IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


රජරට රැජිණ ඔළුව ගිනි ගනී

රජරට රැජින දුම්රිය මින් මද වේලාවකට කලින් ගම්පහ දුම්රිය පො‍ළේ නතර කිරීමෙන් පසු දුම්රිය ඇන්ජිමේ ගින්නක් හටගත් බව දුම්රිය සේවකයෝ කියති.

මගීනට හෝ වෙනත් කිසිවකුටත් හානියක් වූ බව වාර්තා නොවේ.



අදහස් (0)

රජරට රැජිණ ඔළුව ගිනි ගනී

චමිල Friday, 17 May 2013 09:55 AM

කාටවත් කරදරයක් වුණේ නැත්නම් ඒ ඇති. (ස)

:       0       0

සංජීවනී Friday, 17 May 2013 09:58 AM

දැන් තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ඔළුව ගිණි ගත් කීදෙනෙක් නම් ගෙනියන රැජිණක්ද ? (ස)

:       0       0

සෙන්තිල් Thursday, 16 May 2013 09:05 PM

ඔය අවුරුදු සීයක් පරණ වෙච්ච ඩීෂල් එන්ජින් ඔක්කොම විසිකොරලා,දාන්නකෝ ඉලෙක්ට්‍රික් එන්ජින්. පරිසරයටත් හොඳයි,වේගයත් වැඩියි,ශබ්දයත් ඉතාමත් අඩුයි. (නි)

:       0       0

කුමාර Friday, 17 May 2013 10:46 AM

එස්.එල්.ටී.කේ. ගේ අදහස මම අනුමත කරමි. මෙම දුම්රිය එන්ජින් කොළඹ ක්‍රමය යටතේ ලංකාව ට 1950 ලැබුණ ඒවා. මෙම එන්ජින් 17ක් දුම්රිය දෙපාර්තමේන්තුවට තිබෙනවා. එකක් හැර අනිත් එන්ජින් සියල්ල අදටත් උපරිම කාර්යක්ෂමතාවෙන් ධාවනය වෙනවා. මෙම එන්ජින් නැවත හදන්න දක්ෂ කාර්මිකයන් එහි ඉන්නවා (නි)

:       0       0

වරුණ Thursday, 16 May 2013 03:33 PM

ඔය මාතර ඉදන් කොළඹ ඇවිත් නැවත 1.45 ට කොටුවෙන් එන දුම්රියනේ. යකඩ වුණත් රත්වෙනවනේ. මේ දවස්වල දුම්රියට ටිකක් අපලයි වගේ... (නි)

:       0       0

කමල් Thursday, 16 May 2013 03:36 PM

මේ දවස්වල අපෙත් ඔළුව ගිණි අරන් තියෙන්නේ, නිවන්න කවුරුත් නැහැ (නි)

:       0       0

තබුක් සිල්වා Thursday, 16 May 2013 03:36 PM

රජරට රාජිනීගේ ඔලුව විතරක් නොවෙයි, ජනතා ඔලුත් ගිනි අරන් තිබෙන්නෙ රට යන මග දැකලා (නි)

:       0       0

ආනන්ද ආර් Thursday, 16 May 2013 09:29 PM

වාෂ්ප එන්ජිම් තිබුණු කාලේ නම් ඔලුවට ගිනි තියන්නේ නැතුව දුම්රිය දිව්වේ නැහැ. (නි)

:       0       0

ලහිරු Friday, 17 May 2013 11:23 AM

කැනඩාවේ සුප්‍රකට සමාගමක නිශ්පාදනයක් වන මෙම එම්2 පන්තියේ එන්ජින් අපේ රටට ලැබුණේ 1954 වසරේදී. ඒ "කොළඹ ක්‍රමය" නමැති විදේශ ආධාර වැඩ සටහන ඔස්සේයි. ජී12 වර්ගයේ එන්ජින් වන මේවා ආනයනයෙන් පසුව මෙරටදී එම්2 ධාවන පන්තිය යටතේ සේවයට යෙදවෙන ලදී. ඉතාම සතුටුදායක කාරණාව නම් මෙසේ ගෙන්වු එන්ජින් 14න් 13ක් මේ වනවිටත් සාර්ථකව ධාවනයට යෙදවීමයි. මින් එක් එන්ජිමක් පමණක් (571) ත්‍රස්තවාදී ප්‍රහාරයක් නිසා නැවත අලුත්වැඩියා කල නොහැකි බැවින් ධාවනයෙන් ඉවත් කරන ලදී. මෙම වර්ගයේ එන්ජිමක් මුලින්ම ධාවනය සඳහා යොදවාගෙන ඇත්තේ වර්ෂ 1954 අප්‍රේල් මස 24 වැනි දින ධාවනය කල රුහුණු කුමාරිය සඳහායි. එසේ ඇරඹුණු එම්2 එන්ජින් වල සේවය අද වන විට වසර 50 ස්වර්ණ ජයන්තියද පසු කරමින් ඉතා සාර්ථක ලෙස සේවයේ යොදවනු ලැබේ. (නි)

:       0       0

අජන්ත Thursday, 16 May 2013 10:21 PM

ඇයගේ ඔලුව විතරයි. අපේ දෙපැත්තම ගිනි අරන් තියෙන්නේ. දුප්පත් අපට දෙවියන්ගේම පිහිටයි! (නි)

:       0       0

උද්දික Saturday, 18 May 2013 10:42 PM

එම්2 පන්තියේ දුම්රිය එන්ජින් තියෙන නිසා තමයි දුම්රිය දෙපාර්තමේන්තුව නව එන්ජින් සහ පවර් සෙට් කට්ටල ගෙනෙනකම් මේ බර ඇදගෙන ආවේ. මෝඩ කතා කියලා අපහාස කරන්න එපා. දන්නේ නැත්තම් කටවහගෙන ඉන්න. මේවා වලට හරිනම් අපි සදා ණයගැතියි. අලුත් ඒවත් විනාශ කරන්නේ මේ කඩේ යන කට්ටිය තමා (නි)

:       0       0

නන්ද Thursday, 16 May 2013 10:47 PM

මේකට හොඳම විසඳුම, මට පෙනෙන හැටියට නම්, දුම්රිය එන්ජින් ගිනි නිවීම සඳහා වෙනම ඇමතියෙක් (8 සමත් නම් හොඳටම ඇති) පත් කරන එක. (නි)

:       0       0

අමිල Thursday, 16 May 2013 04:16 PM

තියෙන ටික පරිස්සම් කර ගන්න බැලුවොත් හොදයි නේද? (නදී)

:       0       0

චතුල වෙරෝනා Thursday, 16 May 2013 04:18 PM

මේකෙ මාතෘකාව දෑක්කම මම හිතුවෙ මහසෙන් වගේ රජ කාලෙ කතාවක් කියලා.(ස)

:       0       0

ඩී.උපුල් Friday, 17 May 2013 12:20 AM

ඔලුව කූල් මිනිස්සුත් ඉන්නවා රටේ. දැක්කනේ ඊයේ පෙළපාලි ගිය අපූරුව ලයිට් බිල හරි සනීපයි කියලා. (නි)

:       0       0

ඩිංගිරිබන්ඩා Thursday, 16 May 2013 04:28 PM

වරුනගේ කතාවට මට පැයක් විතර හිනා ගියා. එහෙනම් ඉතිං හැම වාහනයක්ම ගිනි ගන්න ඕනා.(නදී)

:       0       0

ටිකිරි Friday, 17 May 2013 12:29 PM

ලහිරු මහත්මයා සහ කුමාර මහත්මයා, ඔබලාට බොහොම ස්තුතියි වැදගත් කාරණා ටිකක් අපට දැනගන්න සැලැස්සුවට. මොකද මෙහි ලියන බොහොම දෙනෙක් කරන්නේ ප්‍රවෘත්තියක් දැකපුවම මොකක් හරි මෝඩ කතාවක් හරි මඩ පාරක් හරි ගහලා තමන් ගේ මෝඩකම පෙන්නන එකයි . අඩුපාඩු නැතුවා නෙමෙයි නමුත් මෙතරම් පැරණි දුම්රිය එන්ජින් වලින් මෙතරම් කලක් වැඩ ගන්න එකගැන ලංකා දුම්රිය සේවයට අපගේ උපහාරය පුදකළ යුතුමයි . (නි)

:       0       0

හසිත Thursday, 16 May 2013 04:40 PM

රැජින ගේ ඔලුව ගිනිගත්තා නම් රජ්ජුරුවන්ගේ ඔලුව දාල හරි අනුරපුරේ යන්න ඕන අදම.(නදී)

:       0       0

සේරම් පැරිස් Thursday, 16 May 2013 04:48 PM

දැන් කාලේ මින්සුන්ගේ ඔළුව ගිනි අරන් ඉන්නේ. බඩු මිල තෙල් මිල විදුලි බිල ඉහල ගිහින්. එපාර රජරට රැජින දුම්රිය ඔළුව ගිනි තියන්. අපිට වෙන වැඩ මේවා තමා.(ස)

:       0       0

ඩිල්ශාන් මොහොමඩ් Thursday, 16 May 2013 04:50 PM

දුම්රිය එන්ජිම පමණක් නෙවෙයි රටේ හැම ‍තැනම දැන් සාමාන්‍ය මිනිසුන්ට ප්‍රශ්න, තව තවත් සමහර මිනිස්සු කඩේ යනවා මිසක් මිනිසුන්ට තියෙන එදිනෙදා ප්‍රශ්න විසඳන්න කවුරුත් නැහැ. (ස)

:       0       0

රංජනී Friday, 17 May 2013 04:49 AM

පොඩි දෙයක්නේ. හැමෝම ඔලු ගෙඩි ගිනි තියාගෙන මොකෝ ? කාටවත් අනතුරක් නැතිලුනේ.දැන් යාපනේටත් කෝච්චි යනවා කියන්නේ. (නි)

:       0       0

සරත් Thursday, 16 May 2013 06:12 PM

සමුද්‍ර දේවි කියන්නේ මට නම් මහ එපාම කරපු කට වාචාල ගෑණූ කෙනෙක් (නි)

:       0       0

නිමල් Friday, 17 May 2013 08:19 AM

මේක තෑගි වසයෙන් ලැබුන අවුරුදු පනහකට වැඩිය පැරණි හොඳම දුම්රිය එන්ජිමක්. දැන් ඉතින් මෙවැනි දේ සිදු වීමට ඉඩ තියෙනවා.නමුත් හරියට නඩත්තු කළොත් තවත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්.මේවා කොමිස් ගහපුවා නෙමෙයි (නි)

:       0       0

ඩී.උපුල් Friday, 17 May 2013 02:09 PM

ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම කර්මාන්ත ශාලාව ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවේ බව මම අහල තියනවා. (ස)

:       0       0

සරත් Thursday, 16 May 2013 07:34 PM

රැජිනටත් මාලිගාවේ විදුලි බිල මතක් වෙන්න ඇති. (නි)

:       0       0

එස්.එල්.ටී.කේ. Friday, 17 May 2013 09:34 AM

සෙන්තිල්, කරුණු නොදැන අපහාස කරන්න එපා. මේ ජාතියේ එන්ජින් ලංකාවට ලැබුනේ කැනඩාවෙන් 1950 ගණන් වල. බෝම්බ වැදිලා වැනසුනු 1ක් හැර අනිත්වා තවම සේවයේ. සුනාමියට අහුවුණු එකත් අපේ අය කොහොම හරි හදාගත්තා. අලුතින් ගෙන්වූ ප්‍රංශ, ඉන්දියානු, චීන ඒවත් එක්ක බලනකොට මේවා විශිෂ්ටයි. (නි)

:       0       0

ක්‍රිෂ් Friday, 17 May 2013 09:48 AM

රැජණගේ ඔළුව ගිණි නොගෙන තියේවියැ අනිත් අය දවසකට කීයක් නම් බිලි ගන්නවා කියලා අහන්න සලස්වනවද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 251 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 227 0

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 380 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 973 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 413 0

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


දෙබරු ඇන 10 කට තුවාල
2024 සැප්තැම්බර් මස 30 86 0

බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38211 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25165 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 256 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site