දුගී බවින් තොරවූ ආදායම් පරතරය අවම රටක් ගොඩනැගීමට අවශ්‍ය බවත් වැඩකරන පන්තියේ ජනතාවගේ සිත්වල සතුටක් ඇති කිරීමට ඔවුන්ට අයිතිවාසිකම් ලබාදීමට යහපත්, නිදහස් පරිසරයකින් යුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (30) කොළඹ හයිඩ් පිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලිය අමතමින් කීවේය.
වැඩකරන ජනතාවගේ මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් සමග සියලු අයිතිවාසිකම් තහවුරු කිරීම තම අරමුණ බවද ජනපති කීවේය.
රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය සුරකින බවද කීවේය.
එම අවස්ථාවේදී එස්.බී.නාවින්න ඇමැතිවරයා විසින් මැයි දින සමරු කලාපය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගැන්වීමද සිදුවිය.
(වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘රටයි ජනයායි දෙකම රකිනවා‘
සුමුදු හේවා Saturday, 02 May 2015 06:38 AM
මහින්ද මහත්තයා හැමදේම කළේ බුද්ධිමත්ව. හම්බන්තොට ඕනෑතරම් වැඩට සෙනඟ හොයාගන්න පුළුවන්. (නි)
ප්‍රකාශ් Friday, 01 May 2015 11:30 AM
දින 100 ය නම් ළදරුවා තවමත් නැළවෙන්නේ කාගේ අතේද කියලා අපි දන්නවා (නි)
මහනාම - කඳාන Friday, 01 May 2015 11:47 AM
රට ඉදිරියේ ඇති දේශීය හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ හඳුනාගෙන ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් රට ආරක්ෂා කරගෙන, සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යාමට ඔබට ශක්ති හා දිරිය ලැබේවා! මේ පවතින යහපාලන සළුව ඉවත්කර , මෛත්‍රී පාලනයක් තුළින් රටට සුබ අනාගතයක් උදාකරන ලෙස ඉල්ලා සිටිමි. (නි)
කැටවල Friday, 01 May 2015 05:04 PM
අයියෝ! ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙච්ච දෙයක් ..! (නි)
වින්සන්ට් Friday, 01 May 2015 05:45 PM
හැම මැයි දින රැළියකදිම බලයේ සිටින දේශපාලකයන් කම්කරු ජනතාව වෙත දක්වන කැක්කුම ඇත්තම එකක් වුණා නම්,ලෝකයේ ඉන්න වාසනාවන්තම වැඩකරන ජනතාව ඉන්නේ ශ්‍රී ලංකාවේය. දිවංගත බණ්ඩාරනායක මැතිතුමාගෙන් පසු බිහිවූ අවංක ජනනායකයෙක් වශයෙන් ඔබතුමාව පිළිගැනීමට විශේෂයෙන් වැඩකරන ජනතාව බලාපොරොත්තුවෙන් සිටිනු ඇත. (නි)
තිලංකා Friday, 01 May 2015 05:48 PM
හරි සතුටුයි. කුරහන් පාට කමිසයට ජනාධිපතිතුමා කැපී පෙනෙනවා. (නි)
සුභාෂිණී Friday, 01 May 2015 06:51 PM
ටික දෙනයි වගෙයි නේද ඇවිල්ලා තියෙන්නේ? (නි)
අනිල් Friday, 01 May 2015 07:15 PM
එච්චර සෙනඟක් නම් ඇවිල්ලා නැහැ වගේ රැලියට! (නි)
කවින්ද Friday, 01 May 2015 08:40 PM
ජයවේවා! (නි)
සුගත් Saturday, 02 May 2015 01:51 AM
දින 100 න් වෙන්න තිබෙන දේවල් ගොඩක් සිද්ධවෙලා හමාරයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
ගාමිණී Saturday, 02 May 2015 02:01 AM
මට නම් මෙතන ඉන්න කෙනෙක් පෙනෙනකොටත් තරහයි (නි)
කවින්ද Saturday, 02 May 2015 02:09 AM
ඔබතුමාට ජය සහ සතුට! (නි)
නිහාල් Saturday, 02 May 2015 02:12 AM
එකම හිස් ගොඩයි (බ)
සමන්- අලව්ව Saturday, 02 May 2015 02:47 AM
මහජනයාට දැන් දේශපාලනය එපාවෙලා. මැයි දිනය නිසා පෙළපාලි ගිහින් මෙතෙක් කාලයක් වෙච්ච සෙතක් නැති බව මිනිස්සු සිතනවා ඇති. වේදිකාවල ඉන්නේ වැඩකරන පන්තිය නියෝජනය කරන නායකයෝ නොවෙයිනේ. වැඩකරන ජනතාවගේ ජයග්‍රහණ ගැන හෝ ඉදිරි කටයුතු ගැන යෝජනා හෝ සාකච්ඡාවක් මේ රැලිවලින් කියවෙනවද? දෙපැත්තේම පිරිහීගිය දේශපාලකයින්ගේ වෛරී කතා රූපවාහිනියෙන් හැමදාම ඇහෙනවා. ඒවා නැවත අහන්න කොළඹටම එන්න ඕනෑද? (නි)
අජිත් Saturday, 02 May 2015 03:13 AM
අද ජෝන් කෙරීත් එනවනේ.අපිට මඩු වලිගෙන් තලලත් මදි (නි)
දුමින්ද Saturday, 02 May 2015 05:41 AM
ත්‍රස්තවාදයෙන්,බෙදුවාදයෙන් මුදවාගත් මව්බිම රැකගෙන -මිනිස්කමින් සරු කරන්න (නි)