IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


රටපුරා වාහන කොල්ලකන කල්ලියක් මාට්ටු

(ආනන්ද ඉ ජයකොඩි)

කුලී පදනම මත ලබා ගෙන ඇති රුපියල් ලක්ෂ 100 වඩා වැඩි වටිනාකමින් යුතු වාහන දෙකකට ව්‍යාජ ලේඛන සකස් කර විකුණු බව කියන කාන්තාවක මෙහෙයවන කල්ලියක ජාවාරම්කරුවකු නිට්ටඹුවේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ද සහායෙන් ව්‍යාජ ලේඛන සකස් කර විකුණා ඇතැයි ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පැවසීය.

පානදුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයිති මෝටර් රථයක් හා ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයිති වැගන් ආර් රථයකට ව්‍යාජ ලේඛන සකස් කර රන්පොකුණගම ප්‍රදේශයේ පුද්ගලයකුට රුපියල් ලක්ෂ සීයකට විකුණා ඇති බව කියන සිද්ධියක් සම්බන්ධව ලද පැමිණිල්ලකට අනුව ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන්  ජාවාරම්කාර පුද්ගලයා නිට්ටඹුව දංගොල්ල වත්ත ප්‍රදේශයේ දී එසේ අත් අඩංගුවට ගත් බවද පොලීසිය කීය.

මෙය රටපුරාම කර ගෙන යන හොර ජාවාරමක් බවත් හොර ජාවාරම මෙහෙය වනු ලබන්නේ කාන්තාවක් බවත් අත් අඩංගුවට ගෙන ඇති පුද්ගලයා ඇතුළු එම කල්ලියේ සියලු දෙනා ජාතික හැඳුනුම්පත් පත් ඇතුළු සියලු ලේඛන ව්‍යාජ ලෙස සකස් කර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ පරිඝණක පද්ධතියද වෙනස් කර හොර වාහන ජාවාරම කර ගෙන ගොස් ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

 



අදහස් (0)

රටපුරා වාහන කොල්ලකන කල්ලියක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැකෝ පක්ෂ ලේකම්වරුන් හමුවක් හෙට
2024 ඔක්තෝබර් මස 14 87 0

මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතය.


ආණ්ඩුව අයි.එම්.එෆ් යෝජනා ඇහිපිල්ලමක්වත් වෙනස් කර නෑ
2024 ඔක්තෝබර් මස 14 531 0

රටේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ සමාජ ආර්ථික වැඩපිළිවෙලම බව හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිර


එ.ජා සංවර්ධන සහකාර මහලේකම්වරිය ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 14 298 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අද (14) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූවාය.


ආන්දෝලන පිරුණු නවවැනි පාර්ලිමේන්තුවේ මතක
2024 ඔක්තෝබර් මස 14 407 0

සභාවර 5ක දී දින 390ක් රැස්වී තිබෙන නවවැනි පාර්ලිමේන්තු කාල සීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, අනුප්‍රාප්තික ජනාධිපති ඡන්දයෙන් තෝරා පත්කර ගැනීම, විශ


ඇලෝසියස්ගේ ඇප ඉල්ලුම විසි වෙයි
2024 ඔක්තෝබර් මස 14 1820 0

මාස හයක සිර දඬුවමට එරෙහිව සීමා සහිත මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන ඇලෝසියස් සහ ඇන්තනී රන්දෙව් යන මහත්වරුන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂ


’’පාස්කු වාර්තා ප්‍රසිද්ධ නොකළොත් මම කරනවා’’
2024 ඔක්තෝබර් මස 14 1807 4

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දැනට ප්‍රසිද්ධ නොකල එස් අයි ඉමාම් වාර්තාව සහ ඒ එන් ජේ ද අල්විස් වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට ආණ්ඩුවට දින 7ක කාලයක් ලබ


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 387 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 445 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1399 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site