(අංජුල මහික වීරරත්න)
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කෙරුණු කෙටි කාලීන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
2024-3- 31 දින දක්වා කාලය සඳහා චීනය, ඉන්දියාව, රුසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව හා ජපානය යන රටවලින් පැමිණෙන සංචාරකයන් හට නොමිලයේ සංචාරක වීසා නිකුත් කිරීමේ වැඩසටහනක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීම,
විදේශ සංචාරකයන්ට ලෝක උරුම හා ඓතිහාසික ස්ථාන වෙත තදබදයකින් තොරව පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා ගාස්තු අය කරන ස්ථාන සියල්ල සඳහා එකවර ගෙවා මිලදී ගැනීමේ පැකේජ ප්‍රවේශ පත්‍රයක් ගුවන්තොටුපොළේදීම හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ මිලදී ගැනීමේ අවස්ථාව සැලසීම,
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සංචාරක මැදිරි සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර අලවිය ද මාර්ගගත ක්‍රමය ඔස්සේ හෝ එකවර ගෙවා ලබාගන්නා පොදු ප්‍රවේශ පත්‍රයක් ලෙස ගුවන්තොටුපලේ දීම මිලදී ගැනීමට අවශ්‍ය සලසා දීම එම වැඩසටහනට ඇතුළත් වේ.
ඉදිරි වසර තුනේ තුනේදී තුනේදී සංචාරකයන් මිලියන පහක් ලංකාවට ගෙන්වා ගැනීමේ ඉලක්කය මත අග්‍රාමාත්‍යවරයා,සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රටවල් 7කට නොමිලේ වීසා දෙන්න කැබිනට් අනුමැතිය
Marikkar Tuesday, 24 October 2023 11:41 AM
ඉන්දියාව සැලකීම ඉතාම වැරැදි තීරණයක්. අවසානයේ නීති විරෝධී ඉන්දියානුවන් පලවා හැරීමේ නිදහස් සටනේ යෙදීමට අපට සිදුවේවි...!
de silva berlin Tuesday, 24 October 2023 12:16 PM
අපට කොරෝනා ප්‍රශ්නේ ඇතිවෙන්න කලින් වැඩිම සංචාරක ආදායමක් ලබාදුන් බටහිර යුරෝපේ සහ මධ්‍යම යුරෝපයේ රටවල් වන ජර්මනිය, ස්විස්ටර්ලන්තේ, ප්‍රංශය, ඔස්ට්‍රියාව, එංගලන්තේ මේ කණ්ඩායමට ඇතුලත් නොකළේ කුමන කාරණයක් නිසාද? ඇමැති සහ නිලධාරීන්ට මේ පිළිබඳව දැනුමක් නැති බවත් ඔවුන් මේ කරනවා සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් කර නැතිබවත් පෙනී යනවා. කොත්තු රොටි කන ඉන්දියන් කාරයින් නොව හොඳට වියදම් කරන සල්ලි තිබෙන සංචාරකයින් අල්වා ගැනීමට ඇමක් වශයෙන් මෙවැනි සහන භාවිතා කරන්න ඕනේ... කලාපයේ අනෙක් රටවල් වන තායිලන්තේ, වියට්නාම, මලදිවයින මේ සහන බටහිර යුරෝපේ රටවලට එදා සිට අද දක්වාම ලබාදෙනවා...!
sarath Tuesday, 24 October 2023 12:31 PM
ගුවන්තොටුපල පර්යන්තයේ සිට කොළඹ කොටුවට පොදු ප්‍රවාහන බස් සේවයක් ක්‍රියාත්මක වන්නේ නැහැ.. ගුවන් මගියෝ බඩුමලු උස්සාගෙන ඇවරි වත්තට යන්න ඕනේ... ඔය කියන ටිකට් එකට ඩොලර් බර ගණනක් අයකරනවා ඇති..., සුද්දෝ ටිකට් අරන් ගුවන්තොටුපලේ සිට කොටුවට යන්න බස් සේවයක් නොමැතිබව දැනගෙන, ලංකාවට හොඳටම බැනලා youtube වීඩියෝ දැම්මොත් එන සුද්දෙක්වත් එන්නේ නැහැ... කරුණාකර ඔය ටිකට් විකුණන්න කලින් එම ක්‍රියාවලියට අඩාල යටිතල පහසුකම් ටික හදාගෙන මාසයක් දෙකක් ක්‍රියාත්මක කර බලා ටිකට් විකුණන්න...!
අතුල සෞදි Tuesday, 24 October 2023 12:33 PM
ටොයිලට් ආණ්ඩුවට රජ මඟුල්. බුරුතු පිටින් මෙහෙ ඇවිල්ලා (මගී නැව් ප්‍රවාහනය පටන් ගත්තේම ඕකට තමයි) වෙළඳාම්, රක්ෂා, ආදි මෙකී නොකී දේවල් කරන්න දැන් තවත් ලේසියි. දැනටමත් මේක 29 වැනි ප්‍රාන්තය වගේ වෙලා...
monaragala Tuesday, 24 October 2023 12:53 PM
නැවක් දුන්නා. දැන් වීසා නොමිළේ. පාලම විතරයි අඩු...!
කාගෙත් සුන්දරී Tuesday, 24 October 2023 05:10 PM
පිළිවෙත නම් නරක නැහැ. එහෙත් තායිලන්තයේ සිට එන කාන්තාවන් මේරටේ සම්බාහන ආයතන වල වැඩ කරන්න ගතහොත්... තමා අපිට රැකියාවන් අහිමි වෙන්නේ...!
ගමේ එකාලා Tuesday, 24 October 2023 05:27 PM
තායිලන්තයේ සුන්දරියෝ එනවට කැමති මැති ඇමතිවරුන්ට නම් සුබ ආරංචියක්...?
Athula k Tuesday, 24 October 2023 05:31 PM
ඉන්දියාවෙන් එන්නේ සංචාරකයෝ නෙවෙයි... සංචාරක වීසා මත රැකියාවලට එන අය...
AselaTuesday, 24 October 2023 09:40 PM
ලංකාවේ තවමත් රැකියා පුරප්පාඩු තිබෙනවාද?
Roshan Tuesday, 24 October 2023 08:09 PM
ඉන්දියාවෙන් යම් පමණකට සංචාරකයන් එනවා. නමුත් ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය යන රටවල් වලින්නම් සංචාරකයන් එන්නේ නෑ....බොහොම කලාතුරකින් තමයි එන්නේ... තායිලන්තයෙන් එන්නෙ ගණිකාවන්...
Perera Wednesday, 25 October 2023 12:08 AM
ඒ වුණාට අපිට එහෙම යන්න දෙන්න ඒ රටවල් නිකන් වීසා දෙන්නේ නෑ.
chandima Wednesday, 25 October 2023 12:20 AM
වීසා එක ගන්න ගෙවන ගණන ගැනත් හූල්ලන අයව සංචාරකයෝ විදිහට ගෙනත් මොනවා කරන්නද? එද්දි වේලපු චපාති අරන් ඇවිත් මෙහෙදි වතුරේ පොඟවනවා වගේ වැඩක්...
chandima Wednesday, 25 October 2023 12:25 AM
මේ අයගේ මොලේද බන් මේ කැබිනට් එකේ ඇමැතිලාට බද්ද කරලා තියෙන්නේ..? ඌරන්ගේ, එළුවන්ගේ, කුකුළන්ගේ, රිළවුන්ගේ වගේ සත්තුන්ගේ මොලේ නම් වෙන්න බැහැ...
සමන් Wednesday, 25 October 2023 07:23 AM
Port city එක ඇතුළේ සැප දෙන්නත් කට්ටිය එපායෑ. අනේ වාසනාවන්...!