IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


රජරට සිසුහු නගරයටත් එති

රජරට විශ්ව විද්‍යාල පාලකයින් අසාධාරණ ලෙස සිසුන් මර්දනය කරමින්  සිසුනට නිදහස් අධ්‍යාපනය අහිමි කිරීමේ වැඩපිළිවෙළක් රජය හා එක්ව ගෙන යතියි එහි සිසුහු අනුරාධපුර නගරයේ අද සවස උද්ඝෝෂණයක් කළහ.

සිසුන් පාරේ රැස්වීමක් පවත්වද්දී කැරැලි මර්දන පොලීසිය එහි පැමිණියේය.දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

සිසුන්ගේ ශබ්ද විකාශන යන්ත්‍රයක් සවි කළ වාහනයක් අත්අඩංගුවට ගැනීම සහා පොලීසිය එම වාහනය ලුහු බැන්දේය .ඒ සමග උද්ඝෝෂණය අවසන් විය.

 

 

 

 

 

 

 

 



අදහස් (0)

රජරට සිසුහු නගරයටත් එති

සත්‍යා Thursday, 13 February 2014 03:17 AM

ශිෂ්‍ය අරගලවලට මොනම දේශපාලන පක්ෂයක් වත් හොඳින් හෝ නරකින් අත ගැසිය යුතු නැහැ. ජ.වී.පෙ ට බලයක් තියන නිසා ශිෂ්‍ය අරගල පිටුපස නොසිටින්න එම පක්ෂය වග බලා ගත යුතුවනවා (දී)

:       0       0

සිරි Thursday, 13 February 2014 05:30 AM

ඉගෙනගෙන රටට වැඩක් කරන්නේ නැතුව මුන් මොනවාද මේ කරන්නේ මුන්ට පිස්සු.වෙන වැඩ නැතුවට (අ)

:       0       0

අනුරාධ Thursday, 13 February 2014 09:25 AM

මට දැන් මේවා දකිනකොට හිතෙන්නේ අපි ඒ කාලේ කරපු මෙවැනි දේ නිසා අපේ වටිනා කාලය මුළුමණින්ම විනාශවෙලා ගියා නේද කියලයි. අපි පිටුපස ඉන්න අපිත් නොදන්නා කණ්ඩායමක් වෙනුවෙන් අපි ඇස් වහං දරදිය ඇද්දා. මෙයලටත් ඕක කවදාහරි තේරෙයි. (දිල්)

:       0       0

රංජිත් සිල්වා Thursday, 13 February 2014 09:39 AM

සිසු උද්ඝෝෂණ හැම එකක්ම ප්‍රතික්ෂේප කිරීම සාධාරණ නැහැ. මේ කට්ටියගේ ප්‍රශ්නය සාධාරණ එකක්. බලධාරීන් අත්තනෝමතික ලෙස සිසුන් පන්ති තහනම් කිරෙමත් එට විරෝදය දැක්වීම නිසා තව කට්ටිය සිසු භාවය අහෝසි කිරීමත් ඉතාමත් අසාධාරණ බව කියමි. (දිල්)

:       0       0

මාලක සිල්වා Thursday, 13 February 2014 10:01 AM

උද්ඝෝෂණ පවත්වන්න පුළුවන් රජයේ අයට විතරද?(දිල්)

:       0       0

බමුණු Thursday, 13 February 2014 11:11 AM

කොනක ඉඳන් ගහන්න රාලහාමි. (නදී)

:       0       0

කපිල Thursday, 13 February 2014 11:46 AM

ඉගෙන ගන්න ආවානම් ඉගෙන ගන්න. බොරු උද්ඝෝෂණ, පිකටින්, ස්ට්‍රයික් කිරීමෙන් නාස්ති කරන්නේ දෙමාපියන්ගේ සල්ලි. ලංකාවේ සල්ලි වියදම් කරලා ගන්න පුළුවන් උපාධි ගොඩක් තියෙනවා. ඔක්කොම නවත්වන්නේ කොහොමද? කරනවානම් ඔක්කොම නවතා පිටරට උපාධි අරගෙන එන අය පවා නවත්තන්න ඕනේ. එහෙමයි හැම ක්ෂේත්‍රයකටම සාධාරණය ඉෂ්ට වෙන්නේ. විශ්ව විද්‍යාල වල තියෙන නිදහස මහා වල් බූරු නිදහසක්. එහි අනිටු පල අප ඉදිරිපිටම දකින්න පුළුවන්. ජාතියට හොඳ ඥානවන්ත පරපුරක් බිහි කිරීමට නම් මෙම වල්බූරු නිදහස සීමා කල යුතුයි. විශ්ව විද්‍යාලයෙන් ගත හැකි නියම ප්‍රයෝජනය ගත හැකි වන ලෙස නීති රීති සකස් කල යුතුයි. මෙය ශිෂ්‍යන්ට පමණක් නොව, ගුරුවරුන්ටත්, විශ්ව විද්‍යාල සේවකයන්ටත් පොදු විය යුතුයි. නවක වදය, වාත කිරිම සහ මුලින් නවතා දැමිය යුතුය. සමහර පීඨ වල කෙරෙන නවක වද නැවත කතා කිරීමට පවා අප්‍රසන්නයි. හිරිකිතයි.(නදී)

:       0       0

ජනත් Thursday, 13 February 2014 12:19 PM

පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කළ යුතුයි.සල්ලි ගියත් කිසි ගැටලුවක් නැතිව ඉගන ගන්න පුළුවන්..(දිල්)

:       0       0

සංජය Thursday, 13 February 2014 01:09 PM

මිනිස්සුනගේ භෞතික දියුණුව විතරක් හිතල වැඩ කරල රටක් සංවර්ධනය වෙනවයි කියනවා නම් ඒක විහිලුවක්. රටේ අධ්‍යාපන අයිතිය අදහස් පල කිරීමේ අයිතිය වගේ මානව අයිතීන් තියෙන්නෙ ඉතාමත්ම පහළ තැනට හැම විශ්ව විද්‍යාලයකම තත්වෙ ඔය වගේ තමයි පාලකයින් තමන්ගෙ අවශ්‍ය දේවල් රිසි සේ සකසා ගත්තත් ඒ අය හිතන් නැති එකම දේ තමයි ඒ අයගේ පැවැත්ම තියෙන්නෙත් ගෞරවයක් හිමි වෙන්නෙත් සිසුන් නිසා කියන එක කවදාවත් ඒ අයට පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් ගෞරවයවත් වටිනාකමක්වත් ලැබෙන්නෙ නෑ. ඒක පාලකයින් තේරුම් ගත යුතුයි. මේ අරගලය සාධාරණයි පදනමක් නැතිව මේ වගේ අරගලයක් පැන නගින්නේ නැහැ.(නදී)

:       0       0

කමල් Thursday, 13 February 2014 02:15 PM

හැමොටම තමන් වැරදියි කියලා පෙනෙන්නේ කැමිපස් එකෙන් එළියට ආවම. මේ ළමයි කියන්නේ ඇත්ත. රජරට විශ්ව විද්‍යාලය මධ්‍ය මහ විද්‍යාලයක් වගේ අඩු පහසුකම්. නිකමට ඇවිල්ලා බලන්ඩ, ඒත් මේ රටේ චොගම් වලට , හින්දි නලු නිලියො ගේන්ඩ, කමකට නැති වැඩ වලට නැති කරන සල්ලි මේ ළමයින්ට නේවාසිකාගාරයක් හදන්ඩ ගත්තා නම් වටිනවා නේද, හැමෝම හිතන්නේ ළමයි හැමදාම වැරදි කාරයො කියලා.(නදී)

:       0       0

ආරියසේන Wednesday, 12 February 2014 09:36 PM

නගරයට ඇවිත් තියෙන්නේ කැලේ ඉඳලද ? මට නම් පෙන්නේ සිසුන් පිරිසක් නොව රස්තියාදු කාරයෝ ටිකක් වගේ.(අ)

:       0       0

සේරම් Thursday, 13 February 2014 03:26 PM

ගුටි කකා හරි මේ ළමයි තමයි ලංකා මාතාවගේ අගය වැඩිකරන්නේ. සුවඳ දසත පතුරවන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 7 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1783 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1364 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 388 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 518 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 235 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40017 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site