IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


රජ කාලෙ කාසි පන්නන්න බැරි වේ

රජ කාලේ කාසි දෙසීයක් ඉන්දියාවට හොරෙන් රැගෙන යාමට තැත් කළ රෙදිපිළි වෙළෙන්දෙක් කටුනායකදී අත්අඩංගුවට ගනු ලැබීය. නිශ්ශංක මල්ල, සහස්ස මල්ල, මහාපරාක්‍රම බාහු, ලීලාවතී රැජින, බුවනෙකබා සහ දේවානමිපියතිස්ස යන රජසමයන්හි භාවිතා කළ  එම කාසි වසර නවසීයකට වඩා පැරණි බවටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරන ලැදැයි ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් සුරකීමේ අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතා පැවසීය. සැකකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ රේගුව එම කාසි තොගය රාජසන්තක  කළේය. පසුගිය සැප්තැමිබර් 09 වෙනිදා සැකකරු මෙම කාසිතොගය තම ගමන්මල්ලේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණ සිටියදී කටුනායක ජාත්‍යන්තර දගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගැණිනි. පසුව අත්අඩංගුවට ගනුලැබූ කාසිතොගය හඳුනාගැනීම සඳහා රේගුව විසින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට යවනු ලැබීය. සැකකරු මෙම කාසි කුරුණෑගල සහ මහනුවර ප්‍රදේශයන්හිදී මිළදී ගත් බවත්  මෙසේ රැගෙන යාමට උත්සහ කළේ ඉන්දියාවට ගෙන ගොස් අළෙවි කිරීමට බවත් රේගු පරික්ෂනයේදී ප්‍රකාශ කර ඇත. කාසි තොගය විමර්ශන කටයුතු වලින් අනතුරුව කෞතුකාගාරයට බාරදීමට නියමිත බව සමන්ත ගුණසේකර මහතා පැවසීය. මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධිකාරීවරුන් වන හේමන්ත බඹරරැන්ද, ප්‍රියන්ති විජේනායක සහ සහකාර රේගු අධිකාරීවරුන් වන හසන්ත කෞෂල්‍ය, අසංක ප්‍රියදර්ශන යන නිලධාරීන් විසින් සිදුකරනු ලැබීය.



අදහස් (0)

රජ කාලෙ කාසි පන්නන්න බැරි වේ

හේමන්ත Wednesday, 24 October 2012 06:59 PM

මේවා විකුණන අයට රජ කාලේ දඩුවම් නොදී බැහැ. (නි)

:       0       0

දමිත් Wednesday, 24 October 2012 01:53 PM

ඇත්ත හොඳ වැඩක් . මේ වගේ දේවල් නොවෙන්න වගබලාගත යුතුයි (ස)

:       0       0

සුනිල් Wednesday, 24 October 2012 08:52 AM

මේවා කෞතුකාගාරයෙන් ගත් දේවල්ද කියා බැලුවොත් හොදයි. (නි)

:       0       0

රූපා Wednesday, 24 October 2012 10:04 AM

ඩයස්, අපේ ජාතික උරුමය හැමවෙලාවෙම අපිට පෙනෙන්නේ ලොකුවට තමයි. (නි)

:       0       0

වසන්ත කටාර් Tuesday, 23 October 2012 05:01 PM

අපේ රේගුවට ගොඩක් ස්තුති වෙන්න ඕන මේ වගේ වංචාවල් පිටු පස අපේ රටේ හොරෙකුත් ඇති.. කරුණා කර ඔහුත් සොයා නිසි දඩුවම් පමුණුවන්න රටේ ජාතික වස්තුන් රුක ගැනීම අපේ යුතුකමයි..!(නු)

:       0       0

සේනානායක Wednesday, 24 October 2012 12:27 AM

එහෙනම් දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

ජයන්ත Tuesday, 23 October 2012 05:26 PM

මේ ටිකත් කෞතුකාගාරයට බාර දෙන්න.. මේවත් දෙයියන්නෙ පිහිටයි..!(නු)

:       0       0

දිනේෂ් සෞදි Tuesday, 23 October 2012 05:27 PM

ලක්ෂ්යක් දඩ ගහලා මොකටද? අපේ උරුමය විකුණන එවුන්ට ලොකු දඩුවම් දෙන්න ඕන...!(නු)

:       0       0

ලලිත් කටාර් Tuesday, 23 October 2012 05:39 PM

අපේ රටේ උරුමය ඩොලර් වලට විකිණීමට තරම් පොඩි කෙනාගේ පටන් ඉහළම අය ඇප කැප වෙලා තියෙන්නෙ.. තව ටික කලක් යනකොට අපේ ඉතිහාසය පැරණි පාඩම් පොත්වලටම සීමා වේවි...!(නු)

:       0       0

කැනඩා ඩයස් Wednesday, 24 October 2012 03:58 AM

ඔයාලට මේවා පේන්නෙ ලොකුවටද? (නු)

:       0       0

ඔසඳ Wednesday, 24 October 2012 01:38 PM

රේගුවට අපගේ උත්තමාචාරය (ස)

:       0       0

සිල්වා Tuesday, 23 October 2012 06:17 PM

මෙයා දන්නෙ නැතුව ඇති අරගෙන යන්න ඕනෑ ක්‍රමය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 705 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1375 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 300 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1262 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 448 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1143 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site