IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


රජරට විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කෞතුකාගාරය විවෘත කරයි

(මනුල වික්‍රම)
 
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශය පර්යේෂණ කෞතුකාගාරය විවෘත කිරීම  අද(7) සිදු කෙරිණි.

‘ආචාර්ය  ශිරාන් දැරණියගල  කෞතුකාගාරය ‘ නමින් නම් කර ඇති  එම කෞතුකාගාරය එම විශ්ව විද්‍යාලය ඇතුළු රටේ සමස්ත  පර්යේෂණ අංශ වලට උපයෝගීකරගත හැකි පරිදි එහි සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ ගොඩනැගිල්ලේ පහළ මහලයේ  ස්ථාපිත කර තිබේ.

වසර මිලියන 482 ක සිට වසර මිලියන 200 දක්වා ඉතිහාසයේ පුරාවිද්‍යා සාධක  අධ්‍යනය සඳහා  පොසිල, ශ්‍රී ලංකාවේ ජුරාසික් යුගයේ පොසිල, වසර මිලියන 195ක් පැරණි මීමන ශාඛ පොසිල, පුත්තලම සිමෙන්ති කම්හල ඇසුරින් සොයාගත් වසර වසර මිලියන 5-23 අතර පැරණි සත්ව පොසිල, රත්නපුරෙන් සොයාගත්  වසර 80000ක් පැරණි රයිනෝසිරස් සත්ව පොසිල,  වසර  47000-3000ත් අතර කාලයක් පැරණි මානව සැකිලි කොටස් ,ගල් ආයුධ, කානිලියන් පබළු, ඉහළ තාක්ෂණික බලයෙන් නිපදවූ මැටි බඳුන් ආදී ශ්‍රී ලංකාවේ පූර්ව ඉතිහාසය, ඓතිහාසික යුගය හා  ලෝහ තාක්ෂණයේ සංවර්ධන අවධීන් දක්වන පුරාවස්තූන් රාශියක් මෙම කෞතුකාගාරයට අන්තර්ගත වන බව මහාචාර්ය තුසිත මැන්දිස් මහතා එහි දී සඳහන් කළේ ය.
 
එම අධ්‍යයන අංයෙන් සම්පාදනය  කළ ප්‍රාග් ඉතිහාසය හා ශිලා මෙවලම් තාක්ෂණය,ශ්‍රී ලංකාවේ ප්‍රාග් හා පූර්ව ඓතිහාසික අවධියේ සංස්කෘතික විවිධතා  හ ශවෝපාචාර ක්‍රම,ප්‍රාග් ඓතිහාසික සත්ත්ව අස්ථි හා ශිලා මෙවලම් විශ්ලේෂණය යන ග්‍රන්ථ ත්‍රිත්වය එහි දී සෙනරත් දිසානායක   පිළිගැන්වූයේ මහාචාර්ය තුසිත මැන්දිස් ය.
 පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් යුතුව රජරට විශ්ව විද්‍යලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය චන්දන රෝහණ විතානච්චි,  පුරාවිද්‍යා හා ජාතික උරුම කලමනාකරණ අධ්‍යනාංශයේ  අංශාධිපති මහාචාර්ය තුසිත මැන්දිස් හා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය  ආරිය ලගමුව  මහතුන් ඇතුළු පිරිසක් ඊට එක්වූහ.
 


 
 



අදහස් (0)

රජරට විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කෞතුකාගාරය විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 322 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 610 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 408 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1120 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 632 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2859 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 662 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1886 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site