IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රටගිය ඇත්තන්ගේ තෝම්බු පොළක් ලංකාවේ

විගමණික ශ්‍රමිකයින්ගේ සියළු තොරතුරු අඩංගු ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානයක් ශ්‍රීලංකාවේ ස්ථාපිත කිරීමට කොළඹ ක්‍රියාදාමයේ සාමාජික රටවල එකඟතාවයෙන් ඉතා ඉක්මනින් පිහිටුවන බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.

ආසියා ශ්‍රමිකයින් යොමුකරන රටවලට මෙන්ම, එම ශ්‍රමිකයින් ලබාගන්නා රටවලට වැදගත් තීරණ රැසකට එළඹුණු බවද ඇය පැවසුවාය.

කොළඹ ක්‍රියාදාමයේ උසස් නිලධරයින්ගේ තෙවන වාර්ෂික සමුළුව දෙදිනක් පුරා පැවැත්විණ.

එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතාද අදහස් දැක්වීය.විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ජී.එස්.විතානගේ, අමාත්‍යංශ උපදේශිකා පත්මිණි රත්නායක, සභාපති රාජ්පාල් කුමාර් ඔබේසේකර, විදේශ රැකියා ඒජන්සියේ සභාපති ලක්ෂ්මන් අබේගුණරත්න,සාමාන්‍යාධිකාරී කේ.ඕ.ඩී.ඩී.ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

FEMP-1106-01 FEMP-1106-02 FEMP-1106-03



අදහස් (0)

රටගිය ඇත්තන්ගේ තෝම්බු පොළක් ලංකාවේ

ලියනගේ Friday, 06 November 2015 09:15 PM

දැන් මේකෙන් අපිට ඇති ප්‍රයෝජනය මමත් දැනගන්න කැමතියි (නි)

:       0       0

නාමල් Friday, 06 November 2015 09:52 PM

හොඳ වැඩක් (නි)

:       0       0

සමන්ත Friday, 06 November 2015 10:27 PM

දැන් මේවට කීයක් ගෙවන්න වෙයිද දන්නේ නැහැ. අපිට ලැබෙන දෙයක් නම් නැහැ කවදාවත් (නි)

:       0       0

දයාල් Saturday, 07 November 2015 12:42 AM

මෙය තවත් මුදල් නාස්තියක් පමණක් නම් නොවේවා!  (නි)

:       0       0

වසන්ජය Saturday, 07 November 2015 10:48 PM

පතිරණ මහතා අනේවාසික ගිණුමක් පවත්වාගෙන යනවා නම් ඉන් යම් මුදලක් ගෙන්වාගත හැකිය. මම එසේ කළෙමි (නි)

:       0       0

පුලාරා Saturday, 07 November 2015 01:08 AM

නාමල්ට මේ අය මොනවා කළත් හොඳයි. හරිම වටිනවා. මෙහෙම අය ඉන්න තාක්කල් දේශපාලකයෝ ඕනෑම දෙයක් කරන්න බය නැහැ (නි)

:       0       0

කෝනාර Saturday, 07 November 2015 01:28 AM

රටගිය අයගේ තෝම්බුව හොයන්න කලින් ලංකාවේ ඉන්න අයගේ හොරමගඩි ගැන හෙව්වා නම් හොඳයි. රට ගිය මිනිස්සු කීයක්හරි හම්බ කරගෙන කාටවත් අතනොපා තමන්ගෙ වැඩක් කරගන්නවා (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 07 November 2015 01:27 AM

රටගිය හැමෝගෙම තෝම්බුව හොයනවාට වඩා පහසුයි මැපෙරදිග ගිය අයගෙ තෝම්බුව හෙව්වා නම්. ඒක හොයනකොට ඒ මිනිස්සු බිල්ලට දීලා ගසාකාපු අයගෙත් තෝම්බුව නිකන්ම එළියට එනවා. (නි)

:       0       0

දිල්ෂාන් Saturday, 07 November 2015 02:00 AM

මොන ආණ්ඩුව ආවත් රටගිය ඇත්තන්ට වෙන සේවයේ වෙනසක් නැහැ (නි)

:       0       0

බැද්දගේ Saturday, 07 November 2015 02:39 AM

මේ රටේ ඉන්න දුප්පත් මිනිසුන්ට රට ගිහිල්ලා කීයක්හරි හොයාගන්න එකට නම් වැට බඳින්න එපා (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 07 November 2015 03:04 AM

රට ගිහින් අපේ රටට විදේශ විනිමය උපයා දෙන ජනතාවට මීට වඩා සේවයක් විය යුතුයි. (ර)

:       0       0

යොහාන් Saturday, 07 November 2015 03:15 AM

කාන්තාවන් ගෘහ සේවයට යැවීම නැවත්වීමට දස වසරක වැඩ පිළිවෙලක් හදන්න. (ර)

:       0       0

අමල් Saturday, 07 November 2015 04:10 AM

හොද වැඩක්. (ර)

:       0       0

ශාන සෞදි Saturday, 07 November 2015 04:23 AM

ලෝකෙම ප්‍රශ්න විසඳන්න අවශ්‍ය නැහැ. අර මැදපෙරදිග ගිහින් අසාධාරනකම් වන අහිංසක ගැහැණු බේරා ගන්න මොනවහරි කරන්න. හොර ඒජන්සි වසා දමන්න. ටිකෙන් ටික මැදපෙරදිග ගෘහ සේවය සඳහා ගැහැණු යවන එක නවත්වන්න බලන්න. (ර)

:       0       0

කුමාර Saturday, 07 November 2015 04:26 AM

මේ එක එක තෝම්බු හොයනවට වඩා මැදපෙරදිග ඇවිත් ඉන්න අපේ අම්මලා, අක්කලා නංගිලට වෙන අසාධාරනකම් වලට විසදුමක් දෙන්න බලන්න. (ර)

:       0       0

පුලාරා Friday, 06 November 2015 12:59 PM

ලෝකෙම ප්‍රශ්න විසඳන්න අවශ්‍ය නැහැ. අර මැදපෙරදිග ගිහින් මිනීපෙට්ටි වලින් එන සහ පරාල ඇණ ඇඟ පුරා ගසා, උණු වතුර වත්කර, පණපිටින් සදාකාලික අබ්බගාතව එන අහිංසක ගැහැණු බේරාගන්න මොනවහරි කරන්න. හොර ඒජන්සි වසා දමන්න. ටිකෙන් ටික මැදපෙරදිග ගෘහ සේවය සඳහා ගැහැණු යවන එක නවත්වන්න බලන්න. (නි)

:       0       0

කමල් Saturday, 07 November 2015 05:36 AM

හොද අදහසක්. (ර)

:       0       0

පතිරණ Friday, 06 November 2015 01:24 PM

මේවායින් පිටරට සිටින අපිට ඇති ප්‍රයෝජනය කුමක්ද? (නි)

:       0       0

විමල් Friday, 06 November 2015 01:34 PM

හොඳ වැඩක් (නි)

:       0       0

පතිරණ Saturday, 07 November 2015 06:04 AM

මම දැන් අවරුදු 19 ක් තිස්සේ ලංකාවට සල්ලි යවනවා නමුත් වැඩකරන කොම්පැනියේ ප්‍රස්නයක් වෙලා දැන් මාස 4 ක් තිස්සේ පඩි ගෙවන්නේ නැහැ මට කන්න බොන්න වත් විදිහක් නැතුව එක එක් කෙනාගෙන් නයට ඉල්ලාගෙන කන්නේ, මගේ බිරිද බැංකුවක් බැංකුවක් ගානේ රස්තියාදු වෙනවා මම යවපු සල්ලි වලින් ටිකක් ආපහු මට එඅවාගන්න නමුත් ලංකාවෙන් රුපියලක් වත් මෙහාට ගෙන්නාගන්න විදිහක් නැහැ විදේස විනිමය පීටර යවන්න බැහැ කියලා නමුත් මෙයාලා අපි එවන සල්ලි වලින් හොදට කාලා ඇදලා බුරුතු පිටින් රට සවාරි ගහනවා දකිනකොට ලොකු කේන්තියක් ඇතිවෙනවා. ..(රේ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 06 November 2015 01:42 PM

පුලාරා,ඔබ හරියට හරි. (නි)

:       0       0

දිල්ෂාන් Saturday, 07 November 2015 06:50 AM

අනාගතේ දී කරන්න බලාපොරොත්තු වෙන වැඩ ගැන කියව කියවා ඉන්නේ නැතුව, වැඩක් කරලා, අපි මේ වැඩේ කළා කියලා කියන්න. (ර)

:       0       0

පුලාරා Saturday, 07 November 2015 07:36 AM

පතිරණ ඔබට සිදුව ඇති කරදරය ගැන කනගාටු වෙමි. තමන්ගේ අනේවාසික විදේශ මුදල් ගිණුමෙන් ඔබට යම් මුදලක් ආපසු ගෙන්වා ගත හැකි වුවද එය බැංකුවෙන් කර දෙන්නේ නැත. (ර)

:       0       0

ප්‍රියන්ත Friday, 06 November 2015 02:00 PM

කරන්ඩ ඕනේ ගෘහ සේවයට කතුන් අරාබි රටවලට යවන එක නැවත්වීමට ,ලෝකයේ වෙනත් රටවල ඇති පුහුණු ශ්‍රමිකින් සදහා ඇති ඉල්ලුමට අනුව සැපයුම නිර්මාණය කීරීමයි . පිටරට ඉන්න මට ඉහත දෙඉන් කිසි පලක් නැත. (අ)

:       0       0

ශානක Saturday, 07 November 2015 07:49 AM

කරනවා කියනවා විතරයි. (ර)

:       0       0

චාන්දනී Saturday, 07 November 2015 08:20 AM

පතිරණ ඔබට ඉතාම විශ්වාස හිතවතෙක් ඔය රටේ සිටි නම් මේ විදියේ දෙයක් කරන්න පුළුවන්. බිරිඳ ලවා ඔහුගේලංකාවේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කර ඊට සමාන මුදලක් ඔයරටේ මුදල් වලින් ඔබේ ඔය රටේ ගිණුමට තැන්පත් කරන්න කියන්න. පුළුවන් නං දෙපාර්ශවයම බැංකු රිසිට් පුද්ගලික ගනු දෙනු සාක්කි ලෙස තබා ගන්න. නමුත් මේ කටයුත්තට දෙපාර්ශවයේම එකඟතාවත් විශ්වාසයත් ඉතා වැදගත්. (ස)

:       0       0

සෙනරත් Friday, 06 November 2015 02:44 PM

විදේශ සේවා නියුක්ති කාර්යංශයට අවුරුදු පතා අපි ගෙවන මුදලින් අපට සිදුවී ඇති කිසිම යහපතක් මේ වෙනතෙක් නම් නැහැ. (නි)

:       0       0

සෙනරත් Friday, 06 November 2015 02:54 PM

රටගිය හැමෝම ගැන පරීක්ෂණ කරන්න කලින් අර මැදපෙරදිගට යන කාන්තාවන් විඳින දුක්කරදර ගැන කරුණාකරලා පරීක්ෂණයක් කරලා බලන්න. (නි)

:       0       0

ඉනෝකා-එංගලන්තය Saturday, 07 November 2015 09:34 AM

පතිරණ,බොහෝකලක් විදේශයක සේවය කර,කරදරයට පත් වූ ඔබ ගැන කණගාටුවෙමි.චාන්දනී කිව ලෙස වත් කටයුතු කර ඔබ පත්ව ඇති කරදරයෙන් මිදීමට බලන්න. (අ)

:       0       0

රොහාන් Saturday, 07 November 2015 09:58 AM

දැන් සෞදි අරාබියට ඉන්දියවෙන් සහ පිලිපීනයෙන් ශ්‍රමිකයන් එවන්නේ නැහැ සිමා කරලා ගොඩක්ම කම්කරු රැකියාවට එවන්නේ නැහැ එක නිසා පහුණු ශ්‍රමිකයන් එවීම වැදගත් එහෙම නැතුව නුපුහුණු කම්කරුවන් එවීමෙන් ඒ අය අනවශ්‍ය කරදරවල පැටලෙනවා. (ර)

:       0       0

පතිරණ Saturday, 07 November 2015 10:30 AM

චාන්දනී කියපු විදිහට වැඩ කටයුතු කරගන්න පුළුවන් වුණා, ඇයට තුති, නමුත් මෙවැනි තත්ත්වයකදී අපි කොච්චර ලජ්ජාවකට පත්වෙනවාද? පිට රට ඉදලා සල්ලි යවන අපි කව්රුත් දෙසැරයක් සිතිය යුතුයි. ඔබේ සල්ලි ගන්න මිසක් ඔබට වැඩක් කරන්න අපේ රටේ කව්රුවක් නැහැ කියන එක. (ස)

:       0       0

සමන් Saturday, 07 November 2015 10:32 AM

පතිරණ, ලංකාවේ බැංකුවේ ඒටීඑම් පත ඔබ ගාව තිබේ නම් එය සිරස් ජාලයේ සමාජිකයෙකු නම්, ඔබ සිටින රටේ ටෙලර් යන්ත්‍රයකින් මුදල් ගත හැක. මම එසේ අරගෙන ඇත. (ස)

:       0       0

එච් සී දීයෙස් Friday, 06 November 2015 05:23 PM

ඉතාලියෙ සිටින විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප ලංකාවට ගෙන්වා ගැනීමට රජය මැදිහත් වී කටයුතු කරන්න, (බ)

:       0       0

දිල්කි පලේර්මෝ Saturday, 07 November 2015 12:17 PM

ඉතාමත් හොදි සංවිධාන බිහිවීම විතරක් මදි මෙම සංවිධාන වල නියෝගිතයන් රටවලටත් පත් කරන්න (ම)

:       0       0

විජිත් Friday, 06 November 2015 06:18 PM

ඔයිට වැඩිය හොඳ නැතිද ඔය දියවන්නාව පැත්තේ ඉන්න සුදෝසුදු සිල් රෙදි හැඳගත් උපාසක මහත්වරුන්ගේ තොම්බුවක් හැදුවොත්. ඒක රටටත් හොඳයි අපිටත් හොඳයි..(බ)

:       0       0

දයාල් Friday, 06 November 2015 06:43 PM

අපි ටිකෙන් ටික දියුණුවෙන්න බලමු (නි)

:       0       0

පෙරේරා Friday, 06 November 2015 06:57 PM

ඕක පිහිටවලාම කතා කරනවා නම් වඩා හොඳයි (නි)

:       0       0

ඉන්ද්‍රා Friday, 06 November 2015 07:13 PM

මොන දේවල් කිවුවත් විදේශ විනිමය උපයාදෙන අපිට කිසිම සුගතියක් නැහැ. යහපාලනයෙන්වත් අපිට වටිනාකමක් ලැබෙයිද බලමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5102 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 621 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 1156 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1620 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3413 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 232 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16115 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 79 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site