IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘රට ආපස්සට ගන්න ශ්‍රීලනිප පිරිසක් වලිකනවා‘

ජනවාරි අට වැනි දා ලබාගත් ජයග්‍රහණය ආපස්සට හරවා රට නැවත පිටුපසට ගෙන යෑමට උත්සහ කරන කල්ලියක් ආණ්ඩුව තුළම සිටින බව දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අද (28) පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යැයි පවසන අමාත්‍යවරුන් පිරිසක් එසේ කටයුතු කරන බව කනගාටුවෙන් වුවත් කිව යුතු බව ද ඇමැතිවරයා කීවේය. එම පිරිස 2015 ජනවාරි මාසයේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටි පිරිසක් බවත්,  ඔවුන් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීප වෙමින් ඔහුට වැරැදි උපදෙස් දෙන බවත්  මනෝ ගනේෂන් මහතා කීවේය.

ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දුන්නේ රටේ ප්‍රධාන පක්ෂ දෙක එකමුතු කර ජාතික ප්‍රශ්නය විසඳීමට යැයි ද අවශ්‍ය වුවහොත් මන්ත්‍රීවරුන් ගෙන එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

කොළඹ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවැසීය. 



අදහස් (0)

‘රට ආපස්සට ගන්න ශ්‍රීලනිප පිරිසක් වලිකනවා‘

සමන් - මිනුවන්ගොඩ Thursday, 29 December 2016 04:45 AM

එයාල හිතන් ඉන්නේ දැන් රට ඉස්සරහට යනව කියලද බොලේ. (බ)

:       0       0

කසුන් Wednesday, 28 December 2016 10:20 AM

ඇම්බැට්ටයෝ මොනවා කීවත් රජ මොළය පාවිච්චි කරලා තීරණ ගන්න ඕනෑ. නැත්නම් මොකටද රජෙක් ? (බ)

:       0       0

සිරි Thursday, 29 December 2016 06:15 AM

අනේ පවු නේද? (නි)

:       0       0

බමුණු Wednesday, 28 December 2016 01:19 PM

හලෝ ජනවාරි 8 වෙනිදා ඕගොල්ලෝ කළේ ත්‍රස්ත වාදය පරදා ඉදිරියට ගිය රට අංශක 180 හරවා ඉදිරියට යාමයි. මේගොල්ල කොරන්න හදන්නේ නැවත 180 හරවා ඉදිරියට යන්නයි හැබැයි එතකොට ඉඩම් හා පොලිස් බලතල ලැබෙන්නේ නැත. (බ)

:       0       0

රමණි ගුණතිලක Wednesday, 28 December 2016 02:10 PM

මුන්ට දෙන්න උත්තර නෑ අපිට (බ)

:       0       0

රන්ජන් Wednesday, 28 December 2016 02:47 PM

පැණි වරක ගහට හෙන ගහල. මුන් ඔක්කොම රට කෑවා. (බ)

:       0       0

යෝනක Wednesday, 28 December 2016 06:44 PM

අපිට දැන් කතා අහලා ඇතිවෙලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 15 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 158 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 180 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 403 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 153 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 106 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26088 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site