IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


රෙජිස්ට්‍රාර් කන්තෝරුවේ අවදානමක් කෝපා කමිටුවෙන් එළියට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සමාගම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට  අදාල පරිගණක පද්ධතිය පෞද්ගලික සමාගමක් විසින් හසුරුවනු ලැබීම  ලොකු අවදානමක් බව  රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) පවසයි.

මේ අනුව පරිගණක පද්ධතිය සම්පාදනය කළ සමාගම සමග සමඟ නව ගිවිසුමකට හෝ පැමිණ දත්තවල සුරක්ෂිතතාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස කමිටුව නිලධාරින්ට උපදෙස්  දුන්නේය.

සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ලියාපදිංචි සමාගම්වලින් අයකරගත යුතු හිඟ මුදල් අය කර නොගැනීම සම්බන්ධයෙන්ද  කාරක සභාව  නිලධාරීන්ගෙන් විමසා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව ප්‍රධානීන් පැවසූවේ ඒ සම්බන්ධයෙන් තොරතුරු පූර්ණ ලෙස ලබා ගැනීම සඳහා ක්‍රමවත් දත්ත පද්ධතියක් නොමැති බවයි.

රාජ්‍ය ගිණුම් පිළිබඳ පාලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී  පසුගිය 18 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

සමාගම් ලියාපදිංචි කිරීමේදී  රුපියල් කෝටි අටකට වැඩි වියදමින්  කෙරුණු ලියකියවිලි ස්කෑන් කිරීමට අදාළ සියලු තොරතුරු  ඇතුළත් වාර්තාවක් බාර දෙන ලෙස  කාරක සභා සභාපති ලසන්ත අලගියවන්න මහතා උපදෙස් දුන්නේය.

මේ අතර රජයේ සමාගම් පෞද්ගලික නම් වලින් ලියාපදිංචි කිරීම නිසා මතුව ඇති ගැටලුකාරී තත්වයක්  සම්බන්ධයෙන්ද මෙහිදි  සාකච්ඡා විය.

සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ දිගු කලක  සිට පුරප්පාඩුව පවතින තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ තතතුර පවතින නීතිමය ප්‍රතිපාදන ය‍ටතේ වහාම පිරවීමට  කටයුතු කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව  කර්මාන්ත අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.



අදහස් (1)

රෙජිස්ට්‍රාර් කන්තෝරුවේ අවදානමක් කෝපා කමිටුවෙන් එළියට

කල්පනා Thursday, 26 October 2023 06:46 AM

සාමාන්‍යයෙන් රෙජිස්ට්‍රාර් කන්තෝරුව කියන්නෙ නම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවට තමයි කොහොම හරි මේ කියන ආයතනය දත්ත පද්ධතියක් හදාගෙන තියෙන්නෙ පුද්ගලික වාසිතකා කියලා පේනවා මේකෙන් ලොක්කන්ට හොද කොමිස් කුට්ටි ලැබෙනවා ඇති රජයට තමයි පාඩුවක් වෙන්නෙ ඔහොම ආයතන සදහා රජයේ දෙපාර්තමෙන්තුවක් ඇතිකර දත්ත පද්ධති පවත්වා ගන්න ක්‍රමයක් හදන්න බැරිද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 116 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 339 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 235 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 222 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 159 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 549 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39812 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site