IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රිටිගල අලි සෙවන අලින්ට මාරකයක්

ශ්‍රී ලංකාවේ දෙවැනි ඇත් අතුරු සෙවන  හබරණ රිටිගල පිහිටුවා  වසරකදී  අලි පැටවුන්  පස්දෙනකු මියගොස් ඇතැයි වනජීවී ආරංචිමාර්ග කියයි.

මෙහි දැනට අලි පැටවුන් හය දෙනකු හා සේවකයින් දොළොස් දෙනකු සිටින නමුත් ජලය නොමැතිවීම බරපතල ප්‍රශ්නයක් වී ඇත.

දැනට එහි එකම බවුසරය කිලෝමීටර් පනහක් ගෙවා ජලය ගෙන එයි .වනජීවී අධ්‍යක්ෂ ජනරාල්  එච් ඩී රත්නායක මහතා පැවසුයේ තමාටද මේ පිළිබදව තොරතුරු ලැබී ඇති බවයි. කඩිනමින් විසදුමක් දෙන බවද ඔහු කියයි.

2012 මාර්තු 23 වැනිදා මේ ඇත් අතුරු සෙවන ඇරැඹිණි.ඒ දිනවල ප්‍රදේශවාසීන්  එවකට පරිසර ඇමැතිවරයාට පැවසුයේ එම ප්‍රදේශය ඇත්අතුරු සෙවනට සුදුසු නොවන බවයි.

 

 

 

 

 

 



අදහස් (0)

රිටිගල අලි සෙවන අලින්ට මාරකයක්

ටුආන් Wednesday, 02 October 2013 11:48 PM

අලි තුන් හතර දෙනෙක් පාලනය කරන්න බැරිද? (නි)

:       0       0

පිටිගල Friday, 04 October 2013 12:30 PM

කාංචන ආරියදාස, මේ වීඩියෝ එක පිළිබඳව ඔබට ශ්‍රී ලංකා ජනතාවගේ ප්‍රණාමය. මීට අදාළ ඇමතිතුමනි, මේ වීඩියෝව බලන්න. තාමත් ඔබ ප්‍රමාද නැහැ. වහාම ඉතිරි අලි පැටවුනුත් මැරෙන්න පෙර වතුර ඇති තැනකට මේ පැටවුන් යොමු කරන්න. මෙය මෙහි ආරම්භ කළ හිටපු ඇමතිතුමාගෙන් මෙවැනි ක්‍රියාවක් අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවූවෙමු. ඔබතුමා අපේ ඇමති මණ්ඩලයේ හොඳම ඇමති කෙනෙක් ලෙස හඳුනා ගෙන සිටියෙමු. අනුකම්පාවෙන් මේ අම්මා නැති පැටවුන් දෙස බලන්න. (නි)

:       0       0

කුමාරසිරි Wednesday, 02 October 2013 06:08 PM

අනේ අපොයි! ලංකාවේ 'අලින්ට' ගිය කලක්! (නි)

:       0       0

කුමාර Thursday, 03 October 2013 04:18 PM

කශේරුකා නැති වනජීවී අය හිටපු අහවලාගේ වුවමනාවට මේක හැදුවෙ.මෙතන මේ වැඩේට හරියන්නෙ නැහැ කියලා කිව්වට පිළිගත්තෙ නැහැ (නි)

:       0       0

හේමන්ත Wednesday, 02 October 2013 06:40 PM

අනේ තවත් දුක් නොදී මේ කිරි සප්පයෝ ටික අලි ඉන්න කැලයකට ගිහින් දමන්න. මහත් පිනක් ලැබෙයි. මොනවට මෙයාලව කොටු කරගෙන ඉන්නවද? (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 02 October 2013 06:44 PM

මළකඩ වතුර බිවුවහම පැටවු ලෙඩ වෙන එක අහන්නත් දෙයක්ද? (නි)

:       0       0

මහසෙන් Thursday, 03 October 2013 01:57 AM

කොහොමද කෂ්ටියගේ බෝඩ් එක??? හික් හික් (නි)

:       0       0

ලංකා Thursday, 03 October 2013 02:03 AM

ආඩම්බරකාරයෝ කොහෙද අනිත් අයගේ අදහස් වලට ඇහුම්කන් දෙන්නේ? ආඩම්බරකාරයන් හිතන්නේ එයාලා සර්ව සම්පූර්ණයි එයාලට වඩා දන්නා ලොක්කෙක් තවත් නැහැ කියලනේ. අපේ රටේ වැඩිහරියක් ඉන්න මෝඩ මිනිස්සුන්ගේ මෝඩකම් වලට බෙහෙත් නැහැ. ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි මොකටද බය. (නි)

:       0       0

සුරන්ග සේනාරත්න Thursday, 03 October 2013 02:35 AM

මේ නිලධාරින්ට මේ ක්ෂේත්‍රය සම්බන්ධව කොහෙත්ම අවබෝධයක් නොමැත. බලන්න සතුන්ට වතුර බීමට තබා ඇති භාජනය, ලෙහෙසියෙන් මළ බැන්දෙන මෙවැනි දෑ හොද නැහැ. භාජනය හොඳටම මළකාලා. වතුර තිබුනත් මළකඩ සමග වතුරට සතුන් මැරෙනවා. (නි)

:       0       0

ලලිත් අපොන්සු Friday, 04 October 2013 01:03 AM

බලධාරින්ගේ අැස් ඇරේවායි අප පතමු. (නි)

:       0       0

අසිත Wednesday, 02 October 2013 06:59 PM

සැලැස්මක් නැතුව කරන සංවර්ධනය නිසා කැළෑ වනසනවා. ගස් කපාගන යනවා හිතුමතේට. බලවතුන්ට ඕනෑ විදියට දුප්පතාට දර කෑල්ලක් කැපුවත් නඩු. මේ ගොල්ලන්න්ට තේරෙන්නේ මිනිස්සුන්ට එපා වෙලා සරත් ෆොන්සේකා වගේ කෙනෙකුට ඡන්දෙ දුන්න දාටයි. (නි)

:       0       0

ලලිත් අපොන්සු Friday, 04 October 2013 01:23 AM

මෙයට සම්පුර්ණයෙන් විෂය භාර අැමතිවරයා නේද වගකිවයුත්තේ? (නි)

:       0       0

චාන් Wednesday, 02 October 2013 07:12 PM

රටකට ,ජාතියකට , පරිසරයකට හානිකර විනාශකාරි නොගැළපෙන තීරණ තීන්දු ගන්නා අය, මතු ආත්ම වල කවුරුන් වී උපදිවීද? (නි)

:       0       0

නීල් රණා Wednesday, 02 October 2013 07:13 PM

අනේ මෙහෙමත් අය ලංකාවේ ඉන්නවනෙ. ජලාශයක් හෝ ගංගාවක් නැති තැනක අලි අනාථාගාරයක් හදන්නේ අප්‍රිකාවේදී පමණයි. (නි)

:       0       0

උපාලි Thursday, 03 October 2013 04:45 AM

අලිනට වතුර අවශ්‍ය බව තේරුම් නොගත් අයගේ වැඩක්. එක බවුසරයිද තියෙන්නේ? ඒ කියන්නේ එක අලියෙකුට දවසකට වතුර වීදුරුව ගානේ දුන්නහම ඇති කියලා හිතනවා ඇති. උන් කැලේ හිටියා නම් උන් දන්නවා වතුර හොයාගන්න හැටි. මේවා සැළසුම් කරපු කට්ටිය ලංකාවට හොඳට ගැළපෙනවා. (නි)

:       0       0

දොන්සේතං Wednesday, 02 October 2013 07:19 PM

අසිත මල්ලි , අලි ප්‍රශ්න සම්බන්ධව අලි ගැටලු විසදන්න පුලුවන් අලි මොලයක් තිබෙන කෙනෙක් අපිට සිටිය යුතුයි. (නි)

:       0       0

පිටිගල Wednesday, 02 October 2013 07:59 PM

යමක් කමක් තේරෙන වැඩිහිටි ගැමියෙකුට ඇහුම්කන් දෙන්න තරම් නිහතමානී කමක් නැහැ ඔය ලොක්කන්ගේ. තමන්ම තමයි ලොක්කා. තමන්ම තමයි උගතා. අනික් අයට ඇහුම්කන් දුන්නම තමන්ට වෙන්නේ මදිපුංචිකමක් කියලා ඒ අය හිතන්නේ. වැඩේ කරලා ඉවර වුණහම තමයි මෝඩකම ප්‍රදර්ශනය වෙන්නේ. දැන් ඔය වෙලා තියෙන්නේ ඒක. (නි)

:       0       0

සරත් Thursday, 03 October 2013 06:51 AM

අහිංසක සතුන් ගැන බොහොම දුකයි (නි)

:       0       0

පිටිගල Wednesday, 02 October 2013 08:06 PM

රිටිගල ජයසේන ඕවා දිහා බලාගෙන ඇති. (නි)

:       0       0

කැනඩා දිසා Friday, 04 October 2013 07:37 AM

ලොකු මිනිස්සු දකින්නේ සල්ලි විතරයි මුල්ම ,කාරණය එයයි. මේ වකවානුවේ මන්නාරම් ගිනි වැල්ලේ උනත් අලි අතුරු සෙවනක් හැදුවා කියල අමුතු වෙන් පුදුම වෙන්න දෙයක් නැහැ. අසරණ සත්තු ගැන අනු කම්පාව දුක දැනෙන්නේ රට වැසි අපිට මිසක් හිතක් පපුවක් නැති ලෝකෙට බොරු කියා කියා තම පාක්ෂිකයෝ ඇතුළු රටම මුලාවේ දමමින් මුදල් හම්බ කරන ලොකු අයට නෙමෙයි. මේ අසරණ අලි පැටවෙක් ළඟටවත් යන්න එපා. උස්සල පොළොවේ ගහයි.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 03 October 2013 07:48 AM

වැඩේ කරලා ඉවර වුණහම තමයි මෝඩකම ප්‍රදර්ශනය වෙන්නේ. දැන් ඔය වෙලා තියෙන්නේ ඒක. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 03 October 2013 07:50 AM

බෝඩ් එක නම් තියෙනවා සුපිරි එකටම.වතුර ටිකක් නැතුව අසරණ සතුන් මිය යනවා.මේවා අහස පොලොව නුහුලන අපරාධ නෙමෙයිද? (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 02 October 2013 08:31 PM

ලංකාවේ මේවා පුදුම නොවේ ,මොන වැඩේද? හරියට කරන්නේ (දී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 03 October 2013 07:51 AM

රොෂාන් ප්‍රනාන්දු, ලංකාවේ මේවා පුදුම දේවල් නොවේ.මොන වැඩේද හරියට කරන්නේ (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 03 October 2013 07:53 AM

උපදේශකලා නම් එකසිය ගානක් ඉන්නවා.පව් අසරණ සතුන් ටික. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 03 October 2013 07:54 AM

ඕවට කතා කළහම අපි දේශද්‍රෝභී වෙනවා. (නි)

:       0       0

ටිකිරි බංඩා Friday, 04 October 2013 07:57 AM

තමන්ගේ රටේ ජීවත් වෙන සත්තුත් බඩ ගින්නේ.බොන්න වතුර ටිකක් නැහැ.මිනිසුත් බඩ ගින්නේ. ඒ මිනිසුන්ටත් බොන්න පිරිසිදු වතුර ටිකක් නැහැ. කාට කියන්නද?(නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 03 October 2013 07:55 AM

අර පිටරට යන්න ගිය අපේ හාමුදුරුවන්ටවත් ෆොටෝ ටිකක් යවලා බලන්න. (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 03 October 2013 07:56 AM

මොන වැඩසටහනද හරියට කළා කියලා ලියවිලා තියෙන්නේ. (නි)

:       0       0

චාන් Wednesday, 02 October 2013 08:47 PM

අසිත, ඔබ කියනා කෙනාටත් දීල මෙම දෙයම වනවිට,ඉන් පසුව මොකද කරන්නේ ?(දී)

:       0       0

රන්ජිත් සිල්වා Wednesday, 02 October 2013 08:51 PM

යුද්දේ දිනුව කියල අනිත් ඔක්කොම වැඩ හරි කියන්න බැහැ. මේ අයට තියන උද්දච්ච කම අවසානයේ පටන්ගැන්ම වෙන්න ඇති. අර අධ්‍යාපන කන එකත් ළමයින්ගේ දවස මූසල කරන වැඩ පිළිවෙලක් පටන් අරගෙන. මෝඩ කමට බෙහෙත් නැහැ. (දී)

:       0       0

උදය Thursday, 03 October 2013 08:22 AM

උත්තරය.. නළ ලිං (නි)

:       0       0

චන්ද්‍රප්‍රේම Thursday, 03 October 2013 08:38 AM

වනජීවී ලොකු මහත්තුරු ඒ අයගේ පවුල්වල උදවිය නම් නිවාඩු නිකේතන වල රජ සැප විඳිනවා. අහිංසක සත්තු වතුර නැතිව මැරෙනවා.බෝඩ් ගහගත්තට ෆොටෝ ගහගත්තට උත්සවාකාරයෙන් වැඩ පටන්ගත්තට වැඩක් නෑ වැඩ නැත්නම්. අලි පැටව් 5 දෙනෙක් මිය යනකම් මේ ඇත්තෝ මොකද කලේ , කාටද මේ බොරු කරන්නේ? ජනතාව බුද්ධිමත්. (ස)

:       0       0

ගුනේ Wednesday, 02 October 2013 09:12 PM

මෝඩ වැඩක් (දී)

:       0       0

දර්ශන් Thursday, 03 October 2013 08:48 AM

නිලධාරී වාදයේ අනිටු විපාක, නිසි සැලැස්මක් නොමැති කම, මෝඩකම ප්‍රදර්ශනය කිරීමක්, වතුර ගෙන ඒමේදී මොන තරම් මුදල් නාස්ති වෙනවද ?? (ස)

:       0       0

පිටිගල Thursday, 03 October 2013 08:07 PM

ඔය බවුසරය කැඩුණු දවසට අලි පැටවුන්ට වතුර දෙන්නෙ කොහොමද? උන්ට වතුර ඉල්ලලා උද්ඝෝෂණය කරන්න වේවිද? (නි)

:       0       0

තෙශාන් Wednesday, 02 October 2013 09:46 PM

සාමාන්යෙන් අලි කියන්නේ අනිවාර්යෙන්ම වතුර ඕන සත්තු ජාතියක්. මේ වගේ අතුර්සෙවන පිහිටවන්න කලින්..........වතුර තියෙන තැනක දන්නා ඕන.නැත්නම් මේ අසරණ සත්තු පව්. (දී)

:       0       0

ප්‍රගීත් Thursday, 03 October 2013 02:29 PM

පොඩි පොඩි වැව් රිටිගල හැමතැනම තියනවා.වෙන ප්‍රශ්නයක් නිසා වෙන්න ඇති අලි මැරෙන්නේ (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 03 October 2013 02:32 PM

අර අහවල් මහත්තයා වගේ පිල් මාරුකළා නම් ඔහොම වෙන්නේ නැහැ. (නි)

:       0       0

සුනිල් Wednesday, 02 October 2013 09:54 PM

අලි පැටව්න්ට අපල කාලයක් !(දී)

:       0       0

ගාමිණී - සිරි Thursday, 03 October 2013 08:59 PM

අනේ පව් ..ලජ්ජාවට කරුණක් නෙවේ..දැනට ඉතිරිවී ඉන්න අලි බබාලා ගැන අනුකම්පා කරලා .. පින්නවල අලි අනාතාගාරයට බාරදෙන්න. දිනපතා මහා ඔයෙන් නාලා , කාලා , බීල සතුටින් ගත කරයි. (නදී)

:       0       0

පද්මිණි Thursday, 03 October 2013 10:02 AM

අනේ අප්පේ, මේ කිරි සප්පයෝ ටික දකින කොට පුදුම හිතේ කැක්කුමක් එන්නේ.අනේ, දැන්වත් මෙයාලට ආරක්‍ෂිත තැනකට යවන්න. (ස)

:       0       0

විරාජ් Thursday, 03 October 2013 02:47 PM

අනේ කරුණාකරලා මේ පැටවු ටික උඩවලවට ගෙනිහිල්ලා දාන්න (නි)

:       0       0

නීල් Wednesday, 02 October 2013 10:28 PM

පවු අසරණ සත්තු! (නි)

:       0       0

රනා Thursday, 03 October 2013 10:26 AM

අලි ළඟට වතුර අදින්නේ නැතිව, වතුර තියෙන තැනකට අලි ටික අරගෙන යන්නකෝ. (ස)

:       0       0

පෙරේරා Wednesday, 02 October 2013 10:40 PM

මට එකෙක් දෙන්න. මම හොදට බලා කියා ගන්නම් දරුවෙකු වගේ (නි)

:       0       0

රසිකා Wednesday, 23 October 2013 01:32 PM

බීරි අලින්ට වීන වාදනය කරනවා වගේ කියන්නේ ගොඩක් පරණ කතාවක්. දැන් ඒක අලුත් විය යුතුයි (නි)

:       0       0

විරාජ් Friday, 04 October 2013 11:36 AM

පින්නවලට නම් දෙන්න එපා. එහෙම දුන්නොත් අපේ රටේ ලොක්කෝ තමන්ගේ දෙයක් වගේ තෑගි වශයෙන් ප්‍රධානය කරන්නේ පින්නවල ඉන්න අලි පැටවූ (නි)

:       0       0

ජගත් Friday, 04 October 2013 11:53 AM

සත්ත්ව හිංසාව යටතේ මේවට නඩු දැම්මොත් මේ ඡායාරූපයේ ඉන්න දෙතුන් දෙනාටත් හිරේ යන්න පුළුවන්. (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Wednesday, 02 October 2013 11:11 PM

කලබල නොවී මේ සතුන්ගේ ජල ප්‍රශ්නය වහාම විසදමු (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Wednesday, 02 October 2013 05:48 PM

ජනතාව කියන දේ කනකට ගන්නේ නැහැනේ. දේශපාලකයා තමා උගතා, බුද්ධිමත, කියනදේම කළ යුතුයි. අනේ මෙහෙමත් ලංකාවක් ! (නි)

:       0       0

ලාරා Wednesday, 02 October 2013 05:50 PM

ඒක පුදුමාකාර වැඩක්නේ? (නි)

:       0       0

පිටිගල Thursday, 03 October 2013 10:34 PM

ඉවසන්න බෑ. එත් කාට කියන්නද? පාලකයෝ අන්දයි. බිහිරියි. (දී)

:       0       0

සඳරුවන් Wednesday, 02 October 2013 05:56 PM

අලි දාන්නේම වතුරවත් නැති තැන් වලටනේ ? (නි)

:       0       0

මාලා Thursday, 03 October 2013 04:03 PM

අපි ටික කලකට පෙර රිටිගල ඇත් අතුරු සෙවන බලන්න ගිය වෙලාවේ පිටරැටියන් කතාවෙවී ගියා මේ අලි පැටවුන්ට ගහනවාද දන්නේ නැහැ, හරියට තුවාල ලකුණු තියනවා කියලා. ඒ ගැනත් හොයලා බැලුවොත් හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 560 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 75 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 472 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 276 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 993 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 948 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21641 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21316 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 170 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site