IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘රටගිය ඇත්තනට ඡන්ද අයිතිය ඉල්ලයි‘

විදේශ ගත ඇතැම් ශ්‍රී ලාංකිකයන් ද එතෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පවා පත්ව සිටි සමයක විදේශගත ශ්‍රමිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ශ්‍රී ලංකාව සමත් නොවීම කනගාටුවට කරුණකියි එතෙර අපි සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.

ඔවුන්ගේ ගැටළුවලට පිළියම් සොයන්නට දේශපාලනඥයන් උනන්දු නොවන්නේ ද ඔවුන්ගේ ඡන්ද ලබා ගත නොහැකි බැවින් බව ද ඔහු කීවේය.

එසේ වුව ද තිස් ලක්ෂයකට අධික විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඉක්මනින් ඡන්ද අයිතිය දිය යුතු යැයි කී හදුන්නෙත්ති මහතා, ඒ සඳහා ඉදිරිපත් කොට ඇති යෝජනාව මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කොට ඇති බැවින් ඉක්මණින්ම තේරීම් කාරක සභාවක් පත් කිරීමට කතානායකවරයා කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

webJVP_201511304



අදහස් (0)

‘රටගිය ඇත්තනට ඡන්ද අයිතිය ඉල්ලයි‘

ශාන සෞදි Wednesday, 04 November 2015 06:34 AM

ලංකාවේ විශ්වවිද්‍යාල වලට වෙලා තියන විශාලම ව්‍යසනය තමා දේසපාලනය ඒවා තුලට රිංගා ගැනීම. අද එම ආයතන අර්බුද ගංගාවක් බවට පත්වෙලා හමාරයි. අද වනතුරු විදේශික රැකියාවන් සදහා රටින් පිටත සේවය කරන අය සිටින කිසිම රටක දේසපාලන බෙදීම් නිසා ආරවුලක් පැන නැඟී නෑ. මේ ඡන්ද ක්‍රමය ගෙන එ්මෙන් විශ්ව විද්‍යාල වලට සිදුඋන දේම මෙයටත් සිදුවනවා. හදිසියකට තමන්ගේ රටේ කෙනෙක් කියල ඉන්න කෙනත් නැතිවෙනවා. අනෙක මේ කවුරුන් රජ උනත් අපට වන හෝ අපේ දරුවන්ට වන කිසිම සෙතක් නෑ. එ්ක නිසා අපට මේ ඡන්දය ඕනෙම නෑ. මේක අපට කරන විශාල විනාසයක්. අපව බෙදා වෙන්කරන ව්‍යසනයක්. එක නිසා මේක එපා එපාමයි. (ස)

:       0       0

ශාන සෞදි Wednesday, 04 November 2015 06:34 AM

ඔය එතෙර කිසිම සංවිධානයකින් මෙතුවක් අපිට වුණ කිසිම සෙතක් නැහැ. (නි)

:       0       0

අංපිටියේ අමරේ Tuesday, 03 November 2015 05:55 PM

මැදපෙරදිග මරු කතරේ දුක්විඳින අපිට ඡන්ද අයිතියට වඩා දෙයක් අවශ්‍ය බව වටහා ගත්තොත් හොඳයි. ඔය අපේ ඡන්ද අයිතීන් ගැන මොරදෙන්නේ අපේ පිටින් ගිහින් එයාලා රජවෙන්න මිසක් අපි ගැන සොයාබලා කටයුතු කරන්න නෙමෙයි කියලා අත්දැකීමෙන් අපි දන්නවා (නි)

:       0       0

සමන් Tuesday, 03 November 2015 06:40 PM

රට රටවල දුක්විඳින අපේ සහෝදරයන්ගේ දුක තවම ඔයාලා දන්නේ නැහැ. මේ රටවල උපයන රුපියල අපිට වටිනවා ඔයාලට ඡන්දෙ දෙනවට වැඩිය...... (නි)

:       0       0

කින් බෙනට් Tuesday, 03 November 2015 06:45 PM

ඔය ආණ්ඩුවට බරක් නොවී ආණ්ඩුවේ සහයෝගයක් නැතුව ස්වෝත්සාහයෙන් විදේශගතවෙලා රස්සාවල් කරන අයගෙන් මොනතරම් මුදලක් රටට ලැබෙනවද? ලංකාවේ ඉන්න පවුල් කි ලක්ෂයක් ඒ අයගෙන් යැපෙනවද? නමුත් ඒ අයට මොන ආණ්ඩුවෙන්වත් කිසිම සහනයක් නැහැ. (නි)

:       0       0

රවි බණ්ඩාර Tuesday, 03 November 2015 09:31 PM

මේ ක්‍රමය ආවොත් විදේශ වල ඉන්න අයගෙ එකමුතුකමත් නැතිවෙයි (නි)

:       0       0

රජින්ද Tuesday, 03 November 2015 11:14 AM

මේ ජවිපෙ හදන්නේ බොහෝ රටවල පදිංචි ශ්‍රී ලංකික ද්‍රවිඩ ඩයස්පෝරාව නම් කොටි සංවිධානයේ සුරතලුන්ට මෙරට තුල පෙන්වීමට නොහැකි ඔවුන්ගේ හයිය එතෙර සිට පෙන්වීමට පාර කැපීම නොවේද. ජවිපෙ යනු තුන්වන පාර්ශවයකගේ බළල් අතකි. (ස)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 03 November 2015 11:51 AM

රට ඉන්න අපිට ඡන්දය දාන්න බැරිවෙන්න හේතුවක් නැහැනේ. (නි)

:       0       0

ශාන සෞදි අරාබිය Tuesday, 03 November 2015 11:51 AM

අද ලෝකයේ තිබෙන බොහෝ රටවල ශ්‍රමිකයන් ලෙස ශ්‍රී ලාංකිකයන් සේවය කරනවා. නමුත් ඔවුන් ගැන හෝ ඔවුන්ගේ රැකියාවන් හා අනෙකුත් කිසිදු පහසුකමක් ගැන කිසිම රජයක් සොයන්නේ නැහැ. රටගිය ඇත්තනට ඡන්ද අයිතිය ලබා දුන්නොත් පිටරට ඉන්න සියලුම ශ්‍රමිකයන්ගේ ඇඟිලි සලකුණු අරගෙන ඇඟිලි සලකුණු මඟින් පමණක් ඡන්දය ප්‍රකාශ ක්‍රමයට නීතියක් පනවන්න.නමුත් මගේ හැඟීම නම් එසේ රටගිය ඇත්තනට ඡන්ද අයිතිය ලබාදීමේ අවශ්‍යතාවක් නැත කියාය (නි)

:       0       0

දීපාල් Tuesday, 03 November 2015 12:31 PM

මැදපෙරදිග ඉන්න අපි දන්නවා ඔය කවුරු මොන කතා කිවුවත් සෞදි වගේ රටක ඡන්දය දාන්න යන්න හැමෝටම බැහැ. අපි ඉන්නේ නගරයේ සිට සැතපුම් දහස් ගණනක් දුර. ඉතින් අපි කොහෙද ඡන්දය දමන්න යන්නේ? (නි)

:       0       0

සරත් Tuesday, 03 November 2015 12:53 PM

රජය විසින් අන්තර්ජාලය මඟින් කළහැකි ඡන්ද ලබාදීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නොත් මෙය සාර්ථක වේවි (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Tuesday, 03 November 2015 01:56 PM

විදේශගත අපේ ශ්‍රමිකයන්ට අනිවාර්යයයෙන් ලබා දියයුතු අයිතියක්. දැන් විද්‍යුත් තැපැල් ඡන්ද ක්‍රමයක් හඳුන්වාදීමට කාලය එළඹිලා. (නි)

:       0       0

දීපාල් Tuesday, 03 November 2015 01:57 PM

සරත්, ගෘහ සේවිකාවන්ට ඔයා ගානේ අන්තර්ජාල පහසුකම් දෙනවද? (නි)

:       0       0

සේන Tuesday, 03 November 2015 02:18 PM

මේක අනවශ්‍ය වැඩක් (බ)

:       0       0

සේන Tuesday, 03 November 2015 02:21 PM

මේක අනවශ්‍ය වැඩක් (බ)

:       0       0

එන්.ඩි හෙට්ටිආරච්චි - ලන්ඩන් Tuesday, 03 November 2015 02:53 PM

රටේ පාලකයන් පත් කර ගැනීමේ අයිතිය මොන රටක සිටියත් තිබිය යුතුය..ලොව පුර විසිරි සිටින ශ්‍රී ලාංකිකයින්ට ඒ අවස්ථාව ලබාදීමට උනන්දුවීම පැසසිය යුතු වැදගත් තීරණයකි....ඒ සඳහා අපට ඇති අයිතිය වෙනුවෙන් පෙළ ගැසෙමු....ජයවේවා...(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 535 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 628 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2051 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1544 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1491 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1720 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24703 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23341 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 381 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site