(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජයේ ආයතන 52ක් 2024 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලයේදී රුපියල් කෝටි 42800ක ලාභයක් ලබා ඇතැයි මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.
එසේම රජයේ ආයතන 2022 වසරේ ලබා ඇති සමස්ත පාඩුව රුපියල් කෝටි 77400ක් බව එම කාරක සභාව සඳහන් කරයි.
පසුගිය වසරේ ජනවාරි මස සිට ඔක්තෝබර් දක්වා කාලයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සැලකිය යුතු පාඩුවක් ලබා ඇතැයිද එහිදී තොරතුරු අනාවරණයවිය.
එසේම දඹුල්ල ප්‍රදේශයේ 2019 වසරේ ඉදිරි කිරීම ආරම්භ කළ තවමත් විවෘත කිරීමට නොහැකි වූ එළවළු සහ පළතුරු කල්තබාගත හැකි ශීතාගාර සහිත කෘෂිකාර්මික ගබඩාව (Agriculture warehouse) පිළිබඳවද කාරක සභාවේදී අවධානයට යොමුවිය
සියලු වැඩ නිමකර ඇතත් ශීතකරණ මිලදී ගැනීමේ ප්‍රමාදයක් නිසා මෙම ව්‍යාපෘතිය පමාවී ඇති බව නිලධාරීහු පැවසූහ. ඉන්දියාවෙන් ලැබුණු ප්‍රදානයකින් ඉදිකර ඇති මෙම ස්ථානය ගොවීන්ගේ ප්‍රයෝජනයට ලබා නොදීම විශාල අපරාධයක් බැවින් ඒ සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස කාරක සභා සභාපති අාචාර්්‍ය හර්ෂද සිල්වා මහතා මෙහිදී ඉල්ලීමක් කළේය.
තවද කොළඹ ජාතික කලාභවන වසර 5ක් මුළුල්ලේ වසා තැබීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුවිය. රුපියල් කෝටි දොළහක වියදමින් මෙහි ප්‍රතිසංස්කරණ අාරම්භ කර ඇති බවත් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රමාදයක් නිසා විවෘත කිරීම පමාවී ඇති බවත් සදහන් විය. එම කටයුතු කඩිනමින් අවසන් කර ජනතාවට දෙන ලෙස කාරක සභා සභාපතිවරයා උපදෙස් දුන්නේය. .
එසේම රාජ්‍ය ණය කළමනාකරණය පිළිබඳවද කාරක සභාවේදී අවධානය යොමුවිය. ණය කළමනාකරණය සඳහා වෙනම පනතක් සම්මත කර ඇති පසුබිමක එහි විධිවිධාන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කෙරිණි. ඒ සඳහා විශේෂඥ හැකියාවෙන් පිරිපුන් නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමේ අවශ්‍යතාවය කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මේ රැස්වීමට නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් වන, රවි කරුණානායක, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඉල්ලියාස්, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන්, නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.
වර්තමාන ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැයෙන් වෛද්‍යවරුන්ගේ මූලික වැටුප ඉහළ දැමීම සාධාරණ වුවද සෙසු දීමනා අනුපාතය අඩු කිරීම සර්වසාධාරණ නොවන බවත් ඒ පිළිබඳව ආණ්ඩ
ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල මාර්තු මස වෙනස් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.
අපරාධ කල්ලි එකවර ක්‍රියාත්මක වීම තුළ යම් කුමන්ත්‍රණයක් තිබේයැයි හඳුනාගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.
ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී එම වැය ශීර්ෂය වැඩි ඡන්ද 78කින් පාර්ලිමේන්තුවේදී අද (28) පස්වරුවේ සම්මත විය.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හයදෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍ර
වාහන පර්මිට් ඉවත් කළා වගේ පාර්ලිමේන්තුවේ බොරු කියන්න තියෙන වරප්‍රසාදයත් ඉවත් කරමු යැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැ
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
රජ්‍ය ආයතන 52ක් කෝටි 42800ක ලාභ ලබලා
යෝගා Friday, 28 February 2025 05:38 PM
බැරිද දන්නේ නෑ. දින එහා මෙහා කරලා ලාභ ලැබුවේ මාලිමාව යටතේ කියන්න... මොවුන් අනුන්ගේ කලිසම් ඇඳගන්න. එච්චරටම දක්ෂයි.
ගුණරත්න Friday, 28 February 2025 06:10 PM
සීයා රට හදාගෙන ආවා, මෝඩ මිනිස්සුන්ට එක තේරුම් ගන්න මොළයක් තිබ්බේ නැහැ. දැන් මාලිමා මොට්ට රැළ ආපහු කොහොම හරි වලපල්ලට ගෙනියන්න තමයි සූදානම...
මැක්ස් Friday, 28 February 2025 06:30 PM
මාලිමා කචර්ලා මේක මේ ආණ්ඩුවේ වැඩක් විදිහට කරේ තියාගෙන යනවා...! ඕන් බලන්නකෝ..!