව ඇති බව අක්ෂි සායන කඳවුරු දොළහක දත්ත පදනම් කරගනිමින් අනාවරණය කරගත් බව ඇස් රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ කුෂාණි ගුණරත්න මහත්මිය පැවසුවාය.

මිහින්තලේ මහා විද්‍යාලයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ අවසන් අක්ෂි සායනයට එක් වෙමින් ඇය ඒ බව සඳහන් කළාය.

අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සංවිධානය කර ක්‍රියාත්මක කරන ඇස් පෙනීමේ දුර්වලතා ඇති පාසල් දරුවන්ට නොමිලේ ඇස් කන්නාඩි ලබාදීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්ෂි කඳවුරු 12ක් පවත්වා ඒමගින් මේ බව අනාවරණය වූ බව ඇය කීවා ය.

ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා, අනිකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් හරහා පාසල් දරුවන් සම්බන්ධ කර මූලීක හදුනා ගැනීම් සිදු කර ඇති අතර එම සායන මගින් ලබාගත් දත්ත විශ්ලේෂණය කිරීමේ දී මෙම තොරතුරු අනාවරණය වූ බවයි වෛද්‍ය කුෂාණි ගුණරත්න මහත්මිය සඳහන් කළේ.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක ම මෙවැනි අක්ෂි කඳවුරු පවත්වන අතර ඒ අතරින් 60% ක් තරම් වූ වැඩිම ඇස් පෙනීමේ දුරවලතා සිසුන් සිටින දිස්ත්‍රික්කය ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කය පත්වීම විශේෂත්වයකි.

 



අදහස් (3)

රජරට දරුවන් සියයට 60කගේ පෙනීම දුර්වලලු

Lankabarana Wednesday, 21 February 2024 06:44 PM

මට හිතෙනවා මන්දපෝෂණය මෙහෙම වෙන්න හේතුවක් වෙනවාට අමතරව බොහෝ දරුවෝ පමණක් නොවෙයි වැඩිහිටියන් පවා ජංගම දුරකථන පාවිච්චියට යොමුවෙනවා වැඩියි. ඉතින් ඇස් පෙනීමේ දුර්වලතා වලට අමතරව ශ්‍රවණාබාධ වුණත් ඇතිවෙන්න පුළුවන්... මෙයට නොපමාව ප්‍රතිකර්ම යෙදීමක් නොකළොත් ලොකු විනාශයක් වෙන්න පුළුවන් කියලා හිතෙනවා...

:       2       53

ab Wednesday, 21 February 2024 07:33 PM

වර්තමානයේ පාසල් දරුවන් දුරකථන සහ පරිගනක මත ඔවුන්ගේ කාලය ගත කරයි. එමනිසා කුඩාකාලයේ සිටම දරුවන්ගේ දෑස් / පෙනීම වර්දනය වීමට පෙර පෙනීම දුර්වල වීම අරම්භ වේ. දෙමාපියන් කුඩා දරුවනට දුරකථන ලබාදී ඔවුන්ව සතුටු කලද ඒවයේ අනිසින් ප්‍රතිපල කණගාටු දායක කිසිදිනෙක වෛද්‍ය ප්‍රතිකාර මගින්හෝ විසදුමක් ලබාදීමට නොහැකිය. ලංකාවේ සිටිනා අක්ෂි වෛද්‍යවරුන් මේ පිලිබදව පාසල් දරුවන් සහ කුඩා දරුවන් සිටින දෙමාපියන් වෙත පණිවුඩයක් ලබාදිය යුතුව ඇත. පාසල් දරුවනට ඇස් පෙනීමේ දුර්වලතා මතුව තිබේනම් ප්‍රතිකාර ලබාදීමට පෙර වැලකි සිටීම පිලිබදවත් දැනුවත් කලයුතුවේ. මේ පණිවුඩය පාසල් වෙත ලබාදීම අක්ෂි වෛද්‍යවරුන්ගේ වගකීමකි

:       0       0

SLPP Supporter Thursday, 22 February 2024 01:15 PM

2019 වසරේ මිලියන 6.9ක ඡන්දදායකයින් පිරිසකට ඇස් පෙනීම, ඉතා දුර්වල සංජානන ක්‍රියාකාරකම් සහ මොළයට හානි සිදුවී ඇති නිසා දරුවන්ගේ ඇස් පෙනීම ඉතා දුර්වල වීම පුදුමයක් නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 612 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 501 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1732 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site