IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රජ කුමරාට නම් තබයි

විලියම් කුමරුගේ හා කේට් කේම්බ්‍රිජ් ආධිපාදවරියගේ පුතා ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවී ලෙස නම් කර ඇත.

ඔහු කේම්බ්‍රිජ්හි රාජකීය මහෝත්තම ජෝර්ජ් කුමාරයා ලෙස හැඳින්වනු ඇත.

කෙන්සින්ටන් මාළිගය මෙම නම ප්‍රකාශයට පත් කළේය.

ජෝර්ජ් කුමරු බ්‍රිතාන්‍ය සිහසුනේ තෙවන උරුමක්කාරයා වන්නේය.

ජෝර්ජ් රජවරු හය දෙනෙක් බ්‍රිතාන්‍යයේ රජ කළහ.

හය වැනි ජෝර්ජ් එළිසබෙත් රැජිනගේ පියාය.

පළමුවැනි ජෝර්ජ් රජු (1714) ජ්ර්මනියේ උපන්නේය.

දෙවැනි එළිසබෙත් රැජින කෙන්සින්ටන් මාළිගයට ගොස් සිය මී මුණුබුරා දැකගත්තේය.

ජොර්ජ් යන නම මහ රැජිනගේ පාර්ශ්වයෙන් ද, ඇලැක්සැන්ටර් යන නම කේට් කුමරියගේ පාර්ශ්වයෙන් ද ගන්නට ඇතැයි බ්‍රිතාන්‍ය රජ පවුල ගැන දන්නා විචාරකයෝ කියති.

මධ්‍යතන යුගයේ ස්කොට්ලන්ත රජවරුන් කිහිප දෙනෙක් ඇලෙක්සැන්ඩර් යන නමින් හැඳින්විණි.

රජ පවුලේ සම්ප්‍රදාය ගරු කරමින් පුතාට නම තබා ඇතැයි ද ඔවුහු කියති.

රජකුමරාගේ නමට ඔට්ටු ඇල්ලිණි.

එක් ඔට්ටුකරුවෙක් ඔට්ටු 3400ක් බාර ගත්තේය. ඒ ජොර්ජ් යන නම වෙනුවෙනි.

ඔට්ටු ජයගත්තවුනට බුකිකාරයෝ පවුම් අංක හයේ ඉලක්කම්වලින් මුදල් ගෙවූහ.

 

 

 



අදහස් (0)

රජ කුමරාට නම් තබයි

නීල් රණා Thursday, 25 July 2013 04:53 PM

නිමල්, අනුන්ට කියා තමන්ගේ දෛවය ලියා ගන්නේ මෝඩයෝ. තමුන්ගේ දෛවය තිබෙන්නේ තමන් අතේ. ඒකත් නම් දානවා වගේම වැඩක්. මගේ දරුවන්ට නම් දැම්මේ මා සහ බිරිඳ. නමුත් මගේ වෛද්‍ය ඥාති සොයුරෙක් ඇතුළු තවත් අය ඔහුන්ගේ දරුවන්ට නම් උගත් පඩිවරයෙක්ගෙන් මිලදී ගත්තා. (නි)

:       0       0

නෙතුමි Thursday, 25 July 2013 01:15 PM

මේ දරුවාගේ දෙමවුපියන්ට හොඳ නම් අනික් අයට නම ගැටලුවක් නැහැනේ. අනික ලංකාවේ සංස්කෘතිය නෙමේනේ ඒ රටේ සංස්කෘතිය. ඒ සමාජයට අනුව ඒ නම් හොඳ ඇති (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 25 July 2013 01:26 PM

අපිට මොකද? අපේ කවුද? අපි මොකට වෙහෙසෙනවද ? (නි)

:       0       0

නන්දන Thursday, 25 July 2013 01:48 PM

ලංකාවේ සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ බිරිදට,දුවට,අම්මට මොන කරදර වුනත් නිවටයෝ වගේ ඉන්නවා.හැබැයි චන්ද කාලේට කොහෙහරි යන මන්ත්‍රී කෙනෙක් වෙනුවෙන් මරාගෙන මැරෙනවා.හිරේ යනවා.ඒ වගේ ලංකාවේ සමහර අයට ගෙදර ගෑනි,දරුවා,අම්මා නිකම්ම අය.විලියම්,කේට් දෙවිවරු වගේ.ඕක හොදකරන්න බැරි ලෙඩක්. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 25 July 2013 01:57 PM

නන්දන හරි (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 25 July 2013 02:01 PM

මෙවන් ලාංකික සමාජයක් කවදා දියුණු වේවිද? (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 25 July 2013 02:12 PM

එංගලන්ත රජ පවුලේ යථාර්තය කියන්න තරම් සමහරුන්ට කොන්දක් නැති බව හොදින් වැටහෙනවා. (නි)

:       0       0

ගාමිණී-සිරි Thursday, 25 July 2013 02:47 PM

ජෝර්ජ් නම් , එංගල්ත රජ පෙළ පතේ නමක්. ඇලෙක්සැන්ඩර් රජ පරම්පරා ගැන මම නම් අසා තියෙන්නේ මිසරයේත් ,ඕලන්දයේත්. ලුවී රාජ පෙළපත ප්‍රන්සයේ බව පොඩි ළමයෙක් උනත් දන්නා දෙයක්. සම්පුර්ණ නම දිහා බලපුහාම කලවන් පලා මිටියක් වගේ. අර කීවා වාගේ අපිට මොකද ? ඒ අයට හොඳ නමක් නේ දමා තියෙන්නේ! (නදී)

:       0       0

ඉෂාන් Thursday, 25 July 2013 07:00 PM

නම තිබබත් නැතත් අපිට මොකද? නේද? (නි)

:       0       0

නලින්[මිලානෝ] Thursday, 25 July 2013 02:56 PM

මගේ සුබ පැතුම් අලුත් පුංචි කුමාරයට.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 25 July 2013 03:24 PM

මොන නම දැම්මත් වැඩක් ඇතේ. කොයි තරම් පම්පෝරි ගැහුවත් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ රටේ ජනතාවගේ සල්ලි වලින්. ඔන්න ඔහේ අපි අපේ වැඩක් බලා ගමු.(දී)

:       0       0

රන්ජන් තලගොඩ මෙල්බන් Thursday, 25 July 2013 10:25 AM

ජෝර්ජ් යන නම පොදු නමක්නේ!!! (නි)

:       0       0

අප්‍රා Thursday, 25 July 2013 03:29 PM

ලංකාවෙනුත් නම් යවල තියෙනවා. ඒවා නම්: මරා, ගෝරා, බැරා, නාරා, පොරා, වීරේ, මසි,දුසි,රාසේ, රවී, දිමු,කොරා, විජමු, දසි, නසී.... ඒ උනාට ලුවී හොදයිලු. (නදී)

:       0       0

අසේල Thursday, 25 July 2013 11:03 AM

මෙහෙමත් රජ වැඩ? (නි)

:       0       0

විදාන‍ගේ Thursday, 25 July 2013 11:14 AM

මගේ සුබපැතුම් !!! (නි)

:       0       0

චින්තක Thursday, 25 July 2013 11:19 AM

අනේ අපිට කිසි වැඩක් ඇති එකෙක් ද අපිට මොකෝ (දී)

:       0       0

සම්පත් Thursday, 25 July 2013 11:19 AM

රජ මැදුරක ඉපදී සිටියානම් නුබත් රජෙකි පුතුනේ.... (දී)

:       0       0

චින්තක Thursday, 25 July 2013 11:22 AM

දැන් කාටද සතුටු ? එංගලන්තෙ අපිට වැඩක් නැහැ. අපි අපේ අම්මලාගේ දරුවෝ බලලා සතුටු වෙමු (නි)

:       0       0

සරත් Thursday, 25 July 2013 11:33 AM

පුතේ නුඹ නුඹලාගේ ආදි පරම්පරාව වගේ එහෙම වෙන්න එපා. ඔවුන් අපේ රට විනාශ කළා. එවිට නුඹ නියම රජකු‍මරෙක් වේවි. (නි)

:       0       0

සියාම් Thursday, 25 July 2013 11:35 AM

මම නම් ඒ නමට කැමති නැහැ (නි)

:       0       0

නීල්-රානා Thursday, 25 July 2013 03:58 PM

අනුන්ගේ නම් ගැන වද වෙනවට වැඩිය තමුන්ගේ නම් ගැන හිතා නමේ හැටියට තමන්ගේ වැඩත් තිබේදැයි විමසීම වඩාත් හොඳ නැත්ද? නිදසුනක් ලෙස මගේ මව මටදී තිබෙන්නේ යුරෝපය, ලංකාව හා ඉන්දියාව නියෝජනය වෙන නමක්. එහෙම නමක් ඇති මා ජාත්‍යන්තර නොහොත් විශ්වීය චින්තනයක් ඇති ප්‍රයෝගිකව එසේ ක්‍රියාත්මක වන අයෙක් නොවේ නම් එය මගේ නමටත් කැළලක්.(නදී)

:       0       0

ලුම්බිණි Thursday, 25 July 2013 11:47 AM

මම හිතෙනවා ගැලපෙන නමක් කියා. සුභ පැතුම්! (නි)

:       0       0

නිහාල් සමරවිකුම Thursday, 25 July 2013 04:15 PM

එම නම් දැමීම තේරුමක් ඇති වැඩක්. අපේ මිනිස්සුන්ට දැන් පරන නම් අරහන්. සමහර නම් කිසිම භාෂාවකට අයත් නොවන තොරොම්බල් වචන. කව්රු කළත් හොද දෙය හොදයි කියන්න මැලි වෙන්න එපා. (නදී) .

:       0       0

නිමල් ජයසිංහ Thursday, 25 July 2013 04:20 PM

කුමාරයාට නම තිබ්බට කේන්ද්‍රය බලන්නේ ලංකාවේ අයනේ. සති අන්තයේ ඒකත් අපිට බලන්න පුලුවන් වෙයි.(නදී)

:       0       0

ෂෙහාන් Thursday, 25 July 2013 12:11 PM

සියාම් හරි. වෙන නමත් තමයි දාන්න තිබුණේ (නි)

:       0       0

උපාලි Thursday, 25 July 2013 12:24 PM

අනේ එත් ඉතින් මේ පැටියට වාරයක් එන්න කොච්චර කල් යයිද, නේද? මෙයාගේ මෞලි මංගල්‍යයට යන්න ඒ කාලේ වෙනකොට අපේ කවුරුත් නැතිවෙයිද මන්දා. (නි)

:       0       0

රණා Thursday, 25 July 2013 12:25 PM

අනේ අපිටත් ඉතින් වෙන වැඩක් නැහැනේ... (නි)

:       0       0

බමුණු Thursday, 25 July 2013 04:43 PM

"ඔවුන් අපේ රට විනාශ කළා." විකාර ඔවුන් තේ පොල් රබර් හැදුවේ නැතිනම් අපට පැනඩෝල් පෙත්තක් ගෙන්න තරම් විදේශීය විනීමයක් නැත. උඩරට මිනිස්සු තාමත් වඩුග රජෙක් යටතේ තමා. බන ටෝකින්.(නදී)

:       0       0

බමුණු Thursday, 25 July 2013 04:46 PM

සමහරුන්ගේ නම ඉරෝෂන්. සිංහල තේරුම හෝදාපාලුව. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 416 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 185 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1590 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 413 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2465 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 575 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37140 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 622 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site