IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


රජ රට පුතා නියර කපන මැෂිමක් හදයි

 නව නිපැයුම  වෙනුවෙන්  රටවල් 76 නියෝජනය කරමින්  ඇමෙරිකාවේ  ඇරිසෝනා ප්‍රාන්තයේ දී  තරගකරුවන්  1600 දෙනකු අතරින් විදුලි  හා යන්ත්‍රික  අංශයේ ප්‍රථම ස්ථානය මිහින්තලේ මහා විද්‍යාලයේ  කලා අංශයේ  පුබුදු දිනේෂ්  චිත්‍රානන්ද  කපුගේ සිසුවා දිනාගත්තේය.

 ඔහු  ගලෙන් බිදුණු වැව  අලුත් දිවුල් වැව  පදිංචි කරුවෙකි.

 ඔහුගේ නව නිපැයුම  කුඹුරේ නියර කැපීමේ යන්ත්‍රයයි. නියරේ වැවී ඇති වල්  පෑලෑටිද ඉවත් කරමින් ලස්සනට නියර සකස් කිරීමට මේ යන්ත්‍රයට හැකියාව ඇත.

 කපුගේ නමින් විශ්වයේ තාරකාවක් නම් කිරීමටත් තීරණය විය .ඔහුට ඇමෙරිකාවෙන් ඇමෙරිකා ඩොලර්  3000ක් (රුපියල් 384000 ) හා ඉන්දියාවෙන් ඇමෙරිකා ඩොලර් 500ක (රුපියල් 64000)  ත්‍යාගයක් හිමි විය.

 ඇමෙරිකා ඉංජිනේරු සමාගමක්  රටවල් 7 ක්  නම් කර ඔහු  කැමති රටකට ශිෂ්‍යත්වයක්ද  ලබා දීමට කැමැත්ත පළ කැර  ඇත.

 කොළඹ නාලන්දා විද්‍යාලයේ සිසුහු  දෙදෙනක් ආනන්ද විද්‍යාලයෙන්  සිසුවෙක්ද මේ තරගයට එක් වුහ.

 



අදහස් (0)

රජ රට පුතා නියර කපන මැෂිමක් හදයි

නීල් Tuesday, 21 May 2013 03:54 PM

අහන්නත් සතුටුයි. ඕක නියර බඳින්නත් පුලුවන් වෙන විදිහට වැඩි දියුණු කළා නම් අගෙයි. ඒ වගේම උපකරණයට විශාල ඉල්ලුමකුත් ලැබෙයි. (නි)

:       0       0

නාපාවල කටාර් Tuesday, 21 May 2013 08:33 PM

මේ පුවත බලපු කිසිකෙනෙකුට යතාර්ථය වැටහුනේ නැහැ.මුළු ලෝකයේම බුද්ධිය ඇමරිකාවට ගෙන්නලා තාක්ෂණය ශූක්ෂමව සොරාගැනීමක් එයාලා කරන්නේ.එදා පටන් අද දක්වා ඔවුන්ගේ දියුණුවේ රහස මෙයයි (නි)

:       0       0

වරුණ Tuesday, 21 May 2013 03:57 PM

අපිට පුතා ගැන හරිම ආඩම්බරයි. අපෙන් සුබ පැතුම් !! (නි)

:       0       0

වරුණ Wednesday, 22 May 2013 09:41 AM

අනේ පුතා ලංකාවේ විශ්ව විද්‍යාලෙකට නම් යන්න එපා. පිටරටම යන්න. පේනවනේ අපේ ඒවගේ ඉන්න මෝඩයෝ කරන වැඩ. (නි)

:       0       0

තිසල් Tuesday, 21 May 2013 03:58 PM

පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු එක පුන් සඳෙන් දුරු වෙයි ලොව ගන අඳුරු නෙක තරු රැසින් එලෙස නොම වේය දුරු පුබුදු දිනේෂ් පුතේ , මීට වසර හාරසිය ගණනකට පෙර සීතාවක රාජධානි සමයෙහි විසූ අලගියවන්න මොහොට්ටාල හෙවත් අලගියවන්න මුකවෙටි පඬිවරයා විසින් රචනා කරන ලද සුභාෂිතය නම් වූ උපදේශාත්මක කාව්යයෙන් ඉහත පද්යය ඔබටම ලියන ලද්දක්ද සිතෙන තරමට ඔබට ගැලපේ. ඔබ වැනි පුතුන් රටට මහා සම්පතකි.(නදී)

:       0       0

රුවන් Tuesday, 21 May 2013 04:00 PM

මෙන්න අපේ රටේ හැබෑ සම්පත්. මේකවත් පිටරටට විකුණන්නෙ නැතුව අයිතිය තියාගෙන මේ යන්ත්‍ර පේටන්ට් අයිතිය යටතේ හදලා විකුණනවානම්. මේ දරුවාට යෝධබල යෝධ ශක්තිය ලැබෙන්න. අපේ රට ගොඩගන්න.(නදී)

:       0       0

මහේෂ් Tuesday, 21 May 2013 04:02 PM

පින්තූරයක් එහෙම නැද්ද බලන්න. මගෙ නියෙරෙත් වල් ගොඩක් වැවිලා.(නදී)

:       0       0

ඉන්දිකා Tuesday, 21 May 2013 08:45 PM

මල්ලි ඔයා ගැන මටහරිම ආඩම්බරයි.ගමේ ඉපදුන අයගේ අසීමිත දස්කම් තියෙනවා.(අ)

:       0       0

ප්‍රසා Tuesday, 21 May 2013 04:04 PM

වර්ජන වලට යොදන වේලාවෙන් මේ වගේ වැඩකට යොදවන්න. ගොවි පුතා දන්නවා අත හෙල්ලුවොත් තමයි කට හොල්ලන්න පුළුවන් කියලා. රජය මේවට තමයි අත දෙන්න ඕනේ. නැත්නම් මේ පුතාව ඇමරිකාවට ගනියි. අපිට නිකන් ඉන්න වෙයි.(නදී)

:       0       0

තිසල් Tuesday, 21 May 2013 04:02 PM

ගමේ දරුවන් සිටියදී කොලඹ දරුවන් පමණක් හැම දෙයකටම නොයවා තව තව ගමේ දරුවන්ට අවස්ථාවක් දීම තුලින් මෙවැනි බොහෝ ජය රටට ලබාගතහැකි බව සිතමි.(නදී)

:       0       0

මුරුගන් Tuesday, 21 May 2013 04:03 PM

ෂාහ්! පුතා මට මන් දිනුවා වගේ සන්තෝෂයි. බුදුසරණයි, ජේසු පිහිටයි, අල්ලාදෙවී පිහිටයි, හරෝ හරා.... නුබ නියම දක්ෂයෙක්, යාන්ත්‍රික ඉංජිනේරුවෙක්. හොදම විශ්වවිද්‍යාලය තියන රට මොකද්ද කියල හොයලා එහාට ශිෂ්‍යෂත්වයක් ඉල්ලන්න.(නදී)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 21 May 2013 04:06 PM

රජරට පුතාගේ නිර්මානයත් ,රටට ලැබුණු කීර්තියත් ගැන ශ්‍රී ලංකාවම සතුටට පත් කරන මහඟු කාර්යයක් බැවින් ,කරමාන්ත හා විද්‍යා කටයුතු පිලිබඳ ගරු ඇමති තුමාගේත් ,රජයේත් අනුග්‍රහය ඇතිව මෙම යන්ත්‍රය, නිෂ්පාදනය කොට මෙරට හා පිටරට වලටද ප්‍රසිද්ධියක් ලබාදීම ඉතාමත් වැදගත් කටයුක්තකි.(නදී)

:       0       0

සුකිරි Tuesday, 21 May 2013 04:05 PM

පුතේ හොදම විශ්ව විද්‍යාලය ඇමරිකාවේ හර්වාඩ්, කේම්බ්‍රිජ්, ප්‍රින්ස්ටන් එංගලන්තේ ඔෂ්ෆර්ද, ප්‍රන්සේ සෝබෝන්. දක්ෂයන්ගේත් දක්ෂ ඔබ අපට මහා දක්ෂයෙක්. ජයවේවා පුතේ.(නදී)

:       0       0

චන්දි Wednesday, 22 May 2013 10:14 AM

අයියෝ,මාටින්, ඉන්දියාවේ ඇමරිකන් ඩොලර් නැති වුණත් මොකද? ඒ වටිනාකමට රුපියල් වලින් හරි ලැබෙන්නේ අපේ දරුවෙකුට නේද? අනුන්ගේ සතුටකදී සතුටු වෙන්න බැරි ඉරිසියාව හිතේ තියෙන කෙනාට. මට නම් සතුටු වෙන්නේ මගේම දරුවෙක් දිනුවා වගේ (නි)

:       0       0

කුමාර Tuesday, 21 May 2013 08:55 PM

පුතා හොඳට ඉගෙනගෙන යාන්ත්‍රික ඉංජිනේරු වරයෙක් වෙන්න !(අ)

:       0       0

රසික චාමින්ද Wednesday, 22 May 2013 09:47 PM

පලයන් පුතේ පිට රටකට, ගිහින් ඔය තියෙන දැනුමට ගැලපෙන අධ්‍යාපනයක් තව දුරටත් ලබලා සතුටින් ජීවත් වෙයං. (නි)

:       0       0

සුධීර Tuesday, 21 May 2013 04:08 PM

මොනවා හොයාගත්තත් මෙහෙ අයට නම් වැඩක් ගන්නේ නැතිවෙයි. එනිසා එහෙටම වෙලා ඉන්න. මෙහෙම කියන්නේ අත්දැකීමෙන්. අර පොල් කඩන මැසිම හදපු කොලුවගෙන් වැඩක් ගත්තද. පොලිතින් දාල පෙට්රෝල් හදන මැසිම හදපු කොලුවගෙන් වැඩක් ගත්තද.(නදී)

:       0       0

අනුරාධ. Tuesday, 21 May 2013 09:01 PM

ඒ පුංචි වීරයාගේත් නිර්මානයේත් චායරූප පලකිරීම පිළිබඳව "ලංකාදීප එසැනට" මගේ ප්‍රණාමය. (අ)

:       0       0

ලසන්ත Tuesday, 21 May 2013 04:09 PM

පුතා හැමෝටම නොලැබෙන කලාතුරකින් ලැබෙන වාසනාවක් ලැබිල තියෙන්නේ. උපරිම ප්‍රයෝජන ගන්න.... බුදුසරණයි.(නදී)

:       0       0

නිශේන්ද්‍ර Wednesday, 22 May 2013 10:33 AM

අනේ පුතේ , නව නිපැයුම් කරපු තව ලංකාවේ අය ඉන්නවා. නමුත් තැනක් නැහැ. ඔයා ලංකාවේ හිටියොත් ඔයාටත් ඒ ටික තමයි. ඔයා ශිෂ්‍යත්වය අරගෙන තව ඉගෙන ගන්න. මගේ සුබ පැතුම් පුතේ ඔයාට. බුදු සරණේ පිහිට! (නි)

:       0       0

රූපා Tuesday, 21 May 2013 04:09 PM

දැන් කට්ටිය කියන්න ලොකු රටවල් මේ කොලුවව බිලි බා ගත්තයි කියලා. අනේ බිලි බාගත්තත් මට නම් සන්තෝසයි මොකෝ මෙහෙ හිටියොත් කාටත් වැඩක් නැහැ. උදාහරණ පොල් කඩන මැසිම හදපු, පොලිතින් වලින් පැට්‍රොල් හදපු අය තම වේලෙනවා. එහෙට ගියොත් ලෝකෙට හරි වැඩක් වෙයි... තුරුනුවන්ගේ සරණින් එහෙ යන්න.(නදී)

:       0       0

නිමල් Tuesday, 21 May 2013 04:14 PM

පුතා ශිෂ්‍යත්වය අරන් රට යන්න, කවදා හරි නිර්මාණ කරුවන්ට, ලංකාවට හිතැති අයට සලකන නීති ගරුක රටක් ඇති වුන දාක එන්න. ඇවිත් අපට සේවය කරන්න.(නදී)

:       0       0

අරුණ Wednesday, 22 May 2013 10:44 AM

අපේ රටේ එදත් තිබුණා අදටත් සිතාගන්න බැරි දියුණුවක්. ඔබ සතුව පවතින්නේද එම ශක්තියයි. ඔබට ජය! (නි)

:       0       0

ලලිත්-එස්.එල් Tuesday, 21 May 2013 04:14 PM

කළා අංශයේ දරුවෙක් මෙවන් දෙයක් කිරීම හිතා ගන්නත් අමාරුයි e දරුවෝ. ඔබ ලබාගත් ශිෂ්‍යත්වයෙන් සුදුසුම විෂය ඔබගේ හැකියාව හා නිර්මාණයට අනුව තෝරාගන්න. අපේ උන්ට ඔබව අගේ කැති උනාට ලෝකයේ කොතැනක හරි තැනක් ඔබට තියෙනවා. ජයවේවා.(නදී)

:       0       0

ඉන්දික Tuesday, 21 May 2013 09:14 PM

කුමාර්, ඔබ මොන පදනමින්ද ඔහු දකුණේ කියන්නේ? ඔබ වගේ පුහුමාන්නේ තියෙන අය නිසා තමා ලංකාව දියුණු වෙන්නේ නැත්තේ. මොකද ඔබ සිතන්නේ ලංකාවේ දක්ෂයෙක් ඉන්නවනම් ඒ ඔබගේ ප්‍රදේශයේ විතරයි කියලා. බොරු සංකල්ප තියාගෙන තමා ඔලුව වැඩ. මේ වගේ උපකල්පන දියුණු රටවල මිනිසුන්ගේ නැත. ඔවුන් දක්ෂයා නියම ආකාරයෙන් තෝරා ගෙන ඇත. එයට නියමිත ප්‍රදේශයක් නැත. දක්ෂයන් කොතනත් සිටිය හැකිය. ලංකාවේ මිනිසුන් සිතන්නේ එසේය.(නදී)

:       0       0

සමන්ත Wednesday, 22 May 2013 10:54 AM

අවාසනාවට ලංකාවේ දක්ෂයන්ට තැනක් නැහැනේ. රජ කරන්නේ අවිනීතියයි, දූෂණයයි, වංචාවයි. ඉතින් මේ වගේ කෙනෙකුට යම් කිසි දෙයක් කරන්න නම් වෙන රටකට යන්න වෙනවා. අනික අපිට අපේ දේ ගැන වටිනාකමක් නැනේ, මොන පුරසාරම් දෙඩුවත්. මේක තමයි අපේ අහේනියට හේතුව, කතාව විතරයි, වැඩ අඩුයි.ඔබට ජයෙන් ජය පුතේ !!! (නි)

:       0       0

දුමින්ද කුමාර Tuesday, 21 May 2013 04:20 PM

මෙච්චර සතුටුවෙන්න පුළුවන් පුවතක් ඒකට කව්රුවත් ප්‍රතිචාර දාලා නැහැ. වැඩකට නැති හිස් ඒවටනම් ඕනේ තරම් ප්‍රතිචාර දාලා තියෙනවා. ගමේ කොල්ලෙක් කොළඹ ලංකාවේ හොඳම කොල්ලෝ දෙන්නෙකුත් අභිබවලා මුළු ලෝකෙන්ම පලවෙනි තැනට ආපු එකට පුතාට සුබ පැතුම්.(නදී)

:       0       0

මොහමඩ් Tuesday, 21 May 2013 04:18 PM

එල කිරි. කාලෙකින් ලංකාවෙන් නියම පුවතක්. කියවන්නත් ආසයි. (නදී)

:       0       0

ධනුෂ්ක චින්තන බාලචන්ද්‍ර Tuesday, 21 May 2013 04:21 PM

සැබෑම වීරයෙක්. දිනේෂ් මල්ලි ඔබ අපේ රටට හා ජාතියට ලබාදුන් කීර්තියට මගේ උනසුම් සුබ පැතුම්. ඔබට ජයෙන් ජය.(නදී)

:       0       0

කුසුම් Tuesday, 21 May 2013 09:25 PM

-කාලෙකට පස්සේ අහන්න ලැබුන සතුටුම සතුටු ප්‍රව්ර්තියක් පුතේ ඔයාට තෙරුවන් සරන පතමි . තව තවත් අලුත් නිර්මාණ බිහි කිරීම ට ඔබට ලැබෙන අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන විදේශ රටකට යන්න . ඔබට ඉතිහාස ගත වීමට නව සොයා ගැනීම් කිරීමට අනාගතයේදී හැකි වනු ඇත (අ)

:       0       0

සම්පත් Tuesday, 21 May 2013 04:26 PM

රජරට ඉන්න කපුගේ කියල නමට එන ඔක්කොම හොඳ වැඩකාරයෝ වගේ.(නදී)

:       0       0

වීරසේකරගේ Tuesday, 21 May 2013 04:31 PM

ජයවේවා!(නදී)

:       0       0

නිලන්ත Tuesday, 21 May 2013 04:34 PM

මෙන්න පුත්තු. පුතේ ඔබට අපේ උනුසුම් සුභ පැතුම්.(නදී)

:       0       0

අසංග Wednesday, 22 May 2013 11:10 AM

ඔබට ජයෙන් ජයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි! (නි)

:       0       0

ටෝනි - නිශාන්ත Tuesday, 21 May 2013 04:45 PM

නියමයි.(නදී)

:       0       0

චානක Tuesday, 21 May 2013 09:53 PM

මෙවන් අය ඉදිරියට ‍ගෙන ඒම පිළිබදව ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනයට විශේෂ ස්තූතිය! (නි)

:       0       0

ගයන් Tuesday, 21 May 2013 04:47 PM

අපේ හදවතින්ම සතුටු වෙනවා ඔබගේ ජයග්‍රහණය ගැන. රටට ආඩම්බර පුතෙක් ඔයා.(නදී)

:       0       0

පාලිත Tuesday, 21 May 2013 10:06 PM

රජයෙන් ඔබට මොනවද ලැබුණේ? (නි)

:       0       0

මාධව Tuesday, 21 May 2013 04:56 PM

ලංකාවට ආඩම්බරයක්

:       0       0

ඩී.උපුල් Tuesday, 21 May 2013 04:58 PM

ඔබ ඇත්තටම තරුවකි.(නදී)

:       0       0

ලක්මාලි Tuesday, 21 May 2013 04:59 PM

සුභ පැතුම් මල්ලි.(නදී)

:       0       0

සම්පත් Wednesday, 22 May 2013 11:42 AM

ලංකාවෙනම් නුඹ වගේ දරුවන්ට තැනක් නැ පුතේ. ඵ් නිසා අවස්ථාව ලැබුන වෙලාවෙ පිටරටකට ගිහින් අනාගතය හදාගන්න.(නදී)

:       0       0

අතපත්තු Tuesday, 21 May 2013 05:03 PM

"ලොවෙන් එකෙක් එක් දෙයකට වේ සමත " ලාංකික අභිමානය ලොවට විදහා දක්වපු ඔබට , දීප්තිමත් අනාගතයකට සුබ පතමින් ,දළදා සමිදු පිහිට පාර්ථනා කරමි.(නදී) .

:       0       0

කුමාරසිරි Wednesday, 22 May 2013 11:53 AM

කියාගන්න බැරිතරම් සන්තෝෂයි. යමු පුතේ ඉදිරියටම. (නි)

:       0       0

ඉසාත් Tuesday, 21 May 2013 10:50 PM

විශිෂ්ටයි. ඉදිරියටම යන්න. කිසිදා පසු නොබසින්න (නි)

:       0       0

අපොන්සු Tuesday, 21 May 2013 05:19 PM

මල්ලි, අර දුන්නු ශිෂ්‍යත්වේ අරගෙන පිටරටකට පැනගන්න, ඔබවගේ දක්ෂයන්ට තැනදෙන, අනාගතයක් තියෙන රටකට පැනගන්න. දවසක මනුස්සයෙක් උනහම ලංකාවේ ඉන්න යට උදව් කරන්න.(නදී)

:       0       0

අජන්ත Tuesday, 21 May 2013 10:51 PM

රජරට හොද වැඩ කාරයෝ ඉන්නවා. හොද මොලකාරයෝ බිහිවෙන්නේ ගමෙන්. ආඩම්බරයි මමත් රජ රට නිසා.(නදී)

:       0       0

මා.උපරතන හිමි - ස්වීඩන්. Tuesday, 21 May 2013 05:20 PM

ලංකාවට හොඳ සම්පතක්. මොහුගේ අගය අපට නොතේරේනම් ඇමෙරිකාවට බාරදෙමු. ලොවට වටිනා උගතෙක් ඇමෙරිකාව බිහිකරාවී.(නදී)

:       0       0

මර්සි ලංකා Tuesday, 21 May 2013 05:24 PM

පුතේ ඔබ වගේ අය අපේ රටට ලොකු ආඩම්බරයක් . පුතාට සියලු දෙවි වරුන්ගේ පිහිට ලැබේවා. තව තවත් ඔබගේ හැකියාවන් ඉදිරියට ගෙන යාමට ශක්තිය.(නදී)

:       0       0

ඉෂාර ලක්ෂිත Tuesday, 21 May 2013 05:25 PM

ඔබට මමත් සුභ පතමි. තව තවත් මෙවැනි නිපැයුම් බිහි කරන්න හැකි වේවා.(නදී)

:       0       0

ළහිරු Tuesday, 21 May 2013 05:23 PM

ජය වේවා මල්ලියෝ ....බුදු සරණයි .(නදී)

:       0       0

කුමාර් Tuesday, 21 May 2013 05:26 PM

කෝ ඒ නිපැයුමේ පින්තූරය ? කපුගේ මිහින්තලේ හිටියට මුල දකුණේ මාතර වෙන්න ඕනා. සුභ පතනවා. (නදී)

:       0       0

දයා සෞදි Tuesday, 21 May 2013 05:29 PM

මේ යන්ත්‍රයේ පින්තූර කීපයක් පලකරන්න.

:       0       0

සිල්වා-පැරිස් Tuesday, 21 May 2013 11:59 PM

මුරුගා නමින් ලියනකෙනා නිවටයෙකි. ජාතියක් ජම්මයක් නැති එන්.ජී.ඕ පාහරයෙකි. කොළඹ ලොකු පාසැල්වලට තම දරුවන් ඇතුලත් කරගැනීමට ලක්ෂ ගණන් වියදම් කරන දෙමාපියන්ට පුතේ නුඹ හොද ආදර්ශයකි.(නදී) 

:       0       0

දයා -සෞදි Tuesday, 21 May 2013 05:31 PM

මේ යන්ත්‍රයේ පින්තූර කීපයක් පලකරන්න.

:       0       0

සමන් - ඕමානය Tuesday, 21 May 2013 11:59 PM

දිනේෂ් මල්ලී, ඔබට මගේ උණුසුම් සුබපැතුම් හා අනාගත දියුණුවට ආශීර්වාදය! පාඨකයන් කුමක් කිව්වත්, තමාගේ මව්රට අමතක කරන්න එපා. පිටරට විශ්ව විද්‍යාලයකට ගොස් හොඳින් ඉගනගෙන, ලංකාවට සේවයක් කරන්න සිතට ගන්න. රටට ආදරය කරන යහපත් පුරවැසියෙක් වෙන්න. තව තව නව නිර්මාණ බිහි කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!(නදී)

:       0       0

ඉම්තියාස් හනිෆා Wednesday, 22 May 2013 12:16 PM

මල්ලි, ශිෂ්‍යත්වේ අරගෙන පිටරටකට යන්න ඔබේ දක්ෂතාවය වැඩි කර ගන්න. ඔබ වගේ දක්ෂයන්ට තැනදෙන, අනාගතයක් තියෙන රටකට ගොස් පසුව ලංකාවේ අනාගත පරපුරට ඔබේ දැනුම ලබා දෙන්න.(නදී)

:       0       0

සුසිල් මිලානෝ Wednesday, 22 May 2013 12:39 AM

අවසරයි හාමුදුරුවනේ, අපි ඇයි මේ දරුවා ඇමරිකාවට බාර දෙන්නේ? අපි හැම දේටම ඇමරිකන් සරණං ගච්ඡාමි කියන්න ගියොත් රටට යන කලදසාව මොකද්ද? මෙහෙම සම්පත් රටේම රදවා ගන්න උනන්දු කළොත් නේද වඩාත් හොද. (නි)

:       0       0

සම්පත් Tuesday, 21 May 2013 05:50 PM

ආඩම්බරයි (නි)

:       0       0

නදී Wednesday, 22 May 2013 01:25 AM

http://www.societyforscience.org/document.doc?id=494 පස් වෙනි පිටුවේ තියෙනවා මේ ජයග්‍රහණය ගැන (නි)

:       0       0

උදය- ඇමරිකාව Wednesday, 22 May 2013 01:31 AM

ඉන්ජිනේරු විෂයන්ට හොඳම විශ්ව විද්‍යාල මැසචුසෙට්ස් ඉන්ස්ටිටුටේ ඔෆ් ටෙක්නොලොජි , ස්ටන්ෆොර්ඩ්, කැලිෆෝර්නිය ඉන්ස්ටිටුටේ ඔෆ් ටෙක්නොලොජි,දාර්ට්මවුත් ( ඇමෙරිකා ) අනෙක් විෂයන් අනුව වෙනත් විශ්ව විද්‍යාල තියෙනවා. උදාහරණ ලෙස වෛද්‍ය විද්‍යාවට ජෝන් හොප්කින්සන් , නීතිය සහ ව්‍යපාර පරිපාලනය හාර්වර්ඩ් .(නදී)

:       0       0

චන්දි Wednesday, 22 May 2013 02:07 AM

හරිම සතුටු දායක පුවතක් අපේ පුංචි රටටම ආඩම්බරයක් රත්තරන් පුතේ ලැබුණු අනගි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරන් විදේස රටකට ගිහින් ඉගෙන ගන්න. මෙවැනි නිර්මාණ කරන්න තව තවත් ශක්තිය හා දහිරිය ලැබේවා සියක් ආයු ලබා මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා. මන් නොදුටු පුතේ ඔබට තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිට වේවා.(නදී)

:       0       0

නිලංක Tuesday, 21 May 2013 06:04 PM

උණුසුම් සුබ පැතුම් නමුත් හොදට පරිස්සම් වන්න.(නදී)

:       0       0

අසෝකා Wednesday, 22 May 2013 03:21 AM

පුතේ ඔයා නම් හැබෑම දක්‍ෂයෙක්. රත්තරන් පුතේ ශිෂ්‍යත්වය අරගෙන පිටරටකට ගිහින් තමාගේ ගෞරවයත් රැකගෙන ඉගෙනගන්න. නිහතමානීව ඔයාගේ ජයග්‍රහණයේ සතුට විඳ දරාගන්න. ඔයාට තුනුරුවන් සරණයි.(නදී)

:       0       0

දම් Wednesday, 22 May 2013 04:58 AM

පුතා--උඹ ඇමරිකාවෙන්ම ඉගෙන ගනින්. ඒත් අපේ රටට සේවය කරපන්. රටට එපා නම් -උඹෙන් වැඩක් ගන්න කැමති නැත්නම් ,මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් සහ උඹේම යහපත වෙනුවෙන් ලොව කොහෙහරි වැඩකරපන්. මොකද උඹ හොරෙක් නොවේ නිසා බොහෝවිට ලංකාවට වටිනා එකක් නැහැ.(නදී)

:       0       0

පුෂ්පා Wednesday, 22 May 2013 05:09 AM

තවත් ලාංකික සිසුන් දෙදෙනෙක් මෙම තරඟයෙන්ම ජයග්‍රහනයන් ලැබුවා. රිචඩ් නිපුන් ගුණසේන සහ චමිත් සමීර ධර්මසිරි යන ඔවුන්ටද අපි සුභ පතමු. (නි)

:       0       0

සජි Wednesday, 22 May 2013 01:45 PM

ඔව් සුසිල්, මේ වගේ සම්පත් අපේ රටේ තියා ගන්න ඕනෑ. මොකද දේශපාලකයන්ට ගසා කන්න තවත් ක්‍රමයක්නේ. (නි)

:       0       0

අනුරාධ. Tuesday, 21 May 2013 06:49 PM

මෙවැනි නව නිර්මාණ වැඩි වැඩියෙන් සොයාගෙන උපන් දේශයට මනා සේවයක් කිරීමට පුතාට තෙරුවන් සරණ ලැබේවා!මේ ලක් මවගේ සම්පත්. ඒවා රැකගැනීම අප සියලුම දෙනාගේ වගකීමක්.නිර්මාණයේ වගේම ඒ පුතාගේ ඡායාරූපයක් පලකළා නම් ඉතා අගෙයි.දෙමවුපියන් පිළිබඳවත් පාසලේ තොරතුරුත් අතහිත දුන් අය ගැනත් සඳහන් කළා නම් අපිට තවත් වටිනවා. (නි)

:       0       0

සාරානන්ද තෙර Wednesday, 22 May 2013 07:12 AM

ඉන්ජිනේරුමය කාර්යයන් පිලිබද උපදේශන ආයතනය මගින් සොයා ගත්ත තවත් දක්ශයෙක් බව දැනගන්නට ලැබුනා. ඔබට සුභ අනාගතයක් පුතනුවනි! (නි)

:       0       0

බුද්දික Tuesday, 21 May 2013 06:56 PM

ඔබ විශිෂ්ටයෙක්

:       0       0

රනිල් Wednesday, 22 May 2013 07:47 AM

ඔබ දක්ෂ දරුවෙක්.ඔබට රටවල් 7 ට යන්න අවස්ථාව තියෙනවා.ඔබ ඉන් හොදම අවස්ථාව තෝරාගන්න. ගිහින් ලෝකයම ජයගත් පුතකු වන්න.ඔබට පුළුවන් අවස්ථාවක ලංකාවට උදවු කරන්න.මොකද මේ ලංකාවේ ඔයාගැන කතා කරන්නේ තව සතියයි. (නි)

:       0       0

විමල් Tuesday, 21 May 2013 07:19 PM

නියමයි පුතා! (නි)

:       0       0

විමල් Tuesday, 21 May 2013 07:25 PM

ඉහත අදහස් දැක්වූ නිමල්ගේ අදහසට මමත් සීයට සීයක්ම එකග වෙනවා. ජය වේවා පුතා! (නි)

:       0       0

කිත්සිරි Wednesday, 22 May 2013 08:12 AM

සතුටු දායක පුවතක්. පුතේ ඔබට තවත් මෙවැනි නිර්මාණ කිරීමටත්, ඒවා අප රටේ බලධාරීන් විසින් රටේ යහපත සඳහා යෙදවීමටත් වාසනාව ලැබේවා! (නදී)

:       0       0

ලසන්ත Wednesday, 22 May 2013 08:41 AM

පුතා ඔය විශ්ව විද්‍යාලෙකට ගෙවලා යන්න ගියොත් ඔය රටේ කෙනෙකුට වුණා වුනත් ඩොලර් ලක්ෂ ගානක් යනවා.රුපියල් වලින් නම් කෝටි ගණනක්.ලංකාවේ හොදම විශ්ව විද්‍යාලේ පේරාදෙණිය. ඒකෙත් ලෝක මට්ටම 3000 පැනල.මේ අවස්ථාව දෙවියන් දුන් දෙයක්. (නි)

:       0       0

ජනක Wednesday, 22 May 2013 08:44 AM

සුසිල් මිලානෝ, මේ ටික මම අහන්නේ ඔබතුමා හාමුදුරුවන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරයක් ලෙස. අර පොල්කඩන මැසිම හදපු,පොලිතින්වලින් පෙට්රෝල් ගන්න මැසිම හදපු අයගෙන් වැඩක් ගත්තද? (නි)

:       0       0

සමන් Wednesday, 22 May 2013 09:07 AM

පුතේ, නුඹ ලංකාවේ සිටියොත් කාටවත්ම වැඩක් නැති පුද්ගලයෙක් වේවි. පිටරටකට ගිහින් අනාගතය හදාගන්න (නි)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 21 May 2013 08:08 PM

නියමයි කොල්ලෝ.තවත් හොද නිපැයුම් කරන්න ශක්තිය ලැබේවා! (නි)

:       0       0

සිර Wednesday, 22 May 2013 09:26 AM

ඉන්දියාවෙන් මොකටද මෙයාට උදව් කරන්නේ? එයාලා නියර කපන මැෂින් හදලා ලංකාවටම එවාවි. (නි)

:       0       0

මාටින් Wednesday, 22 May 2013 09:28 AM

ඉන්දියාවේ කොහෙද මල්ලී ඇමෙරිකානු ඩොලර්? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

පහන් Tuesday, 21 May 2013 08:17 PM

දරුවා පරිස්සමින්. තුනුරුවන්ගේ සරණයි ඔයාට! (නි)

:       0       0

උපාලි Tuesday, 21 May 2013 03:53 PM

කැලේ පිපුන මේ සුවඳ මලට දෙවියෝ ආශීර්වාද කරත්වා! පුතේ, ඔය ශිෂ්‍යත්වය බාරගෙන අනාගතේ බැබලෙන තරුවක් වෙයන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 12 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 48 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 28 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 198 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 177 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 105 ක් මරුට
2024 සැප්තැම්බර් මස 30 550 0

ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 818 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site