IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


රටට යෝග්‍ය වෙන්න‍ෙ මිශ්‍ර සමානුපාතික මැතිවරණ ක්‍රමයක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මිශ්‍ර සමානුපාතික මැතිවරණ ක්‍රමයක් රටට යෝග්‍ය වන බව මැතිවරණ කොමිෂන්  සභාවේ  මතය යැයි  එහි සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේදී  ඊයේ (30) පැවැසීය.

මේ අතර මැතිවරණ විනිශ්චයාධිකරණයක් අලුතින් පිහිටුවිය යුතු  බවට  මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට  යෝජනා කර ඇත.

දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා නව වැඩපිළිවෙළක් සැකසිය යුතු බවද  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා  එම  විශේෂ කාරක සභාවේදී කරුණු දක්වමින් පැවැසීය.

සමහර දේශපාලන පක්ෂ යම් යම් දිස්ත්‍රික්කවලට  පමණක් සීමාවී බවත්  පක්ෂ ලියාපදිංචි කිරීමේ නිර්ණායකවලද  ගැටලු මතුව ඇති බවත්  හෙතෙම එහිදී  කීවේය.

දේශපාලන පක්ෂ ජාතික වශයෙන් පිළිගත්, ලියාපදිංචි සහ ප්‍රාදේශීය පක්ෂ ලෙස වර්ගීකරණය කර  ඒවා ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් ඇතිකළ යුතු බවටද නිමල් පුංචිහේවා මහතා  කාරක සභාවට යෝජනා කළේය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති සභානායක  දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා (29)රැස්විය.

 



අදහස් (8)

රටට යෝග්‍ය වෙන්න‍ෙ මිශ්‍ර සමානුපාතික මැතිවරණ ක්‍රමයක්

පැරකුම් Friday, 01 October 2021 02:12 PM

ජනතා වැඩි කැමැත්තෙන් පත්වන නියෝජිතයාට සිය කැමැත්ත අනුව පක්ෂ මාරු කිරීමට ඉඩ නොතැබිය යුතුයි. එය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි වේ...

:       0       4

swene Friday, 01 October 2021 02:55 PM

මැතිවරණයකදී සමස්ත රටම සඳහා එකම පවුලෙන් ඉදිරිපත් විය හැකි අපේක්ෂකයින් ගණන 1 කටද, සමස්ත පාර්ලිමේන්තුව සඳහාම පත්විය හැකි ගණන 2 කටද සීමාවිය යුතුයි. පවුල ලෙස සලකන්නේ සහෝදර සහෝදරයින්, කලත්‍රයා, පුතා, දුව හෝ මුනුබුරු මිනිබිරියන්...

:       0       6

වර්ණකුලසූරිය Friday, 01 October 2021 04:12 PM

වර්තමාන රජය ගැන සළකනවිට ඒක ඉතා හොඳ යෝජනාවක්... එහෙම නොවන්නේ නම් වර්තමානයට ගැළපෙන විදියට "ශ්‍රී ලංකා රාජපක්ෂ රාජකීය ආණ්ඩුව" වශයෙන් වියයුතුයි...

:       1       2

ලලිත් - අම්බලන්ගොඩ Friday, 01 October 2021 03:35 PM

පසුගිය වසර 25 ක් විතරම අම්බලන්ගොඩට මන්ත්‍රීවරයෙක් නැහැ. හැබැයි අම්බලන්ගොඩ උපන් මැතිවරණ කොමසාරිස් කෙනෙකුත් හිටියා. දැන් නම් අම්බලන්ගොඩ උපන් කෙනෙක් මන්ත්‍රී කෙනෙක් වෙලා පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ වුණාට එයා අපේ නොවෙයි, ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී... හැබැයි අම්බලන්ගොඩට කරපු දෙයක් නැහැ... පැලවෙන මුල් ගල් කිහිපයක්ම තියලා තියෙනවා... එකක් තානායමේ... එ්කෙන් ගසා කාපු ගාන කෝටි සියයක් විතර... පාසල්වල තියපු මුල්ගල් දැන් වසර 20 ක් විතර පැලවෙනවා. තවත් අම්බලන්ගොඩ නගරයේ තියපු මුල්ගල් කිහිපයක්ම පැලවෙනවා. මට පුදුමේ ලැජ්ජ නැතිකම... ඉතිං දැන්වත් අර පැරණි විදියට අපේ ගමට මන්ත්‍රී කෙනෙක් පත්කර ගන්න විදියක් සලස්වනවා නම් හොඳයි. එහෙම නැතිව මේ ක්‍රමයෙන් නම් අපේ ගමට වැඩක් වෙන්නේ නැහැ. අපේ ඡන්ද වලින් ගොඩගියේ රිචඩ් පතිරණ, දොඩන්ගොඩ වගේ දේශපාලකයින්. අපිට කරපු බම්බුවක් නැහැ. ලොකුම දේ තමයි කම්කරු රස්සාවල් දීපු එක. ඒක ඡන්ද ගුණ්ඩුවක් වුණාට රජයට ලොකු බරක්. නමුත් ගමේ කිසිම දියුණුවක් නැහැ. නගර දේපල සොරා ගනිද්දී අපිට කියන්න කෙනෙක් නැහැ. ඉන් දේශපාලකයොත් ඒ හොරකම් වලට හවුල්... ඉතිං මේ ගැන හිතලා අම්බලන්ගොඩට වෙනම මන්ත්‍රීවරයෙක් ලබාදෙනවා නම්, දෙන කෙනාටත් පිනක් තමයි...

:       1       5

පැරකුම්Friday, 01 October 2021 05:00 PM

ඒ නිසා තමයි අපි යෝජනා කළේ යලිත් පෙර තිබූ පරිදි කොට්ඨාශ ක්‍රමයට ඡන්දෙ තියන්න කියලා. ඒකෙන් අපේක්ෂකයගේ ඡන්ද වියදම විශාල වශයෙන් අඩුවෙනවා... දිස්ත්‍රික්කය පුරා යන්න ඕනෑ නෑ. එතකොට අපේ කොට්ඨාශයට වගකියන මන්ත්‍රි කෙනෙක් ඉන්නවා. අපට අපේ ප්‍රශ්න කියන්න කෙනෙක් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි.. පක්ෂ, පාට නොබලා අපට සුදුස්සෙක් තෝරගන්න පුලුවන්. එතකොට පාර්ලිමේන්තුව වැදගත් මිනිසුන්ගෙන් පිරේවි. පැරදුණු අය පස්ස දොරෙන් ගන්න එක තහනම් කළ යුතුයි. සුලු කොට්ඨාශ නියෝජනයට සුදුසු වැඩපිළිවෙලක් යොදන්න...

:       0       1

අගුපිලගේ Friday, 01 October 2021 04:57 PM

කෙනෙකුට තමා උපන් දිස්ත්‍රික්කයෙන් තමා පදිංචි දිස්ත්‍රික්කයෙන් බැහැරව මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අවශ්‍යතාව නොදිය යුතුයි.. උදා- දකුණේ ඉපදී කොළඹ පදිංචි අයෙක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉල්ලීම, කොළඹ ඉපදී කොළඹ පදිංචි අයෙක් රත්නපුරයට (කොලොන්නට) ඉදිරිපත් වීම තහනම් කළ යුතුයි.. එසේම ඉදිරිපත් කළ අදහසත් අනිවාර්ය කළයුතු අතර එකම පවුලේ (අක්කා, නංගි, අයියලා, මල්ලිලා) පක්ෂ දෙකකින් ඉදිරිපත් වීම හෝ නැත්නම් අඹුසැමියන්ට පාර්ලිමේන්තුවේ සහ පළාත් සභාව හෝ පළාත් පාලන ආයතනයකට ඉදිරිපත් වීම හෝ ග්‍රාම නිලධාරින් සමෘද්ධි සංවර්ධන නිලධාරින්ට හෝ පවුල් වල ළඟම නෑයින්ට මැතිවරණය සඳහා ඉදිරිපත් වීම තහනම් කළ යුතුයි.

:       0       3

sunil Saturday, 02 October 2021 07:23 AM

මේ කියන අදහස් ඔය කියන කමිටුවට යන්නේද? සලකා බලන්නේද? ඉතා හොඳ තුලනාත්මක යෝජනා තිබෙනවා

:       0       0

Bamunuarachchi Saturday, 02 October 2021 09:21 AM

පැරණිම ක්‍රමයට යන්න. එතකොට ජෙප්පෝ ඇතුළු ඔය සොච්චම් දේශපාලකයෝ අතුගෑවිලා යාවි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1789 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 365 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 776 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4691 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 611 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3542 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 295 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1722 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site