IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


රජරට වතුරට ලොකු ඉල්ලුමක්

කැබැතිගොල්ලාව ගෝන මැරියාවේ පන්සලක් අසළ  ස්වාභාවික ජල උල්පතේ ජලය විකුණතියි කියන සිද්ධියක් ගැන  කැබැතිගොල්ලැව  ප්‍රාදේශීය ලේකම්  පී ආර් ජයරත්න මහතා පරීක්ෂණ අරඹා ඇත  රජරට නියඟය නිසා  බොහෝ දෙනා  පානීය ජල හිගයකට මුහුණ පා සිටිති  බඳුන් දහයකට ජලය පුරවා ගත් විට  අටකට රුපියල බැගින් අය කරන බවත්  පන්සලේ නඩත්තුව සඳහා එම මුදල් යොදා ගන්නා බවත් කියති  බෝතල් වලට මහා පරිමාණයෙන් පිරවිම සඳහා මෙම ජලය නොදෙතැයි කියති



අදහස් (0)

රජරට වතුරට ලොකු ඉල්ලුමක්

වරුණ Friday, 05 October 2012 04:43 PM

බොර දියේ මාළු බෑම කියන්නේ මේවට තමයි (ස)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Saturday, 06 October 2012 08:52 PM

මම මෙම ප්‍රදේශයේ නොවූවත් මෙම ස්ථානය ඉතා හොදින් දන්නා අයෙක් වෙමි. මෙම දිය උල්පතේ ජලය සැමදා ඇත. එය නිරන්තරයෙන් උතුරා යයි. දැන් පවතිනුයේ වියලි කාලගුණයකි. මෙවන් කාල වකවානුවක පීඩිත ප්‍රදේශවාසීහු පානීය ජල අවශ්‍යතාවන් මෙයින් සපුරා ගනී. නමුත් ගැටලුව වනුයේ ප්‍රදේශවාසීන් පීඩනයට පත්වන අවස්ථාවේදී එය මුදල් කිරීමට දරන උත්සාහයයි. මෙම තත්වයම යුද්ධය පවතින සමයේ ඊට ගොදුරු වූ පළාත් වලද තිබුණා ඔබට හොදට මතක ඇති. පොල් ගෙඩිය 250/-, සහල් 300/- වැනි. සත්තකින්ම මෙම දෙකේම ඇත්තේ පීඩිත මිනිසාගෙන් මුදල් ඉපයීමක් නොවේද. මෙහි කණගාටු විය හැකි අනෙක් කාරණය වනුයේ එය පන්සලෙන්ම සිදු වීමයි. අපි අපේ පන්සලක හාමුදුරුවන්ට කෑම, බීම වලින් කිසිදු අඩුවක් නොතියන්නෙමු. එසේ නම් ඇයි මේ? (නි)

:       0       0

කුමාර Saturday, 06 October 2012 08:52 PM

මෙහි කණගාටුවට කරුණ නම් මෙම සිදුවීම පන්සලේ සිදුවීමයි...!(නු)

:       0       0

රත්නසිරි Friday, 05 October 2012 04:44 PM

අවසර, තණ්හා ජායතී සෝකෝ හාමුදුරුවනේ, මහා පරිමාණයෙන් පිරවීමට නොදීම නම් හොදයි, ඒත් අමාරුවේ වැටිලා ඉන්න වෙලාවේ වතුර විකුණගෙන කෑම නරකයි. (ස)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Saturday, 06 October 2012 08:46 PM

මම මෙම ප්‍රදේශයේ නෝවූවත් මෙම ස්ථානය ඉතා හොදින් දන්නා අයෙකු වෙමි. මෙම දිය උල්පතේ ජලය සැමදා ඇත. එය නිරන්තරයෙන් උතුරා යයි. දැන් පවතිනුයේ වියලි කාළ ගුණයකි. මෙවන් කාල වකවාණුවක පීඩිත ප්‍රෙද්ශවාසීහු පාණීය ජල අවශ්‍යතාවන් මෙයින් සපුරා ගනී. නමුත් ගැටලුව වනුයේ ප්‍රෙද්ශවාසීන් පීඩනයට පත්වන අවසථාවේදී එය මුදල් කිරීමට දරන උත්සාහයයි. මෙම තත්වයම යුද්ධය පවතින සමයේ ඊට ගොදුරු වූ පලාත්වල ද තිබුණා ඔබට හොදට මතක ඇති. පොල් ගෙඩිය 250/-, සහල් 300/- වැනි. සත්කින්ම මෙම දේකේම ඇත්තේ පීඩිත මිනිසාගෙන් මුදල් ඉපයීමක් නොවේද. මෙහි කාණගාටු විය හැකි අනෙක් කාරණය වනුයේ එය පංසලෙන්ම සිදු වීමයි. අපි අපේ පංසලක හාමුදුරුවන්ට කෑම, බීම වලින් කිසිදු අඩුවක් නොතියන්නෙමු. එසේ නම් ඇයි මේ?

:       0       0

වගුරේගම Sunday, 07 October 2012 02:18 PM

මොකක්ද ජයන්ත ඒකේ වැරැද්ද? (නි)

:       0       0

තරංග Saturday, 06 October 2012 10:30 AM

මේකේ කිසිම වරදක් නැ . වතුර බෝතලය රු 40 ට විකුණන එක හොද නම් රුපියලකට වතුර බෝතලයක් දෙන එකේ වරද මොකද්ද . මේක පන්සලේ කරපු නිසා තාම කට්ටිය ෆොම් වෙලා පරීක්ෂණ කරන්නේ . වෙන කවුරුහරි කරා නම කියයි එක ඒවගේ අරමුදලට නිසා කමක් නැ කියල . (ස)

:       0       0

ජනිත Saturday, 06 October 2012 08:52 PM

කල දුටු කල වල ඉහ ගැනීම..!(නු)

:       0       0

ධර්මසේන Friday, 05 October 2012 04:55 PM

පන්සලට දානේ උයාගෙන එන අයට, වතුර ගන්නකොට ඩිස්කවුන්ට් එකක් දෙනවාද දන්නේ නැහැ? (නි)

:       0       0

ඊඑම් Friday, 05 October 2012 05:01 PM

කණගාටුයි, මේක පන්සලක්ද? (නි)

:       0       0

ශාන් Saturday, 06 October 2012 10:42 AM

මේක පන්සලක් ළග සිදුවුන නිසයි මේ වරද?(නු)

:       0       0

සහන් Saturday, 06 October 2012 10:42 AM

මේක වෙන සංවිධානයකින් හරි මොකකින් හරි කළානම් ලොකු ප්‍රචාරයකුත් ලැබේවි...!(නු)

:       0       0

සුමාල් Friday, 05 October 2012 05:05 PM

අද කාලෙ හිගන්නෙක් වත් රුපියලේ කාසියක් ගන්නේ නැහැ. පන්සලේ නඩත්තුවට ඒ මුදල් යොදවනවා නම් ඒකේ වරදක් මම දකින්නේ නැහැ. (නි)

:       0       0

ශාන් Saturday, 06 October 2012 10:43 AM

සිරී ඔයා හරී (ස)

:       0       0

නිශාන්ත Friday, 05 October 2012 05:28 PM

වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි.. අපේ හාමුදුරුවනේ ඔහොම ගියොත් දානෙත් කඩෙන් තමයි...?(නු)

:       0       0

ජගත් වීරසිංහ Friday, 05 October 2012 05:52 PM

ජනතාව විසින්ම කැලේ විනාශ කරලා පරිසරය විනාශ කරපු එව්ගේ ප්‍රතිඵල වලට හාමුදුරුවන්ට බැනලා වැඩක් නැහැ..!(නු)

:       0       0

කිත්සිරි Saturday, 06 October 2012 09:51 PM

මේ කතාවෙන් කොටසයි නේ පළවෙලා තියෙන්නේ.. හාමුදුරුවො එහෙම කරන්නේ ඇයි කියලා හොයලා නැහැනේ.. කියන්නා කෙසේ කීව්ත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියන්නේ මේකට තමයි.!(නු)

:       0       0

දියස් Saturday, 06 October 2012 11:15 AM

මෙලොව නූහුලන අපරාධ වෙනකොට දෙයියෝ වතුර දේවිද ?(ස)

:       0       0

තිලක් Friday, 05 October 2012 06:44 PM

බුදු අම්මෝ! පංසල නේද? අපේ ආතා මුත්තා කාලේවත් අහපුවද මේ? මගේ ගෙදර ළිඳෙන් විදුලිය වියදම් කරලා ටැංකියට පොම්ප කරපු වතුර කොච්චර දීල ඇද්ද අසල්වාසීන්ට? අහල පහල ළිං හිදෙද්දී මගේ ළිඳ තමයි ඉතිරි වෙන්නේ. අපි වතුර දෙන්නේ මොන තරම් පහන් සිතින්ද? හාමුදුරුවනේ, ඕවා මහා පව් වැඩ. ගඩොල් ගොඩවල් හැදුවට පින් ලැබෙන්නේ නැහැ. මේ වගේ දේවල් තමයි නියම පින්. (නි)

:       0       0

සන්ද්‍රසිරි Saturday, 06 October 2012 11:56 AM

වතුර ටික බේරගන්න ඕනි (ස)

:       0       0

ද සිල්වා Friday, 05 October 2012 08:33 PM

අසරණයන්ගේ පිපාසය සන්සිසුදවන්න වතුරට ටිකෙන් හම්බකරලා හදන පන්සල්වලින් වැඩක් නැහැ හාමුදුරුවනේ.. වහාම ඔය වැඩේ නවත්තන්න..!(නු)

:       0       0

තරිදු Saturday, 06 October 2012 12:34 PM

වතුර විකුණලා ඉවරවෙලා , බණත් සල්ලි වලට කියාවිද දන්නේ නෑ , ආශ්චර්‍යයි............(ස)

:       0       0

සිල්වා පැරිස් Sunday, 07 October 2012 02:46 AM

හැමදේයටම හාමුදුරුවරු පන්සල් මුලිකයි.. රට වෙනුවෙන් පෙරට බහින්නෙත් හාමුදුරුවොමයි..!(නු)

:       0       0

අරුණ Friday, 05 October 2012 08:49 PM

නියම ජාවාරම් කරුවන්. කල දුටු කල වල ඉහගන්නවා කියන්නේ මේකට තමයි.. මුළු රටටම ආදර්ශයක්.. (නු)

:       0       0

චූලා Friday, 05 October 2012 08:56 PM

ඒක එක් එක්කෙනාගේ කැමැත්ත අනුවයි.. ඒ අයටම හිතන්න දෙන්න මේක පරිත්‍යාගයක් ලෙස ලබාදෙනවාද නැත්නම් මුදලට දෙනවාද යන්න.. මුදල් අයකිරීම ධර්මානුකූල නැහැනේ..!(නු)

:       0       0

සමිත් Saturday, 06 October 2012 12:56 PM

මෙහෙම පන්සල් මොකටද ? (ස)

:       0       0

ලලිත Saturday, 06 October 2012 01:02 PM

මෙහෙම දෙයක් කරන්නේ පන්සලෙන්ද ?? අදහන්නවත් බෑ . බුද්ධ පුත්‍රයෙක්ද ඒ විදියට රඟපාන කෙනෙක්ද ?? (ස)

:       0       0

ප්‍රවීන් Sunday, 07 October 2012 07:56 AM

දෙයියෝ සාක්කි (දී)

:       0       0

අළුත්ගම Saturday, 06 October 2012 01:46 PM

පන්සලෙන් වැලිකැටයක්වත් නිකං අරගෙන යන්න හොදනැහැ කියලා අහලා නැද්ද .. නිකං පව් පුරොගන්නේ නැතිව මුදල් දීලා අපි වතුර අරගෙන යන්නේ ඒකයි..!(නු)

:       0       0

ප්‍රසන්න Saturday, 06 October 2012 03:19 PM

මේක පන්සලකින් කරන නිසා ගොඩක් අයට හිතට අමාරුවෙලා... වතුර බඳුනකට ගන්නේ රුපියලයි.. මේක මහා ලොකු ගණනක් නෙමෙයි.. දවසකට අයෙක් සිගරට් 1ක් හරි එක බුලත් විටක් හරි කෑවත් මීට වඩා ගෙවනවා... මීගමුවේ මාළු මාර්කට් එකට මාලුගන්න, වාහනයකින් හරි මෝටර් සයිකලයකින් හරි ගියහම රුපියල් 10ක් ගන්නවා එතන තියන පල්ලියේ සුබසාධනයට කියලා..(ස)

:       0       0

සමන් Saturday, 06 October 2012 04:06 PM

මේ හාමුදුරුවෝ ලොකු මුදලක් හම්බ කරනවා නෙමෙඉනේ.ඔයගොල්ලෝ ඇත්තටම බෞද්ධයෝද .වෙනත් ආගම වල ඉදගන බෞද්ධ ආගමට මඩ ගහනවා නේද.ඔයාලගේ ආගම වල ඔය වගය් දේවල් අහන්නවත් නෑ නේද. (ස)

:       0       0

සිරි Saturday, 06 October 2012 06:52 AM

අපි නොදන්න "පන්සලේ නඩත්තුව"!!! (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 06 October 2012 07:32 AM

පොලොවෙන් නොමිලේ ලැබෙන දේට ගනන් ගියන්න එපා.. ඒ අයගේ යුතුකමක් පන්සල රුක ගැනීම.. ජලය නාස්ති කරන්නත් එපා.. සතුන්ටත් කොටසක් වෙන් කරන්න..!(නු)

:       0       0

සාරදා Saturday, 06 October 2012 06:57 PM

මිනිසුන් කවුරුත් බලාගෙන ඉන්නේ හාමුදුරුවන්ගේ පොඩි අඩුපාඩුවක් උනත් ලොකු කරලා පෙන්නන්නනේ..හාමුදුරුවො පන්සලට වෙලා ඉන්නේ ගෙදර ඉදලා කන්න අදින්න නැතිව නෙමෙයිනේ.. මේ ආගමයි ජාතියයි රැකගන්න.. දැං බෞද්ධයෝ බහුතරයක් නමට විතරයි..ඉස්සර මිනිසුන් ගහට පොත්ත වගේ පන්සලට බැදිලා හිටියෙ.. මිනිසුන්ගේ හිත් දූෂණය වෙලා.. මේ තරම් කැප කිරීම් කරන හාමුදුරුවන් දිහා බලන්නේ හතුරෙක් දිහා බලනවා වගේ... හාමුදුරුවො මේ රුපියල අරගෙන මොනවා කරන්නද? ඒක මේ බෞද්ධයන්ට තේරෙන්නේ නැහැනේ.. පුළුවං නම් පන්සල හදන්න උදව් කරන්න.. බස් කොන්දොස්තර මහතා උනත් හාමුදුරුවන්ට ඉතිරි මුදල් දෙන්නේ නැහැ..මේ හැමදෙයක්ම ඉවසාගෙන මිනිසුන්ගේ බැනුම් ඉවසාගෙන කොහොම හරි බුදුදහම රැක ගැනීමට මේ බෞද්ධ පුත්‍රයන්ට අපහාස කරන අයට නිරය තමයි ඉතිරි වෙන්නේ..!(නු)

:       0       0

එස්.මහගම Saturday, 06 October 2012 09:00 AM

මේ අදහස් දක්වපු අය සත්‍යය නොදැනයි ලියලා තියෙන්නේ.. හාමුදුරු නමක් වතුර විකුණනවා කියලා මේකෙ නැහැ... පන්සල නඩත්තු කරන්න කියලා තිබුණට කවුද වතුර විකුණන්නේ කියලා කවුරුවත් දන්නේ නැහැ නේ.. හැම දෙයකටම හාමුදුරුවන්ට දොස් තියන්න එපා.. අපි දන්නේ ඔය වගේ ගොඩක් සිදුවීම් තියෙනවා.. ඒවයේ පිටුපස ඉන්නෙ වෙනත් කණ්ඩායම්.. හාමුදුරුවො තමයි දොස් අහන්නේ.. අනික භාජන 10කට රුපියල් අටක් කියන්නේ මොනවා ගන්න පුළුවං ගානක්ද? (නු)

:       0       0

ඊඑම් Saturday, 06 October 2012 07:04 PM

සමන්, මම බෞද්ධ, මෙතන ආගමට පහර ගැසීමක් නැහැ,මේක ධර්මයට අනූකූලද? නැද්ද? මෙතන කොමෙන්ට් දාලා තියෙන්නේ බෞද්ධ ආගමට විරුද්ධව නොවේ. ධර්මානුකූල නොවන ක්‍රියාවකකට විරුද්ධව. !(නු)

:       0       0

නදීක Saturday, 06 October 2012 07:11 PM

ප්‍රසන්න, ශ්‍රී ලංකාවේ නීතිය අනුව එහෙම සල්ලි එකතු කරන්න බැහැ,පල්ලියටත් බැහැ, ඒ වගේමයි පන්සලටත්, ආධාර නොවේ නම්, ඒක කප්පම් ගැනීමක්. (නු)

:       0       0

සිරිමල් Saturday, 06 October 2012 07:11 PM

ඒක කප්පම් ගැනීමක්....(නු)

:       0       0

ෆර්සාන් - කටාර් Saturday, 06 October 2012 08:08 PM

මම මේ කල්පනා කලේ, ලංකාව නිතර වැසි ලැබෙන රටක් වෙලත් ලංකාවේ තත්වය මේකයි. මෙහේ වැසි පොදක් නැහැ...(නු)

:       0       0

එස්.මහරගම Saturday, 06 October 2012 10:14 AM

දානෙත් ගෙනත් දීලා මිලක් නියම කරයිද දන්නෙ නැහැ දායකයෝ...!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 38 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 138 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 662 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 386 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1444 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 324 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39725 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 47 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1242 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site