IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


රජ කතා වැඩිවෙලා සිනමාව කොරවුණා

   DSC_0439

 

”මම ඇත්තටම වාසනාවන්ත රංගන ශිල්පියෙක්. මේ වන විට විවිධාකාර චරිත රඟපෑමට ලැබුණා. මෑතකදී එක්තරා විශිෂ්ට රංගන ශිල්පියෙක් ප‍්‍රතික්ෂේප කළ චරිතයක් රඟපෑමට මට අවස්ථාව ලැබුණා. ඒ චරිතය ඉතා කලාතුරකින් ලැබෙන එකක්. සමහර වෙලාවට ජීවිත කාලයේදීම ඒ වගේ එක චරිතයක් විතරයි රඟපෑමට ලැබෙන්නේ. මේ චරිතය දුටුවාම පේ‍්‍රක්ෂකයිනුත් පුදුම වේවි. මට ඒ චරිතය ලබාදුන් අධ්‍යක්ෂකවරයාට ස්තූතියි කියන එක තමයි මට කියන්න තියෙන්නෙ”


මේ විදියට මේනක රාජපක්ෂ කියන්නෙ මොන චරිතය ගැනද? ඔහු කියන විදියට පේ‍්‍රක්ෂකයින්ට මේ පුදුම චරිතය දැක ගන්න පුළුවන් වෙන්නෙ කවදාද? මේ දිනවල ”සුසුමට පවා රහසින්, මොණර කඩදාසි’’ යන ටෙලි නිර්මාණ සමග හමුවන මේනක සමග අපි කතාබහකට එක්වෙමු.

dfj


button මේනක, සුසුමට පවා රහසින් (සිරස) සහ මොණර කඩදාසි (සිරස) විකාශය වන ටෙලි චරිත වෙත ඔබට ලැබෙන ප‍්‍රතිචාර මොනවගේද?
මොණර කඩදාසි ටෙලි නිර්මාණයේ මම රඟපාන්නෙ පොලිස් නිලධාරියකුගේ චරිතයක්. එය ස්වර්ණවාහිනියේ අතිශය ජනප‍්‍රිය වූ කළු අරලිය නාට්‍යයේ දෙවැනි කොටසයි. සුසුමට පවා නාට්‍යයේ සල්ලාල තරුණයකුගේ චරිතයක් රඟපාන්නෙ. ඒ හැර තවත් අපූරු චරිත දෙකක් ඇතුළත් නාට්‍ය දෙකක රූගත කිරීම්වලට දායක වෙනවා. සංජය නිර්මාල්ගෙ චක‍්‍ර සහ සුනිල් කොස්තාගෙ පියස ඒ නාට්‍ය චරිතයි.

 


button මේ විදියට රූපවාහිනියෙ චරිත ලැබුණත්, ඇයි ඔබට සිනමාවේ චරිත නොලැබෙන්නේ?
දැනට ආරාධනා දෙකක්ම ලැබිලා තියෙන්නෙ. මෙම ජූනිවල රූගත කිරීම් ඇරඹේවි. නමුත් මීට පෙරත් ආරාධනා ලැබුණා. ඒත් කුමක්දෝ හේතු මත ඒ චරිත නොලැබී ගියා.

 


button ඇයි ඒ විදියට චරිතවලට කතා කරලා ආයෙත් නොලැබී ගියේ?
සමහර විට මම නිරන්තරයෙන් ටෙලි චරිත සමග පේ‍්‍රක්ෂකයින් අතර සිටීම නිසා, සමහර විට අධ්‍යක්ෂකවරු හිතනවා ඇත්තෙ, පේ‍්‍රක්ෂකයින් ගෙන ඒම බාධාවක් කියලා වෙන්න ඇති. නමුත් අපේ ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රය ගත්තත්, එය පුළුල් කර්මාන්තයක් නොවෙයි. එහි කුඩා බව නිසා තමයි ඉන්දියානු සහ කොරියානු නාට්‍ය පවා විකාශයට මෙහි ඉඩ තිබෙන්නෙ.

 


button අපේ සිනමාවත් අද එතරම්ම සාර්ථක තැනක නොවෙයි නේද තිබෙන්නෙ?
ඇත්තටම ඒකට හේතුව වුණේ පසුගිය කාලයේ දී රජකතා බොහෝ සෙයින් තිරගත කිරීමයි. නමුත් ඒ අතරේ තණ්හා රති රගා, නිකිණි වැස්ස, ඉනිඅවන් වැනි නරඹා වින්දනයෙන් ඔලූවට යමක් අලූතින් දාගෙන ගිය හැකි නිර්මාණත් තිරගත වුණා. නමුත් එක්කෙනෙක් රජකතාවක් කරලා සාර්ථක වුණාම අනෙක් බොහෝ දෙනාටත්  ඕනෑ වුණේ සල්ලි උපයන්න DSC_0429රජකතා කිරීමටයි. නමුත් ඒවා අසාර්ථක වුණා. ඉන්දියාව ජෝදා අක්බාර්, අශෝක් කළ පසු එයින් ලාභ ඉපයුවා කියලා රජකතා, ඉතිහාස කතා පස්සෙම ගියේ නැහැ. ඉක්මනට ෆැන්ටසි පැත්තට යොමු වුණා. අපේ ඉතිහාස කතා අපි බොහෝ විට කලින් අහලා තිබුණු කියවලා තිබුණු දේවල්. ඒ නිසා රැල්ලට කිරීම නිසා අසාර්ථක වුණා.

 


button වේදිකාවට ආරාධනා ලැබෙන්නෙ නැද්ද?
මම හිතන්නෙ මම කැමැතිම තැන එතැන. වේදිකා නිර්මාණවලට ආරාධනා ලැබුණා. නමුත් කාර්යබහුලත්වය එක්ක අනුගතවීම අසීරු වුණා. මොකද වේදිකාව කියන්නෙ සියයට-සියයකින්ම කැපවිය යුතු තැනක්. එහි ගරුත්වයට අසාධාරණයක් කළ යුතු නැහැ.

 


button කොහොමද ජීවිතය?
සුන්දරයි.

 


button ඒ සුන්දර බවට හේතුව?
මම හරි වාසනාවන්ත වෙලා. ආදරය මට උපරිමයෙන් ලැබෙනවා. මමත් ආදරයට ආදරය කරන කෙනෙක්. ආදරය ලැබෙන විට හැලහැප්පීම් ඇතිවන්නේ නැහැනෙ.

 


button කාලයක් රාවයක් තිබුණා, ඔබට ගැලපෙන පෙම්වතියගේ චරිතයට එකම තැනැත්තිය නෙහාරා කියලා. අදටත් එය එහෙමද?
ඒක ඇත්තටම අධ්‍යක්ෂවරුන්ගෙ අදහසක්. එහෙම වෙද්දි අපි අධ්‍යක්ෂවරයාට එරෙහි වුණේ නැහැ. කොහොම වුණත් අපි දෙන්නට එකට රඟපාන්න තියෙන අවස්ථා හරි අඩුයි.

 


button රූපවාහිනි තිරයේ අද වැඩිපුරම ඔබගෙ පෙම්වතිය චරිතය රඟපාන්නෙ කවුද?
එක්කනෙක්ම කියලා වර්ග වෙලා නැහැ. අපි රඟපෑම ගැන හිතන්නටත් පෙර ටෙලි තිරයට ආ කාංචනා මෙන්ඩිස්ගෙ සිට බොහෝ දෙනා එක්ක රඟපාන්න ලැබුණා.

 

fh

 


button නෙහාරා කැමති ද ඔබ ටෙලි තිරයේ දී වෙන අයගෙ පෙම්වතිය වෙනවාට?
කිසිම ප‍්‍රශ්නයක් නැහැ. මේක අපේ වෘත්තීය කියන එක ගැන එයා දන්නවා.

 


button ජීවිතයේ ඔබ ගත්ත සමහර තීන්දු තීරණ සමාජය අනුමත නොකරන්න ඇති. ඒ ගැන ඔබ හිතන්නෙ කොහොමද?
නමුත් තීරණ ගන්නෙ හෘදසාක්ෂියට එකඟව නම් ඒක වැරදි නැහැ. එය හෘදසාක්ෂියට එකඟව ගත්ත තීරණයක්ද? නැද්ද? කියලා දන්නෙ තමුන් මිස සමාජය නොවෙයි. ඒ නිසා හෘදසාක්ෂියට එකඟව තීරණ ගත්තා නම්, කවුරු කොහොම හිතුවත් එය තීරණය ගන්න කෙනාට ප‍්‍රශ්නයක් නොවෙයි.

 


button මේනක ඔබ තව ”ඉගෙන ගන්නවා” කියලා කියන්නෙ?
මම මගේ ව්‍යාපාර කළමනාකරණ උපාධිය හමාර කිරීම සඳහා වූ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ රංගනය ගැන ස්වයං හැදෑරීමක් කරමින් රංගනයේ නිරත වෙනවා.

sadun-gamage

 



අදහස් (0)

රජ කතා වැඩිවෙලා සිනමාව කොරවුණා

ඉන්දික Monday, 16 March 2015 07:36 AM

රජ කතා වැඩි වුනේ නෑ.රජ කතා වැඩිපුර යන්න ඕනේ.අපේ අනාගත පරපුර නොදත් ගොඩක් දේ ඒ තුළින් ඉගෙන ගන්න පුළුවන්.(හේ)

:       0       0

රමණි Thursday, 26 February 2015 12:16 PM

ලස්සනයි දෙන්නම (නි)

:       0       0

සනත් Wednesday, 25 February 2015 10:00 AM

ලස්සන බෝනික්කෙක් වගේ ඔබ.(හේ)

:       0       0

රසිකා Saturday, 28 February 2015 02:41 PM

ඔයගොල්ලෝ සම්භාව්‍ය චරිත වලට සුදුසු නොවන බවයි මට නම් හැ‍ඟෙන්නේ (නි)

:       0       0

දිල්හානි Wednesday, 25 February 2015 11:22 AM

නෙහාරා හරිම ලස්සනයි. ඉතාමත් පිරිසිදුවට සිටිනවා (නි)

:       0       0

සොපී Wednesday, 25 February 2015 11:43 AM

රජ චරිතයක් ලැබුන නම් ඔබත් හොදින් රගපාවී කියල හිතෙනවා.(නදී)

:       0       0

අනුරාධ Wednesday, 25 February 2015 04:57 AM

දෙන්නම හරිම ලස්සනයි (නි)

:       0       0

කුමාරි Wednesday, 04 March 2015 08:32 AM

ඔයාල දෙන්නම හොදයි මෙලෝ රහක් නැති බොලඳ කතා වලට. ඇග විතරක් තිබිල මදි ඔලුවත් තියෙන්නේ ඕනා. නෙහාරට හොඳ අනාගතයක් තියනවා නැටුම් පැත්තෙන්.(නදී)

:       0       0

ජයසේකර Tuesday, 24 February 2015 11:50 AM

රජ කතා කියලා සිනමාව හෑල්ලුවට ලක් කරන්න එපා .හැම ඉතිහාස කතාවක්ම රැගත් සිනමා පට අසාර්ථක වුණේ නැහැ...උදාහරණයක් : මහරජ ගැමුණු.ඔබ ඇති දක්ෂයෙක්නම් ඔබටත් ඒවායේ රගපාන්න ආරාධනා ලැබේවි.... චරිතාංග නළු නිළියෝ ගෙන අහලා නැද්ද?(දිල්)

:       0       0

නුවන් Friday, 27 February 2015 09:11 AM

ඉරිසියාවට කියන කතා!(දිල්)

:       0       0

විජේසිංහ Wednesday, 11 March 2015 09:47 AM

ඔයාලා පහුගිය කලේ සමාජයට දුන්න ආදර්ශය නම් එතරම් හොද නැහැ.(හේ)

:       0       0

රජින්ද Tuesday, 24 February 2015 12:57 PM

රජ කතාවල ඉන්න උදවියගේ චරිත වලට පියරු බබාලව ආදේශ කරන්න බැහැනේ.(නදී)

:       0       0

ක්‍රිෂාන් Friday, 27 February 2015 01:04 PM

අහිංසක දරුවෝ දෙන්නා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1578 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1658 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1270 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1925 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 578 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 281 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38310 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25238 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site