ශ්‍රී ලාංකික ගීත ඉතිහාසයේ මුදුන් මල්කඩ පසුගිය සතියේ ලිහී ගියේ සුවහසක් දනන් සෝ සයුරේ ගිල්වමිනි. ආචාර්ය පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේවයන්ගේ වියෝවෙන් පසු ඔහු වෙනුවෙන් ලියවුණු උපහාර ගීතයක් පිළිබඳ කතා කිරීමට අපි හදසර ඉඩහසරක් වෙන්කළෙමු. ගේය පද රචක අමිල තේනුවර තනු නිර්මාපිත දර්ශන රුවන් දිසානායක, ගීතය ගායනා කරනු ලැබූ දුමාල් වර්ණකුලසූරිය සුසංයෝගය ඒ ගැන කතා කළේ මෙහෙමයි.
දර්ශන රුවන් දිසානායක
ඔබ පණ්ඩිත් අමරදේවයන්ව කොහොමද දකින්නේ?
මම එතුමාව හඳුන්වන්නේ දකුණු ආසියාවේම ජිවත් වුණු වාසනාවන්ත භාග්‍යවත් බුද්ධිමත් හා විදග්ධ කලාකරුවා හැටියට. විදග්ධ බවයි ව්‍යක්ත බවයි අනතිමානි බවයි ගත්තම එතුමා මහා ප්‍රඥාවන්තයෙක්. එතුමා තරම් පුර්වාදර්ශයක් අපිට ප්‍රවීණ පරම්පරාවේ දකින්න ලැබිලා නෑ. සේකරලා ජෝතිපාලලා මානවසිංහලා අපි දැකලා නෑ. අපි දැකලා තියෙන එකම කෙනා අමරදේව මහත්තයා විතරයි. අමරදේවයන් සර්වකාලීනයි. එතුමාගේ චරිතය ඇතුළේ කතා කරන, හිනාවෙන, ගායනා කරන දේ අලුත් ලෝකෙට වටිනවා. එතුමාගේ සාකච්ඡාවලත් එතුමා නිතරම කියනවා මොඩර්න් සංගීතය ගැන. සංගීතය අලුත් වෙන්න ඕනි වෙනස් වෙන්න ඕනි, සම්ප්‍රදාය රුකගෙන සියුම් වෙනස්කම් සිදු කරන්න ඕනි කියන එක එතුමා කීවා. අපිට අමරදේවයන් කොයි පරම්පරාවේද කියලා ලඝු කරන්න බෑ. අමරදේවයන් ලංකාවේ අතීත වර්තමාන අනාගත කියන කාල තුනටම අයිතියි.
කොහොමද මේ උපහාර ගීතය නිර්මාණය වුණේ?
අමරදේව මහත්තයාගේ වියෝවෙන් පස්සේ ගීත විසි ගාණක් එළියේ හැදුණා. අමිලටයි මටයි ඕනි වුණේ දැනෙන ගීතයක් කරන්න. අමිල ගීතය ලියලා පැයක් වගේ යද්දී දුමාල් ආවා. අපි ඒ වෙලාවෙමයි ගීතය හැදුවේ. පැය දෙකක්වත් ගියේ නෑ ගීතය පටිගත කරන්න.
මේ ගීතයේ වචන වගේම සංගීතයත් අමරදේවයන් ජීවමාන කරනවා කියලා දැනෙනවා. ඒ ගැන කිව්වොත්?
අමරදේව කිව්වම ලංකාවේ හැමෝටම මතක් වෙන ගීතයක් තමයි සසර වසන තුරු ගීතය. ඒ ගීතයේ විදිහට තමා මේ ගීතයට පදනම ගත්තෙත් අපි. ඒ වගේම තවත් ගීත කීපයක එකතුවක් ඔය ගීතයේ තියෙනවා. අමරදේව මහත්තයාගේ සරල බව, ව්‍යක්ත බව, නිදහස් බව මේ ගීතය ඇතුළේ තියෙනවා. අනිත් අයට අහු නොවෙන්නේ ඔන්න ඕක. අමිලයි මායි අල්ලගත්තේ අනික් අය අල්ලන තැනින් නෙමෙයි. මේ ගීතය සංවේදී ගීතයක් වුණේ ඒකයි. රටේ ප්‍රධාන පුද්ගලයෝ පවා මේ ගීතය අහලා කම්පා වුණා.
ගීතයේ ප්‍රචාරය කිරීම් ගැන කිව්වොත්?
ස්වාධින රෑපවාහිනිය මේ ගීතය අරන් ගියා. තවත් රෑපවාහිනි නාලිකාවක් මේ ගීතය ප්‍රචාරය කළේ නෑ. ඒකෙ සමහරු චෝදනා කළා දර්ශනලා අමිලලා අමරදේව පරම්පරාවේ නෙමෙයි කියලා. ඒ වගේ ප්‍රකාශ නිකුත් කරපු එක ගැන අපිට හරි දුකයි .අමරදේවයන් කියන්නේ කාගේවත් කල්ලිවලට අයිතිකෙනෙක් නෙමෙයි. අමරදේව මහත්තයා ජාතික වස්තුවක්. ආසියානු කලාපීය වස්තුවක්. එයාව බෙදලා වෙන් කරන්න කාටවත් බෑ. නූපන් හෙට දරුවටත් එතුමන්ව අයිතියි. ලංකාවේ හතරෙන් තුනක් චැනල්වල මේ ගීතය ප්‍රචාරය කළා. මේ වෙලාවේ ස්වාධීන රෑපවාහිනියේ සඳරුවන් ජයවික්‍රමට, සමන් ආතාවුදහෙට්ටිට ස්තූති කරන්න ඕනි. සඳරුවන් ජයවික්‍රම කිව්වා දර්ශන මල්ලී මේක තමයි සින්දුව. උඹලා අමරදේව මහත්තයව හරියටම දැකලා කියලා. ඒ වගේම සිරසේ නිහාල් වික්‍රම එදිරිසුරියත්, ෂර්ලි පී.දෙලන්කාවලත් මේ ගීතය ප්‍රචාරය කළා. පොදු ජනතාව මේ ගීතය අහලා ඇඬුවා. මොකද ඒ ගොල්ලන්ට මේක ඒ ගොල්ලන්ගේම ගීතයක් විදිහට දැනුණේ. අමිලටයි මටයි සතුටුයි අපි දෙන්න අමරදේව මහත්තයට දෙන්න පුළුවන් හොඳම උපහාරය අපි කළා කියන විශ්වාසය අපිට තියෙනවා
දුමාල් වර්ණකුලසුරිය
දුමාල්ට කොහොමද මේ ගීතය ගායනා කරන්න ලැබුණෝ?
එදා අමරදේව සර් නැතිවෙච්ච දවසේ දවල් තමයි අමිල මට කතා කළේ. මල්ලී සර් නැති වුණ එකට වචන ටිකක් ලිව්වා කියමු කියලා. ඉතින් මම එදා හවස පහ මාරට විතර ගියා දර්ශන අයියගේ ස්ටුඩියෝ එකට. අපි එතන තමයි සින්දුව හැදුවේ. තනුව දැම්මෙත් ඒ වෙලාවෙමයි. කොහොමහරි ලොකු වෙලාවක් ගියේ නෑ සින්දුව කරන්න. පැය බාගයක් වගේ ඇතුළත මම ගායනා කළා.
ඒ ගීතය ගායනා කරද්දී මොන වගේ හැඟීමක්ද දැනුණේ?
ඇත්තටම අමරදේව සර් නැති වුණා කියලා උදේ දැනගත්ත වෙලාවේ දැනිච්ච හැඟීම ඒ වෙලාවෙත් තිබ්බා. ඒ වචන ටිකේ තිබුණෙත් අමරදේව සර් කියපු සින්දුවල වචන පේළි. එතකොට ඉතින් අයියෝ නැති වුණා නේද කියලා ලොකු වේදනාවක් දැනුණා. ගීතයේ තනුවේ තියෙන්නෙත් අමරදේව සර්ගේ සින්දුවල පොඩි පාට් වලින් හදපු සංගීතය. සන්නාලියනේ ගීතයේ තියෙන චාරුකේශී රාගේ එහෙමත් තිබුණා. චාරුකේශී රාගේ ඇතුළේ කොහොමත් තියෙන්නේ ලොකු දුකක්. උහුලගන්න බැරි ගතියක් මට දැනුණා. ගෙදර තාත්තා නෑ වගේ හැඟීමක් තමයි දැනුණේ.
මේ උපහාර ගීතය දුමාල්ට ගායනා කරන්න ලැබුණු එක ගැන මොකද හිතුනේ?
ඇත්තටම ඒක ගායනා කරන්න ලැබුණු එක මගේ වාසනාව කියලම කියන්නත් බෑ. ඒ වගේ වචනයක් ගැළපෙන්නේ නෑ. ඒත් මට අමරදේව සර් වෙනුවෙන් ඒ වගේ දෙයක් කරන්න ලැබුණනේ කියන හැඟීම මට තියෙනවා. සර් ජිවතුන් අතර ඉද්දී මට නදීක ජයවර්ධනට, මලිත් පෙරේරාට වාසනාව ලබුණා සර් ඉස්සරහම සර්ගේ ගීත කීපයක් ගායනා කරන්න. එදා සර් ගොඩක් සතුටු වුණා. අපි එදා සර්ගේ ගෙදරත් ගිහින් සර්ගේ හාමෝනියම් එකම ගහලා සතුට බෙදා ගත්තා. මට පෞද්ගලිකව හැඟීමක් තියෙනවා සර් අවසන් ගමන යන වෙලාවේ උපහාර ගීය ගායනා කරන්න ලැබුණු එක ගැන. මට මේ අවස්ථාව දුන්නට දර්ශන අයියටයි, අමිල අයියටයි ස්තූතිවන්ත වෙනවා. ඒ දෙන්නට විශ්වාසයක් තිබුණා මම තමයි මේ ගීතය ගායනා කරන්න සුදුසු කෙනා කියලා. මම ඒ විශ්වාසය තිබ්බා. සින්දුව පටිගත කරලා තමයි මම මළගෙදරට ගියේ. මට ඒ වෙලාවේ ඇඬුණත් එක්ක. එක හරි සංවේදී හැඟීමක්. මම දන්නවා මැරෙනකල්ම මට මේක ඔළුවෙන් යන්නෙ නෑ.
I තනූ
වක්කඩ ළඟ තිත්ත පැටව් නටන් නෑ
ඉස්සර වගෙ වැස්ස වුණත් වහින් නෑ
අත් හැර අප නුඹ ගිය බව හිතෙන් නෑ
රත්තරනින් ගැයු ස්වරය මැකෙන් නෑ
පාළු අඳුරැ නිල් අහසට දුක කියමී
ඈත දිලෙන තනි තරැවෙන් නුඹ දකිමී
ගීත නුඹේ පිළිරැව් දෙයි නිමක් නැතී
ඈත් නොවී කවදත් නුඹ ළඟම හිඳී
ඇත්ත හරය ලොවට පෑ
සප්ත ස්වරය රැඟුම් පෑ
විතර නොවේ විකුම් පෑ
අමරදේව ස්වර ඇඳුරිඳු මැරැණෙ නෑ
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො
2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්
චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.
හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.
2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රටටම ඇඬෙන්න ගීයක් හැදූ තුන් කට්ටුව කතා කරයි