IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


රජිව් ගාන්ධි මැරූ කොටි කතගෙන් පොතක්

කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ඉන්දියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවී ජීවිතාන්තය දක්වා  සිර දඬුවමක් විඳිමින් සිටින නලිනි ශ්‍රීහරන් නමැති කොටි කත සිය ජීවිත කතාව ඇතුළත් ස්වයං චරිතාපදාන ග්‍රන්ථයක් බ‍්‍රහස්පතින්දා (24)චෙන්නායි නුවරදී  එළිදැක්වීමට නියමිතව ඇතැයි ‘‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’’ පුවත්සේවය කියයි.

දෙමළ භාෂාවෙන් ලියැවී ඇති මෙම ග‍්‍රන්ථය පිටු 500 කින් සමන්විතවන අතර මෙම ජීවිත කතාව පොතක් වශයෙන් එළිදැක්වීමට ඇයට වසරකට වැඩි කාලයක් ගතවී ඇතැයිද කියති.

බන්ධනාගාරයේ රැඳවියන් අමුත්තන් හමුවන ස්ථානයේ සිට ඇය කියූ කථාව ඇයගේ නීතීඥවරයා වන පූග සෙන්ති විසින් සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙය ග‍්‍රන්ථයක් වශයෙන් ප‍්‍රකාශයට පත් කැර ඇත.

රජීව් ඝාතන සිද්ධියට අදාළව එරට අධිකරණයෙන් දඬුවම් නියමව වසර 25කට වැඩි කාලයක් ඉන්දියාවේ වෙල්ලෝර් බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටියදී ඇය ලත් අමිහිරි අත්දැකීම්, වද හිංසා ,දේශපාලන අතපෙවීම් සහ විවිධ තමිල්නාඩු දේශපාලනඥයින්ගේ ප‍්‍රතිචාර හා බලපෑම් යනාදිය පිළිබඳව මෙම ග‍්‍රන්ථයේ ඇතුළත්ව ඇතැයි කියති.



අදහස් (0)

රජිව් ගාන්ධි මැරූ කොටි කතගෙන් පොතක්

ගිහාන් Tuesday, 22 November 2016 01:10 AM

"සාර්ථකව මිනීමැරුමක් කරගන්නා ආකාරය" එයාලා හොඳට දන්නවා ඇති (නි)

:       0       0

අමරවීර Monday, 21 November 2016 01:15 AM

වද හිංසා..? මෙයා රජිව් ගාන්ධි මරකොට ඒ මනුස්සයට වද හිංසා දැනුනේ නැද්ද. (නි)

:       0       0

පහන් Monday, 21 November 2016 02:00 AM

පොත් ලියන්න නෙමෙයි, දඬුවම් දෙන්නයි තියෙන්නේ. (නි)

:       0       0

සත්‍යයා Monday, 21 November 2016 03:45 AM

රජීව් ගාන්ධිට ගහපු අපේ සමහරුත් පොත් කිහිපයක්ම ලිව්වනේ. රජීව් ගාන්ධි දිව්‍ය ලෝකයට ගිහින් සුරසැප විඳිනවා ඇති. අපේ අය නම් හෙමින් හෙමින් අපායට යන්න සුදානම් වෙනවා. (නි)

:       0       0

බන්දුල Monday, 21 November 2016 03:51 AM

වටිනා මිනිසුන් සහ ප්‍රභූවරු මරලා වීරයෝ වෙන්න පොතක් ලියනවා. මිනිහෙක් මරනවා කියන එක සුළු දෙයක් නොවේ. මේකත් දැන් නාඩගමක් වෙලා (නි)

:       0       0

මෙන්ඩිස් Monday, 21 November 2016 03:58 AM

ලංකාවට අායෙත් යුද්ධයක් නම් එපා. ලංකාවේ තිබුණු නිදහස මිනිසුන් විසින්ම නැති කරගෙන තියෙන්නේ. ළඟ තියෙන ඉන්දියාවෙන් හෝ වේවා දුර තියෙන ඇමරිකාවෙන් හෝ වේවා ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට අපහසු රාජ්‍ය වැඩපිළිවෙලක් අවශ්ශ්‍යයි. (නි)

:       0       0

එරන්ද Monday, 21 November 2016 06:37 AM

දැන් හැමෝම පොත් ලියන්න පටන් අරන් (නි)

:       0       0

විජය Monday, 21 November 2016 06:57 AM

හැමෝම පොත් ලියනවා නමුත් සරත් ෆොන්සේකා පොතේ වැඩ කවදා ඉවර කරාවිද? සමහර විට ජනාධිපති වුණාම ඉවර කරාවී. (බ)

:       0       0

ශෂී Monday, 21 November 2016 07:04 AM

එය මරාගෙන මැ‍රෙන කොටියෙක් නම් එයා කෝමද රජීව් ගාන්දිව මරල බේරුනේ? එයාව අත්තඩංගුවට ගත්තේ එයාගේ ස්වාමි පුරුෂයා කොටින්ට අනුබල දුන්නයි කියන චෝදනාව මතයි. (බ)

:       0       0

චානක Sunday, 20 November 2016 01:32 PM

බලන්න ගිහාම හැමෝම පොත් ලියනවා, අද කාලේ සල්ලි හොයන්න, ප්‍රසිද්ධිය හොයන්න, දුක කියන්න නොකරන දෙයක් නැහැ වගේ (හේ)

:       0       0

ජයරත්න Sunday, 20 November 2016 01:40 PM

යුද්දයේ හැම පාර්ශවයකම හිටපු අය යටි අරමුණු නැතුව තමන්ගේ ඇත්ත අත්දැකීම් අවංකව බෙදා හදාගන්නවනම් ඒක සහජීවනයට ලොකු ශක්තියක්. පොත් ලියන්නේ බොහෝවිට නායකයෝ දේශපාලන අරමුණු ඇතුව. සැබෑ රණවිරුවන්ගේ අත්දැකීම් ලියල දෙමළටත් පරිවර්තනය කරනවනම් හොඳයි. අපිත් කැමතියි සාමාන්‍ය එල්.ටී.ටී.ඊ. සොල්දාදුවගේ කථාව දැනගන්න.(හේ)

:       0       0

රොමේෂ් Sunday, 20 November 2016 04:02 PM

යුද්ධයේ තිබෙන සැබෑම කුරිරුබව හඳුනන්නේ ඉදිරිපෙළ සටන්කළ සොල්දාදුවන් සහ ඔව්න්ට ඍජුවම අණදුන් නිලධාරීන් තමයි... "තියුණු අසිපතක සෙවන යට" සිට "අධිෂ්ඨානය" ඇතුව "රණ මග ඔස්සේ නන්දිකඩාල්" ගිහින් " ගෝඨාගේ යුද්ධය" ඉවරකල පහල සොල්දාදුවෙකුගේ තෙලිතුඩකින් පොතක් ලියවුනොත් දැනටත්, මතුවටත් ගන්න හුඟක්දේ ඉතිරිවෙයි. දේශපාලනික අරමුණකින් තොරව ලියවෙන ඒ පොතෙන් යුද්ධයේ තිබෙන සැබෑම කෲරබව ලොවටම කියාදෙයි. ලොවම යුද්ධය ප්‍රතික්ෂේප කලයුතුබව ඔහු තම ජීවිත අත්දැකීම් තුලින් පැහැදිලිකරයි. (හේ)

:       0       0

ඉන්ද්‍රා Sunday, 20 November 2016 04:16 PM

ජීවිතයක් නසා වැරදි කරුවෙකු වුනහම තමන්ගේ සිත තුල තියන කාරණා නැවත පාපොච්චාරණය කරනවා කියන්නේ තමන් කළ දේවල් ගැන පසුතැවෙනවා කියන එක යමක් කරන්න පෙර සිතා බලනවානම් මේ ලෝකය මොන තරම් සුන්දරද ?අන් සතු පණක් නසල මොනවද,කවෙරෙකුද මේ ලෝකේ ජය අරගෙන තියන්නේ (බ)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 21 November 2016 10:54 PM

මරාගෙන මැරෙන බෝම්බකාරියක් වූ ධනු නමැති දමිළ තරුණියක් විසින් 1991 මැයි 21 දා ඉන්දියාවේ එවකට අගමැති රජීව් ගාන්ධිව චෙන්නායි නගරයට නුදුරු ස්ථානයකදී මරාදමනු ලැබුවා. නාලිනී ශ්‍රී හරන් ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගතවූයේ කොටි සාමාජිකයෙක් වූ ශ්‍රී ලාංකික දමිළ ශ්‍රී හරන් සමඟ විවාහ වී රජීව් ඝාතන කුමන්ත්‍රණයේ කොටස්කාරියක් වීම නිසයි. (නි)

:       0       0

ජනහිත Sunday, 20 November 2016 09:03 PM

බලවත් රටක නායකයෙක් ඝාතනය කළ මේ පොත කුමක්දැයි ලොව ජනතාව දනී. ඔය පොතට රැවටෙන්නේ නැහැ කවුරුවත්. පොත අවශ්‍ය නැහැ. ඒ කළ දුෂ්ට ක්‍රියාව කවුරුත් දනී. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1514 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 167 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 54 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 117 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 64 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 52 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39978 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25935 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 217 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site