IMG-LOGO

2025 පෙබරවාරි මස 04 වන අඟහරුවාදා


රජරට පේපර් පිට කළැයි වැඩබලන විදුහල්පති රිමාන්ඩ්

(උපාලි ආනන්ද)

උතුරු මැද පළාතේ පාසල්වල 2024 අවසන් වාර විභාගයේ 11 ශ්‍රේණිය සිංහල සහ බුද්ධාගම ප‍්‍රශ්න පත‍්‍ර සැලසුම් සහගතය ඉතා සූක්ෂම අයුරින් පාර්සල්වල මුද්‍රා කඩා පිටතට ගෙන ජංගම දුරකථනයකින් ජායා රූප ගත කොට තඔුත්තේගම ප‍්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයකුට වට්ස් ඇප් ඔස්සේ යැවීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ වැඩ බලන විදුහල්පතිවරයා  මස 7 දින දක්වා රිමාන්ඞ් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහයතා නියෝග කළේය.

මෙම වංචාව තුළින්  රජයට රුපියල් එක් කෝටි පහලොස් ලක්ෂයකට අධික මුදලක් අලාභ සිදු කර ඇතැයි අධිකරණයේ දී කියැවිණි. 

මෙම ප‍්‍රශ්න පත‍්‍ර වංචාවට සම්බන්ධ බවට සැක කෙරෙන අනකුත් සැකකරුවන්ද වාහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා අනුරාධපුර කොට්ටාස අපරාධ විමර්ශන අංශයට වැඩිදුරටත් නියෝග කෙරිණ.

මෙසේ රිමාන්ඩ් බාරයට පත්  කළේ අනුරාධපුර තම්මැන්නාකුලම පදිංචි ඇද්දත්කල්ල රාහුල විද්‍යාලයේ වැඩ බලන විදුහල්පති එම්. එම්. කරුණාරත්න රාජපක්ෂ  නැමත්තෙකි.

 



අදහස් (2)

රජරට පේපර් පිට කළැයි වැඩබලන විදුහල්පති රිමාන්ඩ්

විපරමා Tuesday, 04 February 2025 03:55 PM

ආ!! එයත් රාජපක්ෂ කෙනෙක්ද?

:       1       9

Shantha - Qatar Tuesday, 04 February 2025 04:04 PM

ඔය තියෙන්නේ ගමෙයි, ඉස්කොලෙයි නමයි ඔක්කොම. කොහොම වුණත් ඉස්කෝලේ මහත්තයාට අයේ වැස්සකටවත් ඉස්කොලෙට යන්න නම් බැරි වෙයි.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

තාත්තයි - පුතයි පිහියෙන් ඇණගෙන
2025 පෙබරවාරි මස 04 397 0

අම්බලන්තොට රුහුණු රිදියගම දියවර ගම්මානයේ නිවසක අද දහවල් පිය පුතු දෙපළක සිදු වූ පිහිය ඇණුමකින් දෙදෙනාම තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇත.


සැබෑ නිදහස ඉල්ලා උතුරේ විරෝධතා
2025 පෙබරවාරි මස 04 444 1

යුද සමයේ අතුරුදහන්වු ඥාතීන් සෙවීම හා උතුරේ අහිමිවු සිය ඉඩම් ලබා නොදීම මත තමන්ට නිදහසක් නොමැති බව සඳහන් කරමින් අතුරුදහන්වුවන්ගේ ඥාතීන් අද (04) කිලිනෙ


‘‘එජාප - සජබ සාකච්ඡාවලට පසුපෙල විරෝධයක් නෑ‘‘
2025 පෙබරවාරි මස 04 330 2

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය ඒකාබද්ධ කිරීම වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා පසුපෙළ මන්ත්‍රීවරුන් විරුද්ධ බවට පැතිරෙන කථා අසත්‍යයක් බව සමගි ජන


රජරට පේපර් පිට කළැයි වැඩබලන විදුහල්පති රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 04 329 2

උතුරු මැද පළාතේ පාසල්වල 2024 අවසන් වාර විභාගයේ 11 ශ්‍රේණිය සිංහල සහ බුද්ධාගම ප‍්‍රශ්න පත‍්‍ර සැලසුම් සහගතය ඉතා සූක්ෂම අයුරින් පාර්සල්වල මුද්‍රා කඩා පිටත


’’රෝග මඩින්න ව්‍යායාමත් ඖෂධයක්’’
2025 පෙබරවාරි මස 04 226 0

රෝග නිවාරණයේ දී ක්‍රීඩාව හා ව්‍යායාම ඖෂධයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


ලුණු ගෙන්වීමට පෞද්ගලික අංශයටත් අවසර
2025 පෙබරවාරි මස 04 145 0

පවතින ලුණු හිඟයට පිළියමක් ලෙස පෞද්ගලික අංශයටත් ලුණු ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමට රජය පියවර ගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 84 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 752 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 732 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site